පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Friday, September 28, 2012

බ්ලොගයක් කරන ඔබ මේ ගැනත් සැළකිලිමත්ද?

බොහොම කෙටියෙන්ම කියන්නම්කෝ. මේක බලලා ඔයාලට කරන්න දේවල් නම් ගොඩක් තියේවි. අද වන විට බොහෝ දෙනෙක් තමන්ගෙම කියලා බ්ලොග් එකක් කරනවනේ. කැමැතිද ටිකක් වැඩි දියුණු කරලා ගන්න ඔයාගේ Blog එක? අපිට නොමිලේ භාවිතා කරන්න පුලුවන් මෙම බ්ලොග් පහසුකම වැඩිදියුණු කරගන්න කියලා සපයන සේවා කිහිපයක් ගැන මට හොයාගන්න පුලුවන් වුනා. ඉතින් ඔයාලටත් කියන්න හිතුනා. නිකන් දෙන හින්දා දැනට ගොඩක් දෙනෙක් භාවිතා කරනවා. 

Thursday, September 27, 2012

Peachtree Lesson Part 12 - Employee Default Settings

මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ... 
අද අපි බලමු සේවකයන් ගැන වාර්ථාකරන්න කලින් කරගන්න ඕන වෙනස්කම් මොනවද කියලා. මුලින්ම Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. 

Wednesday, September 26, 2012

Mediafire/RapidShare එපා. බ්ලොග් එකෙන් කෙලින්ම 5GB Download කරන්න දෙන්න (දෙවන කොටස)

මම ඊයේ කිව්වේ Google Site භාවිතා කරලා Blog එකෙන් කෙලින්ම File Download කරගන්න දෙන විදිය ගැනනේ. කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගිහින් කියවලාම එන්න. මොකද මේ ලිපිය ඒකට සම්බන්ධයි. 
ඊයේ කිව්ව විදියට Google Site වල දාන එක ෆයිල් එකක උපරිම ධාරිතාව 20Mb නිසා ඊට වැඩි ෆයිල් දාන්න නම් Mediafire/RapidShare වගේ Free Cloud Storage වල පිහිට පතන්න වෙනවානේ. ඒත් Google එකෙන් ඒකටත් විසදුමක් දීලා තියෙනවා. ඒ තමයි Google Drive කියන පහසුකම. 5GB දක්වා ෆයිල් Upload කරන්න පුලුවන්. ඒ කියන්නේ  අපි ඊයේ කල දේම මේකෙනුත් කරන්න පුලුවන්. අපි දෙන් බලමු ඒ කොහොමද කියලා. 

Tuesday, September 25, 2012

Mediafire/RapidShare එපා. බ්ලොග් එකෙන් කෙලින්ම Download කරන්න දෙන්න.

මේ කියන්න යන දේනම් බ්ලොග් ලියන හැමෝටම ගොඩක් වැදගත් වෙයි. අපි ලියන බ්ලොග් ලිපි වලට අදාල මොනවා හරි ෆයිල් එකක් Download කරන්න දෙනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ අදාල ෆයිල් එක Mediafire/RapidShare/JumboFiles වගේ Free Cloud Storage එකකට Upload කරලා ඒකෙන් දෙන ලින්ක් එක අපේ බ්ලොග් ලිපියේ දාන එකනේ. ඒක බලන කෙනාට කරදරයිනේ. අදාල සයිට් එකට ගිහින් තමයි ඒ ෆයිල් එක Download කරන්න වෙන්නේ. 
අපි බ්ලොග් එකේ ලිපි දානකොට පින්තූර සහ වීඩියෝ දාන්න පුලුවන්. ඒත් Zip files,txt files, PDF, DOC, TXT වගේ වෙනත් ෆයිල් වර්ග දාන විදිය තමයි දැන් කියන්න යන්නේ. ඒ වගේ ෆයිල් කෙලින්ම Download කරන්න දෙන්න පුලුවන් නම් කොහොමද? හරිම ලේසියි. අපි බලමු ඒ කොහොමද කියලා.......... 

Monday, September 24, 2012

ඔයාලගේ සහයෝගයෙන් තමයි.... ඔයාලා හැමෝටම තැන්කූ....

බ්ලොගය පටන් අරගෙන අදට දින 34ක් වෙනවා. මේ දින 34ට එකම එක දවසක් හරි ඔයත් මේ පැත්තේ ඇවිත් යන්න ඇති. ඒ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ සතුට ඔයාලට කියන්නයි අද මේ විදියට ලියන්නේ. ඉස්සරහටත් ඔයාලා හැමෝම ඉදීවි කියලා හිතනවා මේ විදියටම. පාඩම් මාලා වගේම දන්න කියන දේවල් බෙදාගන්න පුලුවන් තරම් උත්සාහ කරන්නම්. යන එන ගමන් කොටල ගිහින් තිබුන හැම අදහසකටම බොහොම තැන්කූ. ප්‍රශ්න අහලා ඊමේල් එවපු හැමෝටමත් හොද උත්තර දෙන්න පුලුවන් වුනා. ෆේස්බුකියේ ලයික් කරලා තියෙන හැමෝටමත් ජය වේවා. හැමදාම ඔයාලගේ උදව් ඕන කියන ගමන් අදට ගිහින් එන්නම්කෝ..............

සියල්ල සමගින් ඉදිරියටම....

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

Peachtree Lesson Part 11 - Peachtree Payroll Setup Wizard

මේ Peachtree පාඩමෙන් කතා කරන්නේ Payroll Setup Wizard එක හදාගන්න විදිය ගැනයි. Employeesලා ඉන්න ආයතනයකට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඕනම ආයතනයක සේවකයන් කියන්නේ වැද්ගත් සම්පතක්. ආයතනයේ දියුණුවට සේවකයන්ගෙන් ලැබෙන පිටුවහල විශාලයි. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්නකෝ. (රූපය 1) 
(රූපය 1) 
Maintain Tab එකට යන්න. ඒකේ පහලින්ම තියෙනවා Default Information කියලා. ඒකෙන් Payroll Setup Wizard ක්ලික් කරලා Payroll Setup Wizard වින්ඩෝව් එක ඕපන් කරගන්න. (රූපය 2)
(රූපය 2)
හොදයි, ඕපන් කරගත්ත Payroll Setup Wizard වින්ඩෝව් එකෙන් ඔයාලට පුලුවන් මොනවද කියලා මුලින්ම කියලා තියෙනවා දකින්න පුලුවන් වෙනවා. Choose Payrall Options, Enter Company Information, Set Up Benefits, Set Up Taxes වගේ දේවල් මේකෙන් කරන්න පුලුවන්. (රූපය 3) 
(රූපය 3)
ඉස්සරහට යනකොට ඔයාලට Compamy Information ඇතුලත් කරන්න වෙනවා. මෙතෙන්දි ඇතුලත් කරන තොරතුරු අපි Company හදනකොට ඇතුලත් කරන ලද ඒවා නෙවෙයි. මෙතෙන්දි අපෙන් අහන්නේ Federal Employer ID, State Employer ID, State, State Unemployment ID, State Unemployment Rate වගේ ඒවා. ලංකාවේ අපිට අදාල වෙන්නේ නැති ඒවත් තියෙනවා. කමක් නෑ, දන්නේ නැති ඒවා එහෙමම තියලා යන්න. ඉහත කරුණු වලට අමතරව තවත් විස්තර අහනවා. ඒවා පිලිබඳ විස්තර තියෙනවා නම් විතරක් විස්තර ඇතුලත් කරන්න. දන්න විස්තර ඇතුලත් කරලා Next ක්ලික් කරන්න. (රූපය 4) 
(රූපය 4) 
ඊලගට තියෙන්නේ Pay Types පුරවන්න. මෙතෙන්දි  Pay Types ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි Hourly. මෙතෙන්දි ගෙවන්නේ පැය ගණන අනුව. GL Account Number එක විදියට අපි මේ ගෙවීම කරාම සටහන් විය යුතු ගිණුම් අංකය තෝරන්න. පැය පදනම මත වුනත් විවිධ රේට තියෙන නිසා ඒ යටතේ Pay Type කියලා කිහිපයක් සටහන් කරන්න පුලුවන්. උදාහරණ විදියට පැයකට රුපියල් 100 හා 200 බැගින් වැඩ කරන සේවකයන් ඉන්නවා නම් රුපියල් 100 Pay Type "Regular" යටතේ වෙනම ගිණුමකටත්, රුපියල් 200 Pay Type "Rate3" යටතේ වෙනම ගිණුමකටත්, ඔවුන්ගේ Overtime Pay Type "Overtime" යටතේ වෙනම ගිණුමකටත් ලෙස සකස් කල හැකියි. ඒ විදියටම දෙවැනි එක "Salary" කියලා තියෙනවා. මේකෙදි සේවා ගිවිසුමක් එක්ක වැඩ කරන සේවකයන් සදහා අයත් වෙනවා. එයත් පළමු වර්ගයේ වගේම රේට කිහිපයක් සටහන් කරන්න පුලුවන්. උදාහරණ විදියට මාසෙකට රුපියල් 20000,30000,40000 වගේ ගෙවීම් කරන සේවකයන් වෙන වෙනම සටහන් කරන්න පුලුවන්. (රූපය 5) 
(රූපය 5) 
ඉන්පස්සේ තියෙන්නේ Benefits ගැන සටහන් කරන්න. ප්‍රධාන වර්ග පහක් තියෙනවා. Vacation, Sick Time, Insurance Plans, Retirement Plans, Flexible Spending Accounts තමයි ඒ වර්ග පහ. මෙම වර්ග පහම තියෙනවා නම් පහටම හරි දාන්න. මුලින්ම ඔයාලට පේන්න මම පහටම හරි දානවා. ඒත් මම ගන්නේ Vacation, Sick Time, Insurance Plans විතරයි. (රූපය 6,7) 
(රූපය 6,7)
මම පහටම හරි දැම්මේ වෙනස පෙන්වන්න. වම් පැත්තේ Benefits වලට යටින් බලන්න. කරුණු විශාල ප්‍රමාණයක් එනවා. එහෙම වෙන්නේ අපි තෝරන Benefit වර්ග ප්‍රමාණය අනුව. එකක්, දෙකක් තේරුවා නම් මෙයින් ටිකක් තමයි පුරවන්න වෙන්නේ. මුල්ම Benefit එක තමයි Vacation කියන එක. සේවකයෙකුට නිවාඩු දින කීයක් තියෙනවාද කියලා පුරවන්න ඕන. ඒත් දිනකට පැය 8යි කියලා හිතලා පැය ගණනින් තමයි දින ගණන දෙන්න ඕන. දින 10යි නම් පැය 80යි. සේවකයින්ට මෙම පැය ගණන මේ වර්ෂය සදහා පමණයිද, නැත්තම් ඉදිරි වර්ෂයට මේ වර්ෂයේ ඉතුරු පැය ගණන ගෙනියන්න පුලුවන්ද කියලා තෝරන්නත් ඕන. ඒ වගේම උපරිම පැය ගණනත් සටහන් කරන්න පුලුවන්. උපරිමයක් නැත්නම් හිස්ව තබන්න පුලුවන්. (රූපය 8)
(රූපය 8)
ඉන්පසුව Sick Time ගැන බලමු. සේවකයෙකුට ලෙඩ නිවාඩු කීයක් වර්ෂයකට හිමි වෙනවාද කියලයි මේකෙන් බලන්නේ. කලින් විදියටම දින ගණන පැය වලින් සහ ඉතිරිය ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියලා තෝරන්න ඕන. (රූපය 9) 
(රූපය 9) 
දැන් අපි බලමු Insurance Plans ගැන. Insurance Plans ආකාර පහකින් සමන්විතයි. Medical, Dental, Vision, Long-term disability, Short-term disability අයුරින්. ආයතනයේ ඇති ප්‍රතිපත්ති අනුව එම Insurance Plans සම්පූර්ණ කල යුතුයි. (රූපය 10,11,12) 
(රූපය 10,11,12)
අවසානයේදි Summary of Benefits යටතේ ඇතුලත් කල දත්ත බලන්න පුලුවන් වෙනවා. එහි ඇති Add Another Benefit යටතේ තවත් අවශ්‍ය Benefits මෙයට එකතු කරන්න පුලුවන්. (රූපය 13,14)
(රූපය 13,14)
Taxes කොටසේදි Payroll Taxes යටතේ Tax liability acct no සහ Tax expense acct no තෝරන්න ඕන. (රූපය 15)
(රූපය 15)
හොදයි, අවසානයේ ඇති Setup Complete යටතේ Finish ක්ලික් කර මම Wizard එකෙන් ඉවත් වෙන්න පුලුවන්. (රූපය 16) 
(රූපය 16)


මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ... 


Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනාඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලානමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයිඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියාපුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

ඔයා ලෙඩ වුනාම මට හරි පාලුයි.. මීට පස්සේ ලෙඩ වෙන්න එපා..

පණ්ඩිතකමට
බොරු ලෙඩක් හදාගෙන
හොදකරගන්න එක්කන් ගියාම
ලෙඩේ තව වැඩිවුනා....

Sunday, September 23, 2012

බ්ලොග් ලිපි Facebook Page/Group එකට Share කරන වැඩේ RSS Graffitiට භාර දෙන්න. (පළමු කොටස)

අද කියන්න යන්නේ RSS Graffiti 2.0 BETA ගැන.  RSS Graffiti  ගැන දන්න අය වගේම නොදන්න පිරිසකුත් ඉන්න නිසා  RSS Graffiti  ගැන මම හොයාගත්ත දේවල් ටිකක් ඔයාලට කියන්න හිතුනා. මේකෙන් කරන්නේ අපේ twitter එකේ, blog එකේ, වෙනත් news sources and publishes වල අපි දාන ලිපි අපේ Facebook Page/Group එකට Share එක. ඒක කම්මැලි වැඩක් හින්දා මේක භාවිතා කරන්න පුලුවන් ඒ වැඩේට. 

      මුලින්ම ඔයාලම Facebook එකේ RSS Graffiti කියලා Search කරලා මේ APP එකට යන්න. එතකොට ඔයාලට පහලින් තියෙනවා වගේ ස්ක්‍රීන් එකක් ඒවි. බයවෙන්න ඕන නෑ. මේ APP එක මාසෙකට 350000 වඩා භාවිතා කරනවා. ඒක තමයි මේ APP එකේ විශේෂත්වය. ඉතින් ඒ ඇතිනේ අපේ විශ්වාසයට. මේ දවස් වල තියෙන Facebook APP භීතිකාව හින්දයි මේක කිවුවේ. 

Friday, September 21, 2012

අනිවාර්යයෙන් කියවන්න හොදේ..

මේ කියන්න යන්නේ ලංකාවේ මේ වන විට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ගැනයි. 2012 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ඉදලා 26 වෙනකන් කොළඹ BMICH එකේ පැවත්වෙනවා. 


මීට අවුරුදු 13කට කලින් වෙළෙද කුටි 34ක් සමගින් ආරම්භ වූ මෙය මේ වන විට විශාල වර්ධනයක් සමගින් වෙළෙද කුටි 410ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ සැරේ විදේශීය කුටි 40ක් විතර තියෙනවා. ඒ ඉංදියාව, ජපානය, මලයාසියාව, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව යන රටවලින්. හැම දවසකම උදේ 9ට ආරම්භ වෙලා රාත්‍රී 9 වෙනකන්ම පැවැත්වෙන නිසා විශාල ජනතාවක් පොත් ගන්න වගේම පොත් ප්‍රදර්ශනය බලන්නත් දිනපතාම එනවා. 

Tuesday, September 18, 2012

File Menu සහ Shortcut ගැන හැමදෙයක්ම දැනගමු. (Peachtree)

Peachtree සොෆ්ට්වෙයාර් එකේ File Menu එක ගැනැයි මේ පාඩමෙන් කථාකරන්නෙ. මේ පාඩම අනිත් පාඩම් සියල්ල හා සම්බන්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ පහසුවට Menu එක කොටස් වලට බෙදාගමු. File Menu එක කොටස් 9කට බෙදාගන්න පුලුවන්. 1st Part, 2nd Part, 3rd Part... ලෙස බෙදලා තියෙන්නේ ඉදිරි පාඩම් වල පහසුවට. 
කලින් කිවුව වගේම මේ පාඩමෙන් කරන්නේ මේ එක එකක ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යනය කිරීමයි.

උදාහරණ: Open Company වල කාර්යභාරය බැලීමට නම්, පහලින් ටයිප් කරලා තියෙන 1st Part>>Open Company මත ක්ලික් කරන්න. එතකොට අපි දැනට ඒ ගැන කතා කරලා තියෙනව නම් ඒ ස්ථානයට ඔයාලට යන්න පුලුවන්. Setup Guide වෙත යන්න නම් 2nd Part>>Setup Guide මත ක්ලික් කරන්න. එතකොට අපි දැනට ඒ ගැන කතා කරලා තියෙනව නම්  Setup Guide වෙත ඔයාලට යන්න පුලුවන්. 

ඒ වගේම ප්‍රධාන Menu එකෙන් විහිදෙන Sub-Menu තියෙනවා නම් ඒ ගැනත් පහලින් කතාකරනවා, ඒ හැම එකකම රූපසටහන් පහලින් පෙන්නලා ඇති. තවත් විශේෂත්වයක් තමයි අදාල වන Shortcut එකක් තියෙනවා නම් ඒකත් දක්වලා ඇති. 

Peachtree Lesson Part 10 - Vendors Default Settings

අපි ගණුදෙනු කරනකොට ණයට ගන්නත් වෙනවනෙ. හැමදාම ආයතනයේ මුදල් ප්‍රවාහ එකම විදියට නෑනේ. ඒ හින්දා අපිට ණයහිමියනුත් ගොඩාක් වැදගත් වෙනවා.. ඉතින් අද කියන්න යන්නේ ණය හිමියන්ගේ තොරතුරු ලේසියෙන් සටහන් කරන්න නම් අපි මොනවද කරන්න ඕන කියලයි. කලින් පාඩමේදි අපි කථා කරේ ණයගැති තොරතුරු ලේසියෙන් සටහන් කරන්නේ කොහොමද කියලනෙ... Peachtree සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන පහලින් මම කියන දත්ත ඇතුලත් කරගන්නකෝ.. (රූපය 01)
(රූපය 01)

Monday, September 17, 2012

Peachtree සිංහලෙන් පළමු කොටස පොතක් ලෙසින්....

Peachtree සිංහලෙන් - පළමු කොටස
මෙතෙක් කාලයක් ඉදිරිපත් කරන ලද කරුණු සියල්ලම එක් කර ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පාඩම් 09ක් නිකුත් කර තියෙන නිසා මේ තීරණේ ගත්තේ. පුලුවන් ඉක්මනටම ඔයාලට මේක දෙන්න කටයුතු කරන්නම්කෝ... 

ඔයාලගේ Blog ලිපි Share කරන්න පුලුවන් Facebook Group එකක්.......

ඔයාලගේ Blog ලිපි Share කරන්න පුලුවන් Facebook Group එකක් ගැන කියන්නයි අද හදන්නේ.. දැනට Facebook එකේ තියෙන ගොඩක් Group ඇඩ්මින්ලා කැමැති නෑ තමන්ගේ Group එකේ ඔයාලගේ Blog ලිපි Share කරනවට.. ඉතින් කාලයක් තිස්සේ බලන් ඉදලා මම තීරණය කරා ඔයාලගේ Blog ලිපි පහලින් තියෙන Face Book Group එකේ  Share කරන්න ඔයාලට ආරාධනා කරන්න. Blog Reader වලින් වගේම Face Book එකෙනුත් Blog බලන්න සෑහෙන්න පිරිසක් එන නිසා ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා.. පුලුවන් නම් ඔයාලගේ යාලුවොත් මේ Group එකට Add කරන්න. එතකොට ඒක අනිත් අයටත් ලොකු උදව්වක් වෙයි.. මේ ගෘප් එකේ තවම ලොකු නීති මාලාවක් නම් නෑ.. ඒත් පහලින් තියෙන ඒවා ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලනවා.. 

1. දැනට පුලුවන් බ්ලොග් ලිපි විතරයි.. කරදරකාරී වෙනත් ලින්ක් නම් එපා.. 
2. ලංකාවේ ඕනම වයසක කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න ඕන.. 
3. නීති විරෝධී දේවල් පලකරන්න එපා.. 
4. ආර්ථික ලාභ බලාපොරොත්තුවෙන් ලින්ක් Share කරන්න එපා.. 
5. ඔයාලා Share කරන Blog ලිපි වලට අදාලව කෙටි සටහනකුත් දාන්න ඕන. 

පහලින් තියෙන්නේ ගෘප් එකට යන ලින්ක් එක.. 

සිංහල , ඉංග්‍රීසි, දෙමළ යන තුන් ආකාරයේම ලිපි Share කරන්න පුලුවන් කියලා අවසානයට මතක් කරනවා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් එහෙම කියලාම යන්නකෝ.. 

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

Friday, September 14, 2012

Peachtree Lesson Part 9 - Customers Default Settings

තමන්ගේ වෙලෙදසැලේ ගණුදෙනුකරුවෝ ටික එකම විදියකට තියාගන්න පුලුවන් නම් කොච්චර හොදද.. එහෙම වුනොත් අපට පුලුවන් වෙනවා ගණුදෙනුකරුගේ අවශ්‍යතා ඉක්මනින් ඉටු කරලා දෙන්න. එයාලා කියන පරක්කුවට බිල් එක හදලා ගෙවන්න ඕන ගාන හරියටම කියනවනම්, නිතර එන ගණුදෙනුකරුවන්ට වට්ටමක් දෙනවනම්, ගණුදනුකරුවෙක් එක් වරක් ආ විට එම ගණුදෙනුකරුගේ සියලුම අවශ්‍ය විස්තර පි ලග තියෙනවා නම් ගණුදනුකරු සතුටට පත්වනු නිසැකයි. ඒ වගේම ණයට අරගෙන ණය පරක්කු වෙනවද කිය කිය ඇගිලි ගනින්න වගේම පරක්කු වුන ණය වලට පොඩි පොලියකුත් අය කරගන්න පුලුවන් නම් වෙලෙදසැල්හිමියාත් සතුටට පත් වේවි. ඒත් කොහොමද මෙ හැම දෙයක්ම කරන්නේ. මෙ හැම දෙයක්ම හරිම පහසුයි. Peachtree සොෆ්ට්වෙයාර් එකෙන් මේ හැම දෙයක්ම ලේසියෙන් කරලම දෙනවා. ඒ සදහා මුලින් පොඩි වෙනස් කම් කිහිපයක් කලාම හරි.

අද අපි මේ කතා කරන්න හදන්නේ Customersලාගෙ Default Information Add කරන විදිය ගැනයි. ඒ සදහා අපි මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න ඕන. (රූපය 01) 

(රූපය 01)

9 MS Office PPT 2010 vs 2013(Part 02)


























Related Posts Plugin for WordPress, Blogger...