පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Fun talk. Show all posts
Showing posts with label Fun talk. Show all posts

Sunday, March 30, 2014

“ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා” ++

couple on the grass, kiss, balloons 162231

වර්ථමාන සමාජයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රී රෝද රථ භාවිතය හදුන්වන්න පුළුවන්. ලංකාවේ බොහොමයක් නගරවල මේ වාහනය සුලභ දසුනක්. ලංකාවේ හැටියට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් විධියට මේ වාහනය හැමෝම අතරම ප්‍රසිද්ධයි. අද වෙනකොට මේ වාහනය විවිධාකාරයෙන් අලංකරණය කරන්න එම රියදුරන් පෙළඹිලා තියෙනවා. වර්ණ ගැන්වීම්, විශාල බෆල් සෙට් එකක් හයිකිරීම්, අලංකාර ආලෝක පද්ධතියක් සවිකිරීම, වගේම විවිධ වැකි පිටතින් අලවා ගැනීම විශේෂයි. ඉතින් අද මේ ලිපියේ අරමුණ ඒ වැකි පිළිබඳව අවධානය යොමු කිරීම. බලන්නකෝ මේවායින් කීයක් ඔයාලා අහලා දැකලා තියෙද කියලා…

වෙලාවකට පිස්සු වගේ

වලංකාරයා මාසෙන් හදන දේ පොලුකාරයා දවසින් කඩයි

ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන්

අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නන්වා

දෙයියො දෙනකොට භූතයින්ට මළ

රම්පෙට පොරි පොකුරු පොකුරු

60ත් වයසක්ද

හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස්

වැරදුනා මිසක් පැරදුනේ නැත

ජීවිතේ මල් මාව‍‍තේ ගල්

කළාවැවේ නිල් දියවර අපෙ අම්මා

අයියා පාතාලේ මං ඉස්කෝ‍ලේ

සැප සිංගල් දුක ඩබල්

ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ

නීතිය නෑ ආතල් දන්නේ

වයසට ගියත් මම හවසට ගෙදර

ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ

ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං

Frame එක දිරයි.. Name එක නොදිරයි

උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ

තරුණ කාලේ ආදරය ද , වැඩිහිටි කාලේ දියවැඩියාව ද , සාමානය්‍ය දෙයකි

කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි

මට හොඳ නම් තොට මොකෝ

ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න

මුදල් රජයන් විට සත්‍යය නිහඬවේ

සීනි දිය වුනත් ගෝනි දියනවෙන්නෑ මල්ලි

ප්‍රමාදය විනාශයට හේතුවේනම් ඉවසීමෙන් සැනසීම ලැබේ කියපු එකා කවුද

ගල්ලා චන්ඩියා වෙන්නෙ බාල ලෑල්ලෙදි පමණි

සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි

මිණි මුතු අගෙයි හැම තැන නැති හින්දා - අපි කළු ගල්ද හැම තැන හමුවෙන හින්දා

අපිට නැතත් ගස්වල තව මල් පිපියන්

ගොළුවෙත් කථා කළා මට ඇති දාට... කථා කරපු අය ගොළුවුනා මට නැති දාට...

මට මගේ නොවුනු මගේම "ත්‍රීවිල්" එකක් තිබුනා

හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව

නැන්දම්මේ........ දුව දෙනවද..?

කොටියා නිදි ඇහැරවන්න එපා

අලංකාර බොරු කීමෙන් බයංකාර තොප්පි වැටේ

තිරිසන්නු වැනි මිනිසුන් අතරේ දෙවියන් වැනි මිනිසුන්ද ඇත

පාන් කෑවොත් ඔහොම්මයි

ඔබ වෙනුවෙන් නොනිඳන මිනිසා

අපි පොල් ගහට නැග්ගත් දෙබලක්

පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න

හිමිවුනු ඔබ මට අහිමි වෙලා

දියුණුවේ රහස උත්සහය මිස ඉර්ෂියාව නෙවේ

ඔයා නම් කියයි අම්මා බනින්නෙ මට නේ

රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත

හොඳ ඇපල් කන්නෙම පනුවෝ

අතන් පයක් වගේද මල්ලි කකුලක්

තිත්තයි කියා කියා කරවිල කන්න එපා
ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න් එපා
මුතුඇට කියා කියා ගල් අහුලන්න එපා
චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා

ණය දීමෙන් මිතුරාත් මුදලත් බිරිඳත් නැතිවේ

අනේ වැඩක් බලාගෙන යනව මනුස්‍සයො යන්න

ඇයි අවුල්ද රත්තරං

ඇද්ද මල්ලි

ඵල නෙලුවට කමක්නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

බොක්කෙන් මල් කඩපුවෙලේ කොක්කකින් පොල් කැඩුවනම් මාත් අද ලොක්කෙක්

මගේ ලෝකෙ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ

ලෙඩ්ඩු පිස්සු කෙලියට ඩොක්ට පිස්සු කෙලින්නෑ

මට නුඹ විතරක් වැනිට නුඹට ඉන්නෙ මං විතරද

යාළුවනේ....
කමු බොමු ප්‍රීති වෙමු තනි තනිව බිල් ගෙවමු

ඇස්වහ නෑ කටවහ නෑ

කවි නෑ... වැකි නෑ... සීපද නෑ...
සාක්කුවෙ බ්ලේඩ්තල නෑ...

අම්මා රත්තරං ඇයි තාත්ත පිත්තලද...?

දැවටෙන්නෑ පැටලෙන්නෑ ඇතිල්ලිලා අපි යන්නෑ

අතහිත ලොකු අයියා දුන්නේ

උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ලඟ ඉන්නා.

පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද...?

ඔබ පහුවුනා නොවේ මා ඔබ පහු කළා නේද....?

සම්බුදු සරණයි එංජිම පරණයි

සුද් කකුලයි කොට සායයි හරි අවදානම්

බුදු මල්ලියේ ඈතින් වරෙන් - ලීස් එක ඉවර වුනාම රේස් යමං

පුංචිකමට දඟ කලාට ගනන් ගන්න් එපා ඔන්න්...

හයියෙන් එන්නෙ ඇරල යන්නද

පිපිච්ච මල් උනත් පැහිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට

වීල් එකේ ඉඩත් නෑ.. දාලා යන්න හිතෙන්නෙත් නෑ..

ඉගිලෙන්න තහනම් නම් දුරක්, ඇයි දුන්නෙ මට ලයි..සොන් එකක්

ලීටරේ 50 යි චාටරේ 20 යි

හදවත හොඳයි., චුට්ටක් දඟයි.

කෙල්ලෝ කපටියි. කොල්ලෝ ලපටියි.

ඇතිදා වවුලෝ එල්ලිලා කතී. නැතිදා වවුලෝ ඉගිලිලා යතී.

මිනිස්සු ගොඩයි. මනුස්සයෝ ටිකයි.

රත්තරං අම්මා තාත්තාගේ බෝනික්කී

සුදූ මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක

හිත හොද නම් කොහෙත් එකයි

ඔයා යන්න මං එන්නම් මෙයත් එක්ක

හිතන්න අමතක කරත් අමතක කරන්න හිතන්න එපා

හමේ පාට වෙනස් උනත් කදුලේ පාට එකමයි

අනේ මන්දා සුවද සබන් කොච්චර ගෑවත් සුදු නෑ

මංකල වරදට ඇයි අම්මට බනින්නේ

හදවත උණුවන පොලිස් මහත්තුරු සැමදා දෙවියන් රැක දේවා

සල්ලි වගේද නංගි අපි

සුනාමියට අහුවෙච්ච මට ගංවතුරත් කජ්ජක්ද?

උප්පත්තියයි විපත්තියයි අතරේ ප්‍රතිපත්තිය නැතිනම් මහ නස්පැත්තියක්

තව ගොඩක් වැකි ඔයාලා දැකලා ඇති. මේ දේවල් විනෝදයට, සතුටට, හිතේ දුකට මේ කවි අලවං හිටියත් මේ ත්‍රීරෝද රථ රියදුරන් ලග විශේෂීවූ මනුස්සකමක් හියෙනවා කියලා අමතක කරන්න බෑ. පාරතොටේ මොකක් හරි කරදරයක් වුන වෙලාවකට ඉස්සෙල්ලම දුවගෙන එන්නේ මොවුන් බව අමතක කරන්න එපා. කවදාවත් ජිප් එකක, කාර් එකක, ප්‍රාඩෝ එකක යන කෙනෙක් නවත්තලා බලන්නේ නෑ මොකද උනේ කියලා ගොඩක් වෙලාවට. අතලොස්සක් රියදුරන් කරන මෝඩ වැඩ නිසා හැම ත්‍රීරෝද රථ රියදුරෙක් දිහාම වැරදියට බලන්න එපා.

“අපේ ලඟ මනුස්සකම තිබුනට අපේ අය ලඟ මනුස්සකම නෑ”

Sunday, October 13, 2013

ගැහැනිය vs බෝම්බය

ගැහැනිය vs බෝම්බය

බොම්බය යනු පුපුරන දෙයකි .ගැහැණිය යනු එසේය නමුත් එහි විශේෂත්වය වන්නේ සැමවිටම පුපුරණ ඇයෝද සිටින නිසාවෙනි.

ගැහැනිය vs බෝම්බය

Saturday, October 12, 2013

ඔබත් චිත්‍රපට රසිකයෙක් නම් මේ අත්දකීම ඔබටත් ඇති.

ඇමරිකානු සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී අපට පුළුවන් වෙනවා ඒ රටවල නිපදවෙන චිත්‍රපට වල ඇති සමාන ලක්ෂන බලාගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස් ආකාරයේ සමානතා.

Mgm-logo

ඇමරිකානු චිත්‍රපට අපට උගන්වන දේවල්

1. චීන්නුන්ට කුන්ෆු ඉගැන්වීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත.
2. ඇමරිකානුවන්ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නෝ වෙති.
3. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් දියුණු කිරීමේ අරමුණ පමණි.
4. පිටසක්වල ජීවීන් ඇමරිකාව ආක්‍රමණය කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.
5. මිනිස් වෘකයින්, ලේ උරාබොන මිනිසුන් වැනි අත්භූත ජීවීන් බොහොමයක් ඇමරිකාවේදී අපට දැකගත හැකිය.

Friday, October 11, 2013

බඩ අල්ලගෙන හිනාවෙන්න මෙන්න කතා - එන්න කියවන්න

hahaha-funny-pictures-30418880-1024-992

1. මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම" වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත.

2. හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

3. වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.

Sunday, September 29, 2013

ශ්‍රේෂ්ඨ විද්‍යාඥායන්ගේ අලුත් නියම

971582_537240939657462_1692599017_n

1)ලෝරන්ස්ගේ යාන්ත්‍රික නියමය: ඔබගේ අතේ මජං හෝ ග්‍රීස් ගෑවුනු පසු ඔබට ඔබේ නහය කැසීමට හෝ මුත්‍රා කිරීමට සිදුවන අවශ්‍යයතාවය ගෑවෙන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ.

2). ඇන්තනීගේ කම්මල් නියමය: ආවුදයක් අතින් ගිලිහී බිම වැ‍ටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරලී යයි.

3). කොවෑක්ගේ දුරකතන නියමය: වැරදි නොම්බරයක් ඇමතීමේදී සාමාන්‍ය ඇමතුමක් ගන්නා විට ඇසෙන කාර්‍යබහුල නාදය කිසිවිටකත් නො ඇසෙයි.

Saturday, July 20, 2013

කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි.... How to know Girl’s Age?

අද කාලේ හැට පැන්නත් දහ අටයි වගේ ඉන්න නිසා ගෑනු ළමයිගේ වයස කියන එක ලේසි නෑ. ලිෆ්ටික් උලාගෙන, කිව්ටෙක්ස් ගාගෙන, සෙන්ට් පවුඩර් දා ගත්තම ආයිමත් වයස කියනවා බොරු. කිවුවත් කියන්නේ හතරැස් කෙප්ප. ඒ නිසා කියන දෙයක් තඹ සතේකට විස්වාස කරනවා බොරු. ඒ නිසා අසරණ වෙන කොල්ලන්ට සරණක් වෙන ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි.... How to Girl’s Age?

Sunday, June 9, 2013

වැඩිහිටියන්ගේ ෆිල්ම් වලින් අපිට කියන්න හදන්නේ මොනවද?

මම ෆිල්ම් බලලා ඉගෙන ගත්තු දේවල්.........

  • යම්කිසි අවධානම් සිද්දියකින් මිනිහෙක් බේරුනොත්, ඒ සිද්දියෙදි ලස්සන කෙල්ලෙකුත් බේරුනොත්, ඒ කෙල්ලව ඒ මිනිහා පලවෙනි පාරට දැක්කෙත් එදාම උනත් කෙල්ලගෙන් මිනිහට අනිවාර්යයෙන් කිස් එකක් හම්බවෙනව.
  • චීන්නුන්ට තියෙන එකම වැඩේ කාටහරි කුංෆු උගන්නන එක හරි practice කරවන එක හරි විතරයි.
  • ඇමරිකාවේ ජනගහනයෙන් 50%ක් විතර FBI/CIA agentsල එහෙම නැත්නම් undercover ඒවගේ වැඩකරන අය.
  • අමෙරිකානු අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන අරමුණ බාස්කට්බෝල් promote කිරීමයි.

Sunday, June 2, 2013

මගුල් කාර් එකක පිටිපස්සෙ වීදුරුවෙ ලියන්න හොද වැකි

Wedding-couple

  • අද අත පෙන්ශන් යනවලු.
  • අතට නිදහසක්… හිතට මහබරක්..
  • අතට නිවාඩු!
  • හස්ත කර්මාන්ත පාඩු ලබයි!
  • අතට නිදහස
  • ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
  • අද ඉදන් අතට නිවාඩු..
  • A big issue into a small tissue…
  • Broken rubber making trouble...

Monday, April 1, 2013

ජයලලිතා අද කොළඹට එනවා. ලංකාවට භය වෙලා සමාව ගනීද?

ලංකාවේ ජනතාව ඇමතීමට ජයලලිතා අද හවස කොළඹට පැමිණීමට නියමිතයි. ලංකාවට භය වෙලා සමාව ගනීද?

මව්බිම පුවත්පත

සිලෝන්ටුඩේ පුවත්පත

Sunday, October 14, 2012

කාලෙකට පස්සේ කැම්පස් යන්න කලින් දවසේ රෑ..

ඔන්න ඉතින් ආයිමත් කාලෙකට පස්සේ ආයිමත් කැම්පස් යන්න වෙලානේ. ඉතින් ඒ ගැන මුකුත් නොලිවුවොත් හිතට හරි මදි වගේ. Smile

මෙදා සැරේ විශ්වවිද්‍යාල වැඩ වර්ජනය පටන් ගත්තේ පසුගිය ජුනි මාසෙනේ. කට්ටියට මතකද මන්ද…Sad smile එහෙම පටන්ගත්ත වැඩවර්ජනේ සති දෙක තුනක්ම තිබුනා. ඊට පස්සේ දවසක් දෙකක් ලෙක්චර්ස් ගියා වගේ මතකයි. ආයිමත් වැඩ වර්ජනයක් පටන් ගත්ත. ඒ සැරේ නම් ආචාර්ය මණ්ඩලය තමයි පටන් ගත්තේ. ඒ වැඩ වර්ජනේ නම් කොහොම හරි සෙන්චරිය දාලා තමයි ඉනිම අත්හිටෙව්වේ.Hot smile දැන් ඉතින් හෙට ඉදන් අපි දිගටම ලෙක්චර්ස් යන්න වෙනවනේ.Surprised smile

ඒත් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ ටයිම් ටේබල් එක තමයි. Winking smileහෙව්වට කොහෙන්වත් හම්බ වුනේ නැති නිසා ඒ වැඩේ අතෑරලා දැම්ම. කොහොමත් සබ්ජෙක්ට් පහයි කියලා පොත්ටික හොයන්න ගත්තම ඒක ඊටත් වඩා අමාරුයි වගේ. පැය දෙක තුනක කට්ටකට පස්සේ යන්තන් පොත් ටික හොයාගත්තා.Smile with tongue out

ආරංචි වෙච්ච විදියට නම් මාස ගානකට පස්සේ බෝඩින් වලට ආව කට්ටිය සෑහෙන්න වැඩලු මේ වෙනකොට. Smile with tongue outකට්ටියක් බෝඩින් හෝදනවලු. Open-mouthed smileහිටිය නැති ටිකට මී පරපුර සෑහෙන්න වැඩි වෙලාලු. ගෙදටින් එනකොටම මකුලුදැල් කඩන්න ගෙනාව කොසු බස් එකේ ගේන්න කටුකාපු කට්ටියකුත් ඉන්නවලු. Rolling on the floor laughingෆේස්බුක් එකෙන් ටයිම් ටේබල් අහලා ස්ටේටස් අප්ඩේට් කරන කට්ටිය කගෙන්වත් උත්තර නැතුව ඉන්නවලු. Clock

ඒ අතරේ බෝඩිමේ තියෙන කැලැන්ඩරේ ජුනි මාසෙ කොලේ තාම කඩල නැති කට්ටියකුත් හිටිය කියලා ආරංචියි. ඒ ඉතින් හැමදාම කැම්පස් ගිහිපු නිසා කියලා හිමීට ශේප් එකේ කොල හතරම එකට තියලා ඇදල දැම්මලු. Bunny

කාලෙකින් කැම්පස් යන්න පුලුවන් වෙන සතුටට කට්ටියක් මේ වෙලාවේ හෙනට වැඩලු.Alien බැග් එක හදලා ඇදුම් මදින කට්ටියකුත් ඉන්නවලු. Secret telling smile 

මාස ගානක් වහල තිබුන නිසා මුල ඉදන් ලෙක්චර්ස් කරයිද කියලා බයෙන් හෙට කැම්පස් යන හැමෝටම සුභ පතනවා එක දිගට මේ සෙමෙස්ටර් එක ඉවර වෙනකන් එක දිගට යන්න ලැබේවා කියලා. Smile

මොනව වුනත් අගහරුවාදා ඉදලා ආයිමත් නිවාඩුවක් දෙන්න අනධ්‍යන සේවක පිරිස සෑහෙන්න ප්ලෑන් කරනවලු මේ වෙනකොට. එහෙම වෙන්න නම් එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් එන්නම්. නැත්නම් හෙට කැම්පස් එකට යනවා බොරු. Open-mouthed smile

(හැම සිද්ධියක්ම මූණු පොතේ දාලා තිබුන ස්ටේටස් වලින් සහ කොමෙන්ට් වලින් හොරකන් කරගත්තේ)

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න 

Twitter සමග එකතු වෙන්න: Lesson in Short

ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

(New: Facebook Profile එකෙනුත් Comment කරන්න පුලුවන් දැන්…. )

Monday, September 24, 2012

ඔයා ලෙඩ වුනාම මට හරි පාලුයි.. මීට පස්සේ ලෙඩ වෙන්න එපා..

පණ්ඩිතකමට
බොරු ලෙඩක් හදාගෙන
හොදකරගන්න එක්කන් ගියාම
ලෙඩේ තව වැඩිවුනා....

Friday, August 24, 2012

G-mail ගිනුමක දීර්ඝතම මුරපදය

දැනට ලෝකයේ පුද්ගලයෙක් භාවිතා කරන  දීර්ඝතම මුරපදය ඇහුවොත් ඔයාල පුදුමත් වෙයි. 
Gmail ගිණුමක් සඳහා මෙතෙක් යමෙකු යොදාගෙන ඇති දීර්ඝතම මුරපදය තමයි... 

"MickeyMinniePlutoHueyLouieDeweyDonaldGoofySacramento"

මෙහි ගෞරවය කාන්තාවක් සතුවන අතර ඇයගෙන් මෙවැනි දීර්ඝ මුරපදයක් භාවිතයට හේතුව විමසූවිට ඇය පවසා ඇත්තේ

Wednesday, August 22, 2012

මම වෘර්තීමය උපාධි අපේක්ෂකයෙක් වෙනවා

ගුරුතුමිය : හොදයි කියන්න බලන්න ඔය ළමයි අනාගතයෙ  කවුරු වෙන්නද කැමැති කියලා?
සිරිපාල : මම නම් ටීච කඩයක් දා ගන්නව ඉස්කෝලෙ ඉස්සරහ
ගුනපාල : මම පයිලට් කෙනෙක් වෙලා අහසෙ රවුන් ගහනව
ඥානපාල : මම වෘර්තීමය උපාධි අපේක්ෂකයෙක් වෙනවා
ගුරුතුමිය : මොකක්ද ඥානපාල? මම අහුවෙ ඔයා අනාගතයෙ කවුරු වෙන්නද කැමැති කියලා?
ඥානපාල : මම වෘර්තීමය වශයෙන් නිදාගන්නවා

Tuesday, August 21, 2012

අපටත් මෙහෙම වෙයිද???

ස්ථානය : බී.එම්.අයි.සී.එච්.
උපාධි ප්‍රධානෝත්සවය
"අද දින පලමුවෙන් උපධිය ලබා ගන්නේ කේ දයාවතී මහත්මියයි. ඇය සිය මූණුබුරා සමග වෙදිකවට පෙමිනෙනවා.. දෙවැනි උපධිය හිමිකරිය අවුරුදු 84ක් ආයු වලදා මෙ වන විට ජීවතුන් අතර නෑ. එබැවින් ඇයගේ මීණිබිරිය වෙදිකවට පෙමිනෙනවා. තෙවෙනියා උපාධිධරියෙක්. ජීවිතයේ සැදෑසමය ගත කරන ඔහු සිය සිවුවැනි පුතණුවන් සමග පෙමිනෙනවා............................................................................................................................................................................................................................................................................... අද දින උපාධි ලබගත් 1200ක් අතරින් මේවන විට ජීවත්ව සිටින 198 දෙනාට ලබන වසරේ අග භාගයේ රජයේ පත්වීම් ලබාදෙන බවට උසස් අධයාපන ඇමති තුමා පොරොන්දු වෙනවා ඇති. අද දිනට නියමිත උත්සව සභාවේ වැඩකටයුතු මෙතකින් සමාප්ත වෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...