පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Thursday, July 9, 2015

අමුතු අදහස්

අද කාලෙට ගැලපෙන විධියේ අමුතු අදහස් ටිකක්. බලන්න මේ අදහස් කොච්චර ගැලපෙනවද කියල අද සමාජයට. මේ හැම අදහසක්ම කියන්නේ අද සමාජය කොච්චර කාර්‍යය බහුලද කියන එකයි. මිනිසා කාර්‍යය බහුල වෙන තරමට වැඩ පහසු කරගන්න විවිධ නිෂ්පාදනයන් කරනවා.

මේ ඒ වගේ අදහස් ටිකක්.

lessonforfree (1)lessonforfree (2)lessonforfree (3)lessonforfree (8)lessonforfree (5)lessonforfree (6)lessonforfree (9)lessonforfree (10)lessonforfree (4)lessonforfree (7)

Wednesday, July 1, 2015

QuickBooks සිංහලෙන් - Part III (Create New Company - Part II)

කලින් දවසේ අපි අපේ Company Details ඇතුළත් කරලා QuickBooks මූලික අඩිතාලම දැම්මා. මෙතනින් ඉස්සරහට තියෙන්නේ දෛනික ගිණුම් කටයුතු වාර්ථා කිරීම. ඒකට ගිණුම්කරණ දැනුමත් අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ කියන දේ වඩාත් පැහැදිලි වෙන්නේ.

Company Details ඇතුලත් කරලා අවසානයේ අපි නතර වුනේ QuickBooks ප්‍රධාන මුහුණතේ.

image

මේ මුහුණතේ අපේ වැඩ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. නිතරම අවශ්‍යවෙන සියලුම අංග මේ මුහුණතට එක් කරලා තියෙනවා. ඇස්තුමේන්තුවක් දීමේ ඉදලා පාරිභෝගිකයාට භාණ්ඩය භාරදීලා මුදල් ලබාගැනීම දක්වා හැම දෙයක්ම මේ මුහුණතේ පෙන්නුම් කරනවා.

මුලින්ම අපි බලමු අපි එකතු කරපු Company Details වෙනස් කරන ආකාරය. ඒක නිතරම අවශ්‍ය වෙන දෙයක් නොවෙන නිසා Company Details වෙනස් කරන්න Menu Bar එක භාවිතා කරන්න වෙනවා. QuickBooks Menu Bar එක ඉහලින් තියෙන්නේ. ඒ තුළ File, Edit, View, Lits, etc.. ආදී ලෙස කොටස් බෙදා දක්වලා තියෙන්නේ. මෙහි Company > Company Information වලට ගිහින් අපි ඇතුළත් කරපු තොරතුරු බලන්න පුළුවන්.

image

image

මෙතැනදි අපිට අපි ඇතුලත් කරපු විස්තර වෙනස් කරන්න ඉඩ දෙනවා. අපිට ඕන  Phone Number එක වෙනස් කරන්න නම් Phone Number එක වෙනස් කරලා OK ක්ලික් කරන්න.

image

දැන් බලමු අපිට Password එකක් දාගන්න ඕන නම් ඒක කරන්නේ කොතනින්ද කියලා. ඒකට Company > Set Up Users and Passwords > Change Your Password වෙත යන්න ඕන. කලින් Password එකක් දීලා නැති නිසා New Password එක Enter කරන්න තියෙන්නේ. කලින් Password එකක් දීලා තිබිලා ඒක මාරු කරනව නම් ඒකට පරණ Password එකත් අවශ්‍ය වෙනවා. Password Reset Question එකකුත් අපිටම දාගන්න පුළුවන්. දීලා තියෙන List එකෙන් Question එක තෝරගෙන ඒකට Answer කරන්න තියෙන්නේ. Password එක අමතක වුනොත් මේ Answer එක ඕන වෙනවා Password Reset කරන්න.

image

image

image

මෙතෙන්දි අපිට පුළුවන් තවත් දෙයක් කරන්න. ඒ තමයි අපිට පුළුවන් තවත් Users ලා Add කරන්න. ඒකට Company > Set Up Users and Passwords > Setup Users වෙත යන්න ඕන. Admin ට විතරයි මේ හැකියාව තියෙන්නේ. Users ලා Add කරන්න හෝ Remove කරන්න Admin විධියට Log වෙලා ඉන්න ඕන.

image

image

image

Related Posts Plugin for WordPress, Blogger...