වර්ථමාන සමාජයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රී රෝද රථ භාවිතය හදුන්වන්න පුළුවන්. ලංකාවේ බොහොමයක් නගරවල මේ වාහනය සුලභ දසුනක්. ලංකාවේ හැටියට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් විධියට මේ වාහනය හැමෝම අතරම ප්‍රසිද්ධයි. අද වෙනකොට මේ වාහනය විවිධාකාරයෙන් අලංකරණය කරන්න එම රියදුරන් පෙළඹිලා තියෙනවා. වර්ණ ගැන්වීම්, විශාල බෆල් සෙට් එකක් හයිකිරීම්, අලංකාර ආලෝක පද්ධතියක් සවිකිරීම, වගේම විවිධ වැකි පිටතින් අලවා ගැනීම විශේෂයි. ඉතින් අද මේ ලිපියේ අරමුණ ඒ වැකි පිළිබඳව අවධානය යොමු කිරීම. බලන්නකෝ මේවායින් කීයක් ඔයාලා අහලා දැකලා තියෙද කියලා…
වෙලාවකට පිස්සු වගේ
වලංකාරයා මාසෙන් හදන දේ පොලුකාරයා දවසින් කඩයි
ගෑනුත් හරියට පාන් වගේ, මෙලෝ රහක් නෑ හැබැයි ගණන්
අපෙන් ළිඳ අහල නාපු එවුන් අපිට දැන් ළිඳ පෙන්නන්වා
දෙයියො දෙනකොට භූතයින්ට මළ
රම්පෙට පොරි පොකුරු පොකුරු
60ත් වයසක්ද
හක්කේ බුදුරැස් බොක්කෙ දඩ මස්
වැරදුනා මිසක් පැරදුනේ නැත
ජීවිතේ මල් මාවතේ ගල්
කළාවැවේ නිල් දියවර අපෙ අම්මා
අයියා පාතාලේ මං ඉස්කෝලේ
සැප සිංගල් දුක ඩබල්
ළඟින් ගියොත් ඇහැක් නෑ ළඟ හිටියොත් දෙකම නෑ
නීතිය නෑ ආතල් දන්නේ
වයසට ගියත් මම හවසට ගෙදර
ටකරං කාපු අපට පපඩම් කජ්ජක්ද
උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ
ඇත්තනං ඇත්ත කියහං බොරුනම් බොරු කියහං
Frame එක දිරයි.. Name එක නොදිරයි
උඩින් යන්න ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ත්‍රීවිල්වල ටයර් මිසක් තටු නෑ එන්නේ
තරුණ කාලේ ආදරය ද , වැඩිහිටි කාලේ දියවැඩියාව ද , සාමානය්‍ය දෙයකි
කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි
මට හොඳ නම් තොට මොකෝ
ඈත ඉන්න මිතුරාට වඩා ලඟ ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වන්න
මුදල් රජයන් විට සත්‍යය නිහඬවේ
සීනි දිය වුනත් ගෝනි දියනවෙන්නෑ මල්ලි
ප්‍රමාදය විනාශයට හේතුවේනම් ඉවසීමෙන් සැනසීම ලැබේ කියපු එකා කවුද
ගල්ලා චන්ඩියා වෙන්නෙ බාල ලෑල්ලෙදි පමණි
සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලේ රිලවුන්ටත් LOVE කරයි
මිණි මුතු අගෙයි හැම තැන නැති හින්දා - අපි කළු ගල්ද හැම තැන හමුවෙන හින්දා
අපිට නැතත් ගස්වල තව මල් පිපියන්
ගොළුවෙත් කථා කළා මට ඇති දාට... කථා කරපු අය ගොළුවුනා මට නැති දාට...
මට මගේ නොවුනු මගේම "ත්‍රීවිල්" එකක් තිබුනා
හදා ගන්න අරන් යන්න ඉල්ලනවා මාව, කැඩිල කියල දැන ගත්තම දාල යනව මාව
නැන්දම්මේ........ දුව දෙනවද..?
කොටියා නිදි ඇහැරවන්න එපා
අලංකාර බොරු කීමෙන් බයංකාර තොප්පි වැටේ
තිරිසන්නු වැනි මිනිසුන් අතරේ දෙවියන් වැනි මිනිසුන්ද ඇත
පාන් කෑවොත් ඔහොම්මයි
ඔබ වෙනුවෙන් නොනිඳන මිනිසා
අපි පොල් ගහට නැග්ගත් දෙබලක්
පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න
හිමිවුනු ඔබ මට අහිමි වෙලා
දියුණුවේ රහස උත්සහය මිස ඉර්ෂියාව නෙවේ
ඔයා නම් කියයි අම්මා බනින්නෙ මට නේ
රෝද තුනක් උඩ සිහින ගොඩක් ඇත
හොඳ ඇපල් කන්නෙම පනුවෝ
අතන් පයක් වගේද මල්ලි කකුලක්
තිත්තයි කියා කියා කරවිල කන්න එපා
ඇඹුලය් කිය කියා දෙහි මිරිකන්න් එපා
මුතුඇට කියා කියා ගල් අහුලන්න එපා
චරිතෙට මිසක් රූපෙට රැවටෙන්න එපා
ණය දීමෙන් මිතුරාත් මුදලත් බිරිඳත් නැතිවේ
අනේ වැඩක් බලාගෙන යනව මනුස්‍සයො යන්න
ඇයි අවුල්ද රත්තරං
ඇද්ද මල්ලි
ඵල නෙලුවට කමක්නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
බොක්කෙන් මල් කඩපුවෙලේ කොක්කකින් පොල් කැඩුවනම් මාත් අද ලොක්කෙක්
මගේ ලෝකෙ රජ්ජුරුවෝ ඔබයි තාත්තේ
ලෙඩ්ඩු පිස්සු කෙලියට ඩොක්ට පිස්සු කෙලින්නෑ
මට නුඹ විතරක් වැනිට නුඹට ඉන්නෙ මං විතරද
යාළුවනේ....
කමු බොමු ප්‍රීති වෙමු තනි තනිව බිල් ගෙවමු
ඇස්වහ නෑ කටවහ නෑ
කවි නෑ... වැකි නෑ... සීපද නෑ...
සාක්කුවෙ බ්ලේඩ්තල නෑ...
අම්මා රත්තරං ඇයි තාත්ත පිත්තලද...?
දැවටෙන්නෑ පැටලෙන්නෑ ඇතිල්ලිලා අපි යන්නෑ
අතහිත ලොකු අයියා දුන්නේ
උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ලඟ ඉන්නා.
පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද...?
ඔබ පහුවුනා නොවේ මා ඔබ පහු කළා නේද....?
සම්බුදු සරණයි එංජිම පරණයි
සුද් කකුලයි කොට සායයි හරි අවදානම්
බුදු මල්ලියේ ඈතින් වරෙන් - ලීස් එක ඉවර වුනාම රේස් යමං
පුංචිකමට දඟ කලාට ගනන් ගන්න් එපා ඔන්න්...
හයියෙන් එන්නෙ ඇරල යන්නද
පිපිච්ච මල් උනත් පැහිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට
වීල් එකේ ඉඩත් නෑ.. දාලා යන්න හිතෙන්නෙත් නෑ..
ඉගිලෙන්න තහනම් නම් දුරක්, ඇයි දුන්නෙ මට ලයි..සොන් එකක්
ලීටරේ 50 යි චාටරේ 20 යි
හදවත හොඳයි., චුට්ටක් දඟයි.
කෙල්ලෝ කපටියි. කොල්ලෝ ලපටියි.
ඇතිදා වවුලෝ එල්ලිලා කතී. නැතිදා වවුලෝ ඉගිලිලා යතී.
මිනිස්සු ගොඩයි. මනුස්සයෝ ටිකයි.
රත්තරං අම්මා තාත්තාගේ බෝනික්කී
සුදූ මොකද ඔබ ඔතරම් මලානික
කාගේ කීමකට වැටිලද මුලාවක
පෙම් ගග ඉතිරී පැතිරී යන වෙලාවට
බල බල ඉන්න දෙනවද ඔබේ ෆොටෝ එක
හිත හොද නම් කොහෙත් එකයි
ඔයා යන්න මං එන්නම් මෙයත් එක්ක
හිතන්න අමතක කරත් අමතක කරන්න හිතන්න එපා
හමේ පාට වෙනස් උනත් කදුලේ පාට එකමයි
අනේ මන්දා සුවද සබන් කොච්චර ගෑවත් සුදු නෑ
මංකල වරදට ඇයි අම්මට බනින්නේ
හදවත උණුවන පොලිස් මහත්තුරු සැමදා දෙවියන් රැක දේවා
සල්ලි වගේද නංගි අපි
සුනාමියට අහුවෙච්ච මට ගංවතුරත් කජ්ජක්ද?
උප්පත්තියයි විපත්තියයි අතරේ ප්‍රතිපත්තිය නැතිනම් මහ නස්පැත්තියක්
තව ගොඩක් වැකි ඔයාලා දැකලා ඇති. මේ දේවල් විනෝදයට, සතුටට, හිතේ දුකට මේ කවි අලවං හිටියත් මේ ත්‍රීරෝද රථ රියදුරන් ලග විශේෂීවූ මනුස්සකමක් හියෙනවා කියලා අමතක කරන්න බෑ. පාරතොටේ මොකක් හරි කරදරයක් වුන වෙලාවකට ඉස්සෙල්ලම දුවගෙන එන්නේ මොවුන් බව අමතක කරන්න එපා. කවදාවත් ජිප් එකක, කාර් එකක, ප්‍රාඩෝ එකක යන කෙනෙක් නවත්තලා බලන්නේ නෑ මොකද උනේ කියලා ගොඩක් වෙලාවට. අතලොස්සක් රියදුරන් කරන මෝඩ වැඩ නිසා හැම ත්‍රීරෝද රථ රියදුරෙක් දිහාම වැරදියට බලන්න එපා.
“අපේ ලඟ මනුස්සකම තිබුනට අපේ අය ලඟ මනුස්සකම නෑ”
මේ බූරුවන්ට තේරුම් කරලා දෙන්න ඕනේ උන්ගේ ඔය මගුලේ උපරිම වේගය පැයට කි මී 40 බව. උන්ගේ මෝඩ මොලවල තියන කුණුහරප අදහස් මේ විදිහට රටට පෙන්නන්න හදන එක උන්ගේම පාහර කම බව. මේ විකාර සහ ත්‍රී වීල් වලට හයිකරන අමතර කෑලි තහනම් බව. මුන් අඳින රිලා ඇඳුම් විකාර කොන්ඩ දැක්කම හොම්බට දමලා අනින්න හිතෙන බව.
ReplyDeleteඔව් මිත්‍රයා, ඒක ඇත්ත. ත්‍රීරෝද රථයක උපරිම වේගය 50ක් වගේ වෙනව නම් තමයි ගොඩක් හොද. එතකොට මේ වෙන අනතුරු ප්‍රමාණය අඩුවෙයි ගොඩාක්. ඒත ඇත්තටම මේ වෘත්තීය කරන ගොඩක් දෙනා හොද ගුණ යහපත් මිනිස්සු. ඒත් අවාසනාවකට කැපිලා පේන්න වැඩ දාන බාප්පලා නිසා තමයි හැමෝම පහත් කරලා කතා කරන්නෙ.
Deleteකුණුහරුප නැතුව තමන්ගේ අදහසක් ලියාගෙන හිටියට වැරැද්දක් මම නම් දකින්නේ නෑ. ඒ මොකද,ඒක එයාලගේ වාහනය, ඉතින් ඒ අයට හොදනම් අපිට වැරැද්දක් කියන්න බෑනේ. ඒත් හැසිරීම ගැන නම් සෑහෙන්න බෑ තමයි. පොඩ්ඩ බැරි වුනොත් බැනගෙන එන්න ගොඩක් අය පුරුදු වෙලා. ඒ වගේම ඇදුම පැලදුම කොණ්ඩා මෝස්තර ගැන නම් කථා කරලා වැඩක් නෑ. එක අතකින් ඒක දැන් සමාජයේම වැරැද්දක් වෙලා.
මේ වගේ වැකි මම එකතු කලත් ලිපියක් ලියන්න හිතුනේ මට ලැබුණ අත්දැකීමක් නිසා, එක් රියදුරු මහත්මයෙක් සමග පැයක විතර හයර් එකක් ගිහින් බැහැලා ගාන ඇහුවම වෙනද දෙන ගානම දෙන්න කිව්වා. අන්තිමට හිතලා ගාණක් දුන්නම අපෝ මෙච්චර එපා, රුපියල් 150ක් හොදටම ඇති කිව්වා. මේ කියන රථය මීටර් ටැක්සියක් නෙවෙයි. මීටර් ටැක්සියක ගියත් මීට වඩා ගාණක් යනවා. ඒ නිසයි මෙහෙම ලිව්වේ. ඒ වගේම ඒ රථයෙත් මේ වැකි ගහලා තිබුණා..
ස්තූතියි අදහසට..
ඇස්වහ නෑ කටවහ නෑ good post
ReplyDeleteස්තූතියි අදහසට..
Deleteසෑහෙන්න ඔය වගේ ඒවනම් දැකලා තියෙනවා.. ඒකත් එක අතකට අමුතු කලාවක්..
ReplyDelete