පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Saturday, April 5, 2014

පොළොන්නරුවේ සංචාරය - පස්වැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 5)

492

මෙම කොටසින් ඇතුළු නුවර ඉතිරි කොටස ගැන තොරතුරු බලමු. ඇතුළු නුවර,

  • නිශ්ශංකමල්ල රාජ සභාව
  • නිශ්ශංකමල්ල රාජ මාළිගය
  • මහමේරුව
  • නිශ්ශංකමල්ල නාන පොකුණ
  • වසන්ත මාළිගය
  • පැරකුම්බා රාජ මාළිගාව
  • පැරකුම්බා රාජ සභාව
  • කුමාර පොකුණ

යන ස්ථානයන්ගෙන් සමන්විත වෙනවා. මින් මුලින් ඇති ස්ථාන 5 ගැන කලින් කතා කරා. දැන් ඉතිරි කොටස පහතින්…

488489

11. පැරකුම්බා රාජ මාලිගය හෙවත් විජයොත් පාය

අඩි 150ක් දිගින් හා පළලින් යුතු සම හතරැස් බිමක ඉදි කරන ලද මෙම මාලිගාව මල් ලිය කමින් වගේම රිදී, මුතු, ඇත් දළ ආදියෙන් අලංකාර කර තිබීඅ ඇත. මාලිගාව තට්ටු හතකින් සමන්විතව තිබී ඇත. භූ ගත නල මගින් ජලය සපයා ගන්න ලද අතර කාලිංග මාඝ විසින් මෙය විනාශයට පත් කරන ලදී.

496503504505494495

12. පැරකුම්බා රාජ සභාව

දිගින් අඩි 75ක් හා පළලින් අඩි 33ක් වූ පැරකුම් රාජ සභාව තුන් තලයකින් සමන්විතයි.පළමුවැන්නේ ඇත් පන්තියකි. දෙවැන්නේ සිංහ රූ පෙළකි. තුන්වැන්න ඝන රූ පෙළකි. ගල් කණු 12 බැගින් ගල් කණු පේළි හතරකින් සමන්විත වේ. ඒ සියල්ල මල් ලිය කමින් අලංකාරවත් කර ඇත.

535523524527528532

13. කුමාර පොකුණ

රාජකීයයන් ස්නානය කළ කුමාර පොකුණ පිහිටියේ නගර ප්‍රාකාරයෙන් පිටත නන්දන උයන තුළය. අඩි 44ක් දිගින් හා අඩි 38ක් පළලින් යුතු තුන් තලයකින් සමන්විත අලංකාර පොකුණකි. රාජකීයයන් ඇදුම් මාරු කල ස්ථානය පසෙකින් වේ.

552541542543545549

ඇතුළු නුවරින් පසුව පිට නුවර ස්ථානයන් පිළිබදව කරුණු බලමු. ස්ථාන 30කට අධික ප්‍රමාණයක් මෙයට අයත් වෙනවා.

14. ශිව දේවාලය - අංක 01

පාණ්ඩ්‍ය ගෘහ නිර්මාණ ශිල්පය අනුව සොළීන් විසින් ඉදිකරන ලද අලංකාර ශිව දේවාලයකි. කළු ගල් කුට්ටි සියුම් ලෙස කපා එකිනෙක මත තැබීමෙන් නිර්මාණය සිදුකර ඇත. ශිව ලිංගය හා යෝනි ගල ගර්භ ගෘහයේ තැන්පත් කර ඇත.

555559560563567573

Thursday, April 3, 2014

පොළොන්නරුවේ සංචාරය - සිව්වැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 4)

9. පොළොන්නරුව පරාක්‍රමබාහු සමුද්‍රය

පරාක්‍රම සමුද්‍රය එක් වැවක් නොවේ. වාරි සංකීර්ණයකි. එම සංකීර්ණයට ලොකු කුඩා වැව් පහක් ඇතුළත් වේ. එම වැව් වනුයේ,

  • තෝපා වැව
  • එරමුදු වැව
  • දුඹුතුළු වැව
  • කලහගල වැව
  • භූ වැව

422415416418485

10. පොළොන්නරුවේ නවාතැන්පොළවල්

මේ පහතින් තියෙන සියලු නවාතැන්පළ සමුද්‍රය ආසන්නයේම පිහිටා තියෙනවා.

481477478479480

Tuesday, April 1, 2014

පොළොන්නරුවේ සංචාරය - තෙවන දිගහැරුම (Trip to Polonnaruwa - Part 3)

3. පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය

ආළාහණ පරිවෙන ව්‍යපෘතිය මගින් ගවේෂණ හා කැණීම්වලින් රැස් කරන ලද කෞතුක වස්තූන් මෙහි තැන්පත් කර ඇත. 1998 ඔක්තෝම්බර් 30 වන දින සිට ක්‍රියාත්මකවේ. පොළොන්නරුව පැරැණි නගරය පිළිබඳව අවබෝධයක් ලබාදීමේ පරමාර්ථයෙන් පොළොන්නරුව අවධිය පිළිබඳව පර්යේෂණාත්මක, විස්තෘත දැනුමක්, නවීන තාක්ෂණික දැනුම උපරිම අයුරින් උපයෝගී කරගෙන ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශන කුටි සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා විස්තර පුවරු යොදාගෙන සකස් කර ඇත.

ප්‍රදර්ශන ඒකක 07ක් ඔස්සේ කෞතුකාගාරය සැලසුම් කර තිබේ.

  1. ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, දේශන ශාලාව
  2. පුරාණ නගර සැළසුම හා ඉතිහාස පසුබිම
  3. ඇතුළු නුවර
  4. පිටත නුවර
  5. ආරාමික ප්‍රදේශය
  6. ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ වෙනත් ආරාම
  7. හින්දු ආගමික ස්මාරක

පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පරාක්‍රම සමුද්‍රය ඇල සමීපයේ තානායමට නුදුරිනි.

කලින් දැනුම් දීමෙන් මාර්ගෝපදේශ සේවාවන් ලබාගත හැක. ඇතුල්වීමට රු.150ක ප්‍රවේශපත්‍රයක් ගතයුතු වෙනවා. ඒත් විදේශිකයන් සදහා ඒ මුදල රු.3250ක් වෙනවා.

පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය
ආළාහණ පරිවෙන ව්‍යපෘතිය,
පොළොන්නරුව.
දුරකථන: 027 2224850
ෆැක්ස්: 027 2222121

476475

4. දීප උයන, නිශ්ශංකමල්ල රාජ සභාව

දීප උයනේ පිහිටි නිශ්ශංකමල්ල රජතුමා ඉදිකල ගොඩනැගිලි අතර සුවිශේෂ වනුයේ රජුගේ රාජ සභාවයි. එහි සුවිශේෂ වටිනාකම වනුයේ රාජ්‍ය නිලධාරීන් ඒ තුළ අසුන් ගන්නා අනු පිළිවෙළ ගල් කණු පාමුල සටහන් කර ඇති හෙයිනි. ගොඩනැගිල්ලේ ඇතුළු කෙළවර පිහිටි සිංහරුව රජු වැඩ සිටී වීර සිංහාසනය බව සදහන්‍ වේ. රාජ සභාව තුන් තලයකින් යුතුය. පිටත බිත්ති සිංහ හා ඇත් රූප වලින් අලංකාර කර ඇත. වේදිකාව මත ගල්කණු පේලි 4කි. ගල් කණු 12කින් එක පේලියක් සමන්විත වේ. දිගින් අඩි 133ක් සහ පළලින් අඩි 63ක් වේ.

435449450451452453454455457458459460440

5. ධවලාඝරය

නිශ්ශංකමල්ල රජුගේ සභා ශාලාව අසල පිහිටි මේ ගොඩනැගිල්ල මෙතෙක් නිශ්චිතවම හදුනාගෙන නොමැත. ඇතැම් විට මෙය මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකල ධවලාඝරය විය හැකිය. පිටත බිත්තිවල සුදු හුණු කපරාරු කර ඇත. මෙය මහා මේරුව තැන්පත් කිරීම සදහා කළ විශ්ව කෝෂයක් බවටත්, යම් රාජකීයකුගේ සුසානයක් බවටත් අදහස් ඉදිරිපත් වී තිබේ.

436437438439

6. නිශ්ශංකමල්ල මාලිගය

රාජ සභාවට දකුණින් නිශ්ශංකමල්ල රජතුමා ඉදිකළ මාලිගාව හමුවේ. විශාල ශාලාවකින් හා එක් කාමරයකින් යුක්තය. දෙමහල් පායක් විය හැක. ඉහල මාලයට පිවිසීමට කරන ලද පියගැටවෙල පසෙකින් වේ.

469463464465466467468

7. වසන්ත මාලිගාව

රාජ සභාවට යාව සමුද්‍රය තුළ පිහිටි ගොඩනැගිල්ල රජුගේ වසන්ත මාලිගය ලෙස සැලකේ. ඒ තුළ ඉද ගැනීමට කල ස්ථානයකි.

P1140047

8. නිශ්ශංකමල්ල නාන පොකුණ

නිශ්ශංකමල්ල රජුගේ නාන පොකුණ ප්‍රධාන සොරොව්ව ආසන්නයේ පිහිටා ඇත. භූගත නල භාවිතා කර සමුද්‍රයේ සිට ජලය ගෙන ඇත. රාජකීයයන් ඇදුම් මාරු කල ස්ථානයද ඒ අසල වේ.

430431432433434

Related Posts Plugin for WordPress, Blogger...