පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Tuesday, April 7, 2015

Subtitle හොයන වෙලාව ඉතුරු කරගන්න Easy Subtitles

මේ Software එකෙන් අපිට පුළුවන් වෙනවා ෆිල්ම් එකකට Subtitle ලේසියෙන්ම හොයාගන්න. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්.

Step 1: අපිට Subtitle ඕන Film එක Select කරගන්න ඕන. “Choose File” කියන Button එක උඩ Click කරලා Browse කරලා Select කරන්න.

image

Step 2: අපිට Subtitle ඕන Language එක Select කරන්න.

image

Step 3: “Search Subtitle” උඩ Click කරන්න.

image

Step 4: ගොඩක් වෙලාවට උඩින්ම එන්නේ හරියටම හරියන Subtitle file එක. Double Click කරලා Download කරගන්න පුලුවන්.

image

Download File

Password for rar: lessonforfree.blogspot.com

නුවරඑළිය දිස්ත්‍රික්කය - Trip to Nuwara Eliya District

මධ්‍යම පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයන් තුනෙන් එකක් තමයි නුවරඑළිය දිස්ත්‍රික්කය.

වර්ග කිලෝමීටර් 1741ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්දීය දෙමළ ප්‍රධාන ජන වර්ගය වේ. හින්දු ආගම ප්‍රධාන ආගම වන අතර දෙමළ හා සිංහල ප්‍රධාන භාෂාව වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස 491ක එකතුවකින් සැදුම් ලද්දකි. 2001 වර්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයයේ සමස්ථ ජනගහනය 703,610 වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

1. හග්ගල මල්වත්ත

2. ග්‍රෙගරි වැව

3. වික්ටෝරියා මල්වත්ත

4. Galway’s Land Bird Sanctuary

5. ගෝල්ෆ් ක්‍රීඩාංගණය

6. හෝර්ටන්තැන්න

7. ලබුකැලේ තේ වත්ත

8. ශ්‍රීපාදය

9. පිදුරුතලාගල කන්ද

10. ඩෙවෝන් ඇල්ල

11. සෙන්ට්ක්ලෙයාස් ඇල්ල

12. ඇබර්ඩීන් ඇල්ල

13. ලවර්ස් ලීප් ඇල්ල

14. ලෝකාන්තය

බදුල්ල දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Badulla District

ඌව පළාතට අයත් දිස්ත්‍රික්කයන් දෙකෙන් එකක් වන බදුල්ල දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 2861ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇත. තවත් දිස්ත්‍රික්කයන් හයකට මැදිව බදුල්ල පිහිටා ඇත. මොණරාගල, රත්නපුර, අම්පාර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ එම දිස්ත්‍රික්කයන් වේ.

837000 ක ජනගහනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ජීවත්වන අතර ගොවිතැන සහ සත්ව පාලනය ප්‍රධාන ආර්ථික කටයුතු වේ. බුද්ධාගම ප්‍රධාන ආගම වන අතර සිංහල හා දෙමළ ප්‍රධාන භාෂාව වේ.

බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 9ක එකතුවකින් සැදුම් ලද්දකි. බදුල්ල දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

1. මහියංගනය රජමහා විහාරය

2. මුතියංගනය රජමහා විහාරය

3. දියතලාව යුධහමුදා පුහුණු කඳවුර

4. නමුණුකුළ කදු පන්තිය

5. ලිප්ටන් වතුයාය

6. දෙමෝදර ආරුක්කු පාලම

7. දුන්හිඳ දිය ඇල්ල

8. ඹබරකන්ද දිය ඇල්ල

9. දියලුම දිය ඇල්ල

10. රාවනා ඇල්ල

11. බෝගොඩ පාලම

12. දඹාන වැදිගම්මානය

13. දෝව රජ මහා විහාරය

14. දෙමෝදර දුම්රිය ස්ථානය

15. ඇඩිෂම් බංගලාව

Related Posts Plugin for WordPress, Blogger...