Friday, May 1, 2015

ඔයාගේ දිවත් දාන්නකෝ

කෝ…… දිව දාන්නකෝ….

ආ………..

images

මේ අද කියන්න යන්නේ දිව ගැන හොයාගත්ත අමුතු විස්තර ටිකක්. බලන්න මේ කියන විස්තර වලට වඩා වෙනසක් ඔයාලගේ දිවේ තියෙනවද කියලා. හිමීට කවුරුත් නැති තැනකට ගිහින් ඔයත් දිව එළියට දාලා බලන්නකෝ.

Picture111. දිගම දිවට හිමි වාර්ථාව අගල් 3.86ක්. දිවේ මුල ඉදලා, අපිට පේන්න එළියට දාන්න පුළුවන් ප්‍රමාණය.

Picture122. වැඩිම පළලකින් තිබුණු දිවේ පළල අගල් 3.1ක්.

3. සාමාන්‍යයෙන් කාන්තාවන්ට තියෙන්නේ දිගෙන් කුඩා දිවක්. වැඩිම දිග දිවක් තිබුණු කාන්තාවට අගල් 2.76ක දිවක් තිබුනලු.

4. ලොව ශක්තිමත්ම දිව තිබිලා තියෙන්නේ Thomas Blackstone කියන කෙනාට. ඒ සදහා ඔහු 24Lbs, ඒ කියන්නේ 10.8KG ඔසවගෙන ඉදලා තියෙනවා.

5. සත්ව ලෝකයේ ලොකුම දිව තියෙන්නේ නිල් තල්මසාට. ප්‍රමාණයෙන් අලියෙක් තරම් ඇති. බර 5400lbs තරම් වෙනවා.

Picture13

6. දිවට රස වර්ග 5ක් හදුනාගන්න පුළුවන්. තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස, පැණි රස සහ කහට රස ඒ රස වර්ග පහ වෙනවා.

7. දිව පිරිසිදු කිරීමෙන් රෝගාබාධ වලින් ආරක්ෂා වෙන්න හැකියාවක් තියෙනවා. හෘදයාබාධ, දියවැඩියාව වගේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

8. විවිධ හැඩ සහ ප්‍රමාණයන් නිසා රසයන් එකෙනෙකාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දිව ඇඟිලි සළකුණ හා සමානයි.

Picture14

9. දිවට අපහසුම වාක්‍ය ලෙස ගිනස් ලෝක වාර්ථාව වෙන්නේ,

“The sixth sick sheikh’s sixth sheep’s sick.”

10. දිවේ රස දැනෙන ස්ථාන 2000ක් විතර තියෙනවලු. ඒ හැම ස්ථානයකම රස දැනෙන සෛල 50ත් 100ත් අතර තියෙනවා. ඒ හැම සෛලයකටම රස වර්ග කිහිපයක් අදුනගන්න පුළුවන්. ඒත් තිත්ත රස සහ පැණි රස එකම සෛලකට එකවර අදුරගන්න හැකියාවක් නෑ.

Source


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. අම්මපා අරකනම් අමාරුම වචනේ තමා

    ReplyDelete
    Replies
    1. “The sixth sick sheikh’s sixth sheep’s sick.”

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...