පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Download. Show all posts
Showing posts with label Download. Show all posts

Saturday, April 18, 2015

එන්න TORRENT Download කරන්න

2015 වර්ශයේ හොදම TORRENT SITES වශයෙන් තේරිලා තියෙන්නේ පහලින් තියෙන TORRENT SITES.

1. KICKASSTORRENTS

එන්න TORRENT Download කරන්න

KickassTorrents was founded in 2009 and surpassed The Pirate Bay in traffic this year, even before it went down. Battling various censorship efforts the site has burned through a few different domain names over the years. Most recently it switched to the Somalian Kickass.so address.

2. TORRENTZ

Torrentz1

Torrentz has been the leading BitTorrent meta-search engine for many years. Unlike the other sites featured in the list Torrentz does not host any torrent files, it merely redirects visitors to other places on the web. The site uses several domain names with .eu being the most popular.

3. EXTRATORRENT

3-2-2014-58

ExtraTorrent continues to gain more traffic and has become one of the most active torrent communities. The site is also the home of the popular ETTV and ETRG release groups.

4. THE PIRATE BAY (COPIES AND CLONES)

17exjqyn0yxlejpg

At the time of writing The Pirate Bay isn’t serving any torrents. However, there are several copies and clones of the site which, at least temporarily, take its place. OldPiratebay.org is currently the most popular and based on its recent traffic the site is already ranked at least 4th in this list.

5. YTS

ytsYTS, also known as the release group “YIFY,” has become the most recognizable movie piracy brands on the Internet. Despite a court court-ordered ISP blockade in the UK the group’s torrent site continues expand.

6. EZTV

eztv.it

TV-torrent distribution group EZTV is a niche site specializing in TV content only. Because of its narrow focus, EZTV’s traffic varies in line with the TV seasons. Despite posting only a few dozen torrents per week it attracts millions of visitors.

7. RARBG

RARBG

RARBG, which started out as a Bulgarian tracker, was last year’s newcomer and continues to rake in more visitors. The site was blocked by UK ISPs last month, which put it on par with most other sites in the top 10.

8. ISOHUNT.TO

IsoHunt_screenshot

Isohunt.to was launched in 2013, less than two weeks after isoHunt.com shut down. The site is not affiliated with the old isoHunt but hopes to keep its spirit alive. The same people are also behind Oldpiratebay.org, which is is listed in 4th place.

9. 1337X

1337x-620x363

1337x is a community driven torrent site. The site’s owners say they launched 1337x to “fill an apparent void where it seemed there was a lack of quality conscience ad free torrent sites with public trackers.” This year the site dropped its .org domain and is now operating from 1337x.to.

10. LIMETORRENTS

limetorrents2

Limetorrents.cc has been around for several years already, and regained a spot in the top 10 this year. The site appeared in the news this summer after it was sued by LionsGate for posting a link to a leaked copy of The Expendables 3. The case is still ongoing.

Sunday, April 12, 2015

Fonts 85000ක් Download කරන්න

කාලයක් තිස්සේ එකතු කරපු ෆොන්ට් ඔයාලට දෙන්නේ ඔයාලගේ වැඩකටයුතු වලට පහසු වෙන්න. මේ ඔක්කෝම ඉංග්‍රීසි ෆොන්ට්ස්.

80 Decibels20th Centenary Faux37 Kilobyte39 Smooth42

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් “lessonforfree.blogspot.com” දෙන්න.

මෙන්න ලින්ක් එක: Download

ඒ වගේම මේ ෆොන්ට්ස් ටික ඉන්ස්ටෝල් නොකර හැඩවැඩ බලන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකකුත් දෙන්නව. මේකෙන් පුලුවන් ෆොන්ට් ටික ඉන්ස්ටෝල් නොකර ටයිප් කලාම කොහොමද ටයිප් වෙන්නේ කියලා බලාගන්න. මේ සොෆ්ට්වෙයාර් එකේ නම Font Viewer. (353KB)

මෙන්න ඒකත් ඩව්න්ලෝඩ් කරගන්නකෝ : Download

Wednesday, May 14, 2014

Sri Lanka Wedding Song Collection ඩවුන්ලෝඩ් කරගන්න එන්න. ගීත 77ක්, 350MB

Sri Lanka Wedding Song Collection (3)Sri Lanka Wedding Song Collection (1)
Sri Lanka Wedding Song Collection (2)

Part 1
17732853a22548f79408c3d23ffd75b00350e70d

Part 2
17732853a22548f79408c3d23ffd75b00350e70d[32]

Part 3
17732853a22548f79408c3d23ffd75b00350e70d[32]

Part 4
17732853a22548f79408c3d23ffd75b00350e70d[32]

Part 5
17732853a22548f79408c3d23ffd75b00350e70d[32]

Part 6
17732853a22548f79408c3d23ffd75b00350e70d[32]

Part 7
17732853a22548f79408c3d23ffd75b00350e70d[32]

77 Sinhala Songs
350MB
Mediafire Download Link

Monday, March 17, 2014

සන්සුන් සිත සුවපත්වන්නට (දෙවන කොටස)

සන්සුන් සිත සුවපත්වන්නට (දෙවන කොටස)
පළමු කොටසින් කවි බණ හයක් ගැන කරුණු අරගෙන ආවා. මේ ලිපියෙන් ඉතුරු කවි බණ ගැන බලමු.

පළමු කොටස කියවන්න

මේ දවස් වල සෑහෙන්න ජනප්‍රිය කවිබණක් විධියට පින්බර අම්මා කවි බණ දිවයිනේ විවිධ ප්‍රදේශවල අපිට අහන්න ලැබෙනවා.

ජීවිතයේ අනන්ත අපමණ,දුක් කම් ක‍ටුලු චිත්ත පීඩා සියල්ල
මා වෙනුවෙන් විඳ දරා ගත් ආදරය නම් මේ යැයි ලොවට පෙන්වා දුන්
වටින සලු පිළි මට ගෙන දී වෙරහැළි හැද සතු‍ටු වුණ
රස අහාර මට කවමින් කුසගින්නේ සිනා සුන
දහසකුත් කරදර මැද නෙතට ආ කදුලු බිදු
නේතේ සිරකරගෙණ මට හඩන්නට ඉඩ නොදුන්
අදත් මා දෙස බලමින් මහත් සේ සතු‍ටුවණ සෙනෙහෙබර මෑනියණි
ඔබේ ගුණ ගයන්නට තවම මට වචන නැත
ඔබේ සෙනෙහස ලග තවම මා නොදරුවෙක්
කවි සිතක පිපෙන මේ කවි මල් ඔබට අසීමිත වු ආදරයට උපහාරයක්ම වේවා..!

File Name : Pinbara Amma
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 66.09 MB
Duration : 48 min 42 sec
Download

ඊළඟට මෙහෙමත් දරුවෝ කවි බණ තවත් ජනප්‍රිය කවි බණක්.

පින්වත්ණි කාලයකට පෙර කොළඹ උසාවියේ දිග හැරුන ඉතාම දුක් බර කතාවක් මේක
ඇසු දු‍ටු වන්ගේ දේනෙතෙහි එන කදුලු කැට
මෙහෙමද කියා හිතෙනවා අප වෙසෙන රට
කොළඹ උසාවියේ විනිසුරු ඉදිරි පිට
විමසු නඩු පුවත පැවසිය හැකිය මට..!

File Name : Mehemath Daruwo
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 57.48 MB
Duration : 41 min 51 sec
Download

මාර පරාජය ගැන කියවෙන ඊළඟ කවි බණ තවත් ලස්සන කවි බණක්.

සංසාරේ දුක දකිමින් නිවන් සුවේ මග කියමින්
සත්මග වෙත සුවය සැදු බුදුන් වදිනවා උත්තම බුදුන් වදිනවා
එන්න ඇවිත් බලන ලෙසින් මාවත පෙන්වා මැනවින්
අකාලිකවු ලෙස පවතින දහන් වදිනවා උත්තම දහන් වදිනවා..!

File Name : Maara Parajaya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63.04 MB
Duration : 45 min 54 sec
Download

කිරි අම්මාගේ විලාපය ලෙසින් කරන ලද මේ කවි බණ වර්ථමාන සමාජයට වඩාත් ගැලපෙන කවි බණක්.

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
කව්ද මේ කිරි අම්මලා වරු මදක් විමසා බලන්නට පෙර
තෙරුවන් සරණ යමු..!

File Name : Kiri Ammage Wilapaya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63.01 MB
Duration : 45 min 56 sec
Download

අවසාන වශයෙන් පින්බර තාත්තා කවි බණ. ලංකාවේ පිය ගුණ වැනුම් අඩුව සපුරන්නට පුජ්‍ය. මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ගත් මේ උත්සාහය අගය කල යුතුවේ. මේ කවි බණ අසන වාරයක් වාරයක් පාසා උන්වහන්සේ බලාපොරොත්තු වන නිර්වාණය ලගා කරගැනීමට පින් බලයක්ම වේවා.

දස බල තෙද හිමි - බුදු ගුණ නමදිමි
බවයෙහි බැදි බැමි - බිදලමි බිදලමි
බවයෙහි බැදි බැමි - බිදලමි බිදලමි
වනපොත් කරවිමි - කලපෙල විමසිමි
සදහම් නමදිමි - බණපද සුරකිමි
සදහම් නමදිමි - බණපද සුරකිමි
කහවත කර හිමි - සගපෙල සමරමි
සගපෙල නමදිමි - පිළිවෙත් අදහමි
සගපෙල නමදිමි - පිළිවෙත් අදහමි
දෙවියන්කැදවමි - කවි බණ පුද දෙමි
සහනය අයදිමි - කවි බණ පවසමි

File Name : Pinbara Thaththa Kavi Bana
File Format : MP3
Bit Rate : 56.0Kbps
File Size : 17.7 MB
Duration : 44 min 01 sec
Download

Thursday, March 6, 2014

රැප් ගීතයට වැඩි යමක්.. සන්සුන් සිත සුවපත්වන්නට

අපි හැමෝම කැමතියිනේ සුමිහිරි හඩින් ගායනා කරන කවි බණ අහන්න. අද වෙනකොට ලංකාවේ නොයෙකුත් අවස්ථාවන් වලදි මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. පන්සල්, දන්සැල් ආදී බෞද්ධ ආගමික කටයුතු මුල් කරගත් අවස්ථාවන් වලදී මේ කවි බණ අහන්න පුළුවන් වෙනවා. කාව්‍ය විශාරද, පුජ්‍ය. මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ මේ කවි බණ සදහා ප්‍රසිද්ධියක් උසුලනවා. උන්වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු වගේම දේශනා කරන්නට යෙදුණු කවි බණ කිහිපයක්ම බෙදා ගන්නයි මේ හදන්නේ. සංගීත් රෙකෝඩ් බාර් විසින් තමයි මේ නිර්මාණ ඔබ වෙත පිදෙන්නේ.

මෙයින් පළමු කවි බණ නම් කරලා තියෙන්නේ "ගෙයින් ගෙට බුදුවරු" යන නමින්. මේ කවි බණින් මව්පිය ගුණ වර්ණනා කරන්නට යෙදෙනවා.
ඇසුවත් කොතෙක් කෙළවර නැත මිහිරි බසින්
මේ ලොව එකම දෙවිවරු අප දු‍ටුව ඇසින්
අමතන විටත් සතුටකි එය කළන රසින්
මව් පිය ගුණ ගයමි කවි බණ කියන ලෙසින්..!
File Name : Geyin Geta Budhuwaru
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 62.71 MB
Duration : 45 min 39 sec
Download

දෙවැනි කවි බණ නම් කරලා තියෙන්නේ "ආත්තම්මයි සීයයි" කියන නමින්.
මව් සෙනෙහස කවියකී
පිය සෙනෙහස මිහිරකී
හිත පුරවණ අහරකී
ලොව් තුරු රස දහරකී ලොව් තුරු රස දහරකී..!
File Name : Aththammayi Seeyayi
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 61.69 MB
Duration : 44 min 55 sec
Download

තෙවැනි කවි බණ නම් කරලා තියෙන්නේ "සීගිරිය" කියන නමින්. සීගිරි කතා පුවත රැගත් අලංකාර කවි පෙළක් ලෙස මෙයත් අහන්න පුළුවන්. සීගිරිය ශ්‍රී ලංන්කාවට පමණක් නොවෙයි ලෝක පුරාවිද්‍යා ඉතිහාසයටම මහත් ආලෝකයක් ලබා දුන් කලා කේතණයක්,කලාගාරයක්,කලාබවණක්,ආලකමංදාවක් සීගිරිය කොයි තරම් සුන්දර උනත් එය ගොඩ නැගීමෙහි පසුබිම්බියෙහි තියෙන්නේ අසුන්දර කතාවක් අපි ඒ කතාව මුල සිට මෙසේ පෙළ ගස්වමු..!
හෙළ ඉතිහාසය ඔපවත් කරවූ
සාහිත නව නළු රසයෙන් පිරවූ
කටු කොහොලින් පිරි අවුල්ද ඇරැවූ
පවසමි වියතුනි ඒ මග සරු වූ..!
File Name : Seegiriya
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 60.63 MB
Duration : 44 min 08
Download

මේ හතර වැනි කවිබණ තුලින් කියවෙන්නේ ජය ශ්‍රී මහා බෝධිය ගැනයි.
අජරාමර නිවන් සුවය සසර පුරා සොයන්නෙමී
හදවත සෙල්ලිපියක් කොට තෙරුවන් ගුණ ලියන්නෙමී
බුද්ධාලම්බන බැතියෙන් එම ගුණ හිස තියන්නෙමී
බෝධිවංශ ඉතිහාසය කවි වහරින් කියන්නෙමී..!
File Name : Jayasri Mahaa Bodhin Wahanse
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 67.97 MB
Duration : 49 min 29 sec
Download

ඊළඟ කවි බණින් කියවෙන්නේ වීර මද්දුම බණ්ඩාරනායකගේ සුවිසුතුරු කවි පෙළක්.
ජාතික විරුවන් පිළිබඳ පුවත,ඉතිහාසයේ ඇත නිසි ලෙස පැවත
ඒ පිළිබඳ සිහි කලයුතු නැවත,එය කවදත් අමතක වී නොමැත
පෙන් වු සිංහල දැ අභිමාණේ,දු දරුවන් ගැන පවසනු ඕනේ..!
File Name : Madduma Bandara
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 63 MB
Duration : 45 min 52 sec
Download

මීළඟට සඳ කිදුරු දා ජාතක කථාව කවියට නගලා තියෙනවා අලංකාරව.
නගා මුදුනක් වදිම් සිරිපා මගේ තථාගත බුදු පියේ
අමා ගගුලේ සිහිල තවමත් මගේ හදවත තුල තියේ
උතුම් තෙරලා දහම නමදිමි බැති බරින් ඔකාදව ලයේ
නිවා බවදුක සසර එගොඩට යන්න මාවත එහි තියේ..!
File Name : Sanda Kidhuru Jathaka Katha Puwatha
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 74.26 MB
Duration : 54 min 04 sec
Download

දෙවැනි කොටසින් හමුවෙමු.

Wednesday, November 27, 2013

ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? How to Download Facebook Photo Album…

ෆේස්බුක් එකේ අපි ෆොටෝ දාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකින් එක විධියක් තමයි ඇල්බම් එකක් විධියට Upload කරන එක. ඒ විදියට ෆොටෝ දැම්මම අපිට පුළුවන් වෙනවා එකම Event එකක ෆොටෝ එකම තැනක ඉදන් බලන්න. ඒ වගේම Like කරන්න. ෆේස්බුක් ගැන දන්න ඕනම කෙනෙක්ට Facebook Photo Album ගැන අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ.

image

ඒත් ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ Download කරගන්න පුළුවන් එකින් එක. ඒ කියන්නේ ෆොටෝ 500ක ඇල්බම් එකක් Download කරගන්න 500 සැරයක් ක්ලික් කරන්න ඕන කියන එකනේ. ඒ නිසාම කවුරුවත් කැමැත්තෙන් ෆොටෝ ඇල්බම් Download කරන්න උත්සාහ ගන්නේ නෑ.

ඒත් අපි කැමැත්තෙන්ම ඉන්න ෆොටෝ ඇල්බම් එකක් Download කරගන්න ඕන උනාම කොච්චර කට්ටක් කන්න වෙනවද? ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා ෆොටෝ ඇල්බම් එකම එක පාර Download කරගන්න.

ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැන ඉදලා ඇල්බම් එකක් Download කරන තැනට පියවරෙන් පියවර පහලින් තියෙනවා.

1. ෆේස්බුක් එකට ලොග් වුනාම ඔයාලට මේ වගේ කොටසක් පේන්න තියෙනවනේ. ඒකෙන් “Add Photos/Video” උඩ ක්ලික් කරාම ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැනට යන්න පුළුවන්.

image

image

2. “Create Photo Album” කියන තැන ක්ලික් කරන්න. එතකොට අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ Select කරන්න වෙනම Window එකක් Open වෙයි. එතනින් ගිහින් ඔයාලට ඕන ෆොටෝ ටික Select කරලා Open ක්ලික් කරන්න.

3. දැන් තියෙන්නේ Album එකට සුදුසු නමක් හා විස්තරයක් දාන්න.

image

4. Upload වෙලා ඉවර වුනාම පහලින් මේ වගේ පෙනේවි. එතනින් අපිට පුළුවන් තවත් Customize කරන්න.

image

5. දැන් “Post Photos” උඩ ක්ලික් කරන්න.

ඔයාලා දැන් ඇල්බම් එක හදලා ඉවරයි.  මේ තියෙන්නේ එහෙම හදපු ඇල්බම් එකක්. (මෙතනින්) අපි බලමු කොහොමද ඇල්බම් එක Download කරගන්නේ කියලා.

මේකට අපිට Google Chrome සහාය අවශ්‍ය වෙනවා.

6. Open කරන්න Google Chrome Browser එක.

7. මෙන්න මේ ලින්ක් එකට යන්න. මේ ලින්ක් එකෙන් ගිහින් Addon එක Add කරගන්න.

image

8. මේ ඇඩෝන් එක ඇඩ්කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ෆේස්බුක් ඇල්බම් Download කරගන්න. ඒකට ඔයාලා Download කරගන්න ඕන Album එකට යන්න ඕන. ගියාම උඩ Address බාර් එකේ පොඩි කොටුවක් පෙන්නාවි. “FAD” කියලා පෙන්නන කොටුව ඔයාලට පෙනේවි දකුණු පැත්ත කෙළවරේම.

image

9. ඒක උඩ ක්ලික් කරන්න. ඕපන් වෙන ටැබ් එකේ ටිකක් පහලින් ඇති “Load All Pictures” කියලා. ඒක ක්ලික් කරලා ඔක්කොම Pictures Show කරන්න.

image

10. දැන් උඩ තියෙන “Zip Download” උඩ ක්ලික් කරන්න.

image

11. දැන් “Generate File” උඩ ක්ලික් කරාම zip ෆයිල් එකක් විදියට Download වෙන්න පටන් ගන්නවා.

image

12. අන්තිමට Save කරන්න තැනක් දෙන්න.

13. 7zip වගේ Software එකක් භාවිතයෙන් UN-Zip කරන්න.

image

14. ෆෝල්ඩර් එක Open කරලා බලන්න. ඔක්කොම Pictures ටික Download වෙලා ඇති.

image

Tuesday, November 19, 2013

“සරසවි කුරුටු ගී 232ක්” PDF ඩවුන්ලෝඩ් කරගන්න එන්න. (පිටු 59, 20MB)

කලින් ලිපියෙන් සරසවි කුරුටු ගී එකතුව ගැන විස්තර ගොඩක් කතා කරා. පොරොන්දු වුනා වගේම පුළුවන් ඉක්මනට සරසවි කුරුටු ගී එකතුව අරගෙන ආවා. මේ එකතුවේ ගී 232ක් තියෙනවා. පිටු 59ක් පුරා ගලා යන මේ ගී ඔයාලට සරසවි දිවිය ගැන ලස්සන චිත්‍රයක් ඇදලා පෙන්නාවි. එක එක සරසවි වලින් එකතු කරගත් ගී වෙන වෙනම දක්වන්න උත්සාහ ගත්තා. ඒත් සමහර ගී ඒ විදියට වෙන් කරන්න අමාරු වුන නිසා ඒ ගී ටික වෙනමම දක්වලා ඇති. පහතින් තියෙන්නේ ගී වර්ග කරන්න යොදාගත්ත සරසවි කිහිපය. මීට වඩා ගොඩක් කවි තියෙනවා. පුළුවන් විදියට මේ එකතුව ඉදිරියේදී යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.
1. කැළණිය සරසවිය
2. කොළඹ සරසවිය
3. ජයවර්ධනපුර සරසවිය
4. පේරාදෙණිය සරසවිය
5. මොරටුව සරසවිය
6. රුහුණු සරසවිය
7. වයඹ සරසවිය
8. විවෘත සරසවිය
9. තවත් සරසවි කුරුටු ගීත
මේ එකතුවේ නැති ගී ඔයාලා දන්න විදියට පහලින් ලියලා යන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙනවා. එහෙනම් ඉතින් Like එකක් දාලා පොඩි හෙල්ප් එකකුත් දීලා මේ එකතුව Download කරගන්නකෝ. සම්පූර්ණ එකතුව 20MB තියෙනවා.
Download
Password: lessoninshort

Monday, November 11, 2013

“සරසවි කුරුටු ගී එකතුව”ට පෙර වදනක් (Sarasavi Kurutu Gee Collection)

15956_223421161420_655336420_4647816_2957193_nසරසවි කුරුටු ගීය, සරසවියකට පා තැබූ ඕනෑම අයෙකුගේ කන වැකුණු වදනක් වේ. මේ සරසවි කුරුටු ගීයෙන් මතු වන්නේ සරසවියේ ඉගෙනුම ලබන සරසවි මානව, මානවිකාවන්ගේ හදවතේ පදවැලයි. සිතට දැනෙන දුක, සතුට තම හදවතේ රාවය පද වලට පෙරලන්නට මොවුනට වැඩි වේලාවක් ඕනෑ නොවේ. එම සිතුවිලි පද වලට පෙරලී ඇති අපූරුව මනරම්‍ය. සීගිරි කැටපත් පවුරේ ගී ලිව්වෝ මුතුන් මිත්තන්ය. සරසවි කුරුටු ගීය ලිව්වෝ අප සහෝදර සහෝදරියන්ය. කැටපත් පවුරක ලියැවුන ගීයට වඩා වෙනසක් මෙහි දක්නට ඇත. එනම් මේ ගී ලියවෙන්නේ දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක වීමයි. මේ කොතැනක වුව ලියැවුණු කුරුටු ගීය සරසවි ජීවිතයේ යථාර්ථය පිළිඹිබු කරනා කැටපතක් වේ. 15956_223421121420_655336420_4647809_393923_n

මේ ගීත වල මුල් කතෘ නිර්නාමික ද, නිර්මාණ පොදු නිසාද ඊටත් වඩා මෙම කුරුටු ගීත සීගිරි ගී මෙන් ප්‍රසිද්ධ විවෘත නිර්මාණ නොවන හෙයින්ද මේවා දැකීම විරළය. සන්දර්භයන් අව්‍යාජ නිර්මාණශීලී අනන්‍ය සහ යථාර්ත නිමැවුම් වේ. මෙමගින් විවිධ සමාජ සහ මානසික මට්ටම් වල සෙවනැල්ලක් ඔබට දැක ගත හැකි වනු ඇත. පත පොත, බඩු කෑලි, පිකටින්, ආතල් සහ ලෙක්චර්ස් සමග ගතවන නිදහස් කෙළිලොල් සුහුඹුල් යව්වනයේ දැක්ම මෙම ගීත තුලින් දැකිය හැකිවනු ඇත.

සරසවි කුරුටු ගී වල තියෙන විශේෂත්වය තමා සරලව ඒත් අව්‍යාජ ව තමන්ගේ හිතේ තියෙන සිතුවිලි අනිත් කෙනාගේ හිත සසල වෙන විදිහට ලියලා තිබීම. මෙවන් ගීත කලාවක් නොනැසී පවත්වාගත යුතු වේ. එහෙත් සරසවිය තුලටද තරඟකාරීත්වයේ හෙවැනැළි පතිතවෙද්දී මේ ගී කලාව රැක ගැනීමට යමක් කලයුතුව ඇත.

මේ ගීත සොයාගන්න උදව් වූ සැමටත්, අන්තර්ජාලයෙන් හමුවූ ලිපි වල කතුවරුන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මේ ගීතවල අයිතිය ඒ ගීත නිර්මාණය කල නිර්මාණකරුවන් සතුවන අතර ඒ ගීත එක තැනකට එක්කරන්නට පමනක් ගත් පුංචි උත්සාහයක් තමයි මේ දිගහැරුම.15956_223421091420_655336420_4647807_4661714_n

පෙර කලේ කරපු අකුසල් වල අපල
මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා
මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා
එමු රාලේ ගොසින් පේපර් එක ලියලා

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජා ගඟ වේවා
බෝංචි මුදලාලි අජරාමර වේවා

ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැත සරසවි වැසී ඇත

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය

අල්ලට සිඟාවත් දෙවරුව පාන්   කකා
පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්‍රෑම" කුමට බී.ඒ අකුරු දෙක    තකා

නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා

15956_223421056420_655336420_4647804_7192316_n

විභාගෙ අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඇය ලඟ
එම නිසා
විභාගෙ ඇය ලඟ

නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා

මම බාලේ සිට අකුරට ලොබ බැන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා

13328136352096268110713නොහඩන් සරසවිය සලමින් කදුළු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට

සූරා කමින් සුළු පිරිසක් විදිති සැපා
වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා
ඉල්ලමි ඉල්ලීමක් නැමද දෙපා
වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා

මෙවන් වූ අලංකාර සරසවි කුරුටු ගී 232ක් රැගත් සරසවි කුරුටු ගී පොතක් ලෙසින් ඔබ හමුවට, ළඟදීම…

Untitled-1

Saturday, November 2, 2013

වියරුව හා රාගය - Game of Thrones - Season 1 - All Episodes ඩවුන්ලෝඩ් කරගන්න එන්න

ගොඩක් අය දන්න දෙයක් තමයි ලඟදිම හිරු ටීවී(Hiru TV) එකේ Game of Thrones කතාමාලාවGame-of-Thrones-Season-3-HD-Wallpaper පෙන්නනවා කියන එක. ඒත් කතාව ගැන දන්න අය දන්නවනේ ඒ කතාවේ සමහර කොටස් කොටු දාලවත් පෙන්නන්න බැරි බව. කතාමාලාව පුරාම සෑම කොටසකම මේ වගේ අයින් කරන්න වෙන දර්ශන අඩුම තරමින් දෙක තුනක්ම තියෙනවනේ. කතාවේ මේ කොටස් අයින් කරාම කතාවේ ගලායෑම එතරම් රසවත් වෙන එකක් නෑ. ගොඩක් දෙනෙක් කියලා තිබුනා ඒ නිසාම මේ කතාව බලන්නේ නෑ කියලා. කවුද කැමැති කොටස් කපපු කතාවක් බලන්න.

ඉතින් ඒ නිසාම කලින් මර්ලින් කතාවේ සියලුම Seasons අරගෙන ආව වගේ මේ පාරත් Game of Thrones කතාවේ සීසන්ස්වල සියලුම කොටස් අරගෙන ආව ඔයාලට. පහලින් තියෙන එකින් එක ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ කතා Online බලන්න.

මේ කතා Download කරගන්න ඕන නම් ඒ කරන විදියත් කියන්නම්කෝ. Game of Thrones - Season 1 Download කරගන්න ඔයාලට Internet Download Manager(IDM) වගේ Software එකක් ඕන වෙනවා. IDM ඕපන් කරගෙන පහල ලින්ක් වලට ගිහින් කතාව Play වෙන්න දාන්න. එතකොට ඔයාලට පහලින් පේනවා වගේ Button එකක් පෙන්නාවි.

image

ඒ Button එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් වීඩියෝ Download කරගන්න. දැන් ඉතින් වැඩ පටන්ගන්න එහෙනම්. ඔයාලට ලේසි වෙන්න එක එක කොටසට කොච්චර මෙගාබයිට් ගානක් යනවද කියලත් මම දාලා තියෙනවා.

Game of Thrones Season 1 Episode 1 – Winter Is Coming

Game of Thrones Season 1 Episode 2 – The Kingsroad

Game of Thrones Season 1 Episode 3 – Lord Snow

Game of Thrones Season 1 Episode 4 – Cripples, Bastards, and Broken Things

Game of Thrones Season 1 Episode 5 – The Wolf and the Lion

Game of Thrones Season 1 Episode 6 – A Golden Crown

Game of Thrones Season 1 Episode 7 – You Win or You Die

Game of Thrones Season 1 Episode 8 – The Pointy End

Game of Thrones Season 1 Episode 9 – Baelor

Game of Thrones Season 1 Episode 10 – Fire and Blood

ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ ෆයිල් ටික Rename කරගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වීඩියෝ ෆයිල් වල Size එක සහ එක එකක කාලය.

image

2013-latest-game-of-thrones-wallpaperGame-of-Thrones-Cast-Wallpaper-1-image-credit-GameofThronesWallpaper.com_

ඔයාලා වගේම මේ කතාව බලන්න ආසාවෙන් ඉන්න අනිත් අයටත් මේ ගැන කියන්න මේ පෝස්ට් එක Share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

Related Posts Plugin for WordPress, Blogger...