ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරනවා. අද කතා කරන්නේ
“Blind fold knot”
ක්‍රමය ගැනයි. විදිමත් උත්සව අවස්තාවන්ට ගැලපෙන ක්‍රමයක් විදියට මේ ටයි ගැට ක්‍රමය හදුන්වන්න පුලුවන්. අපි ලඟ තියෙන ටයි එක වැඩිය පළල් නැති වෙන්න ඕන මේ ටයි ගැටය ගහන්න නම්. මේ පහලින් තියෙන්නේ ටයි ගැටයේ අවසන් පෙනුම, දැන් අපි බලමු කොහොමද මේ ටයි ගැටය ගහන්නේ කියලා, පියවරෙන් පියවර රූප සටහන් බලන්නකෝ.




