පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Monday, March 31, 2014

පොළොන්නරුවේ සංචාරය - දෙවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 2)

පොළොන්නරුවට එන විදිය ගැන කලින් ලිපියෙන් කතා කරා මතක ඇති. දැන් බලමු ඓතිහාසික පොළොන්නරුව රාජධානියේ නරඹන්න පුළුවන් ස්ථාන මොනවද කියලා. සංචාරකයෙකුට වැදගත් වෙන ස්ථාන ගැන අපි බලමු. මේ එක එකක පොඩි විස්තරයක් වගේම ඡායාරූප පෙළකුත් පහලින් තියෙනවා. මේ ලිපියෙන් එසේ වැදගත් ස්ථාන අතරින් දෙකක් ගැන කතා කරනවා.

1. පොත් ගුල් වෙහෙර

පැරකුම්බා රජතුමා විසින් කරවන ලද විහාරය අතීතයේ කපිල විහාරයදැයි සැකයක් පවතී. විහාර සංකීර්ණය චතුරශ්‍රාකාර වේදිකා හතරකින් යුක්ත වේ. විහාරය ඉදි කර ඇත්තේ ඉහල වේදිකාව මතයි. එය සම්පූර්ණයෙන්ම ගඩොලින් කළ ගෙඩිගේ ක්‍රමයේ විහාරයකි.

402405406407408409413414

2. පොත්ගුල් වෙහෙර ශෛල ප්‍රතිමාව

පොත්ගුල් විහාරය සමීපයේ ඇති පර්වතයක අඩි 11 අඟල් 8ක් උසින් යුතු පිළිමයකි. පැරකුම්බා රජුගේ පිළිරුවක් ලෙස සැලකේ.

398392395397

තවත් කොටසක් ඉදිරියේදී….

Sunday, March 30, 2014

“ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා” ++

couple on the grass, kiss, balloons 162231

වර්ථමාන සමාජයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රී රෝද රථ භාවිතය හදුන්වන්න පුළුවන්. ලංකාවේ බොහොමයක් නගරවල මේ වාහනය සුලභ දසුනක්. ලංකාවේ හැටියට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් විධියට මේ වාහනය හැමෝම අතරම ප්‍රසිද්ධයි. අද වෙනකොට මේ වාහනය විවිධාකාරයෙන් අලංකරණය කරන්න එම රියදුරන් පෙළඹිලා තියෙනවා. වර්ණ ගැන්වීම්, විශාල බෆල් සෙට් එකක් හයිකිරීම්, අලංකාර ආලෝක පද්ධතියක් සවිකිරීම, වගේම විවිධ වැකි පිටතින් අලවා ගැනීම විශේෂයි. ඉතින් අද මේ ලිපියේ අරමුණ ඒ වැකි පිළිබඳව අවධානය යොමු කිරීම. බලන්නකෝ මේවායින් කීයක් ඔයාලා අහලා දැකලා තියෙද කියලා…

වෙලාවකට පිස්සු වගේ

වලංකාරයා මාසෙන් හදන දේ පොලුකාරයා දවසින් කඩයි

ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන්

අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නන්වා

දෙයියො දෙනකොට භූතයින්ට මළ

රම්පෙට පොරි පොකුරු පොකුරු

60ත් වයසක්ද

හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස්

වැරදුනා මිසක් පැරදුනේ නැත

ජීවිතේ මල් මාව‍‍තේ ගල්

කළාවැවේ නිල් දියවර අපෙ අම්මා

අයියා පාතාලේ මං ඉස්කෝ‍ලේ

සැප සිංගල් දුක ඩබල්

ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ

නීතිය නෑ ආතල් දන්නේ

වයසට ගියත් මම හවසට ගෙදර

ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ

ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං

Frame එක දිරයි.. Name එක නොදිරයි

උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ

තරුණ කාලේ ආදරය ද , වැඩිහිටි කාලේ දියවැඩියාව ද , සාමානය්‍ය දෙයකි

කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි

මට හොඳ නම් තොට මොකෝ

ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න

මුදල් රජයන් විට සත්‍යය නිහඬවේ

සීනි දිය වුනත් ගෝනි දියනවෙන්නෑ මල්ලි

ප්‍රමාදය විනාශයට හේතුවේනම් ඉවසීමෙන් සැනසීම ලැබේ කියපු එකා කවුද

ගල්ලා චන්ඩියා වෙන්නෙ බාල ලෑල්ලෙදි පමණි

සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි

මිණි මුතු අගෙයි හැම තැන නැති හින්දා - අපි කළු ගල්ද හැම තැන හමුවෙන හින්දා

අපිට නැතත් ගස්වල තව මල් පිපියන්

ගොළුවෙත් කථා කළා මට ඇති දාට... කථා කරපු අය ගොළුවුනා මට නැති දාට...

මට මගේ නොවුනු මගේම "ත්‍රීවිල්" එකක් තිබුනා

හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව

නැන්දම්මේ........ දුව දෙනවද..?

කොටියා නිදි ඇහැරවන්න එපා

අලංකාර බොරු කීමෙන් බයංකාර තොප්පි වැටේ

තිරිසන්නු වැනි මිනිසුන් අතරේ දෙවියන් වැනි මිනිසුන්ද ඇත

පාන් කෑවොත් ඔහොම්මයි

ඔබ වෙනුවෙන් නොනිඳන මිනිසා

අපි පොල් ගහට නැග්ගත් දෙබලක්

පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න

හිමිවුනු ඔබ මට අහිමි වෙලා

දියුණුවේ රහස උත්සහය මිස ඉර්ෂියාව නෙවේ

ඔයා නම් කියයි අම්මා බනින්නෙ මට නේ

රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත

හොඳ ඇපල් කන්නෙම පනුවෝ

අතන් පයක් වගේද මල්ලි කකුලක්

තිත්තයි කියා කියා කරවිල කන්න එපා
ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න් එපා
මුතුඇට කියා කියා ගල් අහුලන්න එපා
චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා

ණය දීමෙන් මිතුරාත් මුදලත් බිරිඳත් නැතිවේ

අනේ වැඩක් බලාගෙන යනව මනුස්‍සයො යන්න

ඇයි අවුල්ද රත්තරං

ඇද්ද මල්ලි

ඵල නෙලුවට කමක්නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

බොක්කෙන් මල් කඩපුවෙලේ කොක්කකින් පොල් කැඩුවනම් මාත් අද ලොක්කෙක්

මගේ ලෝකෙ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ

ලෙඩ්ඩු පිස්සු කෙලියට ඩොක්ට පිස්සු කෙලින්නෑ

මට නුඹ විතරක් වැනිට නුඹට ඉන්නෙ මං විතරද

යාළුවනේ....
කමු බොමු ප්‍රීති වෙමු තනි තනිව බිල් ගෙවමු

ඇස්වහ නෑ කටවහ නෑ

කවි නෑ... වැකි නෑ... සීපද නෑ...
සාක්කුවෙ බ්ලේඩ්තල නෑ...

අම්මා රත්තරං ඇයි තාත්ත පිත්තලද...?

දැවටෙන්නෑ පැටලෙන්නෑ ඇතිල්ලිලා අපි යන්නෑ

අතහිත ලොකු අයියා දුන්නේ

උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ලඟ ඉන්නා.

පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද...?

ඔබ පහුවුනා නොවේ මා ඔබ පහු කළා නේද....?

සම්බුදු සරණයි එංජිම පරණයි

සුද් කකුලයි කොට සායයි හරි අවදානම්

බුදු මල්ලියේ ඈතින් වරෙන් - ලීස් එක ඉවර වුනාම රේස් යමං

පුංචිකමට දඟ කලාට ගනන් ගන්න් එපා ඔන්න්...

හයියෙන් එන්නෙ ඇරල යන්නද

පිපිච්ච මල් උනත් පැහිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට

වීල් එකේ ඉඩත් නෑ.. දාලා යන්න හිතෙන්නෙත් නෑ..

ඉගිලෙන්න තහනම් නම් දුරක්, ඇයි දුන්නෙ මට ලයි..සොන් එකක්

ලීටරේ 50 යි චාටරේ 20 යි

හදවත හොඳයි., චුට්ටක් දඟයි.

කෙල්ලෝ කපටියි. කොල්ලෝ ලපටියි.

ඇතිදා වවුලෝ එල්ලිලා කතී. නැතිදා වවුලෝ ඉගිලිලා යතී.

මිනිස්සු ගොඩයි. මනුස්සයෝ ටිකයි.

රත්තරං අම්මා තාත්තාගේ බෝනික්කී

සුදූ මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

හිත හොද නම් කොහෙත් එකයි

ඔයා යන්න මං එන්නම් මෙයත් එක්ක

හිතන්න අමතක කරත් අමතක කරන්න හිතන්න එපා

හමේ පාට වෙනස් උනත් කදුලේ පාට එකමයි

අනේ මන්දා සුවද සබන් කොච්චර ගෑවත් සුදු නෑ

මංකල වරදට ඇයි අම්මට බනින්නේ

හදවත උණුවන පොලිස් මහත්තුරු සැමදා දෙවියන් රැක දේවා

සල්ලි වගේද නංගි අපි

සුනාමියට අහුවෙච්ච මට ගංවතුරත් කජ්ජක්ද?

උප්පත්තියයි විපත්තියයි අතරේ ප්‍රතිපත්තිය නැතිනම් මහ නස්පැත්තියක්

තව ගොඩක් වැකි ඔයාලා දැකලා ඇති. මේ දේවල් විනෝදයට, සතුටට, හිතේ දුකට මේ කවි අලවං හිටියත් මේ ත්‍රීරෝද රථ රියදුරන් ලග විශේෂීවූ මනුස්සකමක් හියෙනවා කියලා අමතක කරන්න බෑ. පාරතොටේ මොකක් හරි කරදරයක් වුන වෙලාවකට ඉස්සෙල්ලම දුවගෙන එන්නේ මොවුන් බව අමතක කරන්න එපා. කවදාවත් ජිප් එකක, කාර් එකක, ප්‍රාඩෝ එකක යන කෙනෙක් නවත්තලා බලන්නේ නෑ මොකද උනේ කියලා ගොඩක් වෙලාවට. අතලොස්සක් රියදුරන් කරන මෝඩ වැඩ නිසා හැම ත්‍රීරෝද රථ රියදුරෙක් දිහාම වැරදියට බලන්න එපා.

“අපේ ලඟ මනුස්සකම තිබුනට අපේ අය ලඟ මනුස්සකම නෑ”

Saturday, March 29, 2014

පොළොන්නරුවේ සංචාරය - පළමුවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 1)

ශ්‍රී ලංකාව කියන්නේ ස්වාභාව ධර්මයෙන් ලෝකයට ලැබුණු දායදයක්. මේ පින්බිම ඉංදියන් සාගරයේ මුතු ඇටය කියලා හදුන්වන්නට යෙදුනේ ඒ නිසා වෙන්න ඇති. එක් එක් යටත් විජිත සමයන් පසුකරගෙන, කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ලක්ව, කාලයක් පීඩා වින්ද මේ භූමිය අද වෙනකොට සම්පූර්ණ නිදහස් භූමියක්. ඉතින් ඒ නිසාම වර්තමානයේ සංචාරක කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. ලංකාව වර්තමානයේ පළාත් නමයකට වගේම දිස්ත්‍රික්ක විසිපහකට බෙදා වෙන්කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්ක එකිනෙකක විවිධාකාර ස්ථාන පිහිටීම මේ සංචාරක කර්මාන්තයට ලොකු පිටිවහලක් වෙනවා. ඒ එක් එක් ස්ථාන හොයාගෙන යන ගමනේ පළමු පියවර මේ විදියට පටන් ගන්න අදහස් කලා.

පළමුවෙන්ම තෝරගත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කය. කොළඹ ඉදලා කිලෝමීටර් 225ක් දුරින් පිහිටා ඇති නිසා දකුණු පළාතේ ඉදලා ලගාවීම ටිකක් දුශ්කර ගමනක්. වඩාත්ම සුදුසු මාර්ගය දුම්රිය භාවිතය. කොළඹ ඉදලා සෑම දිනකම දුම්රිය දෙකක් ධාවනය වෙනවා. එකක් උදේ 6.05ට වගේම අනික රාත්‍රී 7.15ට. මේ දුම්රිය දෙකින් රාත්‍රී දුම්රිය වඩාත් සුදුසුයි. ගමනේ විඩාව වැඩිය දැනෙන එකක් නෑ රෑ දුම්රියෙන් යන ගමනෙදි. රෑ දුම්රියේ නම පාඨලී. ඒ දුම්රිය අළුයම 1.34ට පොළොවට ලගා වෙන්න නියමිතයි. දුම්රිය මගීන්ගෙන් පිරෙනවා කොටුව දුම්රිය ස්ථානයෙදිම. ඒ නිසා කලින් ආසන වෙන්කරගන්න එක විශාල පහසුවක්. දුම්රිය තුන්වන පන්තියේ මෙන්ම දෙවන පන්තියේ මැදිරිවලින් සමන්විතයි.

කොළඹින් පොළොන්නරුවට පළමු මැදිරි දෙවන මැදිරි තෙවන මැදිරි
6.05AM 12.08PM 620.00 340.00 185.00
7.15PM 1.34AM 620.00 340.00 185.00

දැනට නම් පළමු පන්තියේ මැදිරි භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒ වගේම කලින් වෙන්කරගන්න ගියොත් ගාන ටිකක් වෙනස් වෙයි. සම්පූර්ණ ගමනකට දින දෙකක්වත් ඇවිදින්න වෙනවා. ඒ නිසා යන්න එන්නත් එක්කම දවස් තුනක්වත් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. ගිහින් නවතින්න තැන් කිහිපයක්ම ඉදිරි ලිපි වලින් ගෙන්නම්. වැදගත්මදේ තමයි පොළොන්නරුව දුම්රිය ස්ථානයේම නවාතැන් පහසුකම් සලසාගන්න පුළුවන් වීම. රුපියල් 900කට වගේ ඉදලා කාමර වෙන් කරගන්න හැකියාව තියෙනවා. +940272222271 අංකයෙන් පොළොන්නරුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇමතීමෙන් වැඩි විස්තර ගන්න පුළුවන් වේවි. කෑම බීම වගේම ගමන් කරන්න වාහන සාධාරණ ගානකට හොයාගන්න පුළුවන් නිසා ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.

පොලොන්නරුවේදී අපිට පුරාවස්තු බලන්න එක දවසක් වගේම සෝමාවතිය, මැදිරිගිරිය වගේ ටිකක් ඈතින් පිහිටි ස්ථාන බලන්න යන්න තව දවසකුත් ඕන වෙනවා. ඉදිරි ලිපි වලින් මේ සෑම ස්ථානයකම කෙටි විස්තරයක් එක්ක ඡායාරූප 1200+ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

පොළොන්නරුවේ සංචාරය - පළමුවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 1)

Monday, March 24, 2014

T20 - ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න - 20 World Cup Live Streaming - SL vs Neth

අද පැවැත්වෙන ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගය සජීවීව නරබන්න පුළුවන් ඔයාලට. ඒ තරගය වගේම T20 World Cup තරගාවලියේ සියළුම තරග සගීවීව නරඹන්න වගේම T20 World Cup Highlights බලන්නත් පුළුවන් දැන්. ඉදිරියට තියෙන තරග නරබන්න එන්න Bookmark කරගන්න.

තරගාවලිය සජීවීව නරඹන්න Click කරන්න “Live Stream”

20 World Cup Live Streaming

තරගය අතරතුර එන ඇඩ් වලින් බේරෙන්න Adblock Plus දාගන්න. දැන් ඇඩ් නැතුව තරගය බලන්න.

Monday, March 17, 2014

සන්සුන් සිත සුවපත්වන්නට (දෙවන කොටස)

සන්සුන් සිත සුවපත්වන්නට (දෙවන කොටස)
පළමු කොටසින් කවි බණ හයක් ගැන කරුණු අරගෙන ආවා. මේ ලිපියෙන් ඉතුරු කවි බණ ගැන බලමු.

පළමු කොටස කියවන්න

මේ දවස් වල සෑහෙන්න ජනප්‍රිය කවිබණක් විධියට පින්බර අම්මා කවි බණ දිවයිනේ විවිධ ප්‍රදේශවල අපිට අහන්න ලැබෙනවා.

ජීවිතයේ අනන්ත අපමණ,දුක් කම් ක‍ටුලු චිත්ත පීඩා සියල්ල
මා වෙනුවෙන් විඳ දරා ගත් ආදරය නම් මේ යැයි ලොවට පෙන්වා දුන්
වටින සලු පිළි මට ගෙන දී වෙරහැළි හැද සතු‍ටු වුණ
රස අහාර මට කවමින් කුසගින්නේ සිනා සුන
දහසකුත් කරදර මැද නෙතට ආ කදුලු බිදු
නේතේ සිරකරගෙණ මට හඩන්නට ඉඩ නොදුන්
අදත් මා දෙස බලමින් මහත් සේ සතු‍ටුවණ සෙනෙහෙබර මෑනියණි
ඔබේ ගුණ ගයන්නට තවම මට වචන නැත
ඔබේ සෙනෙහස ලග තවම මා නොදරුවෙක්
කවි සිතක පිපෙන මේ කවි මල් ඔබට අසීමිත වු ආදරයට උපහාරයක්ම වේවා..!

File Name : Pinbara Amma
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 66.09 MB
Duration : 48 min 42 sec
Download

ඊළඟට මෙහෙමත් දරුවෝ කවි බණ තවත් ජනප්‍රිය කවි බණක්.

පින්වත්ණි කාලයකට පෙර කොළඹ උසාවියේ දිග හැරුන ඉතාම දුක් බර කතාවක් මේක
ඇසු දු‍ටු වන්ගේ දේනෙතෙහි එන කදුලු කැට
මෙහෙමද කියා හිතෙනවා අප වෙසෙන රට
කොළඹ උසාවියේ විනිසුරු ඉදිරි පිට
විමසු නඩු පුවත පැවසිය හැකිය මට..!

File Name : Mehemath Daruwo
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 57.48 MB
Duration : 41 min 51 sec
Download

මාර පරාජය ගැන කියවෙන ඊළඟ කවි බණ තවත් ලස්සන කවි බණක්.

සංසාරේ දුක දකිමින් නිවන් සුවේ මග කියමින්
සත්මග වෙත සුවය සැදු බුදුන් වදිනවා උත්තම බුදුන් වදිනවා
එන්න ඇවිත් බලන ලෙසින් මාවත පෙන්වා මැනවින්
අකාලිකවු ලෙස පවතින දහන් වදිනවා උත්තම දහන් වදිනවා..!

File Name : Maara Parajaya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63.04 MB
Duration : 45 min 54 sec
Download

කිරි අම්මාගේ විලාපය ලෙසින් කරන ලද මේ කවි බණ වර්ථමාන සමාජයට වඩාත් ගැලපෙන කවි බණක්.

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
කව්ද මේ කිරි අම්මලා වරු මදක් විමසා බලන්නට පෙර
තෙරුවන් සරණ යමු..!

File Name : Kiri Ammage Wilapaya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63.01 MB
Duration : 45 min 56 sec
Download

අවසාන වශයෙන් පින්බර තාත්තා කවි බණ. ලංකාවේ පිය ගුණ වැනුම් අඩුව සපුරන්නට පුජ්‍ය. මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ගත් මේ උත්සාහය අගය කල යුතුවේ. මේ කවි බණ අසන වාරයක් වාරයක් පාසා උන්වහන්සේ බලාපොරොත්තු වන නිර්වාණය ලගා කරගැනීමට පින් බලයක්ම වේවා.

දස බල තෙද හිමි - බුදු ගුණ නමදිමි
බවයෙහි බැදි බැමි - බිදලමි බිදලමි
බවයෙහි බැදි බැමි - බිදලමි බිදලමි
වනපොත් කරවිමි - කලපෙල විමසිමි
සදහම් නමදිමි - බණපද සුරකිමි
සදහම් නමදිමි - බණපද සුරකිමි
කහවත කර හිමි - සගපෙල සමරමි
සගපෙල නමදිමි - පිළිවෙත් අදහමි
සගපෙල නමදිමි - පිළිවෙත් අදහමි
දෙවියන්කැදවමි - කවි බණ පුද දෙමි
සහනය අයදිමි - කවි බණ පවසමි

File Name : Pinbara Thaththa Kavi Bana
File Format : MP3
Bit Rate : 56.0Kbps
File Size : 17.7 MB
Duration : 44 min 01 sec
Download

Thursday, March 6, 2014

රැප් ගීතයට වැඩි යමක්.. සන්සුන් සිත සුවපත්වන්නට

අපි හැමෝම කැමතියිනේ සුමිහිරි හඩින් ගායනා කරන කවි බණ අහන්න. අද වෙනකොට ලංකාවේ නොයෙකුත් අවස්ථාවන් වලදි මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. පන්සල්, දන්සැල් ආදී බෞද්ධ ආගමික කටයුතු මුල් කරගත් අවස්ථාවන් වලදී මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. කාව්‍ය විශාරද, පුජ්‍ය. මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ මේ කවි බණ සදහා ප්‍රසිද්ධියක් උසුලනවා. උන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු වගේම දේශනා කරන්නට යෙදුණු කවි බණ කිහිපයක්ම බෙදා ගන්නයි මේ හදන්නේ. සංගීත් රෙකෝඩ් බාර් විසින් තමයි මේ නිර්මාණ ඔබ වෙත පිදෙන්නේ.

මෙයින් පළමු කවි බණ නම් කරලා තියෙන්නේ "ගෙයින් ගෙට බුදුවරු" යන නමින්. මේ කවි බණින් මව්පිය ගුණ වර්ණනා කරන්නට යෙදෙනවා.
ඇසුවත් කොතෙක් කෙළවර නැත මිහිරි බසින්
මේ ලොව එකම දෙවිවරු අප දු‍ටුව ඇසින්
අමතන විටත් සතුටකි එය කළන රසින්
මව් පිය ගුණ ගයමි කවි බණ කියන ලෙසින්..!
File Name : Geyin Geta Budhuwaru
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 62.71 MB
Duration : 45 min 39 sec
Download

දෙවැනි කවි බණ නම් කරලා තියෙන්නේ "ආත්තම්මයි සීයයි" කියන නමින්.
මව් සෙනෙහස කවියකී
පිය සෙනෙහස මිහිරකී
හිත පුරවණ අහරකී
ලොව් තුරු රස දහරකී ලොව් තුරු රස දහරකී..!
File Name : Aththammayi Seeyayi
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 61.69 MB
Duration : 44 min 55 sec
Download

තෙවැනි කවි බණ නම් කරලා තියෙන්නේ "සීගිරිය" කියන නමින්. සීගිරි කතා පුවත රැගත් අලංකාර කවි පෙළක් ලෙස මෙයත් අහන්න පුළුවන්. සීගිරිය ශ්‍රී ලංන්කාවට පමණක් නොවෙයි ලෝක පුරාවිද්‍යා ඉතිහාසයටම මහත් ආලෝකයක් ලබා දුන් කලා කේතණයක්,කලාගාරයක්,කලාබවණක්,ආලකමංදාවක් සීගිරිය කොයි තරම් සුන්දර උනත් එය ගොඩ නැගීමෙහි පසුබිම්බියෙහි තියෙන්නේ අසුන්දර කතාවක් අපි ඒ කතාව මුල සිට මෙසේ පෙළ ගස්වමු..!
හෙළ ඉතිහාසය ඔපවත් කරවූ
සාහිත නව නළු රසයෙන් පිරවූ
කටු කොහොලින් පිරි අවුල්ද ඇරැවූ
පවසමි වියතුනි ඒ මග සරු වූ..!
File Name : Seegiriya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 60.63 MB
Duration : 44 min 08
Download

මේ හතර වැනි කවිබණ තුලින් කියවෙන්නේ ජය ශ්‍රී මහා බෝධිය ගැනයි.
අජරාමර නිවන් සුවය සසර පුරා සොයන්නෙමී
හදවත සෙල්ලිපියක් කොට තෙරුවන් ගුණ ලියන්නෙමී
බුද්ධාලම්බන බැතියෙන් එම ගුණ හිස තියන්නෙමී
බෝධිවංශ ඉතිහාසය කවි වහරින් කියන්නෙමී..!
File Name : Jayasri Mahaa Bodhin Wahanse
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 67.97 MB
Duration : 49 min 29 sec
Download

ඊළඟ කවි බණින් කියවෙන්නේ වීර මද්දුම බණ්ඩාරනායකගේ සුවිසුතුරු කවි පෙළක්.
ජාතික විරුවන් පිළිබඳ පුවත,ඉතිහාසයේ ඇත නිසි ලෙස පැවත
ඒ පිළිබඳ සිහි කලයුතු නැවත,එය කවදත් අමතක වී නොමැත
පෙන් වු සිංහල දැ අභිමාණේ,දු දරුවන් ගැන පවසනු ඕනේ..!
File Name : Madduma Bandara
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63 MB
Duration : 45 min 52 sec
Download

මීළඟට සඳ කිදුරු දා ජාතක කථාව කවියට නගලා තියෙනවා අලංකාරව.
නගා මුදුනක් වදිම් සිරිපා මගේ තථාගත බුදු පියේ
අමා ගගුලේ සිහිල තවමත් මගේ හදවත තුල තියේ
උතුම් තෙරලා දහම නමදිමි බැති බරින් ඔකාදව ලයේ
නිවා බවදුක සසර එගොඩට යන්න මාවත එහි තියේ..!
File Name : Sanda Kidhuru Jathaka Katha Puwatha
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 74.26 MB
Duration : 54 min 04 sec
Download

දෙවැනි කොටසින් හමුවෙමු.

Related Posts Plugin for WordPress, Blogger...