පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

ආයුබෝවන්! ඔබට සුභ දිනයක් වේවා! ~~~ පැමිණීමට තුති! නැවත එන්න.

Wednesday, January 6, 2016

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ.


පිහිටීම
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත. මිරිජ්ජවිල හන්දියේ සිට කිලෝමීටර් 5ක් මිරිජ්ජවිල - සූරියවැව මාර්ගයේ ගියවිට උද්‍යානයට ලඟාවිය හැක.

ඉදිකිරීම
2006 වර්ෂයේ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අරඹන විට, එම භූමිය කටු පඳුරු සහ අත්හරින ලද හේන් භූමි වලින් සමන්විත වූ කැලෑවකින් ගහණව තුබූ බව පැවසෙයි. උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි.

උද්‍යානය ඉදිකිරීමේ අරමුණු
ප්‍රධාන අරමුණු 06 ක් මූලික කර ගනිමින්, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ඉදිකොට තිබෙයි. ඒවා නම්

  • වියළි සහ අර්ධ ගුෂ්ක කලාපීය ශාකයන් විතැන් සංරක්ෂණය කිරීම.
  • වියළි කලාපය තුල වර්ධනය වන අප්‍රසිද්ධ හා අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම.
  • වියළි කලාපීය භූ දර්ශන තලයන් වැඩි දියුණු කිරීම.
  • ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
  • උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබදව දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම.
  • පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.

විවෘත කිරීම
2013 වර්ෂයේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු රැස්වීම මෙරට පැවැත්වීම සනිටුහන් කරමින්, එම මස 14වන දිනදී උද්‍යානය විවෘත කල අතර, උද්‍යානය තුල පොදුරාජ්‍ය මණ්ඩලයීය කවයක්ද නිර්මාණය කෙරුණි. මෙම කවය තුල ජනාධිපතිවරුන් තිදෙනෙක්, උප ජනාධිපතිවරු හත් දෙනෙක්, අගමැතිවරුන් සිව් දෙනෙක් සහ විදේශ අමාත්‍යවරුන් පිරිසක් සිය රාජ්‍යයන් නියෝජනය කරමින් ඖෂධීය ශාක රෝපණය කරන ලදී.

මිල ගණන්
ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000

























Tuesday, December 29, 2015

සීතාවක උද්භිත උද්‍යානය - Seethawaka Wet Zone Botanic Gardens

සීතාවක උද්භිත උද්‍යානය
අවිස්සාවේල්ල තෙත් බිම් උද්භිත උද්‍යානය 
Seetawaka Botanical Garden
Seethawaka Wet Zone Botanic Gardens



ආරම්භය
2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ.


මූලික පරමාර්ථය 
උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.

පිහිටීම හා ලඟාවීම 
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.

උද්‍යානයේ බිම් සැකසුම
උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත.

උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි.

මිල ගණන්
ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000
බෝට්ටු පැදීමට 
දෙදෙනෙකු සඳහා - රුපියල් 200












Wednesday, August 19, 2015

නුවරඑළියේ සංචාරය - දෙවන දිගහැරුම (Trip to Nuwara Eliya District - Part II)

2. ලෝකාන්තය

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.

මුහුදු මට්ටමින්  අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.

ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.

හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.

අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.

මේ ‘‘ලෝකාන්තයෙන්’’ පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.

ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි. (More>>)

ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (1)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (2)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (3)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (4)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (5)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (6)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (7)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (8)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (9)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (10)ලෝකාන්තය - lessonforfree.blogspot.com - Ruwan Dileepa (11)

Related Posts Plugin for WordPress, Blogger...