පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Monday, June 24, 2013

ඔරිගාමි පාඩම 01 - ජපන් තරුණියක් හදමු

Screenshot_2013-06-23-15-59-46අද ඉදන් පටන් ගන්න යන මේ පාඩම් මාලාව ඔයාලා හැමෝටම ආසා හිතෙන පාඩම් මාලාවක් වෙයි කියලා හිතනවා. ලොකු පොඩි හැමෝම එක වගේ ආස කරන නිර්මාණ කලාවක් තමයි ඔරිගාමි කියලා කියන්නේ. අද අපි කතා කරන්නේ ඔරිගාමි වලින් ජපන් තරුණියක් නිර්මාණය කරගන්න ආකාරය ගැනයි. මේ සදහා උපකාරී කරගන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්.

පළමු පියවර විදියට හරි හතරැස් කොළයක් අරගෙන විකර්ණ යා කරමින් දෙකට නමන්න.

Screenshot_2013-06-23-16-00-04

ඊළඟට රූපයේ පේන විදියට කොළය දිග ඇරලා පාට පැත්ත පිටට පේන විදියට තියලා තියාගෙන දෙපසින් ඇතුලට නවන්න ඕන. මෙතැනදි කලින් අපි මැද ලකුණු කරගන්න හේතුව ඔයාලට පැහැදිලි ඇති.

Screenshot_2013-06-23-16-00-16

ඉන්පස්සේ අනිත් පැත්ත හරවලා උඩ කොටස ඉදිරියට නවන්න ඕන.
Screenshot_2013-06-23-16-00-26

එම නැමූ කොටස නැවතත් ඉහලට ඔසවන්න.
Screenshot_2013-06-23-16-00-37

කලින් නවපු කොටස වර්ණවත් පැත්තට නවාගන්න.
Screenshot_2013-06-23-16-00-47

දැන් කතුරක් අරන් රූපයේ පෙනෙන ආකාරයට පොඩි කට්ටා දෙකක් කපාගන්න ඕන.
Screenshot_2013-06-23-16-00-56

දැන් ඒ නැමූ කොටස මදක් ඔසවන්න.
Screenshot_2013-06-23-16-01-11

එසේ ඔසවා රූපයේ විදියට මැදින් පොඩි ප්‍රමාණයක් වනසේ කැපුමක් යොදාගන්න.
Screenshot_2013-06-23-16-01-18

දැන් කරන්න තියෙන්නේ කලින් කට්ටා කපාගත් ස්ථානය කැපුම තුලට යවන එක. ඒ කට්ට දෙක කැපුම තුල හොදින් හිරවෙන්න තියන්න ඕන.

Screenshot_2013-06-23-16-01-28

දැන් ඔයාලට කරන්න තියෙන්නේ අපි හදාගෙන යන නිර්මාණයේ දෙපසින් කපන එක. රූපයේ පේන විදියට කලින් යොදපු මැදින් කල කැපුමට මදක් පහලට වෙනකන් මේ කැපුම දෙපසින් සිදුකරන්න ඕන.

Screenshot_2013-06-23-16-01-47

ඔයාලා දෙපසින් කපාගත් පසුව ඔයාලට පුලුවන් රූපයේ විදියට දෙපැත්තේ තියෙන එක කොටසක් ඉදිරියට නවන්න.

Screenshot_2013-06-23-16-01-56

දැන් ඔයාලට කරන්න තියෙන්නේ දෙවන පියවරේදී නවාගත් ප්‍රමාණයෙන් භාගයක් වෙන විදියට ඉහලින් කොටසක් ඉදිරියට නවාගන්න.

Screenshot_2013-06-23-16-02-10

කලින් පියවරේදී කොටසක් ඉදිරියට නැමුවහම උඩ ඉතිරිවෙන ත්‍රිකෝණාකාර කොටසින් උඩ කොටස නවන්න ඕන.Screenshot_2013-06-23-16-02-36

දෙපැත්තෙන් ඉතුරු වෙලා තියෙන කොටසින් පහල ඇති උල් කොටස් දෙක මදක් ඇතුලට නවාගන්න.

Screenshot_2013-06-23-16-03-03

දැන් ඒ කොටසත් පෙර නවපු කොටස මතට වැටෙන විදියට නවාගන්න.
Screenshot_2013-06-23-16-03-09

අන්තිමට පහල කොටස පසුපසට නවාගන්න. ඒ කොටස තමයි හිටවන්න ආධාරක විදියට ගන්නේ.
Screenshot_2013-06-23-16-03-19

අවසාන නිර්මාණය පහතින් පෙනෙන ආකාරයට තියේවි.

Screenshot_2013-06-23-16-03-30

Saturday, June 15, 2013

දැනගෙන තෙල් ගහල ගොඩ යමුද?

car

1. Full Tank ගහන එක හොදයිද?

හැමෝම දැකලා ඇති ඉන්ධනහල් වලට ගියාම සමහරු වාහනේ හොලව හොලව කට උතුරන්න පෙට්‍රල් ගහනවා..

අපි හැමෝම දන්න දෙයක් දමයි පෙට්‍රල් ඉතා ඉක්මනින් වාෂ්ප වෙනවා කියන එක. ඉතිං ඕනම ද්‍රව්‍යයක් වාෂ්ප බවට පත්වෙනකොට එහි පරිමාව වැඩි වෙනවා.

පරිමාව වැඩි වෙනකොට ටැංකිය තුල පීඩනය වැඩි වෙනවා . අධික උෂ්ණ දේශගුනික තත්ව වලදී ආරක්ෂාකාරී තත්වයක් නෙමෙයි මේ. මේක ඉතිං හැමෝම දන්න දෙයක්නෙ..

මීට අමතරවව Full Tank පෙට්‍රල් ගැසීමේ අවාසි තමයි මේ...

පෙට්‍රල් ගහනවිට උපරිම මට්ටමට පැමිනීමෙන් පසු ස්වංක්‍රීයව නවතින ක්‍රමයක් තියන බව අපි හැමෝම දන්නවා.

මෙතනදී වැඩිපුර පැමිණි පෙට්‍රල් ප්‍රමාණයට නැවත හරවා යවන නලය ඔස්සෙ නැවත භූගත ඉන්ධන ගබඩාවට යනවා. නමුත් මතක තබාගන්න මේ ඉන්ධන දැනටමත් ප්‍රධාන මීටරය හරහා ගොස් අවසන්ය..

එනම් ඔබ මේ ඉන්ධන සදහා මුදල් ගෙවා ඇත. ඇත්තටම ඔබ නොදැනුවත්වම ඉන්ධනහල් හිමිකරුට ඉන්ධන වලින්ම ආධාර කර ඇත.

car

Sunday, June 9, 2013

වැඩිහිටියන්ගේ ෆිල්ම් වලින් අපිට කියන්න හදන්නේ මොනවද?

මම ෆිල්ම් බලලා ඉගෙන ගත්තු දේවල්.........

  • යම්කිසි අවධානම් සිද්දියකින් මිනිහෙක් බේරුනොත්, ඒ සිද්දියෙදි ලස්සන කෙල්ලෙකුත් බේරුනොත්, ඒ කෙල්ලව ඒ මිනිහා පලවෙනි පාරට දැක්කෙත් එදාම උනත් කෙල්ලගෙන් මිනිහට අනිවාර්යයෙන් කිස් එකක් හම්බවෙනව.
  • චීන්නුන්ට තියෙන එකම වැඩේ කාටහරි කුංෆු උගන්නන එක හරි practice කරවන එක හරි විතරයි.
  • ඇමරිකාවේ ජනගහනයෙන් 50%ක් විතර FBI/CIA agentsල එහෙම නැත්නම් undercover ඒවගේ වැඩකරන අය.
  • අමෙරිකානු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණ බාස්කට්බෝල් promote කිරීමයි.

Saturday, June 8, 2013

පුළුවන් හපනෙක් Cricket වලින් ප්‍රහේළිකා පුරවන්න එන්න

කාටද පුළුවන් මේ ප්‍රහේළිකාව පුරවන්න? මේ ප්‍රහේළිකාව පුරවන්න ඕන ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වචන වලින්. ඔයාලා මේ වෙනකොට ඇති තරම් ප්‍රහේළිකා පුරවලා ඇති. ඒත් මේ වෙනකන් මේ වගේ ප්‍රහේළිකාවක් පුරවලා නැතුව ඇති. ඒත් උත්සාහ කළොත් බැරිවෙන එකක් නෑ.

You now have the option of choosing between a cryptic and an easy set of clues for the same grid. Comments are welcome, but please try not to spoil things for others by spelling out the answers.

Friday, June 7, 2013

ජීවිත දහස් ගණනක් වෙනස් කල හැකි පින්තූරයක්

මේ පින්තූරය මට ලැබුනේ අන්තර්ජාලයෙන්ම තමයි. ඒත් ඒ පින්තූරයේ තිබුන විශේෂත්වය නිසා මම මේ පින්තූරය බ්ලොග් එකේ පළකරන්න හිතුනා. මේ පින්තූරයෙන් කියවෙන්නේ අපි හැසිරෙන ආකාරය සහ එසේ හැසිරීමට හේතුවන කරුණු. අප අනුකරණය කරන්න පටන්ගන්නේ කුඩා කාළයේ පටන්. ඉතින් කුඩා කාළයේ අපගේ අත්දැකීම් තමයි අපගේ ජීවන ගමන වෙනස් කරන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ. අප කුඩා කාළයේ ලබන අත්දැකීම් අනුව ජීවන ගමන වෙනස්වන ආකාරය ගැන කියවෙන මේ පින්තූරය ඔයාලත් බලන්න. පුළුවන් නම් අනිත් අයටත් කියන්න ශෙයාර් කරන්න.

“සාමකාමී පරිසරයක්                           
                 තනයි යහපත් හෙටක්….”

ජීවිත දහස් ගණනක් වෙනස් කල හැකි පින්තූරයක්

පුළුල්ව හෙට දින දුටු නොහදුනන කළාකරුවාට තුති.

Tuesday, June 4, 2013

බන්ධනාගාර වෙසක් කළාපය - 2013 (මාතර) චායාරූප එකතුව (2 කොටස)

මේ තියෙන්නේ මෙවර මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ තිබුන බන්ධනාගාර වෙසක් කළාපයේ චායාරූප එකතුවක්

P1080701

Monday, June 3, 2013

බන්ධනාගාර වෙසක් කළාපය - 2013 (මාතර) චායාරූප එකතුව (1 කොටස)

මේ තියෙන්නේ මෙවර මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ තිබුන බන්ධනාගාර වෙසක් කළාපයේ චායාරූප එකතුවක්

P1080677

Sunday, June 2, 2013

මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි

Wedding-couple

  • අද අත පෙන්ශන් යනවලු.
  • අතට නිදහසක්… හිතට මහබරක්..
  • අතට නිවාඩු!
  • හස්ත කර්මාන්ත පාඩු ලබයි!
  • අතට නිදහස
  • ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
  • අද ඉදන් අතට නිවාඩු..
  • A big issue into a small tissue…
  • Broken rubber making trouble...

Related Posts Plugin for WordPress, Blogger...