පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Saturday, May 2, 2015

බදුලු සංචාරය - සිව්වැනි දිගහැරුම (Trip to Badulla District - Part IV)

8. Adisham Bungalow

1927 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 1931 වර්ෂයේ නිම කරන ලද ඇඩිෂම් බංගලාව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ පිහිටා ඇති අගනා නිර්මාණයකි. මුලදී ඇඩිෂම් බංගලාව ලෙස නම්වූවත් පසුව එය ඇඩිෂම් බංගලාව ලෙස හදුන්වන්නට යෙදී ඇත. මෙහි මුල් අයිතිකරු වන්නේ Sir Thomas Villiersය. මෙහි සැලසුම්කරුවන් වන්නේ R. Booth සහ F. Webster යන දෙදෙනාවේ. අක්කර 10ක භූමියක ඇඩිෂම් බංගලාව පිහිටා ඇත. 1949 දී Sedawatte Millsට විකුණන ලද බංගලාව පසුව 1961 දී රෝමානු කතෝලික පල්ලියක් මගින් මිලට ගෙන ආරාමයක් බවට පත්කර පවත්වාගෙන යයි. ඒ අනුව බංගලාවේ ඉදිරිපස කොටස සංචාරකයන්ට විවෘතව ඇති අතර පසුපස කොටසේ ආරාමය පවත්වාගෙන යයි.

අලංකාර පරිසරයක පිහිටා ඇති ඇඩිෂම් බංගලාව දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත තවත් සංචාරක ආකර්ශනීය දිනූ ස්ථානයකි. සෙනසුරාදා, ඉරිදා, පෝය දිනයන් සහ පාසැල් නිවාඩු දින වල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පමණක් සංචාරකයන් සඳහා විවෘතව ඇත. (වැඩි විස්තර සඳහා http://www.adisham.org)

10005930_787055564717253_6861545581944422508_o10518612_787055848050558_4971029880217002806_o10942315_787055774717232_5520097792215150414_o10661755_787055654717244_4949429231572258330_o10914937_787055758050567_5143403579953350636_o10960133_787055711383905_8061244776697447942_o10960388_787055738050569_4308046015387882752_o

Friday, May 1, 2015

ඔයාගේ දිවත් දාන්නකෝ

කෝ…… දිව දාන්නකෝ….

ආ………..

images

මේ අද කියන්න යන්නේ දිව ගැන හොයාගත්ත අමුතු විස්තර ටිකක්. බලන්න මේ කියන විස්තර වලට වඩා වෙනසක් ඔයාලගේ දිවේ තියෙනවද කියලා. හිමීට කවුරුත් නැති තැනකට ගිහින් ඔයත් දිව එළියට දාලා බලන්නකෝ.

Picture111. දිගම දිවට හිමි වාර්ථාව අගල් 3.86ක්. දිවේ මුල ඉදලා, අපිට පේන්න එළියට දාන්න පුළුවන් ප්‍රමාණය.

Picture122. වැඩිම පළලකින් තිබුණු දිවේ පළල අගල් 3.1ක්.

3. සාමාන්‍යයෙන් කාන්තාවන්ට තියෙන්නේ දිගෙන් කුඩා දිවක්. වැඩිම දිග දිවක් තිබුණු කාන්තාවට අගල් 2.76ක දිවක් තිබුනලු.

4. ලොව ශක්තිමත්ම දිව තිබිලා තියෙන්නේ Thomas Blackstone කියන කෙනාට. ඒ සදහා ඔහු 24Lbs, ඒ කියන්නේ 10.8KG ඔසවගෙන ඉදලා තියෙනවා.

5. සත්ව ලෝකයේ ලොකුම දිව තියෙන්නේ නිල් තල්මසාට. ප්‍රමාණයෙන් අලියෙක් තරම් ඇති. බර 5400lbs තරම් වෙනවා.

Picture13

6. දිවට රස වර්ග 5ක් හදුනාගන්න පුළුවන්. තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස, පැණි රස සහ කහට රස ඒ රස වර්ග පහ වෙනවා.

7. දිව පිරිසිදු කිරීමෙන් රෝගාබාධ වලින් ආරක්ෂා වෙන්න හැකියාවක් තියෙනවා. හෘදයාබාධ, දියවැඩියාව වගේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

8. විවිධ හැඩ සහ ප්‍රමාණයන් නිසා රසයන් එකෙනෙකාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දිව ඇඟිලි සළකුණ හා සමානයි.

Picture14

9. දිවට අපහසුම වාක්‍ය ලෙස ගිනස් ලෝක වාර්ථාව වෙන්නේ,

“The sixth sick sheikh’s sixth sheep’s sick.”

10. දිවේ රස දැනෙන ස්ථාන 2000ක් විතර තියෙනවලු. ඒ හැම ස්ථානයකම රස දැනෙන සෛල 50ත් 100ත් අතර තියෙනවා. ඒ හැම සෛලයකටම රස වර්ග කිහිපයක් අදුනගන්න පුළුවන්. ඒත් තිත්ත රස සහ පැණි රස එකම සෛලකට එකවර අදුරගන්න හැකියාවක් නෑ.

Source

Thursday, April 30, 2015

බදුලු සංචාරය - තෙවැනි දිගහැරුම (Trip to Badulla District - Part III)

6. දෝව රජ මහා විහාරය

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටි දෝව රජ මහා විහාරය පෙර රජ දවස ඉදි කරන ලද සිත් පහන් කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ නිර්මිත භෞතික පරිසරයට හානි නොවන අයුරින් විහාරාංග නිර්මාණය කොට තිබීම ය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානය මෙළෙස විහාරස්ථානයක් ලෙසට පත් වී තිබේ. (Read More)

10922270_787055071383969_2725904325836404933_o10982563_787055504717259_1804507035899199639_o10974607_787055034717306_1553242357472381692_o10974373_787055214717288_2483843489764223069_o10984521_787055154717294_2297601722599140604_o

7. දුන්හිඳ දිය ඇල්ල

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි. දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.

1614518_787054818050661_212892906448414638_o10498478_787054631384013_2341571525836621261_o10847297_787054554717354_4899212564656173658_o

Related Posts Plugin for WordPress, Blogger...