පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Saturday, May 9, 2015

නහුතෙන් එහාට +

angry-couple

අපේ සමහර අයට තරහයන්නේ නහුතෙට. ඒත් මේ ටික බැලුවම සමහරවිට නහුතෙන් එහාට තරහ යන්නත් පුලුවන් වෙයි. ඒත් තරහගන්න එකනම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා හිත පාලනය කරගන්න එක තමයි වටින්නේ.

මේ කියන්න යන්නේ අපේ පරණ ගණිතයේදී භාවිත වුන සංඛ්‍යා රටාව ගැන. බලන්නකෝ අසංඛ්ය කියන්නේ පොඩි ගාණක්ද කියලා.

1. දහය x දහය = සියය
2. සීය x දහය = දහස
3. දහස x සියය = ලක්ෂය
4. ලක්ෂය x සියය = කෝටියයි
5. කෝටිය x කෝටිය = ප්රකෝටියයි
6. ප්රකෝටිය x කෝටිය = කෝටිප්රකොටියයි
7. කෝටිප්රකොටිය x ප්රකෝටි = නහුත එකයි
8. නහුත එක x කෝටිය = නින් නහුත එකයි
9. නින් නහුත එක x කෝටිය = අක්කොබොහිනි එකයි
10. අක්කොබොහිනි එක x කෝටිය = බින්දු එකයි
11. බින්දු එක x කෝටිය = අබ්බුද්ධ එකයි
12. අබ්බුද්ධ එක x කෝටිය = නිරබ්බුද එකයි
13. නිරබ්බුද එක x කෝටිය = අහහ එකයි
14. අහහ එක x කෝටිය = අබිඩ එකයි
15. අබිඩ එක x කෝටිය = අටට එකයි
16. අටට එක x කෝටිය = පොගන්දී එකයි
17. පොගන්දී එක x කෝටිය = උප්පල එකයි
18. උප්පල එක x කෝටිය = කුමද එකයි
19. කුමද එක x කෝටිය = කුන්ඩරික එකයි
20. කුන්ඩරික එක x කෝටිය = පදුම එකයි
21. පදුම එක x කෝටිය = කථාන එකයි
22. කථාන එක x කෝටිය = මහා කථාන එකයි
23. මහා කථාන එක x කෝටිය = අසංඛ්ය එකයි

මේක උපුටා ගත්තේ elakiri.com එකෙන්. වැදගත් වෙයි කියලා හිතුන නිසා බෙදාගත්තේ.

Thursday, May 7, 2015

මාතර වෙසක් තොරණ - 2015 (තෙවන කොටස)

5. චුල්ල ධනුර්ධර ජාතකය

හිත්තැටිය ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද තොරණ.

චිත්‍ර: මිත්‍රදාස ගජවීර

විදුලි කාර්මික: W.A. සුගතදාස සමගින් සුරේෂ් ජයසේකර

P1260169P1260183P1260173P1260174P1260176P1260177P1260178P1260179P1260180

මීට අමතරම මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ වෙසක් කූඩු ප්‍රදර්ශනයකුත් පැවැත්වෙනවා. පහල තියෙන්නේ ඉන් සමහරක්.

P1260045P1260046P1260047P1260057P1260056P1260058P1260060P1260061

මාතර වෙසක් තොරණ - 2015 (දෙවන කොටස)

3. ශ්‍රී ගෞතම සම්බුද්ධ චරිතාපදානය

චිත්‍ර: සැම්සන් අත්තුඩාව

විදුලි කාර්මික: චමත් ඉලෙක්ට්‍රිකල්ස්

P1260149P1260152P1260154P1260155P1260156P1260157P1260162

4. නාරද බමුණු ජාතකය

හිත්තැටිය බටහිර තරුණ කැළ විසින් ඉදිරිපත් කරන තොරණ.

චිත්‍ර: සැම්සන් අත්තුඩාව

විදුලි කාර්මික: සිසිර ඉලෙක්ට්‍රිකල්ස්

P1260184P1260187P1260188P1260189P1260191P1260192P1260194P1260196

මාතර වෙසක් තොරණ - 2015 (පළමු කොටස)

1. දහම්සොඬ ජාතකය

වෙහෙරගම්පිට රජමහා විහාරස්ථානය සහ ගම්වාසීන් දෙවන වරට ඉදිරිපත් කරන තොරණ.

චිත්‍ර: සැම්සන් අත්තුඩාව

විදුලි කාර්මික: දමිත් මධුචානක

P1260115P1260117P1260118P1260119P1260120P1260126P1260122

2. සිගාලෝවාද සූත්‍ර දේශනාව

මාතර කිතුලෙවළ ජයමහා විහාරස්ථාන ලොකු, කුඩා හිමිවරු සමග සිව් පේරුවේ දායක දායිකා පිරිස `ඉදිරිපත් කරන තොරණ.

චිත්‍ර: වජිර බොරලැස්ස

විදුලි කාර්මික: සම්පත් සංජීව සමගින් සමන්ත

P1260128P1260131P1260132P1260135P1260136P1260137

Wednesday, May 6, 2015

වීදුරු බෝතල් ඇතුලේ කැරකෙන වෙසක්කූඩු

සාමාන්‍යයෙන් වෙසක් කූඩුවක් කියන්නේ උණබට අරගෙන හදන නිර්මාණයක්. ඒත් අද උණබටවලට තිබුණු තැන නැතිවෙලා ගිහිල්ලා අලුතින් ආපු යකඩ කූඩු, ප්ලාස්ටික් කූඩු නිසා. ඒ වගේ අවස්ථාවක මේ කියන්න යන්නේ ගොඩක් මහන්සි වෙලා හදපු වීදුරු බෝතල් කූඩු ගැන.

මෙවර වෙසක් මංගල්‍යය වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය තුල මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. මේ නිර්මාණ කරලා තියෙන්නේ ජී. කේ. විමලසේන මහතා. මේ වෙනුවෙන් කල කැපකිරීම, ඉවසීම අපි අගය කල යුතුමයි.

ක්‍රීඩාංගණය සදහා යන වියදම් සහ අනෙකුත් වියදම් වෙනුවෙන් ටිකට්පතකුත් තියෙනවා. වැඩිහිටියන්ට රුපියල් 40කුත් ළමයින්ට රුපියල් 20කුත් ගන්නවා මේ ප්‍රදර්ශනය බලන්න.

බුදුරුව සහිත රැස්මාලාව

P1260062දින 15ක් ගතවෙලා තියෙනවා මේ නිර්මාණයට. බුදුරුව වටා රැස්මාලාවක් කැරකෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ. රැස්මාලාව විදුලි බුබුලු වලින් ආලෝකමත් කරලා තියෙන්නේ.

පිරිත් මණ්ඩපය

P1260063P1260065මාස දෙකක මහන්සියේ ප්‍රතිඵලයක් විදියටයි මේ නිර්මාණය අවසන් වෙන්නේ. සම්පූර්ණ පිරිත් මණ්ඩපයම විදුලි බුබුලු වලින් ආලෝකමත්. ඒ වගේම මණ්ඩපය බෝතලය ඇතුලේ කැරකෙනවා.

සත් සතිය

P1260067P1260066
මේ පහන් කූඩුව පරිවාර කූඩු 24ක් හා විදුලි බුබුලු 185කින් සමන්විතයි. මෙය ජනාධිපති සම්මානයට පාත්‍රවූ පහන්කූඩුවක්. මාස 6ක් විතර ගිහින් තියෙනවා මේක නිර්මාණයට.

ලෝක ප්‍රසිද්ධ ස්වේදගෝන් චෛත්‍යය

P1260069P1260073
රන්වියන සහිත පත්තිරිප්පුව

P1260074P1260076දෙමසක මහන්සියේ ප්‍රතිඵල. විදුලි බුබුලින්, අලංකාර හැඩයෙන්, වර්ණයෙන් සුන්දර නිර්මාණයක්.

ශ්‍රී ලංකාවේ කුඩාම පහන් කූඩුව

P1260077P1260078
උස මිලිමීටර් 17යි. පරිවාර කූඩු 16යි. මාස එකහමාරක් දිරාපත් වෙන දේවල් එක්ක කරපු සටනක අවසාන ප්‍රතිඵලය. 5W බල්බයක් තුල මේ නිර්මාණය ඉදිවෙලා තියෙන්නේ. කුඩා වැඩි නිසා අත්කාචයක් තුලින් තමයි බලන්න ඕන.

බුද්ධ පරිනිර්වාණය

P1260085P1260087මාස 5ක මහන්සිය. පරිවාර කූඩු 16කුත් විදුලි බුබුලු 115කුත් මේ නිර්මාණය ලස්සන කරලා තියෙනවා.

පත්තිරුප්පුව

P1260088P1260089මාස 2ක් වෙහෙසිලා කරපු තවත් නිර්මාණයක්. අලංකාර විදුලි බුබුලෙන් හැඩගන්වලා.

දළදා කරඩුව රැගත් හස්තිරාජයා

P1260094P1260095මේකත් මාස දෙකක නිර්මාණයක්. කරඩුව වැඩමවන හස්තිරාජයා විදුලි අලෝකයෙන් අලංකාර කරලා තියෙනවා. බොහොමයක් වගේම මේකත් කැරකෙන නිර්මාණයක්.

තවත් නිර්මාණ

P1260101

P1260098

Related Posts Plugin for WordPress, Blogger...