පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Tuesday, April 7, 2015

නුවරඑළිය දිස්ත්‍රික්කය - Trip to Nuwara Eliya District

මධ්‍යම පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයන් තුනෙන් එකක් තමයි නුවරඑළිය දිස්ත්‍රික්කය.

වර්ග කිලෝමීටර් 1741ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්දීය දෙමළ ප්‍රධාන ජන වර්ගය වේ. හින්දු ආගම ප්‍රධාන ආගම වන අතර දෙමළ හා සිංහල ප්‍රධාන භාෂාව වේ. නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස 491ක එකතුවකින් සැදුම් ලද්දකි. 2001 වර්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයයේ සමස්ථ ජනගහනය 703,610 වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

1. හග්ගල මල්වත්ත

2. ග්‍රෙගරි වැව

3. වික්ටෝරියා මල්වත්ත

4. Galway’s Land Bird Sanctuary

5. ගෝල්ෆ් ක්‍රීඩාංගණය

6. හෝර්ටන්තැන්න

7. ලබුකැලේ තේ වත්ත

8. ශ්‍රීපාදය

9. පිදුරුතලාගල කන්ද

10. ඩෙවෝන් ඇල්ල

11. සෙන්ට්ක්ලෙයාස් ඇල්ල

12. ඇබර්ඩීන් ඇල්ල

13. ලවර්ස් ලීප් ඇල්ල

14. ලෝකාන්තය

බදුල්ල දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Badulla District

ඌව පළාතට අයත් දිස්ත්‍රික්කයන් දෙකෙන් එකක් වන බදුල්ල දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර් 2861ක බිම් ප්‍රමාණයක පුරා පිහිටා ඇත. තවත් දිස්ත්‍රික්කයන් හයකට මැදිව බදුල්ල පිහිටා ඇත. මොණරාගල, රත්නපුර, අම්පාර, මහනුවර, නුවරඑළිය සහ මාතලේ එම දිස්ත්‍රික්කයන් වේ.

837000 ක ජනගහනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ජීවත්වන අතර ගොවිතැන සහ සත්ව පාලනය ප්‍රධාන ආර්ථික කටයුතු වේ. බුද්ධාගම ප්‍රධාන ආගම වන අතර සිංහල හා දෙමළ ප්‍රධාන භාෂාව වේ.

බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 9ක එකතුවකින් සැදුම් ලද්දකි. බදුල්ල දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.

1. මහියංගනය රජමහා විහාරය

2. මුතියංගනය රජමහා විහාරය

3. දියතලාව යුධහමුදා පුහුණු කඳවුර

4. නමුණුකුළ කදු පන්තිය

5. ලිප්ටන් වතුයාය

6. දෙමෝදර ආරුක්කු පාලම

7. දුන්හිඳ දිය ඇල්ල

8. ඹබරකන්ද දිය ඇල්ල

9. දියලුම දිය ඇල්ල

10. රාවනා ඇල්ල

11. බෝගොඩ පාලම

12. දඹාන වැදිගම්මානය

13. දෝව රජ මහා විහාරය

14. දෙමෝදර දුම්රිය ස්ථානය

15. ඇඩිෂම් බංගලාව

Thursday, August 21, 2014

දෙක පැනලා තුනට යන ගමනෙදි…

මීට අවුරුදු දෙකකට කලින් පොඩියට පටන්ගෙන අද වෙනකොට මෙච්චර දුරක් යන්න පුළුවන් වුන එක ගැන ආඩම්බරයක් හිතේ තියාගෙන මේ පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. මෙතෙක් දුරක් යන්න උදව් වුන හැමෝටම ස්තූති කරන්න මේ ලිපිය වෙන්කරගන්නවා අද.

මීට අවුරුදු දෙකකට කලින් හොදම යාළුවෙක්ගේ අදහසක් අනුව තමයි දැනගත්තේ බ්ලොග් කියන්නේ මොකක්ද කියලත්. ඊට කලින් ඉන්ටනෙට් ගියත් බ්ලොග් ගැන දැනගෙන හිටියේ නෑ ඇත්තටම. බ්ලොග් එකක් හදන හැටි, ලිපි දාන විදිය ගැන මූලිකව කියල දුන්න ඒ යාලුව නිසා තමයි අද මේ විදියට බ්ලොග් එකක් තියෙන්නේ. මේ හැම දේකටම ස්තූතියි කැටිපේ.

මූලික දේවල් දැනගත්තට පස්සේ අද වෙනකන් බ්ලොග් එකේ හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් වුන එක ගැන තියෙන්නේ ලොකු සතුටක්. මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ ඉන්ටනෙට් එකේම ලිපි වලින්. එකින් එක කිව්වේ නැතත් ඒ හැම ලිපියක්ම ලියලා දැනුම බෙදාගත්ත හැමෝටම ස්තූතියි.

මීට අමතරව බ්ලොග් ටෙම්ප්ලේට් එකේ ඉදලා බ්ලොග් ගැජ්ට් එකට යනකන් හැම දෙයක්ම බ්ලොග් එකට එකතු කරගන්න උදව් වුන හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ හැම දෙයක්ම හදපු, එඩිට් කරන්න උදව් වුන හැමෝටම ස්තූතියි.

බ්ලොග් එක කරගෙන යනකොට අදහස් දක්වපු, බලලා ගිහිපු හැමෝටමත් ස්තූතියි. ඔයාලා නිසා අද වෙනකොට Pageviews 295000ක් ඉක්මවා ගිහිල්ලා. මේ හැම දෙයක්ම ඔයාලා ලගට ගෙනියන්න උදව් කරපු facebook.com, twitter.com, google.com, syndi.lankeeya.lk, kottu.org වගේ වෙබ් සයිට් වලටත් ගොඩක් ස්තුතියි.

කැම්පස් එකේදි එකට ඉන්න ඔයාලත් එක්ක ගොඩක් දේවල් බෙදාගන්නත් මේ බ්ලොග් එකම උදව් වුනා. ඒ හැම දෙයක්ම කරද්දි අදහස් දක්වලා එකට හිටිය හැමෝටමත් ස්තූතියි.

අමතක වෙලා හරි නොකියවුනා නම් ඒ හැමෝටම අවසානයට උදව් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

ලඟදිම Birthday Gift එකත් අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්..

http://lessonforfree.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...