පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Sunday, June 28, 2015

QuickBooks සිංහලෙන් - Part II (Create New Company)

QuickBooks ගැන හැදින්වීමක් පළවෙනි කොටසින් අපි කතා කරා. මේ කියන්නේ QuickBooks භාවිතා කරලා අපේ Company එකට ගිණුම් කටයුතු ආරම්භ කරන විධිය ගැනයි. ඒ කියන්නේ මුලින්ම අපි අපේ Company එකේ විස්තර ඇතුලත් කරන එකයි. මේකෙදි අපේ ආයතනයේ නම, ලිපිනය, දුරකථන අංක වගේ මූලික තොරතුරු ඇතුලත් කිරීම කරන්න ඕන.

QuickBooks විවෘත කරන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි Desktop Shortcut භාවිතා කිරීම.

image

දෙවැනි ක්‍රමය තමයි Start Menu > QuickBooks > QuickBooks Pro 2013

ඔය ඕන විධියකට Open කරගැනීම කරගන්න පුළුවන්. එහෙම Open කරගත්තම මුලින්ම පේන්නේ මෙහෙමයි.

image

අපිට Option 3ක් ලැබෙනවා. ඒවයින් පළවෙනි එකෙන් අලුතින්ම Company File එකක් හදන්න. දෙවැනි එක දැනට හදල තියෙන Company File එකක් Open කරගන්න. තුන්වැනියට තියෙන්නේ Sample Company File එකක් Open කරගන්න. එතෙන්දි Service හෝ Product Based විදියට සාම්පල් දෙකක් දීල තියෙනවා.

අලුත් Company එකක් වෙනුවෙන් අපිට ඕන වෙන්නේ පළවෙනි Option එක. “Create a new company” උඩ ක්ලික් කරලා Advanced Setup වලට යන්න.

image

ඉන්පස්සේ ඔයාලගේ Company එකේ විස්තර ඇතුලත් කරන්න ඕන.

image

ඉන්පස්සේ ඔයාලගේ ආයතනය අයත් වෙන Industry Type එක තෝරන්න ඕන.

image

ඉන්පස්සේ ආයතනය Sole Proprietorship, Partnership, etc.. ආදියෙන් අදාල වෙන එක තෝරන්න ඕන.

image

ඉන්පස්සේ ගිණුම් වසර ආරම්භ මාසය තෝරන්න. බොහෝ වෙලාවට ලංකාවේ නම් අප්‍රේල් හෝ ජනවාරි මාස දෙකෙන් එකක්.

image

ඉන්පස්සේ Password එකක් දෙන්න පුළුවන්. අපිට ඕන නම් Password එක පසුවට උනත් දෙන්න පුළුවන්. මෙතෙන්දි Password එක නොදී යන්න පුළුවන් ඒ නිසා.

image

අපේ හදාගත්ත File එක Save කරන්න Place එකක් තෝරලා දෙන්න ඕන.

image

image

image

image

image

image

image

image.

image

image

image

image

image

image

image

ඉහල සමහර Steps ඔයාලගේ ආයතනයට වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් පොදුවේ කතාකරන්න පුළුවන් වෙන්නයි ඒ ඒ Options ඇක්ටිව් කලේ. එහෙම වැඩක් නැති Option ඇක්ටිව් කරගන්නේ නැතුව Complete කරන්න ඔයාලට පුළුවන්.

Saturday, June 20, 2015

QuickBooks සිංහලෙන් - Part I (Introduction)

QuickBooks කියන්නේ Accounting Software එකක්. මේ Software එක හදලා වැඩිදියුණු කරන්නේ Intuit කියන ආයතනය. ගොඩක් ආයතනවල මේ වෙනකොට ගිණුම් තියන්න භාවිතා කරන්නේ මේ QuickBooks Accounting Package එක. කුඩා ප්‍රමාණයේ සහ මධ්‍යම ප්‍රමාණයේ ආයතන තමයි වැඩි වශයෙන් මේ Software එක පාවිච්චි කරන්නේ. වර්තමානය වෙනකොට මේ Software එක on-premise සහ cloud based විධියට භාවිතා කරන්න පුළුවන් විදියට සංවර්ධනය කරලා තියෙනවා. ව්‍යාපාරික ගෙවීම්, ලැබීම්, වැටුප් ආදී සියලු අංශ ආවරණය වෙන විධියට මේ Software එක හදලා තියෙන්නේ.

1983 දි Scott Cock සහ Tom Proulx විසින් කැලිෆෝනියාවේ දී නිෂ්පාදනය කරපු මේ Software එක මුලදී හැදින්වුනේ Quicken කියන නමින්. මුලදි මේ Software එක ද්විත්ව සටහන් තියන්න පුළුවන් මට්ටමේ නොතිබුනත් 1994 වන විට ඒ මට්ටමට සංවර්ධනය කරගන්න පුළුවන් වුනා. අද වෙනකොට 85% කුඩා හා මධ්‍ය මට්ටමේ ආයතන තමන්ගේ ගිණුම් මෘදුකාංගය විධියට Quickbooks පාවිච්චි කරනවා. 

ආයතනයක ගිණුම් තියන මුල් අවස්ථාවේ ඉදලා අවසාන ගිණුම් ගන්න අවස්ථාව වෙනකන් හැම දෙයක්ම ටිකෙන් කියන්නයි බලාපොරොත්තුව. QuickBooks Pro 2013 කියන Software එක තමයි මේකට යොදාගන්නේ. ඒත් අද වෙනකොට QuickBooks 2015ත් වෙළෙදපොලේ තියෙනවා.

71uGHLoYSSL._SL1500_

Friday, June 5, 2015

බදින්නද ඉන්නේ? එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට

බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට

බදින්න ඉන්න හැමෝගෙම සුන්දර හීනයක් තමයි මංගල දිනය ලස්සනට ගන්න එක. ඉතින් මාස ගානක ඉදලා Plan කරනවා. දැන් වෙනකොට නම් මේ මංගල දිනය කියන්නේ අලුත්ම කලාත්මක අංගයක් වෙලා. බදින්න කලින් ෆොටෝ ගන්නවා, වීඩියෝ හදනවා, ලස්සනම මංගල පෝරුවක් ගන්නවා, මංගල දිනේ උදේ පාන්දර වගේම එදා හවසත් ෆොටෝ ගන්නවා, දෙවෙනි දවසත් එහෙමයි. එදාටත් උදේයි හවසයි දෙකේම ෆොටෝ ගැනිල්ල තමයි.

ඉතින් මේ ෆොටෝ ගන්න වැඩේට මංගල්‍යයේ වියදමින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වෙනවා. ඒත් මතකයට ඉතුරුවෙන්න යමක් තියෙන්න ඕන නිසා අත දිගෑරලා වියදම දරනවා ෆොටෝ ගන්න. ෆොටෝග්‍රැෆ්ර් දක්ෂ නම් වැඩේ ගොඩ. මෙතෙන්දි දක්ෂතාවය කියන්නේ එයාගේ පළපුරුද්ද, අදහස් වගේ දේවල්. ඉතින් කොච්චර වියදම් කරත් හොද අදහස් නැත්නම්, පළපුරුද්දක් නැත්තන් වියදම අපරාදේ. ඉතින් මොකද කරන්නේ?

 

මේකයි අදහස. නරක්ද ෆොටෝ ගන්න වැඩේ අපිම කරගත්තොත්? දෙපාරක් හිතන්න වෙන ප්‍රශ්නයක් වගේ නේද? ලොකුම ප්‍රශ්නේ කෝ අපිට හොද කැමරාවක්? කෝ අදහස්? කෝ පළපුරුද්ද?

 

ඕනකමක් තියෙනවානම් මේ හැම දේකටම උත්තර තියෙනවා කියලයි මම හිතන්නේ. අපි කීයක් විතර වියදම් කරනවද ඔය ෆොටෝ ගන්න වැඩේට? 15000ක්? 25000ක්? 50000ක්? අන්තිමට අපිට ෆොටෝ ටික විතරයි. නරකද ඔය ගානෙන් හොඳ කැමර් එකක් ගත්තොත්? ඊට පස්සේ මැරෙනකන් හරි ෆොටෝ ගන්න පුලුවන්නේ.

 

ඊළඟ අවුල තමයි කෝ අපිට අදහස්? නරකද පොඩ්ඩක් නෙට් එකේ Search කරොත්? අදහස් නම් ඕන තරම්. අනික අපිට ඕන අදහසක් තෝරගන්න පුළුවන්. අරකයි, මේකයි, කතා නෑ.

 

කෝ පළපුරුද්ද? වෙඩිම අද හෙට නම් ටිකක් අමාරුයි තමා. නැත්තං පුරුදුවෙන්න පුලුවන්නේ. Tutorial ඕන තරම් නෙට් එකේ. Photoshop ටිකක් දැනගන්නත් ඕන.

 

ඔය උඩින් කිව්වේ අදහසක් විතරයි. නිකන් හිතල බලන්න. ඒ ගමන්ම පහල තියෙන අමුතුම අදහස් ටිකත් බලාගෙන ඔයාලගේ අදහසත් Comment කරලම යමු.

බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (1)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (2)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (3)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (4)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (5)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (6)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (7)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (8)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (9)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (10)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (11)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (12)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (13)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (14)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (15)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (16)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (17)

Related Posts Plugin for WordPress, Blogger...