පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Wednesday, May 6, 2015

වීදුරු බෝතල් ඇතුලේ කැරකෙන වෙසක්කූඩු

සාමාන්‍යයෙන් වෙසක් කූඩුවක් කියන්නේ උණබට අරගෙන හදන නිර්මාණයක්. ඒත් අද උණබටවලට තිබුණු තැන නැතිවෙලා ගිහිල්ලා අලුතින් ආපු යකඩ කූඩු, ප්ලාස්ටික් කූඩු නිසා. ඒ වගේ අවස්ථාවක මේ කියන්න යන්නේ ගොඩක් මහන්සි වෙලා හදපු වීදුරු බෝතල් කූඩු ගැන.

මෙවර වෙසක් මංගල්‍යය වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය තුල මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. මේ නිර්මාණ කරලා තියෙන්නේ ජී. කේ. විමලසේන මහතා. මේ වෙනුවෙන් කල කැපකිරීම, ඉවසීම අපි අගය කල යුතුමයි.

ක්‍රීඩාංගණය සදහා යන වියදම් සහ අනෙකුත් වියදම් වෙනුවෙන් ටිකට්පතකුත් තියෙනවා. වැඩිහිටියන්ට රුපියල් 40කුත් ළමයින්ට රුපියල් 20කුත් ගන්නවා මේ ප්‍රදර්ශනය බලන්න.

බුදුරුව සහිත රැස්මාලාව

P1260062දින 15ක් ගතවෙලා තියෙනවා මේ නිර්මාණයට. බුදුරුව වටා රැස්මාලාවක් කැරකෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ. රැස්මාලාව විදුලි බුබුලු වලින් ආලෝකමත් කරලා තියෙන්නේ.

පිරිත් මණ්ඩපය

P1260063P1260065මාස දෙකක මහන්සියේ ප්‍රතිඵලයක් විදියටයි මේ නිර්මාණය අවසන් වෙන්නේ. සම්පූර්ණ පිරිත් මණ්ඩපයම විදුලි බුබුලු වලින් ආලෝකමත්. ඒ වගේම මණ්ඩපය බෝතලය ඇතුලේ කැරකෙනවා.

සත් සතිය

P1260067P1260066
මේ පහන් කූඩුව පරිවාර කූඩු 24ක් හා විදුලි බුබුලු 185කින් සමන්විතයි. මෙය ජනාධිපති සම්මානයට පාත්‍රවූ පහන්කූඩුවක්. මාස 6ක් විතර ගිහින් තියෙනවා මේක නිර්මාණයට.

ලෝක ප්‍රසිද්ධ ස්වේදගෝන් චෛත්‍යය

P1260069P1260073
රන්වියන සහිත පත්තිරිප්පුව

P1260074P1260076දෙමසක මහන්සියේ ප්‍රතිඵල. විදුලි බුබුලින්, අලංකාර හැඩයෙන්, වර්ණයෙන් සුන්දර නිර්මාණයක්.

ශ්‍රී ලංකාවේ කුඩාම පහන් කූඩුව

P1260077P1260078
උස මිලිමීටර් 17යි. පරිවාර කූඩු 16යි. මාස එකහමාරක් දිරාපත් වෙන දේවල් එක්ක කරපු සටනක අවසාන ප්‍රතිඵලය. 5W බල්බයක් තුල මේ නිර්මාණය ඉදිවෙලා තියෙන්නේ. කුඩා වැඩි නිසා අත්කාචයක් තුලින් තමයි බලන්න ඕන.

බුද්ධ පරිනිර්වාණය

P1260085P1260087මාස 5ක මහන්සිය. පරිවාර කූඩු 16කුත් විදුලි බුබුලු 115කුත් මේ නිර්මාණය ලස්සන කරලා තියෙනවා.

පත්තිරුප්පුව

P1260088P1260089මාස 2ක් වෙහෙසිලා කරපු තවත් නිර්මාණයක්. අලංකාර විදුලි බුබුලෙන් හැඩගන්වලා.

දළදා කරඩුව රැගත් හස්තිරාජයා

P1260094P1260095මේකත් මාස දෙකක නිර්මාණයක්. කරඩුව වැඩමවන හස්තිරාජයා විදුලි අලෝකයෙන් අලංකාර කරලා තියෙනවා. බොහොමයක් වගේම මේකත් කැරකෙන නිර්මාණයක්.

තවත් නිර්මාණ

P1260101

P1260098

Saturday, May 2, 2015

බදුලු සංචාරය - සිව්වැනි දිගහැරුම (Trip to Badulla District - Part IV)

8. Adisham Bungalow

1927 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 1931 වර්ෂයේ නිම කරන ලද ඇඩිෂම් බංගලාව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ පිහිටා ඇති අගනා නිර්මාණයකි. මුලදී ඇඩිෂම් බංගලාව ලෙස නම්වූවත් පසුව එය ඇඩිෂම් බංගලාව ලෙස හදුන්වන්නට යෙදී ඇත. මෙහි මුල් අයිතිකරු වන්නේ Sir Thomas Villiersය. මෙහි සැලසුම්කරුවන් වන්නේ R. Booth සහ F. Webster යන දෙදෙනාවේ. අක්කර 10ක භූමියක ඇඩිෂම් බංගලාව පිහිටා ඇත. 1949 දී Sedawatte Millsට විකුණන ලද බංගලාව පසුව 1961 දී රෝමානු කතෝලික පල්ලියක් මගින් මිලට ගෙන ආරාමයක් බවට පත්කර පවත්වාගෙන යයි. ඒ අනුව බංගලාවේ ඉදිරිපස කොටස සංචාරකයන්ට විවෘතව ඇති අතර පසුපස කොටසේ ආරාමය පවත්වාගෙන යයි.

අලංකාර පරිසරයක පිහිටා ඇති ඇඩිෂම් බංගලාව දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත තවත් සංචාරක ආකර්ශනීය දිනූ ස්ථානයකි. සෙනසුරාදා, ඉරිදා, පෝය දිනයන් සහ පාසැල් නිවාඩු දින වල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පමණක් සංචාරකයන් සඳහා විවෘතව ඇත. (වැඩි විස්තර සඳහා http://www.adisham.org)

10005930_787055564717253_6861545581944422508_o10518612_787055848050558_4971029880217002806_o10942315_787055774717232_5520097792215150414_o10661755_787055654717244_4949429231572258330_o10914937_787055758050567_5143403579953350636_o10960133_787055711383905_8061244776697447942_o10960388_787055738050569_4308046015387882752_o

Friday, May 1, 2015

ඔයාගේ දිවත් දාන්නකෝ

කෝ…… දිව දාන්නකෝ….

ආ………..

images

මේ අද කියන්න යන්නේ දිව ගැන හොයාගත්ත අමුතු විස්තර ටිකක්. බලන්න මේ කියන විස්තර වලට වඩා වෙනසක් ඔයාලගේ දිවේ තියෙනවද කියලා. හිමීට කවුරුත් නැති තැනකට ගිහින් ඔයත් දිව එළියට දාලා බලන්නකෝ.

Picture111. දිගම දිවට හිමි වාර්ථාව අගල් 3.86ක්. දිවේ මුල ඉදලා, අපිට පේන්න එළියට දාන්න පුළුවන් ප්‍රමාණය.

Picture122. වැඩිම පළලකින් තිබුණු දිවේ පළල අගල් 3.1ක්.

3. සාමාන්‍යයෙන් කාන්තාවන්ට තියෙන්නේ දිගෙන් කුඩා දිවක්. වැඩිම දිග දිවක් තිබුණු කාන්තාවට අගල් 2.76ක දිවක් තිබුනලු.

4. ලොව ශක්තිමත්ම දිව තිබිලා තියෙන්නේ Thomas Blackstone කියන කෙනාට. ඒ සදහා ඔහු 24Lbs, ඒ කියන්නේ 10.8KG ඔසවගෙන ඉදලා තියෙනවා.

5. සත්ව ලෝකයේ ලොකුම දිව තියෙන්නේ නිල් තල්මසාට. ප්‍රමාණයෙන් අලියෙක් තරම් ඇති. බර 5400lbs තරම් වෙනවා.

Picture13

6. දිවට රස වර්ග 5ක් හදුනාගන්න පුළුවන්. තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස, පැණි රස සහ කහට රස ඒ රස වර්ග පහ වෙනවා.

7. දිව පිරිසිදු කිරීමෙන් රෝගාබාධ වලින් ආරක්ෂා වෙන්න හැකියාවක් තියෙනවා. හෘදයාබාධ, දියවැඩියාව වගේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

8. විවිධ හැඩ සහ ප්‍රමාණයන් නිසා රසයන් එකෙනෙකාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දිව ඇඟිලි සළකුණ හා සමානයි.

Picture14

9. දිවට අපහසුම වාක්‍ය ලෙස ගිනස් ලෝක වාර්ථාව වෙන්නේ,

“The sixth sick sheikh’s sixth sheep’s sick.”

10. දිවේ රස දැනෙන ස්ථාන 2000ක් විතර තියෙනවලු. ඒ හැම ස්ථානයකම රස දැනෙන සෛල 50ත් 100ත් අතර තියෙනවා. ඒ හැම සෛලයකටම රස වර්ග කිහිපයක් අදුනගන්න පුළුවන්. ඒත් තිත්ත රස සහ පැණි රස එකම සෛලකට එකවර අදුරගන්න හැකියාවක් නෑ.

Source

Related Posts Plugin for WordPress, Blogger...