පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Tuesday, August 18, 2015

නුවරඑළියේ සංචාරය - පළමු දිගහැරුම (Trip to Nuwara Eliya District - Part I)

1. හෝර්ටන්තැන්න

හෝර්ටන්තැන්න හෙක්‌ටයාර් 3169 ක රමණීය භූමියකි. මෙය නිවර්තන කලාපීය සදාහරිත වර්ෂා කඳුකර වනාන්තර ලක්‍ෂණවලින් හෙබි වනයකි. වසරේ වැඩි කාලයක්‌ ඝන මීදුම, දැඩි සුළඟ මෙන්ම නිරිත සහ ඊසාන වර්ෂාපතනයන්ගෙන් ලැබෙන වර්ෂාව පමණක්‌ නොව උස්‌ බිමක පිහිටීම නිසා අධික හිරු රැස්‌ ලැබීම නිසා මෙම වනයට වළාකුළු වනාන්තර යන අන්වර්ථ නාමයද පටබැඳී ඇත.

හෝර්ටන්තැන්න වළාකුළු වනාන්තර ලෝකයේ ඉපැරැණි වන භූමිවලින් පැවත එන්නකි. වසර මිලියන ගණනාවකට පෙර ලංකාව අයත් භූමිය ඇන්ටාක්‌ටිකාව හා බැඳී තිබිණි. මහාද්වීපික තලවල පාවීම නිසා මේ බිම් කඩ සමකයෙන් උතුරට ගමන්කර ඇත. එහෙත් එය ආසියාව සමග ගැටුනේ නැත. ශීත කලාපයෙන් රැගෙන ආ දේශගුණය මෙම කඳු මුඳුන්වල මෙතෙක්‌ නොනැසී පවතින්නේ එබැවිනි. වළාකුළු වනාන්තර වැසි ජලය සුරක්‍ෂිත කිරීමටත් වර්ෂාව නිර්මාණය කිරීමටත් දායක වේ. දිවා කල ඉහළ යන ජලවාෂ්ප සහිත උණුසුම් වාතය කඳුකර වනාන්තරවලදී ඝනී භවනය වී වළාකුළු නිර්මාණය කරයි. මේ වළාකුළු ක්‍රමයෙන් විශාලවී සැන්දැවට වැසි ඇතිරයි.

එදා හෝර්ටන්තැන්නේ වූ වළාකුළු වනාන්තරයේ හා තණ බිම්වල අලි ඇතුන් ගැවසී ඇති බව 1800 ගණන්වල ලියෑවී ඇති පොත් පත්වල සඳහන්ය. එහෙත් යටත් විජිත යුගයේදී මේ අලි ඇතුන් දඩයම් කරුවන්ගේ ගොදුරු බවට පත්විය. බ්‍රිතාන්‍ය නිලධාරියකු වූ මේජර් තෝමස්‌ රොජර් ෆා නමැත්තා එකල අලි ඇතුන් 1400 කට වැඩි ප්‍රමාණයක්‌ දඩයම් කළ බව පැවැසේ. මෙම නිලධාරියා මියගියේ අකුණු සර වැදීමෙනි. ඔහුගේ සිරුර භූමදානය කර ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටිය පිටුපස ඇති සුසාන භූමියේය. මේජර් රොර්ජස්‌ගේ සොහොන් කොතද කිහිපවරක්‌ම අකුණු සරට ලක්‌ව තිබේ.

ගල් යුගයේදී ද හෝර්ටන්තැන්නේ මිනිසුන් ජීවත්ව ඇති බවට පුරා විද්‍යාඥයෝ විශ්වාස කරති. යටත්විජිත යුගයට පෙර සිංහල රජවරුද හෝර්ටන්තැන්නේ විසූ වන ජීවීන්ගේ හා වනයේ ආරක්‍ෂාව තහවුරු කළ බවද පැවැසේ. පුරා වෘත්තවලට අනුව රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන දඬු මොනරයෙන් ගොඩබට ස්‌ථානයද හෝර්ටන්තැන්නේ තොටුපල උද්‍යානය අශ්‍රිතව ස්‌ථාපිතව තිබූ බව කියෑවේ.

කෙසේ වෙතත් අද හෝර්ටන්තැන්න අඳුරේ ගොදුරු සොයා යන උරලෑවන්ට, හිමිදිරියේ තැන්නේ සුන්දරත්වයට ජීවය ගෙන දෙන රතුවන් දුඹුරු ගෝනුන්ගේ රාත්‍රි කාලයේ සුදෝ සුදු පුළුන් කුට්‌ටියක්‌ මෙන් දුව පැන යන හාවුන්ගේ, පඳුරු අතරින් පෙනෙන, නොපෙනෙන වැලි මුවන්ගේ, දිවියන්ගේ ගොදුරු බවට පත්වන වළස්‌ වඳුරන් හා දඬු ලේනුන්ගේ නිවහන බවට පත්ව ඇත.

මේ සත්ව ප්‍රජාවට අමතරව හෝර්ටන්තැන්නේ සංචාරය කරන්නන්ට නිරීක්‍ෂණය කළ හැකි වටිනා ශාක ප්‍රජාවන්ද ඇත. කීන, වනසපු, වෙනිවැල්, අලිකන්, වල් තුරුණු, වැලිදඹ, මහරත්මල්, කුරු උණ වන්නාතරයේ ප්‍රධාන ශාකය. හෝර්ටන්තැන්න වන බිමකින් මෙන්ම තැනිතලා සහ කඳු බෑවුම් ආශ්‍රිත තෘණ භූමියකින්ද යුක්‌තය. මේ තෘණ භූමියේ මහතුත්තිරි, ගවරමාන, ගොටුකොළ, බටර්කප්, මහසුදන, කුඩා සුදන, වයිල්ඩ් එවලාස්‌ටින්, වල් ස්‌ට්‍රොaබෙරි, බෝවිටියා, සුදු බිනර, නිල් බිනර මෙන්ම ඉංගී්‍රසීන් 1950 ගණන්වලදී හඳුන්වා දුන් කාපට්‌ ග්‍රාස්‌ නමැති තෘණ වලින්ද යුක්‌තය. හෝර්ටන්තැන්න පුරා සංචාරය කළ අපට මඟ පෙන්වූ වනජීවී නියාමක සුරංග ජයසේකර මෙම ශාක සහ සත්ව ප්‍රජාවන් හඳුනා ගැනීමට අපට විශාල සහායක්‌ දැක්‌වූවේ දැඩි හිතවත් කමකිනි.

ලංකාවේ ප්‍රධාන ගංගාවක්‌ වන මහවැලි, ගංගාවේ මූලාරම්භයද හෝටර්ටන්තැන්නෙන් සිදුවේ. මහවැලි ගඟේ අතු ගංගාවක්‌ වන උමා ඔයේ මූලාරම්භය සිදුවන්නේද තොටුපල කන්දේ නැගෙනහිර බෑවුමෙනි.හෝර්ටන්තැන්නේ දක්‌නට ලැබෙන පක්‍ෂි විශේෂ එකොළහකි. අරංගයා, කැහි බෙල්ලා, මයිල ගොයා, වළිකුකුළා ඒ අතර දැකිය හැකි පක්‍ෂීන්ය. කඟමුව අං කටුස්‌සා, තුරු බෝදිලියා නිතර දැකිය හැකි උරග විශේෂය.

හෝර්ටන්තැන්නට පිවිසෙන බොහෝ දෙනෙකුගේ සිත් ගෙන තිබෙන්නේ කුඩා ලෝකාන්තය සහ මහා ලෝකාන්තයය. ඊට අමතරව බේකර්ස්‌ ඇල්ල හෝර්ටන්තැන්නේ සංචාරකයන්ට චමත්කාර හැඟීම් උපදවන මනරම් දසුනකි.
හෝර්ටන්තැන්නට පැමිණෙන සංචාරකයන්ට ලෝකාන්තය, කුඩා ලෝකාන්තය, බේකර්ස්‌ ඇල්ලට අමතරව චිමිණි පොකුණ, තොටුපල කන්ද, කිරිගල් පොත්ත සහ බෙලිහුල් ඔයද නිරීක්‍ෂණය කළ හැක. හෝර්ටන්තැන්නේ සංචාරක නිවාස දෙකකි. සංචාරක නිවාසවලට අමතරව ආපන ශාලා, තොරතුරු මධ්‍යස්‌ථාන, වාහන අංගයනයන්ද තිබේ. කෙසේ වෙතත් හෝර්ටන්තැන්නට පිවිසෙන ප්‍රධාන මාර්ගය නම් නිසි ලෙස නඩත්තු වී නැති බවද පැහැදිලිවේ. නුවරඑළිය සිට පැමිණෙන මාර්ගය ඉතාමත් අබලන්ව තිබීම නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ වනෝද්‍යානයට නොපැමිණ අතරමඟදී නැවත හැරී යන බවටද තොරතුරු හෙළිවිය. පවතින විදුලි බලය ප්‍රමාණවත් නොවීම නිසා කුඩා ජල විදුලි බලාගාර තැනීම කෙරෙහිද අවධානය යොමුව තිබේ. වැසිකිළි, විවේක ස්‌ථාන, සැමරුම් අලෙවි සල්, නිරීක්‍ෂණ ස්‌ථාන මෙන්ම පුස්‌තකාල පහසුකම්ද, පැය 24 පුරාම සේවයට කැපව සිටින වනජීවී ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තෘප්තිමත් විය හැකි සේවා පහසුකම්ද සැපයීම කෙරෙහි අවධානය යොමුවිය යුතුමය. (
More>>)

හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (1)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (5)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (3)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (2)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (4)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (6)හෝර්ටන්තැන්න - lessonforfree.blogspot.com - Ruwan Dileepa (7)

Thursday, July 9, 2015

අමුතු අදහස්

අද කාලෙට ගැලපෙන විධියේ අමුතු අදහස් ටිකක්. බලන්න මේ අදහස් කොච්චර ගැලපෙනවද කියල අද සමාජයට. මේ හැම අදහසක්ම කියන්නේ අද සමාජය කොච්චර කාර්‍යය බහුලද කියන එකයි. මිනිසා කාර්‍යය බහුල වෙන තරමට වැඩ පහසු කරගන්න විවිධ නිෂ්පාදනයන් කරනවා.

මේ ඒ වගේ අදහස් ටිකක්.

lessonforfree (1)lessonforfree (2)lessonforfree (3)lessonforfree (8)lessonforfree (5)lessonforfree (6)lessonforfree (9)lessonforfree (10)lessonforfree (4)lessonforfree (7)

Wednesday, July 1, 2015

QuickBooks සිංහලෙන් - Part III (Create New Company - Part II)

කලින් දවසේ අපි අපේ Company Details ඇතුළත් කරලා QuickBooks මූලික අඩිතාලම දැම්මා. මෙතනින් ඉස්සරහට තියෙන්නේ දෛනික ගිණුම් කටයුතු වාර්ථා කිරීම. ඒකට ගිණුම්කරණ දැනුමත් අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ කියන දේ වඩාත් පැහැදිලි වෙන්නේ.

Company Details ඇතුලත් කරලා අවසානයේ අපි නතර වුනේ QuickBooks ප්‍රධාන මුහුණතේ.

image

මේ මුහුණතේ අපේ වැඩ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. නිතරම අවශ්‍යවෙන සියලුම අංග මේ මුහුණතට එක් කරලා තියෙනවා. ඇස්තුමේන්තුවක් දීමේ ඉදලා පාරිභෝගිකයාට භාණ්ඩය භාරදීලා මුදල් ලබාගැනීම දක්වා හැම දෙයක්ම මේ මුහුණතේ පෙන්නුම් කරනවා.

මුලින්ම අපි බලමු අපි එකතු කරපු Company Details වෙනස් කරන ආකාරය. ඒක නිතරම අවශ්‍ය වෙන දෙයක් නොවෙන නිසා Company Details වෙනස් කරන්න Menu Bar එක භාවිතා කරන්න වෙනවා. QuickBooks Menu Bar එක ඉහලින් තියෙන්නේ. ඒ තුළ File, Edit, View, Lits, etc.. ආදී ලෙස කොටස් බෙදා දක්වලා තියෙන්නේ. මෙහි Company > Company Information වලට ගිහින් අපි ඇතුළත් කරපු තොරතුරු බලන්න පුළුවන්.

image

image

මෙතැනදි අපිට අපි ඇතුලත් කරපු විස්තර වෙනස් කරන්න ඉඩ දෙනවා. අපිට ඕන  Phone Number එක වෙනස් කරන්න නම් Phone Number එක වෙනස් කරලා OK ක්ලික් කරන්න.

image

දැන් බලමු අපිට Password එකක් දාගන්න ඕන නම් ඒක කරන්නේ කොතනින්ද කියලා. ඒකට Company > Set Up Users and Passwords > Change Your Password වෙත යන්න ඕන. කලින් Password එකක් දීලා නැති නිසා New Password එක Enter කරන්න තියෙන්නේ. කලින් Password එකක් දීලා තිබිලා ඒක මාරු කරනව නම් ඒකට පරණ Password එකත් අවශ්‍ය වෙනවා. Password Reset Question එකකුත් අපිටම දාගන්න පුළුවන්. දීලා තියෙන List එකෙන් Question එක තෝරගෙන ඒකට Answer කරන්න තියෙන්නේ. Password එක අමතක වුනොත් මේ Answer එක ඕන වෙනවා Password Reset කරන්න.

image

image

image

මෙතෙන්දි අපිට පුළුවන් තවත් දෙයක් කරන්න. ඒ තමයි අපිට පුළුවන් තවත් Users ලා Add කරන්න. ඒකට Company > Set Up Users and Passwords > Setup Users වෙත යන්න ඕන. Admin ට විතරයි මේ හැකියාව තියෙන්නේ. Users ලා Add කරන්න හෝ Remove කරන්න Admin විධියට Log වෙලා ඉන්න ඕන.

image

image

image

Related Posts Plugin for WordPress, Blogger...