පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label Marriage. Show all posts
Showing posts with label Marriage. Show all posts

Friday, June 5, 2015

බදින්නද ඉන්නේ? එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට

බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට

බදින්න ඉන්න හැමෝගෙම සුන්දර හීනයක් තමයි මංගල දිනය ලස්සනට ගන්න එක. ඉතින් මාස ගානක ඉදලා Plan කරනවා. දැන් වෙනකොට නම් මේ මංගල දිනය කියන්නේ අලුත්ම කලාත්මක අංගයක් වෙලා. බදින්න කලින් ෆොටෝ ගන්නවා, වීඩියෝ හදනවා, ලස්සනම මංගල පෝරුවක් ගන්නවා, මංගල දිනේ උදේ පාන්දර වගේම එදා හවසත් ෆොටෝ ගන්නවා, දෙවෙනි දවසත් එහෙමයි. එදාටත් උදේයි හවසයි දෙකේම ෆොටෝ ගැනිල්ල තමයි.

ඉතින් මේ ෆොටෝ ගන්න වැඩේට මංගල්‍යයේ වියදමින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වෙනවා. ඒත් මතකයට ඉතුරුවෙන්න යමක් තියෙන්න ඕන නිසා අත දිගෑරලා වියදම දරනවා ෆොටෝ ගන්න. ෆොටෝග්‍රැෆ්ර් දක්ෂ නම් වැඩේ ගොඩ. මෙතෙන්දි දක්ෂතාවය කියන්නේ එයාගේ පළපුරුද්ද, අදහස් වගේ දේවල්. ඉතින් කොච්චර වියදම් කරත් හොද අදහස් නැත්නම්, පළපුරුද්දක් නැත්තන් වියදම අපරාදේ. ඉතින් මොකද කරන්නේ?

 

මේකයි අදහස. නරක්ද ෆොටෝ ගන්න වැඩේ අපිම කරගත්තොත්? දෙපාරක් හිතන්න වෙන ප්‍රශ්නයක් වගේ නේද? ලොකුම ප්‍රශ්නේ කෝ අපිට හොද කැමරාවක්? කෝ අදහස්? කෝ පළපුරුද්ද?

 

ඕනකමක් තියෙනවානම් මේ හැම දේකටම උත්තර තියෙනවා කියලයි මම හිතන්නේ. අපි කීයක් විතර වියදම් කරනවද ඔය ෆොටෝ ගන්න වැඩේට? 15000ක්? 25000ක්? 50000ක්? අන්තිමට අපිට ෆොටෝ ටික විතරයි. නරකද ඔය ගානෙන් හොඳ කැමර් එකක් ගත්තොත්? ඊට පස්සේ මැරෙනකන් හරි ෆොටෝ ගන්න පුලුවන්නේ.

 

ඊළඟ අවුල තමයි කෝ අපිට අදහස්? නරකද පොඩ්ඩක් නෙට් එකේ Search කරොත්? අදහස් නම් ඕන තරම්. අනික අපිට ඕන අදහසක් තෝරගන්න පුළුවන්. අරකයි, මේකයි, කතා නෑ.

 

කෝ පළපුරුද්ද? වෙඩිම අද හෙට නම් ටිකක් අමාරුයි තමා. නැත්තං පුරුදුවෙන්න පුලුවන්නේ. Tutorial ඕන තරම් නෙට් එකේ. Photoshop ටිකක් දැනගන්නත් ඕන.

 

ඔය උඩින් කිව්වේ අදහසක් විතරයි. නිකන් හිතල බලන්න. ඒ ගමන්ම පහල තියෙන අමුතුම අදහස් ටිකත් බලාගෙන ඔයාලගේ අදහසත් Comment කරලම යමු.

බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (1)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (2)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (3)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (4)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (5)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (6)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (7)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (8)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (9)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (10)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (11)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (12)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (13)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (14)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (15)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (16)බදින්නද ඉන්නේ එහෙමනම් මේක වැදගත් වෙයි ඔයාට (17)

Related Posts Plugin for WordPress, Blogger...