පාඩමක් කෙටියෙන්... Lesson in Short...
අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page
ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.
පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group
යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.
අපේ Twitter පිටුව
එන්න, අපිව Follow කරන්න.
අපේ Google + පිටුව
එන්න, අපිත් එක්ක එකතු වෙන්න.
Wednesday, May 14, 2014
Wednesday, November 27, 2013
ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? How to Download Facebook Photo Album…
ෆේස්බුක් එකේ අපි ෆොටෝ දාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකින් එක විධියක් තමයි ඇල්බම් එකක් විධියට Upload කරන එක. ඒ විදියට ෆොටෝ දැම්මම අපිට පුළුවන් වෙනවා එකම Event එකක ෆොටෝ එකම තැනක ඉදන් බලන්න. ඒ වගේම Like කරන්න. ෆේස්බුක් ගැන දන්න ඕනම කෙනෙක්ට Facebook Photo Album ගැන අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ.
ඒත් ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ Download කරගන්න පුළුවන් එකින් එක. ඒ කියන්නේ ෆොටෝ 500ක ඇල්බම් එකක් Download කරගන්න 500 සැරයක් ක්ලික් කරන්න ඕන කියන එකනේ. ඒ නිසාම කවුරුවත් කැමැත්තෙන් ෆොටෝ ඇල්බම් Download කරන්න උත්සාහ ගන්නේ නෑ.
ඒත් අපි කැමැත්තෙන්ම ඉන්න ෆොටෝ ඇල්බම් එකක් Download කරගන්න ඕන උනාම කොච්චර කට්ටක් කන්න වෙනවද? ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා ෆොටෝ ඇල්බම් එකම එක පාර Download කරගන්න.
ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැන ඉදලා ඇල්බම් එකක් Download කරන තැනට පියවරෙන් පියවර පහලින් තියෙනවා.
1. ෆේස්බුක් එකට ලොග් වුනාම ඔයාලට මේ වගේ කොටසක් පේන්න තියෙනවනේ. ඒකෙන් “Add Photos/Video” උඩ ක්ලික් කරාම ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැනට යන්න පුළුවන්.
2. “Create Photo Album” කියන තැන ක්ලික් කරන්න. එතකොට අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ Select කරන්න වෙනම Window එකක් Open වෙයි. එතනින් ගිහින් ඔයාලට ඕන ෆොටෝ ටික Select කරලා Open ක්ලික් කරන්න.
3. දැන් තියෙන්නේ Album එකට සුදුසු නමක් හා විස්තරයක් දාන්න.
4. Upload වෙලා ඉවර වුනාම පහලින් මේ වගේ පෙනේවි. එතනින් අපිට පුළුවන් තවත් Customize කරන්න.
5. දැන් “Post Photos” උඩ ක්ලික් කරන්න.
ඔයාලා දැන් ඇල්බම් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ එහෙම හදපු ඇල්බම් එකක්. (මෙතනින්) අපි බලමු කොහොමද ඇල්බම් එක Download කරගන්නේ කියලා.
මේකට අපිට Google Chrome සහාය අවශ්‍ය වෙනවා.
6. Open කරන්න Google Chrome Browser එක.
7. මෙන්න මේ ලින්ක් එකට යන්න. මේ ලින්ක් එකෙන් ගිහින් Addon එක Add කරගන්න.
8. මේ ඇඩෝන් එක ඇඩ්කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ෆේස්බුක් ඇල්බම් Download කරගන්න. ඒකට ඔයාලා Download කරගන්න ඕන Album එකට යන්න ඕන. ගියාම උඩ Address බාර් එකේ පොඩි කොටුවක් පෙන්නාවි. “FAD” කියලා පෙන්නන කොටුව ඔයාලට පෙනේවි දකුණු පැත්ත කෙළවරේම.
9. ඒක උඩ ක්ලික් කරන්න. ඕපන් වෙන ටැබ් එකේ ටිකක් පහලින් ඇති “Load All Pictures” කියලා. ඒක ක්ලික් කරලා ඔක්කොම Pictures Show කරන්න.
10. දැන් උඩ තියෙන “Zip Download” උඩ ක්ලික් කරන්න.
11. දැන් “Generate File” උඩ ක්ලික් කරාම zip ෆයිල් එකක් විදියට Download වෙන්න පටන් ගන්නවා.
12. අන්තිමට Save කරන්න තැනක් දෙන්න.
13. 7zip වගේ Software එකක් භාවිතයෙන් UN-Zip කරන්න.
14. ෆෝල්ඩර් එක Open කරලා බලන්න. ඔක්කොම Pictures ටික Download වෙලා ඇති.
Tuesday, November 19, 2013
“සරසවි කුරුටු ගී 232ක්” PDF ඩවුන්ලෝඩ් කරගන්න එන්න. (පිටු 59, 20MB)
2. කොළඹ සරසවිය
3. ජයවර්ධනපුර සරසවිය
4. පේරාදෙණිය සරසවිය
5. මොරටුව සරසවිය
6. රුහුණු සරසවිය
7. වයඹ සරසවිය
8. විවෘත සරසවිය
9. තවත් සරසවි කුරුටු ගීත
Monday, November 11, 2013
“සරසවි කුරුටු ගී එකතුව”ට පෙර වදනක් (Sarasavi Kurutu Gee Collection)
සරසවි කුරුටු ගීය, සරසවියකට පා තැබූ ඕනෑම අයෙකුගේ කන වැකුණු වදනක් වේ. මේ සරසවි කුරුටු ගීයෙන් මතු වන්නේ සරසවියේ ඉගෙනුම ලබන සරසවි මානව, මානවිකාවන්ගේ හදවතේ පදවැලයි. සිතට දැනෙන දුක, සතුට තම හදවතේ රාවය පද වලට පෙරලන්නට මොවුනට වැඩි වේලාවක් ඕනෑ නොවේ. එම සිතුවිලි පද වලට පෙරලී ඇති අපූරුව මනරම්‍ය. සීගිරි කැටපත් පවුරේ ගී ලිව්වෝ මුතුන් මිත්තන්ය. සරසවි කුරුටු ගීය ලිව්වෝ අප සහෝදර සහෝදරියන්ය. කැටපත් පවුරක ලියැවුන ගීයට වඩා වෙනසක් මෙහි දක්නට ඇත. එනම් මේ ගී ලියවෙන්නේ දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක වීමයි. මේ කොතැනක වුව ලියැවුණු කුරුටු ගීය සරසවි ජීවිතයේ යථාර්ථය පිළිඹිබු කරනා කැටපතක් වේ.
මේ ගීත වල මුල් කතෘ නිර්නාමික ද, නිර්මාණ පොදු නිසාද ඊටත් වඩා මෙම කුරුටු ගීත සීගිරි ගී මෙන් ප්‍රසිද්ධ විවෘත නිර්මාණ නොවන හෙයින්ද මේවා දැකීම විරළය. සන්දර්භයන් අව්‍යාජ නිර්මාණශීලී අනන්‍ය සහ යථාර්ත නිමැවුම් වේ. මෙමගින් විවිධ සමාජ සහ මානසික මට්ටම් වල සෙවනැල්ලක් ඔබට දැක ගත හැකි වනු ඇත. පත පොත, බඩු කෑලි, පිකටින්, ආතල් සහ ලෙක්චර්ස් සමග ගතවන නිදහස් කෙළිලොල් සුහුඹුල් යව්වනයේ දැක්ම මෙම ගීත තුලින් දැකිය හැකිවනු ඇත.
සරසවි කුරුටු ගී වල තියෙන විශේෂත්වය තමා සරලව ඒත් අව්‍යාජ ව තමන්ගේ හිතේ තියෙන සිතුවිලි අනිත් කෙනාගේ හිත සසල වෙන විදිහට ලියලා තිබීම. මෙවන් ගීත කලාවක් නොනැසී පවත්වාගත යුතු වේ. එහෙත් සරසවිය තුලටද තරඟකාරීත්වයේ හෙවැනැළි පතිතවෙද්දී මේ ගී කලාව රැක ගැනීමට යමක් කලයුතුව ඇත.
මේ ගීත සොයාගන්න උදව් වූ සැමටත්, අන්තර්ජාලයෙන් හමුවූ ලිපි වල කතුවරුන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මේ ගීතවල අයිතිය ඒ ගීත නිර්මාණය කල නිර්මාණකරුවන් සතුවන අතර ඒ ගීත එක තැනකට එක්කරන්නට පමනක් ගත් පුංචි උත්සාහයක් තමයි මේ දිගහැරුම.
පෙර කලේ කරපු අකුසල් වල අපල
මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා
මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා
එමු රාලේ ගොසින් පේපර් එක ලියලා
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජා ගඟ වේවා
බෝංචි මුදලාලි අජරාමර වේවා
ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැත සරසවි වැසී ඇත
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය
අල්ලට සිඟාවත් දෙවරුව පාන් කකා
පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්‍රෑම" කුමට බී.ඒ අකුරු දෙක තකා
නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා
විභාගෙ අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඇය ලඟ
එම නිසා
විභාගෙ ඇය ලඟ
නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා
මම බාලේ සිට අකුරට ලොබ බැන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා
නොහඩන් සරසවිය සලමින් කදුළු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට
සූරා කමින් සුළු පිරිසක් විදිති සැපා
වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා
ඉල්ලමි ඉල්ලීමක් නැමද දෙපා
වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා
මෙවන් වූ අලංකාර සරසවි කුරුටු ගී 232ක් රැගත් සරසවි කුරුටු ගී පොතක් ලෙසින් ඔබ හමුවට, ළඟදීම…
Saturday, November 2, 2013
වියරුව හා රාගය - Game of Thrones - Season 1 - All Episodes ඩවුන්ලෝඩ් කරගන්න එන්න
ගොඩක් අය දන්න දෙයක් තමයි ලඟදිම හිරු ටීවී(Hiru TV) එකේ Game of Thrones කතාමාලාව පෙන්නනවා කියන එක. ඒත් කතාව ගැන දන්න අය දන්නවනේ ඒ කතාවේ සමහර කොටස් කොටු දාලවත් පෙන්නන්න බැරි බව. කතාමාලාව පුරාම සෑම කොටසකම මේ වගේ අයින් කරන්න වෙන දර්ශන අඩුම තරමින් දෙක තුනක්ම තියෙනවනේ. කතාවේ මේ කොටස් අයින් කරාම කතාවේ ගලායෑම එතරම් රසවත් වෙන එකක් නෑ. ගොඩක් දෙනෙක් කියලා තිබුනා ඒ නිසාම මේ කතාව බලන්නේ නෑ කියලා. කවුද කැමැති කොටස් කපපු කතාවක් බලන්න.
ඉතින් ඒ නිසාම කලින් මර්ලින් කතාවේ සියලුම Seasons අරගෙන ආව වගේ මේ පාරත් Game of Thrones කතාවේ සීසන්ස්වල සියලුම කොටස් අරගෙන ආව ඔයාලට. පහලින් තියෙන එකින් එක ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ කතා Online බලන්න.
මේ කතා Download කරගන්න ඕන නම් ඒ කරන විදියත් කියන්නම්කෝ. Game of Thrones - Season 1 Download කරගන්න ඔයාලට Internet Download Manager(IDM) වගේ Software එකක් ඕන වෙනවා. IDM ඕපන් කරගෙන පහල ලින්ක් වලට ගිහින් කතාව Play වෙන්න දාන්න. එතකොට ඔයාලට පහලින් පේනවා වගේ Button එකක් පෙන්නාවි.
ඒ Button එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් වීඩියෝ Download කරගන්න. දැන් ඉතින් වැඩ පටන්ගන්න එහෙනම්. ඔයාලට ලේසි වෙන්න එක එක කොටසට කොච්චර මෙගාබයිට් ගානක් යනවද කියලත් මම දාලා තියෙනවා.
Game of Thrones Season 1 Episode 1 – Winter Is Coming
Game of Thrones Season 1 Episode 2 – The Kingsroad
Game of Thrones Season 1 Episode 3 – Lord Snow
Game of Thrones Season 1 Episode 4 – Cripples, Bastards, and Broken Things
Game of Thrones Season 1 Episode 5 – The Wolf and the Lion
Game of Thrones Season 1 Episode 6 – A Golden Crown
Game of Thrones Season 1 Episode 7 – You Win or You Die
Game of Thrones Season 1 Episode 8 – The Pointy End
Game of Thrones Season 1 Episode 9 – Baelor
Game of Thrones Season 1 Episode 10 – Fire and Blood
ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ ෆයිල් ටික Rename කරගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වීඩියෝ ෆයිල් වල Size එක සහ එක එකක කාලය.
ඔයාලා වගේම මේ කතාව බලන්න ආසාවෙන් ඉන්න අනිත් අයටත් මේ ගැන කියන්න මේ පෝස්ට් එක Share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.
Wednesday, October 30, 2013
“ආදරය ගීතයක් වූ කල.. එම ගීතය තුලින් ආදරණීය කතාවක් උපදී.. එම ආදරණීය ගීතයේ කතාව සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) නම් විය”
ජයන්ත චන්ද්‍රසිරි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයට ඉදිරිපත් කරන ලද නවතම නිර්මාණය, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) පිළිබඳව සටහනක් තැබීම සුදුසුයැයි සිතුණකල එය මෙසේ වචන වලට පෙරලා ඔබ හමුවේ තබමි.
මේ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඔහු, ගරිල්ලා මාර්කටිං(2005), අග්නිධාරා(2002) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ලාංකීය ජනහද තුල සටහන්ව ඇත. ඒ විශිෂ්ට කලාකරුවාගේ නවතම නිර්මාණයයි, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya, 2013). අද වන විට මේ කලා නිර්මාණයට IMDb අගය 7.4ක් ලැබී ඇත. එමගින් මේ නිර්මාණය ගැන මනා වැටහීමක් ලබාගත හැකිවනු ඇතැයි සිතමි. සමනල සංධ්වනිය ලියැවුනේද ජයන්ත චන්ද්‍රසිරි අතිනි. මෙහි සාර්ථකත්වය සදහා එයද මහත් පිටුවලක් වන්නට ඇත.
යසෝධා විමලධර්ම, උද්ධික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, විල්සන් ගුණරත්න, පුන්සිරි දයාරුවන්, බුද්ධදාස විතානාච්චි, රොජර් සෙනවිරත්න, චතුරිකා පීරිස් වැනි දක්ෂ නළුනිළි කැලකගේ දායකත්වයට උරුමකම් කියන සමනල සංධ්වනිය, ගීතයෙන් ආරම්භ වී ගීතයෙන්ම අවසාන වන තෙක් සුන්දර රූ පෙළක් ගෙනහැර දක්වයි. දර්ශනය ආරම්භ වූ 2013 ඔක්තෝබර් 04 වනදා සිට අද වන තෙක් ජනතා ප්‍රසාදයට පත් මේ කළා කෘතිය මේ ආකාරයෙන් තවත් දිගු කාලයක් සිනමාහල් ආක්‍රමණය කරනු ඇත.
සංගීතාත්මක චිත්‍රපටයක් වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) සංගීතය හදාරණ වාදීෂ දේවමින්ද වික්‍රමනායක නම් වූ ඉහළ කලාකාමි අදහස් පිරුණු සංවේදී ළමයා දෙසින් ආරම්භය ගෙන ඔහුගේ ජීවන ගමනට ආදරය හා කළාව බැදීම ගෙනහැරපායි. අහම්බෙන් අතට පත්වන වෙනත් පෙම්වතියකගේ ආදර හසුනක් වාදීෂගේ ජීවිතය ආදරයේ බැදතබයි. පුණ්‍යා නම් වූ වාදීෂට වඩා වැඩිමල් වියේ පසුවූ එම ආදරවන්තිය ලියූ ලියමනට වාදීෂ ආකර්ශනය වේ. කිහිප අවස්ථාවකදීම මෙම ලියමන ලබාදීමට තැත්කලද එය ලබාදීමට නොහැකිවූ තැන එය ඔහුගේම ගීතය බවට පෙරලේ.
“ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....
හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...”
මේ ආදර හසුන ඔහුගේ අයියා ගත් පසු මතකයෙන් ඒ හසුන පලාගියද, ඔහුගේ හිතේ තිබූ තෙත්බව, ආදරය ඔහුගෙන් ඈත් වන්නේද නොසිතන අයුරින්. මේ අතර වාරයේ වාදීෂ තමන්ට ප්‍රේම කරන තම මිතුරියට පිළිතුරු දෙන්නටද ගීතය නම් වූ සොදුරු මාධ්‍ය යොදාගන්නවා. ඒ මෙන්න මේ ආකාරයටයි.
“මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……
පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ……
දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්…...”
පාසලෙන් පසු, වසර විස්සක් පුරා නව ගීත, සංගීත ප්‍රදර්ශන ගෙනෙමින් ඔහු ගතකරනුයේ බේබදු චරිතයක්. ආදරය නැති තැන්හි සතුටද පලායයි, ඔහුගේ බිරිය හා දුවණිය මොහුගේ හැසිරීමෙන් දුකට පත්වන ආකාරයත්, නැවත ඒ ආදරය ලැබෙන ආකාරයත් මනාව ගලපා ඇත්තේ ඇසට කඳුළක් එක් කරවමිනි. ඒ උපන්දින සාදය වාදීෂට කිසිදා අමතක නොවනු ඇති. තමන්ගේ අයියගෙන් ලද ඒ තෑග්ග ඔහුට මහා පුදුමයක්. කතාව මේ ආකාරයෙන් ගැලපවූ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ සොදුරු මිනිසාට උත්තමාචාරය.
ආදරය කිසිදා වෙනස් නොකල ඒ ගැහැණිය, නමින් පුණ්‍යා වේ. සංගීතය ජීවිතය කරගත් ඒ ශිෂ්‍යයා වාදීෂ නම් වේ. ඔබ නැරඹිය යුතු ඒ කතා පුවත.. සමනල සංධ්වනිය(Samanala Sandhwaniya), ඔබට ජීවිතයත්, ආදරයත් කියාදෙනු ඇත. ඒමන්දයත්,
“පිරිමින්ගේ ආදරය ඔවුන්ගේ ජීවිතයේ කොටසකි.
එහෙත් එය, ස්ත්‍රීන්ට මුළු මහත් ජීවිතයමය.”
අවසන, වාදීෂට සෑම වසරකම මාර්තු 07 වෙනිදා අමතක කලයුතු උවද පුණ්‍යා නම් වූ පෙම්වතියට/ බිරියට එම දිනය ජීවිතයේ වැදාගත්ම දිනය වනු ඇත. ඇය සෑම වසරකම මාර්තු 07 නුවර කුමාරි මල් වත්තේ බංකුවකට වී බලා හිදිනු ඇත……
Ikigasaa Handana Athithayaka
Kadulu akka ganudenu karana
Mata Magema Nowana Magema adarayak thibuna ....
ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....
Maage Sihina Madure
Wisal sihina athare
obe sihina de nam
ragena yanna eewa
මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……
Gagana sarannata kiya
sindunu aththatu handai
dirapath kola thibe
Vidapath man wage
ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ
මේ ආදරයේ කතාවයි. ඔබත් නැරඹිය යුතු ඒ කතාව සමනල සංධ්වනියයි.
Sunday, September 15, 2013
Merlin all 5 Seasons Download. මර්ලින් කතාමාලා 5ම එකම තැනකින් ගන්න එන්න.
අද කියන්න යන්නේ මෙතෙක් කල් දමපු ලිපිවලින් ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු Merlin කතා මාලාව ගැන. මෙතෙක් කාලයක් ඔයාලට මේ කතාව අරගෙන ආවේ මට ඉඩක් ලැබුන හැටියෙමනේ. ඒ නිසා හමහර කොටස් ඔයාලට මඟ ඇරිලත් ඇති. ඒ නිසා Season පහම එකම ලිපියකින් දෙන්න හිතුවා.
මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ලේසියෙන්ම Merlin බලන්න එන්න.
Season 01 - Merlin කතාව Download කරගන්න
Season 02 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.
Season 03 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.
Season 04 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.
Season 5 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.
Sunday, September 8, 2013
කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.
මේ අරගෙන ආවේ Merlin අවසාන කතා මාලාව. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…
කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.
අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ සිව්වැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…
Saturday, September 7, 2013
කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.
අද දවසේ මේ අරගෙන ආවේ Merlin කතාමාලාවේ තෙවැන්න. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. ඒ නිසාම ඉතුරු Seasons ටිකත් ඉක්මනටම අරගෙන එන්නම්. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…




