පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Wednesday, October 30, 2013

“ආදරය ගීතයක් වූ කල.. එම ගීතය තුලින් ආදරණීය කතාවක් උපදී.. එම ආදරණීය ගීතයේ කතාව සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) නම් විය”

ජයන්ත චන්ද්‍රසිරි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයට ඉදිරිපත් කරන ලද නවතම නිර්මාණය, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya)  පිළිබඳව සටහනක් තැබීම සුදුසුයැයි සිතුණකල එය මෙසේ වචන වලට පෙරලා ඔබ හමුවේ තබමි.

17මේ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඔහු, ගරිල්ලා මාර්කටිං(2005), අග්නිධාරා(2002) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ලාංකීය ජනහද තුල සටහන්ව ඇත. ඒ විශිෂ්ට කලාකරුවාගේ නවතම නිර්මාණයයි, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya, 2013). අද වන විට මේ කලා නිර්මාණයට IMDb අගය 7.4ක් ලැබී ඇත. එමගින් මේ නිර්මාණය ගැන මනා වැටහීමක් ලබාගත හැකිවනු ඇතැයි සිතමි. සමනල සංධ්වනිය ලියැවුනේද ජයන්ත චන්ද්‍රසිරි අතිනි. මෙහි සාර්ථකත්වය සදහා එයද මහත් පිටුවලක් වන්නට ඇත.

යසෝධා විමලධර්ම, උද්ධික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, විල්සන් ගුණරත්න, පුන්සිරි දයාරුවන්, බුද්ධදාස විතානාච්චි, රොජර් සෙනවිරත්න, චතුරිකා පීරිස් වැනි දක්ෂ නළුනිළි කැලකගේ දායකත්වයට උරුමකම් කියන සමනල සංධ්වනිය, ගීතයෙන් ආරම්භ වී ගීතයෙන්ම අවසාන වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (8)තෙක් සුන්දර රූ පෙළක් ගෙනහැර දක්වයි. දර්ශනය ආරම්භ වූ 2013 ඔක්තෝබර් 04 වනදා සිට අද වන තෙක් ජනතා ප්‍රසාදයට පත් මේ කළා කෘතිය මේ ආකාරයෙන් තවත් දිගු කාලයක් සිනමාහල් ආක්‍රමණය කරනු ඇත.

සංගීතාත්මක චිත්‍රපටයක් වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) සංගීතය හදාරණ වාදීෂ දේවමින්ද වික්‍රමනායක නම් වූ ඉහළ කලාකාමි අදහස් පිරුණු සංවේදී ළමයා දෙසින් ආරම්භය ගෙන ඔහුගේ ජීවන ගමනට ආදරය හා කළාව බැදීම ගෙනහැරපායි. අහම්බෙන් අතට පත්වන වෙනත් පෙම්වතියකගේ ආදර හසුනක් වාදීෂගේ ජීවිතය ආදරයේ බැදතබයි. පුණ්‍යා නම් වූ වාදීෂට වඩා වැඩිමල් වියේ පසුවූ එම ආදරවන්තිය ලියූ ලියමනට වාදීෂ ආකර්ශනය වේ. කිහිප අවස්ථාවකදීම මෙම ලියමන ලබාදීමට තැත්කලද එය ලබාදීමට නොහැකිවූ තැන එය ඔහුගේම ගීතය බවට පෙරලේ.

“ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...”

මේ ආදර හසුන ඔහුගේ අයියා ගත් පසු මතකයෙන් ඒ හසුන පලාගියද, ඔහුගේ හිතේ තිබූ තෙත්බව, ආදරය ඔහුගෙන් ඈත් වන්නේද නොසිතන අයුරින්. මේ අතර වාරයේ වාදීෂ තමන්ට ප්‍රේම කරන තම මිතුරියට පිළිතුරු දෙන්නටද ගීතය නම් වූ සොදුරු මාධ්‍ය යොදාගන්නවා. ඒ මෙන්න මේ ආකාරයටයි.

“මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ……

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්…...”

පාසලෙන් පසු, වසර විස්සක් පුරා නව ගීත, සංගීත ප්‍රදර්ශන ගෙනෙමින් ඔහු ගතකරනුයේ බේබදු චරිතයක්. ආදරය නැති තැන්හි සතුටද පලායයි, ඔහුගේ බිරිය හා දුවණිය මොහුගේ හැසිරීමෙන් දුකට පත්වන ආකාරයත්, නැවත ඒ ආදරය ලැබෙන ආකාරයත් මනාව ගලපා ඇත්තේ ඇසට කඳුළක් එක් කරවමිනි. ඒ උපන්දින සාදය වාදීෂට කිසිදා අමතක නොවනු ඇති. තමන්ගේ අයියගෙන් ලද ඒ තෑග්ග ඔහුට මහා පුදුමයක්. කතාව මේ ආකාරයෙන් ගැලපවූ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ සොදුරු මිනිසාට උත්තමාචාරය.

ආදරය කිසිදා වෙනස් නොකල ඒ ගැහැණිය, නමින් පුණ්‍යා වේ. සංගීතය ජීවිතය කරගත් ඒ ශිෂ්‍යයා වාදීෂ නම් වේ. ඔබ නැරඹිය යුතු ඒ කතා පුවත.. සමනල සංධ්වනිය(Samanala Sandhwaniya), ඔබට ජීවිතයත්, ආදරයත් කියාදෙනු ඇත. ඒමන්දයත්,

“පිරිමින්ගේ ආදරය ඔවුන්ගේ ජීවිතයේ කොටසකි.
එහෙත් එය, ස්ත්‍රීන්ට මුළු මහත් ජීවිතයමය.”

අවසන, වාදීෂට සෑම වසරකම මාර්තු 07 වෙනිදා අමතක කලයුතු උවද පුණ්‍යා නම් වූ පෙම්වතියට/ බිරියට එම දිනය ජීවිතයේ වැදාගත්ම දිනය වනු ඇත. ඇය සෑම වසරකම මාර්තු 07 නුවර කුමාරි මල් වත්තේ බංකුවකට වී බලා හිදිනු ඇත……

සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (1)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (2)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (3)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (4)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (5)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (6)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (7)

Ikigasaa Handana Athithayaka

Kadulu akka ganudenu karana

Mata Magema Nowana Magema adarayak thibuna ....

ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

Maage Sihina Madure
Wisal sihina athare
obe sihina de nam
ragena yanna eewa
මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……

Gagana sarannata kiya
sindunu aththatu handai
dirapath kola thibe
Vidapath man wage
ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ

මේ ආදරයේ කතාවයි. ඔබත් නැරඹිය යුතු ඒ කතාව සමනල සංධ්වනියයි.

Friday, October 18, 2013

ලිංගික වැරදි

SEXUAL RELATED CRIMES

මේ කියන්න යන්නේ අන්තර්ජාලය තුලින් කාලෙකට කලින් ලැබුන ලිපියකින් උපුටා ගත්තක් ගැන. කාලීන මාතෘකාවක් වගේ හැගුන නිසා නැවත ඔබ හමුවට ගෙන එන්න හිතුවා. මේ අන්තර්ගතය සදහා වූ සියලුම අයිතිය එම මුල් කර්තෘ සතු බව මතක් කරන්නේ ස්තූතිපූර්වයෙන්.

ලිංගික වැරදිමෙහිදී කතුවරයා විසින් ලිංගික වැරදි ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා වෙන්කරලා දක්වනවා. ඒවා නම්, ව්‍යාභිචාරය වරද, බරපතල ලිංගික අපයෝජනය, ලිංගික අතවර කිරීමේ වරද, අස්වාභාවික වැරදි ලෙසයි. අදහස් දැක්වීම අනුව මේ එක එකක් ඒවායේ නීතිමය ස්වාභාවය උදාහරණ සහිතව පහතින් පැහැදිලි කරලා තියෙනවා.

01. ව්‍යාභිචාරය වරද.

මෙයද අප නීතියට අලුතින් හදුන්වා දුන් වරදකි. 1995 / 22 සංශෝධන පනතින් හදුන්වා දී ඇත. එම පනතට අනුව යම් යම් ඥාති සමිබන්ධතා තහනම් ඥාති සම්බන්ධතා ලෙස දක්වා තිබේ. මෙම තහනම් ඥාති සමිබන්ධතා තීරණය කර ඇත්තේ වෛද්‍ය විදයාත්මක හේතූන් හා සදාචාරාත්මක හේතූන් මත බව පෙනේ. 364 වගන්තියේ දක්වා ඇති තහනම් ඥාති සමිබන්ධතා සලකා බැලීමෙන් මෙය තහවුරු කරගත හැක.

1. දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයෙන් කෙලින්ම පැවත එන විට.
උදා - මව, පියා, මුණුබුරා, මිණිබිරිය, සීයා, ආචිචී.

2. දරුකමට හදා ගැනීමට ගත් අය.
උදා - හදාගත් මව, පියා, සීයා, ආචිචී.

මුල් කොටසට වෛද්‍ය විදයාත්මක හේතු මත තහනමි කර ඇත. සම ලේ ඥාතීන් අතර සංසර්ගයෙන් බිහිවන දරැවන් ආබාධිත විය හැකි බව වෛද්‍ය විදයාත්මක සත්‍යයි. දෙවන අවස්ථාවේදී එම තැනැත්තන් ස්වභාවිකව ගත්කල සමිපූර්ණයෙන්ම පිටස්තරය. නමුත් සදාචාරාත්මක හේතූන් මත එම සබදතා තහනම් වේ. ඒ අනුව 364 වගන්තියේ දක්වා ඇති තහනම් ඥාති සමිබන්ධතා ඇති දෙදෙනෙකු අතර ලිංගික සංසර්ගයක් ඇති වුවහොත් එය ව්‍යාභිචාරය වරද වේ. දෙදෙනාම එම වරදට වරදකරුවන් වේ.ලිංගික වැරදි

නිද - වයස අවු. 20ක ස්ත්‍රියක් තම පියා සමග කැමැත්තෙන් සංසර්ගයේ යෙදුනේ නම් එය ස්ත්‍රී දූෂණයක් නොවේ. කාන්තාව වයස 16 ට වැඩි වීමත් එය කැමැත්තෙන් සිදු වීමත් හේතුවය. නමුත් එය ව්‍යාභිචාරය වරදය.

ව්‍යාභිචාරය වරද සිදු කල අයෙකුට අවු. 7 කට නොඅඩු සහ අවු. 20 කට නොවැඩි සිර දඩුවමක් නියම කල හැක. ව්‍යාභිචාරය වරද සිදුකිරීමට තැත් කරන්නෙකුට අවු. 2 දක්වා සිර දඩුවමක් පැමිනවිය හැක. නමුත් ව්‍යාභිචාරය වරදට නඩු පැවරිය හැක්කේ නීතිපතිගේ ලිඛිත අනුමැතිය ඇතිව පමණකි.

වයස අවු. 16 ට අඩු කාන්තාවක් පියා සමග සංසර්ගයේ යෙදුනේ නමි ව්‍යාභිචාරය නොවේ. එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදයි. එවන් අවස්ථාවක කාන්තාව අතින් වරදක් සිදු නොවේ. එහිදී ලබා දිය යුතු දඩුවම 364(3) උපවගන්තියේ දැක්වේ. ඒ අනුව තමන්ට තහනම් ඥාති සමිබන්ධතාවයක් ඇති අවු. 16කට අඩු කාන්තාවක් දූෂණය කරනනෙකු අවු. 15කට නොඅඩු හා අවු. 20 කට නොවැඩි සිර දඩුවමකට යටත් වේ.

02. බරපතල ලිංගික අපයෝජනය.

මෙම වරද නව නීතියෙන් නිර්මාණය කරන ලද්දකි. එය මෙසේ අර්ථ දක්වා තිබේ.

ලිංගික තෘප්තිය ලබා ගැනීම සදහා ලිංගේන්ද්‍රිය හෝ මිනිස් ශරීරයේ යමි කොටසක් හෝ යමි උපකරනයක් වෙනත් යමි තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි යමි විවරයක් තුල හෝ වෙනත් තැනැත්තෙකුගේ ශරීරයේ යමි කොටසක පහත විස්තර වලට ගැලපෙන ආකාරයට යොදන අයෙකු ලිංගික වැරදිබරපතල ලිංගික අපයෝජනය සිදු කරයි.

1. 1995 සංශෝධනයේ සදහන් කර තිබුනේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව යනුවෙනි. නමුත් 1998/29 පනතින් එය සංශෝධනය කර නව ප්‍රතිපාදනයක් එකතු කර තිබේ. එහි සදහන් වන්නේ වයස අවු. 16 ට අඩු වන විට කැමැත්ත ඇතිව හෝ නැතිව යනුවෙනි.

මෙම ප්‍රතිපාදන විශ්ලේෂනයේදී පෙනී යන්නක් නම් ඉහත සදහන් ක්‍රියා බරපතල ලිංගික අපයෝජනය වන්නේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව එය සිදු වූ විට පමණක් බවය. ( වයස 16 ට අඩු නම් කැමැත්ත අදාල නොවේ.) නමුත් කැමැත්ත ඇතිව එවැනි ක්‍රියාවක් කිරීම වරදක් වන්නේ නැත.

2. බලහත්කාරය පාවිචිචි කිරීමෙන්, තර්ජනය කිරීමෙන් හෝ බියගැන්වීමෙන් හෝ අනෙක් තැනැත්තාට මරණ බය හෝ තුවාල සිදු කිරීමේ බිය ඇති කිරීමෙන් හෝ නීති විරෝධීව රදවාගෙන සිටියදී ලබාගත් කැමැත්ත ඇතිව.

3. සිහි විකලව සිටියදී හෝ මත්ද්‍රවයකින් මත්ව සිටියදී ලබා ගත් කැමැත්ත ඇතිව.

මෙම ප්‍රතිපාදන සලකා බැලීමේදී පෙනීයන වැදගත් කරුණක් නමි ඉහත සදහන් ක්‍රියා අනෙක් තැනැත්තාගේ කැමැත්තෙන් සිදු කිරීම වරදක් නොවන බවය. එම ක්‍රියා දැඩි අශිෂ්ඨ ක්‍රියා ලෙස සලකන කොටසට වැටෙන්නේ යැයි සැලකිය නොහැක. එයට හේතුව දැඩි අශිෂ්ඨ ක්‍රියා යනුවෙන් වෙනම කොටසක් වෙනම වගන්තියක් යටතේ පිහිටා තිබීමය. එනිසා බරපතල ලිංගික අපයෝජනය නැමැති වරද තැනැත්තන් අතර ලිංගික සමිබන්ධතා පිලිබද නීතිය ලිහිල් කිරීමට හේතු වී ඇතැයි තර්ක කල හැක.

නව සංශෝධනයේ තවදුරටත් සදහන් වනනේ 363 හී විස්තර කර ඇති ආකාරයට ස්ත්‍රී දූෂණය සංයුක්ත නොවන්නා වූ ක්‍රියාවක් බරපතල ලිංගික අපයෝජනයක් වන බවය. බරපතල ලිංගික අපයෝජනයේ අර්ථ විග්‍රහය සලකා බැලු විට ලිංගික සංසර්ගය වුවද එම විග්‍රහය යටතට වැටෙන බැවින් මෙවැනි ප්‍රතිපාදනයක් අවශ්‍යව තිබුණි. නැතහොත් ස්ත්‍රී දූෂණ වරදට වැරදිකරු බරපතල ලිංගික අපයෝජන වරදටද වැරදිකරු කිරීමට ඉඩ තිබුණි.ලිංගික වැරදි

03. ලිංගික අතවර කිරීමේ වරද.

ලිංගික අතවර කිරීමේ වරද නව සංශෝධනයෙන් ගෙන ආ තවත් වරදකි. මෙය 345 වගන්තියේ විස්තරවේ. එම ප්‍රතිපාදන වල මෙලෙස සදහන් වේ.

"අඩන්තේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යමෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යමෙකුට ලිංගික හිරිහැර කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ."

මෙකී වරද සිදු කිරීම සදහා යම් තැනැත්තෙකුට අඩමිතේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිරිහැරයක් කල යුතුය. එනම් ලිංගිකත්වය මුල් කරගෙන එම ක්‍රියාව සිදු කිරීම අවශ්‍යය. එවැනි ක්‍රියාවක් කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ.

බරපතල ලිංගික අපචාරයේදී එකී ක්‍රියාව සිදුකරනු ලබන්නේ ලිංගික තෘප්තිය සදහාය නමුත් ලිංගික අතවර කිරීමේදී එය හිරිහැර කිරීමක් සදහා කරනු ලැබේ. එය කාන්තාවන්ට සීමා වන්නේ නැත. ඕනෑම තැනැත්තෙකුගේ ලිංගිකත්වය මුල් කරගෙන එම තැනැත්තාට කරන්නා වූ හිරිහැර කිරීම මෙම වගන්තිය යටතට වැටේ. එය ඉතා පුලුල් ක්ෂේත්‍රයක් ඇති වගන්තියක් ලෙස සදහන් කල හැක. නමුත් පැහැදිලිව පෙනෙන කරුනක් නමි බරපතල ලිංගික අපචාරයේදී ශාරීරික ගැටීමක් සිදු කරයි. ලිංගික අතවර කිරීමේදී එවන්නක් නොමැත. වචනයෙන් හෝ ක්‍රියාවෙන් නැතහොත් අඩමිතේටිටමි කිරීමෙන් හෝ එම තැනැත්තාට ලිංගික හිරිහැර කිරීම අතවර කිරීමක් වන්නේය.

04. අස්වාභාවික වැරදි.

අස්වාභාවික වරදක් යන්න දන්ඩ නීති සංග්‍රහයට අනුව පහත දැක්වෙන පරිදී අර්ථ නිරූපනය කල හැක. " යම් ස්ත්‍රයක , පුරුෂයෙකු හෝ සතකු සමග ස්වභාවධර්මයට විරුද්ධව සංසර්ගයේ යෙදීමය. "

මෙහි ස්වභාවධර්මයට විරුද්ධව යන්න දක්වා ඇති නමුදු ලිංගික සංසර්ගය හැර වෙනත් ක්‍රියාවක් මීට ඇතුලත් වන බව සලකා ඇතැයි සිතේ.

ලිංගික වැරදිතැනැත්තන් අතර තදබල අශෝබන ක්‍රියා යන වරද සමලිංගිකත්වය ඉලක්ක කොට නිර්මාණය කරන ලද වරදක් ලෙස සැලකිය හැකිය. මෙය මුල් පනතේ පුරුෂයන්ට පමනක් සීමා වී තිබුණි. 1995/2 පනතින් මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අදාල වන පරිදී තැනැත්තන් අතර තදබල අශිෂ්ඨ ක්‍රියා ලෙස පනවා තිබේ. එවැනි ක්‍රියාවක් සදහා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එකතුවන හෝ එවැන්නකට තැනැත්තන් කුටිටනය කරන අයකු මෙම පනත යටතේ වරදකට වරදකරු වන්නේය.

මුල් පනතේ 365 මෙන්ම 365(අ) වගන්ති සංශෝධනය කර එකතු කර ඇති වැදගත් ප්‍රතිපාදනයක් නමි එම වරදවල් වයස 18කට වැඩි අයෙකු විසින් 16ට අඩු අයෙකු සමිබන්ධයෙන් කල විට ලබාදිය හැකි දඩුවම වැඩි වන බවය. එමෙන්ම වරදට ලක් වූ තැනැත්තාට වන්දියක් ගෙවීමට නියම කිරීමට ද අධිකරණයට බලය තිබේ.

තවද බරපතල ලිංගික අපයෝජනය යන්න අස්වාභාවික වැරැද්දක් ලෙස නොසලකන බව දැක්විය හැක. කෙසේ වුවද නව ප්‍රතිපාදන යටතේ තැනැත්තන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදු කරන දැඩි අශිෂ්ඨ ක්‍රියා දැඩි දඩුවමි ලැබිය යුතු වරදකි.

ලිංගික වැරදි

Wednesday, October 16, 2013

ට්‍රයි කරන කෙනාට කෙනෙක් ඉන්නවද? (අනාගත වෙන්න පෙම්වතුන්ට)

ගොඩක් වෙලාවට අපි කැමැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉදලා අවසානයේ තමයි දැනගන්නේ ඒ කෙනාට කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවට, “අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා” ආපහු හැරෙන්න වෙනකොට කොහොමද?

මේ කියන්න යන්නේ ඒ විදියට අන්තිමට ආපහු හැරෙන්න කලින් මුලින්ම හැරෙන්න ඕනද නැත්ද කියලා බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. අපි අතේ  ඇගිලිවලට දාන මුද්ද දිහා බලලයි මේ සාත්තරේ කියන්නේ.

සාමාන්‍යයෙන් අධ්‍යාපනය අවසන් කලාම ගොඩක් දෙනා අතේ මුද්දක් පළදිනවා. විශේෂයෙන් වැදගත් අවස්ථාවලදී. ඒ කියන්නේ පාටි, මංගලෝත්සව වගේ අවස්ථාවලදී. ඉතින් ඒ නිසා මේ ක්‍රමය සාර්ථක කරගන්න ලේසියෙන්ම පුළුවන්.

අපේ අතේ ඇගිලි පහක් තියෙනවනේ. මහපටගිල්ල, දඹරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල, සුලගිල්ල කියලා. ඉතින් ගොඩක් වෙලාවට මුදුවක් පළඳින්නේ මහපටගිල්ල ඇරෙන්න අනිත් ඇගිලි හතරෙනේ. මේ එක එක ඇගිල්ලක මුදු දාන එකේ තේරුමක් තියෙනවා. අපි බලමු ඒ තේරුම් මොනවද කියලා.

ට්‍රයි කරන කෙනාට කෙනෙක් ඉන්නවද? (අනාගත වෙන්න පෙම්වතුන්ට)

මේ ඇගිලි වලින් දඹරගිල්ලේ මුදුවක් දාලා තියෙනව නම් එයින් අදහස් වෙන්නේ කවදාවත් බදින්නේ නම් නෑ කියලා. මැදගිල්ලේ මුදවක් දාලා තියෙනව නම් කියන්නේ විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. වෙදගිල්ලේ මුදුව පලදගෙන නම් කියනේ විවාහ වෙලා ඉන්නේ කියලා. වඩාත් වැදගත්ම ඇගිල්ල තමයි සුලගිල්ල. සුලගිල්ලේ මුදුව දාගෙන ඉන්නේ කෙනෙක් හොයන අය.

දැන් ඉතින් සුලගිල්ල බලන්න ගිහින් වෙන අතුරු අන්තරාවලට අපි වග කියන්නේ නම් නෑ.

Monday, October 14, 2013

වහ උලාගන්න කලින් මේකත් බලන්න

වහ උලාගන්න කලින් මේකත් බලන්න

අද වෙනකොට වෙදකම සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. ඒත් එක්කම අළුත් බෙහෙත් ජාති සෑහෙන්න වෙළදපොළට ඇවිත්. ඒ නිසා ඉතාමත් ඉක්මණින් ලෙඩක් හොද කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය කටයුතු වලදී භාවිතයට ගන්න විවිධාකාර බෙහෙත් ජාති වෙළද පොළෙන් මිලට ගන්න පුළුවන්.මේ සමහට බෙහෙත් ජාති එන්නේ ක්‍රීම් හැටියට. ඒ බෙහෙත් ශරීරයට විෂ වෙන්නේ නැති උනත් එහෙම විෂ වෙන වෙලාවල් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඔයාලා මිලදී ගන්නා බෙහෙත් ටියුබයේ පහල කෙළවරේ ඇති පාට සළකුණ ඔයාලා දැකලා ඇති. මෙයින් කියවෙන්නේ මොකක්ද?

Sunday, October 13, 2013

ගැහැනිය vs බෝම්බය

ගැහැනිය vs බෝම්බය

බොම්බය යනු පුපුරන දෙයකි .ගැහැණිය යනු එසේය නමුත් එහි විශේෂත්වය වන්නේ සැමවිටම පුපුරණ ඇයෝද සිටින නිසාවෙනි.

ගැහැනිය vs බෝම්බය

Saturday, October 12, 2013

ඔබත් චිත්‍රපට රසිකයෙක් නම් මේ අත්දකීම ඔබටත් ඇති.

ඇමරිකානු සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී අපට පුළුවන් වෙනවා ඒ රටවල නිපදවෙන චිත්‍රපට වල ඇති සමාන ලක්ෂන බලාගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස් ආකාරයේ සමානතා.

Mgm-logo

ඇමරිකානු චිත්‍රපට අපට උගන්වන දේවල්

1. චීන්නුන්ට කුන්ෆු ඉගැන්වීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත.
2. ඇමරිකානුවන්ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නෝ වෙති.
3. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් දියුණු කිරීමේ අරමුණ පමණි.
4. පිටසක්වල ජීවීන් ඇමරිකාව ආක්‍රමණය කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.
5. මිනිස් වෘකයින්, ලේ උරාබොන මිනිසුන් වැනි අත්භූත ජීවීන් බොහොමයක් ඇමරිකාවේදී අපට දැකගත හැකිය.

Friday, October 11, 2013

බඩ අල්ලගෙන හිනාවෙන්න මෙන්න කතා - එන්න කියවන්න

hahaha-funny-pictures-30418880-1024-992

1. මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම" වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත.

2. හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

3. වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.

Monday, October 7, 2013

ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කැමැතිද? යහපත් බිරිදක් යනු…


අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්‍රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ නකුල මාතාවෙනි, ධර්ම අටකින් යුක්ත ස්ත්‍රිය මරණීන් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදියි.” ඒ ධර්ම අට මොනවාද?

Related Posts Plugin for WordPress, Blogger...