පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Wednesday, November 27, 2013

ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? How to Download Facebook Photo Album…

ෆේස්බුක් එකේ අපි ෆොටෝ දාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකින් එක විධියක් තමයි ඇල්බම් එකක් විධියට Upload කරන එක. ඒ විදියට ෆොටෝ දැම්මම අපිට පුළුවන් වෙනවා එකම Event එකක ෆොටෝ එකම තැනක ඉදන් බලන්න. ඒ වගේම Like කරන්න. ෆේස්බුක් ගැන දන්න ඕනම කෙනෙක්ට Facebook Photo Album ගැන අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ.

image

ඒත් ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ Download කරගන්න පුළුවන් එකින් එක. ඒ කියන්නේ ෆොටෝ 500ක ඇල්බම් එකක් Download කරගන්න 500 සැරයක් ක්ලික් කරන්න ඕන කියන එකනේ. ඒ නිසාම කවුරුවත් කැමැත්තෙන් ෆොටෝ ඇල්බම් Download කරන්න උත්සාහ ගන්නේ නෑ.

ඒත් අපි කැමැත්තෙන්ම ඉන්න ෆොටෝ ඇල්බම් එකක් Download කරගන්න ඕන උනාම කොච්චර කට්ටක් කන්න වෙනවද? ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා ෆොටෝ ඇල්බම් එකම එක පාර Download කරගන්න.

ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැන ඉදලා ඇල්බම් එකක් Download කරන තැනට පියවරෙන් පියවර පහලින් තියෙනවා.

1. ෆේස්බුක් එකට ලොග් වුනාම ඔයාලට මේ වගේ කොටසක් පේන්න තියෙනවනේ. ඒකෙන් “Add Photos/Video” උඩ ක්ලික් කරාම ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැනට යන්න පුළුවන්.

image

image

2. “Create Photo Album” කියන තැන ක්ලික් කරන්න. එතකොට අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ Select කරන්න වෙනම Window එකක් Open වෙයි. එතනින් ගිහින් ඔයාලට ඕන ෆොටෝ ටික Select කරලා Open ක්ලික් කරන්න.

3. දැන් තියෙන්නේ Album එකට සුදුසු නමක් හා විස්තරයක් දාන්න.

image

4. Upload වෙලා ඉවර වුනාම පහලින් මේ වගේ පෙනේවි. එතනින් අපිට පුළුවන් තවත් Customize කරන්න.

image

5. දැන් “Post Photos” උඩ ක්ලික් කරන්න.

ඔයාලා දැන් ඇල්බම් එක හදලා ඉවරයි.  මේ තියෙන්නේ එහෙම හදපු ඇල්බම් එකක්. (මෙතනින්) අපි බලමු කොහොමද ඇල්බම් එක Download කරගන්නේ කියලා.

මේකට අපිට Google Chrome සහාය අවශ්‍ය වෙනවා.

6. Open කරන්න Google Chrome Browser එක.

7. මෙන්න මේ ලින්ක් එකට යන්න. මේ ලින්ක් එකෙන් ගිහින් Addon එක Add කරගන්න.

image

8. මේ ඇඩෝන් එක ඇඩ්කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ෆේස්බුක් ඇල්බම් Download කරගන්න. ඒකට ඔයාලා Download කරගන්න ඕන Album එකට යන්න ඕන. ගියාම උඩ Address බාර් එකේ පොඩි කොටුවක් පෙන්නාවි. “FAD” කියලා පෙන්නන කොටුව ඔයාලට පෙනේවි දකුණු පැත්ත කෙළවරේම.

image

9. ඒක උඩ ක්ලික් කරන්න. ඕපන් වෙන ටැබ් එකේ ටිකක් පහලින් ඇති “Load All Pictures” කියලා. ඒක ක්ලික් කරලා ඔක්කොම Pictures Show කරන්න.

image

10. දැන් උඩ තියෙන “Zip Download” උඩ ක්ලික් කරන්න.

image

11. දැන් “Generate File” උඩ ක්ලික් කරාම zip ෆයිල් එකක් විදියට Download වෙන්න පටන් ගන්නවා.

image

12. අන්තිමට Save කරන්න තැනක් දෙන්න.

13. 7zip වගේ Software එකක් භාවිතයෙන් UN-Zip කරන්න.

image

14. ෆෝල්ඩර් එක Open කරලා බලන්න. ඔක්කොම Pictures ටික Download වෙලා ඇති.

image

Tuesday, November 19, 2013

“සරසවි කුරුටු ගී 232ක්” PDF ඩවුන්ලෝඩ් කරගන්න එන්න. (පිටු 59, 20MB)

කලින් ලිපියෙන් සරසවි කුරුටු ගී එකතුව ගැන විස්තර ගොඩක් කතා කරා. පොරොන්දු වුනා වගේම පුළුවන් ඉක්මනට සරසවි කුරුටු ගී එකතුව අරගෙන ආවා. මේ එකතුවේ ගී 232ක් තියෙනවා. පිටු 59ක් පුරා ගලා යන මේ ගී ඔයාලට සරසවි දිවිය ගැන ලස්සන චිත්‍රයක් ඇදලා පෙන්නාවි. එක එක සරසවි වලින් එකතු කරගත් ගී වෙන වෙනම දක්වන්න උත්සාහ ගත්තා. ඒත් සමහර ගී ඒ විදියට වෙන් කරන්න අමාරු වුන නිසා ඒ ගී ටික වෙනමම දක්වලා ඇති. පහතින් තියෙන්නේ ගී වර්ග කරන්න යොදාගත්ත සරසවි කිහිපය. මීට වඩා ගොඩක් කවි තියෙනවා. පුළුවන් විදියට මේ එකතුව ඉදිරියේදී යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.
1. කැළණිය සරසවිය
2. කොළඹ සරසවිය
3. ජයවර්ධනපුර සරසවිය
4. පේරාදෙණිය සරසවිය
5. මොරටුව සරසවිය
6. රුහුණු සරසවිය
7. වයඹ සරසවිය
8. විවෘත සරසවිය
9. තවත් සරසවි කුරුටු ගීත
මේ එකතුවේ නැති ගී ඔයාලා දන්න විදියට පහලින් ලියලා යන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙනවා. එහෙනම් ඉතින් Like එකක් දාලා පොඩි හෙල්ප් එකකුත් දීලා මේ එකතුව Download කරගන්නකෝ. සම්පූර්ණ එකතුව 20MB තියෙනවා.
Download
Password: lessoninshort

Monday, November 11, 2013

“සරසවි කුරුටු ගී එකතුව”ට පෙර වදනක් (Sarasavi Kurutu Gee Collection)

15956_223421161420_655336420_4647816_2957193_nසරසවි කුරුටු ගීය, සරසවියකට පා තැබූ ඕනෑම අයෙකුගේ කන වැකුණු වදනක් වේ. මේ සරසවි කුරුටු ගීයෙන් මතු වන්නේ සරසවියේ ඉගෙනුම ලබන සරසවි මානව, මානවිකාවන්ගේ හදවතේ පදවැලයි. සිතට දැනෙන දුක, සතුට තම හදවතේ රාවය පද වලට පෙරලන්නට මොවුනට වැඩි වේලාවක් ඕනෑ නොවේ. එම සිතුවිලි පද වලට පෙරලී ඇති අපූරුව මනරම්‍ය. සීගිරි කැටපත් පවුරේ ගී ලිව්වෝ මුතුන් මිත්තන්ය. සරසවි කුරුටු ගීය ලිව්වෝ අප සහෝදර සහෝදරියන්ය. කැටපත් පවුරක ලියැවුන ගීයට වඩා වෙනසක් මෙහි දක්නට ඇත. එනම් මේ ගී ලියවෙන්නේ දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක වීමයි. මේ කොතැනක වුව ලියැවුණු කුරුටු ගීය සරසවි ජීවිතයේ යථාර්ථය පිළිඹිබු කරනා කැටපතක් වේ. 15956_223421121420_655336420_4647809_393923_n

මේ ගීත වල මුල් කතෘ නිර්නාමික ද, නිර්මාණ පොදු නිසාද ඊටත් වඩා මෙම කුරුටු ගීත සීගිරි ගී මෙන් ප්‍රසිද්ධ විවෘත නිර්මාණ නොවන හෙයින්ද මේවා දැකීම විරළය. සන්දර්භයන් අව්‍යාජ නිර්මාණශීලී අනන්‍ය සහ යථාර්ත නිමැවුම් වේ. මෙමගින් විවිධ සමාජ සහ මානසික මට්ටම් වල සෙවනැල්ලක් ඔබට දැක ගත හැකි වනු ඇත. පත පොත, බඩු කෑලි, පිකටින්, ආතල් සහ ලෙක්චර්ස් සමග ගතවන නිදහස් කෙළිලොල් සුහුඹුල් යව්වනයේ දැක්ම මෙම ගීත තුලින් දැකිය හැකිවනු ඇත.

සරසවි කුරුටු ගී වල තියෙන විශේෂත්වය තමා සරලව ඒත් අව්‍යාජ ව තමන්ගේ හිතේ තියෙන සිතුවිලි අනිත් කෙනාගේ හිත සසල වෙන විදිහට ලියලා තිබීම. මෙවන් ගීත කලාවක් නොනැසී පවත්වාගත යුතු වේ. එහෙත් සරසවිය තුලටද තරඟකාරීත්වයේ හෙවැනැළි පතිතවෙද්දී මේ ගී කලාව රැක ගැනීමට යමක් කලයුතුව ඇත.

මේ ගීත සොයාගන්න උදව් වූ සැමටත්, අන්තර්ජාලයෙන් හමුවූ ලිපි වල කතුවරුන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මේ ගීතවල අයිතිය ඒ ගීත නිර්මාණය කල නිර්මාණකරුවන් සතුවන අතර ඒ ගීත එක තැනකට එක්කරන්නට පමනක් ගත් පුංචි උත්සාහයක් තමයි මේ දිගහැරුම.15956_223421091420_655336420_4647807_4661714_n

පෙර කලේ කරපු අකුසල් වල අපල
මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා
මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා
එමු රාලේ ගොසින් පේපර් එක ලියලා

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජා ගඟ වේවා
බෝංචි මුදලාලි අජරාමර වේවා

ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැත සරසවි වැසී ඇත

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය

අල්ලට සිඟාවත් දෙවරුව පාන්   කකා
පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්‍රෑම" කුමට බී.ඒ අකුරු දෙක    තකා

නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා

15956_223421056420_655336420_4647804_7192316_n

විභාගෙ අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඇය ලඟ
එම නිසා
විභාගෙ ඇය ලඟ

නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා

මම බාලේ සිට අකුරට ලොබ බැන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා

13328136352096268110713නොහඩන් සරසවිය සලමින් කදුළු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට

සූරා කමින් සුළු පිරිසක් විදිති සැපා
වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා
ඉල්ලමි ඉල්ලීමක් නැමද දෙපා
වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා

මෙවන් වූ අලංකාර සරසවි කුරුටු ගී 232ක් රැගත් සරසවි කුරුටු ගී පොතක් ලෙසින් ඔබ හමුවට, ළඟදීම…

Untitled-1

Saturday, November 2, 2013

වියරුව හා රාගය - Game of Thrones - Season 1 - All Episodes ඩවුන්ලෝඩ් කරගන්න එන්න

ගොඩක් අය දන්න දෙයක් තමයි ලඟදිම හිරු ටීවී(Hiru TV) එකේ Game of Thrones කතාමාලාවGame-of-Thrones-Season-3-HD-Wallpaper පෙන්නනවා කියන එක. ඒත් කතාව ගැන දන්න අය දන්නවනේ ඒ කතාවේ සමහර කොටස් කොටු දාලවත් පෙන්නන්න බැරි බව. කතාමාලාව පුරාම සෑම කොටසකම මේ වගේ අයින් කරන්න වෙන දර්ශන අඩුම තරමින් දෙක තුනක්ම තියෙනවනේ. කතාවේ මේ කොටස් අයින් කරාම කතාවේ ගලායෑම එතරම් රසවත් වෙන එකක් නෑ. ගොඩක් දෙනෙක් කියලා තිබුනා ඒ නිසාම මේ කතාව බලන්නේ නෑ කියලා. කවුද කැමැති කොටස් කපපු කතාවක් බලන්න.

ඉතින් ඒ නිසාම කලින් මර්ලින් කතාවේ සියලුම Seasons අරගෙන ආව වගේ මේ පාරත් Game of Thrones කතාවේ සීසන්ස්වල සියලුම කොටස් අරගෙන ආව ඔයාලට. පහලින් තියෙන එකින් එක ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ කතා Online බලන්න.

මේ කතා Download කරගන්න ඕන නම් ඒ කරන විදියත් කියන්නම්කෝ. Game of Thrones - Season 1 Download කරගන්න ඔයාලට Internet Download Manager(IDM) වගේ Software එකක් ඕන වෙනවා. IDM ඕපන් කරගෙන පහල ලින්ක් වලට ගිහින් කතාව Play වෙන්න දාන්න. එතකොට ඔයාලට පහලින් පේනවා වගේ Button එකක් පෙන්නාවි.

image

ඒ Button එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් වීඩියෝ Download කරගන්න. දැන් ඉතින් වැඩ පටන්ගන්න එහෙනම්. ඔයාලට ලේසි වෙන්න එක එක කොටසට කොච්චර මෙගාබයිට් ගානක් යනවද කියලත් මම දාලා තියෙනවා.

Game of Thrones Season 1 Episode 1 – Winter Is Coming

Game of Thrones Season 1 Episode 2 – The Kingsroad

Game of Thrones Season 1 Episode 3 – Lord Snow

Game of Thrones Season 1 Episode 4 – Cripples, Bastards, and Broken Things

Game of Thrones Season 1 Episode 5 – The Wolf and the Lion

Game of Thrones Season 1 Episode 6 – A Golden Crown

Game of Thrones Season 1 Episode 7 – You Win or You Die

Game of Thrones Season 1 Episode 8 – The Pointy End

Game of Thrones Season 1 Episode 9 – Baelor

Game of Thrones Season 1 Episode 10 – Fire and Blood

ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ ෆයිල් ටික Rename කරගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වීඩියෝ ෆයිල් වල Size එක සහ එක එකක කාලය.

image

2013-latest-game-of-thrones-wallpaperGame-of-Thrones-Cast-Wallpaper-1-image-credit-GameofThronesWallpaper.com_

ඔයාලා වගේම මේ කතාව බලන්න ආසාවෙන් ඉන්න අනිත් අයටත් මේ ගැන කියන්න මේ පෝස්ට් එක Share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා.

Wednesday, October 30, 2013

“ආදරය ගීතයක් වූ කල.. එම ගීතය තුලින් ආදරණීය කතාවක් උපදී.. එම ආදරණීය ගීතයේ කතාව සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) නම් විය”

ජයන්ත චන්ද්‍රසිරි නම් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රී ලාංකික චිත්‍රපට ඉතිහාසයට ඉදිරිපත් කරන ලද නවතම නිර්මාණය, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya)  පිළිබඳව සටහනක් තැබීම සුදුසුයැයි සිතුණකල එය මෙසේ වචන වලට පෙරලා ඔබ හමුවේ තබමි.

17මේ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඔහු, ගරිල්ලා මාර්කටිං(2005), අග්නිධාරා(2002) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් ලාංකීය ජනහද තුල සටහන්ව ඇත. ඒ විශිෂ්ට කලාකරුවාගේ නවතම නිර්මාණයයි, සමනල සංධ්වනිය(Samanala Sandhwaniya, 2013). අද වන විට මේ කලා නිර්මාණයට IMDb අගය 7.4ක් ලැබී ඇත. එමගින් මේ නිර්මාණය ගැන මනා වැටහීමක් ලබාගත හැකිවනු ඇතැයි සිතමි. සමනල සංධ්වනිය ලියැවුනේද ජයන්ත චන්ද්‍රසිරි අතිනි. මෙහි සාර්ථකත්වය සදහා එයද මහත් පිටුවලක් වන්නට ඇත.

යසෝධා විමලධර්ම, උද්ධික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, විල්සන් ගුණරත්න, පුන්සිරි දයාරුවන්, බුද්ධදාස විතානාච්චි, රොජර් සෙනවිරත්න, චතුරිකා පීරිස් වැනි දක්ෂ නළුනිළි කැලකගේ දායකත්වයට උරුමකම් කියන සමනල සංධ්වනිය, ගීතයෙන් ආරම්භ වී ගීතයෙන්ම අවසාන වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (8)තෙක් සුන්දර රූ පෙළක් ගෙනහැර දක්වයි. දර්ශනය ආරම්භ වූ 2013 ඔක්තෝබර් 04 වනදා සිට අද වන තෙක් ජනතා ප්‍රසාදයට පත් මේ කළා කෘතිය මේ ආකාරයෙන් තවත් දිගු කාලයක් සිනමාහල් ආක්‍රමණය කරනු ඇත.

සංගීතාත්මක චිත්‍රපටයක් වන සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) සංගීතය හදාරණ වාදීෂ දේවමින්ද වික්‍රමනායක නම් වූ ඉහළ කලාකාමි අදහස් පිරුණු සංවේදී ළමයා දෙසින් ආරම්භය ගෙන ඔහුගේ ජීවන ගමනට ආදරය හා කළාව බැදීම ගෙනහැරපායි. අහම්බෙන් අතට පත්වන වෙනත් පෙම්වතියකගේ ආදර හසුනක් වාදීෂගේ ජීවිතය ආදරයේ බැදතබයි. පුණ්‍යා නම් වූ වාදීෂට වඩා වැඩිමල් වියේ පසුවූ එම ආදරවන්තිය ලියූ ලියමනට වාදීෂ ආකර්ශනය වේ. කිහිප අවස්ථාවකදීම මෙම ලියමන ලබාදීමට තැත්කලද එය ලබාදීමට නොහැකිවූ තැන එය ඔහුගේම ගීතය බවට පෙරලේ.

“ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...”

මේ ආදර හසුන ඔහුගේ අයියා ගත් පසු මතකයෙන් ඒ හසුන පලාගියද, ඔහුගේ හිතේ තිබූ තෙත්බව, ආදරය ඔහුගෙන් ඈත් වන්නේද නොසිතන අයුරින්. මේ අතර වාරයේ වාදීෂ තමන්ට ප්‍රේම කරන තම මිතුරියට පිළිතුරු දෙන්නටද ගීතය නම් වූ සොදුරු මාධ්‍ය යොදාගන්නවා. ඒ මෙන්න මේ ආකාරයටයි.

“මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……

පමා වී ඇවිත් උයනේ
පිපෙන මල් නෙළා ගනු බෑ
සිහින් ‍පොද වැටී සැලෙනා
සුමුදු පෙති සිඹිනු බෑ.. සුමුදු පෙති සිඹිනු බෑ……

දයාවක් වගේ දැනෙනා
හැඟීමක් තියේ නම්
ඉකිගසා හඬනු බැරි
දොම්නසක් පිරේ නම්.. දොම්නසක් පිරේ නම්…...”

පාසලෙන් පසු, වසර විස්සක් පුරා නව ගීත, සංගීත ප්‍රදර්ශන ගෙනෙමින් ඔහු ගතකරනුයේ බේබදු චරිතයක්. ආදරය නැති තැන්හි සතුටද පලායයි, ඔහුගේ බිරිය හා දුවණිය මොහුගේ හැසිරීමෙන් දුකට පත්වන ආකාරයත්, නැවත ඒ ආදරය ලැබෙන ආකාරයත් මනාව ගලපා ඇත්තේ ඇසට කඳුළක් එක් කරවමිනි. ඒ උපන්දින සාදය වාදීෂට කිසිදා අමතක නොවනු ඇති. තමන්ගේ අයියගෙන් ලද ඒ තෑග්ග ඔහුට මහා පුදුමයක්. කතාව මේ ආකාරයෙන් ගැලපවූ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ සොදුරු මිනිසාට උත්තමාචාරය.

ආදරය කිසිදා වෙනස් නොකල ඒ ගැහැණිය, නමින් පුණ්‍යා වේ. සංගීතය ජීවිතය කරගත් ඒ ශිෂ්‍යයා වාදීෂ නම් වේ. ඔබ නැරඹිය යුතු ඒ කතා පුවත.. සමනල සංධ්වනිය(Samanala Sandhwaniya), ඔබට ජීවිතයත්, ආදරයත් කියාදෙනු ඇත. ඒමන්දයත්,

“පිරිමින්ගේ ආදරය ඔවුන්ගේ ජීවිතයේ කොටසකි.
එහෙත් එය, ස්ත්‍රීන්ට මුළු මහත් ජීවිතයමය.”

අවසන, වාදීෂට සෑම වසරකම මාර්තු 07 වෙනිදා අමතක කලයුතු උවද පුණ්‍යා නම් වූ පෙම්වතියට/ බිරියට එම දිනය ජීවිතයේ වැදාගත්ම දිනය වනු ඇත. ඇය සෑම වසරකම මාර්තු 07 නුවර කුමාරි මල් වත්තේ බංකුවකට වී බලා හිදිනු ඇත……

සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (1)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (2)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (3)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (4)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (5)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (6)සමනල සංධ්වනිය(Samanala Sandhwaniya) (7)

Ikigasaa Handana Athithayaka

Kadulu akka ganudenu karana

Mata Magema Nowana Magema adarayak thibuna ....

ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

Maage Sihina Madure
Wisal sihina athare
obe sihina de nam
ragena yanna eewa
මගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින වේ නම්
රැගෙන යන්න ඒවා
දොසක් ආයේ නොතබනා
අන්ධ අහස සේ.. අන්ධ අහස සේ……

Gagana sarannata kiya
sindunu aththatu handai
dirapath kola thibe
Vidapath man wage
ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ

මේ ආදරයේ කතාවයි. ඔබත් නැරඹිය යුතු ඒ කතාව සමනල සංධ්වනියයි.

Friday, October 18, 2013

ලිංගික වැරදි

SEXUAL RELATED CRIMES

මේ කියන්න යන්නේ අන්තර්ජාලය තුලින් කාලෙකට කලින් ලැබුන ලිපියකින් උපුටා ගත්තක් ගැන. කාලීන මාතෘකාවක් වගේ හැගුන නිසා නැවත ඔබ හමුවට ගෙන එන්න හිතුවා. මේ අන්තර්ගතය සදහා වූ සියලුම අයිතිය එම මුල් කර්තෘ සතු බව මතක් කරන්නේ ස්තූතිපූර්වයෙන්.

ලිංගික වැරදිමෙහිදී කතුවරයා විසින් ලිංගික වැරදි ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා වෙන්කරලා දක්වනවා. ඒවා නම්, ව්‍යාභිචාරය වරද, බරපතල ලිංගික අපයෝජනය, ලිංගික අතවර කිරීමේ වරද, අස්වාභාවික වැරදි ලෙසයි. අදහස් දැක්වීම අනුව මේ එක එකක් ඒවායේ නීතිමය ස්වාභාවය උදාහරණ සහිතව පහතින් පැහැදිලි කරලා තියෙනවා.

01. ව්‍යාභිචාරය වරද.

මෙයද අප නීතියට අලුතින් හදුන්වා දුන් වරදකි. 1995 / 22 සංශෝධන පනතින් හදුන්වා දී ඇත. එම පනතට අනුව යම් යම් ඥාති සමිබන්ධතා තහනම් ඥාති සම්බන්ධතා ලෙස දක්වා තිබේ. මෙම තහනම් ඥාති සමිබන්ධතා තීරණය කර ඇත්තේ වෛද්‍ය විදයාත්මක හේතූන් හා සදාචාරාත්මක හේතූන් මත බව පෙනේ. 364 වගන්තියේ දක්වා ඇති තහනම් ඥාති සමිබන්ධතා සලකා බැලීමෙන් මෙය තහවුරු කරගත හැක.

1. දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයෙන් කෙලින්ම පැවත එන විට.
උදා - මව, පියා, මුණුබුරා, මිණිබිරිය, සීයා, ආචිචී.

2. දරුකමට හදා ගැනීමට ගත් අය.
උදා - හදාගත් මව, පියා, සීයා, ආචිචී.

මුල් කොටසට වෛද්‍ය විදයාත්මක හේතු මත තහනමි කර ඇත. සම ලේ ඥාතීන් අතර සංසර්ගයෙන් බිහිවන දරැවන් ආබාධිත විය හැකි බව වෛද්‍ය විදයාත්මක සත්‍යයි. දෙවන අවස්ථාවේදී එම තැනැත්තන් ස්වභාවිකව ගත්කල සමිපූර්ණයෙන්ම පිටස්තරය. නමුත් සදාචාරාත්මක හේතූන් මත එම සබදතා තහනම් වේ. ඒ අනුව 364 වගන්තියේ දක්වා ඇති තහනම් ඥාති සමිබන්ධතා ඇති දෙදෙනෙකු අතර ලිංගික සංසර්ගයක් ඇති වුවහොත් එය ව්‍යාභිචාරය වරද වේ. දෙදෙනාම එම වරදට වරදකරුවන් වේ.ලිංගික වැරදි

නිද - වයස අවු. 20ක ස්ත්‍රියක් තම පියා සමග කැමැත්තෙන් සංසර්ගයේ යෙදුනේ නම් එය ස්ත්‍රී දූෂණයක් නොවේ. කාන්තාව වයස 16 ට වැඩි වීමත් එය කැමැත්තෙන් සිදු වීමත් හේතුවය. නමුත් එය ව්‍යාභිචාරය වරදය.

ව්‍යාභිචාරය වරද සිදු කල අයෙකුට අවු. 7 කට නොඅඩු සහ අවු. 20 කට නොවැඩි සිර දඩුවමක් නියම කල හැක. ව්‍යාභිචාරය වරද සිදුකිරීමට තැත් කරන්නෙකුට අවු. 2 දක්වා සිර දඩුවමක් පැමිනවිය හැක. නමුත් ව්‍යාභිචාරය වරදට නඩු පැවරිය හැක්කේ නීතිපතිගේ ලිඛිත අනුමැතිය ඇතිව පමණකි.

වයස අවු. 16 ට අඩු කාන්තාවක් පියා සමග සංසර්ගයේ යෙදුනේ නමි ව්‍යාභිචාරය නොවේ. එය ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරදයි. එවන් අවස්ථාවක කාන්තාව අතින් වරදක් සිදු නොවේ. එහිදී ලබා දිය යුතු දඩුවම 364(3) උපවගන්තියේ දැක්වේ. ඒ අනුව තමන්ට තහනම් ඥාති සමිබන්ධතාවයක් ඇති අවු. 16කට අඩු කාන්තාවක් දූෂණය කරනනෙකු අවු. 15කට නොඅඩු හා අවු. 20 කට නොවැඩි සිර දඩුවමකට යටත් වේ.

02. බරපතල ලිංගික අපයෝජනය.

මෙම වරද නව නීතියෙන් නිර්මාණය කරන ලද්දකි. එය මෙසේ අර්ථ දක්වා තිබේ.

ලිංගික තෘප්තිය ලබා ගැනීම සදහා ලිංගේන්ද්‍රිය හෝ මිනිස් ශරීරයේ යමි කොටසක් හෝ යමි උපකරනයක් වෙනත් යමි තැනැත්තෙකුගේ ශරීරයේ පිහිටි යමි විවරයක් තුල හෝ වෙනත් තැනැත්තෙකුගේ ශරීරයේ යමි කොටසක පහත විස්තර වලට ගැලපෙන ආකාරයට යොදන අයෙකු ලිංගික වැරදිබරපතල ලිංගික අපයෝජනය සිදු කරයි.

1. 1995 සංශෝධනයේ සදහන් කර තිබුනේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව යනුවෙනි. නමුත් 1998/29 පනතින් එය සංශෝධනය කර නව ප්‍රතිපාදනයක් එකතු කර තිබේ. එහි සදහන් වන්නේ වයස අවු. 16 ට අඩු වන විට කැමැත්ත ඇතිව හෝ නැතිව යනුවෙනි.

මෙම ප්‍රතිපාදන විශ්ලේෂනයේදී පෙනී යන්නක් නම් ඉහත සදහන් ක්‍රියා බරපතල ලිංගික අපයෝජනය වන්නේ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නැතිව එය සිදු වූ විට පමණක් බවය. ( වයස 16 ට අඩු නම් කැමැත්ත අදාල නොවේ.) නමුත් කැමැත්ත ඇතිව එවැනි ක්‍රියාවක් කිරීම වරදක් වන්නේ නැත.

2. බලහත්කාරය පාවිචිචි කිරීමෙන්, තර්ජනය කිරීමෙන් හෝ බියගැන්වීමෙන් හෝ අනෙක් තැනැත්තාට මරණ බය හෝ තුවාල සිදු කිරීමේ බිය ඇති කිරීමෙන් හෝ නීති විරෝධීව රදවාගෙන සිටියදී ලබාගත් කැමැත්ත ඇතිව.

3. සිහි විකලව සිටියදී හෝ මත්ද්‍රවයකින් මත්ව සිටියදී ලබා ගත් කැමැත්ත ඇතිව.

මෙම ප්‍රතිපාදන සලකා බැලීමේදී පෙනීයන වැදගත් කරුණක් නමි ඉහත සදහන් ක්‍රියා අනෙක් තැනැත්තාගේ කැමැත්තෙන් සිදු කිරීම වරදක් නොවන බවය. එම ක්‍රියා දැඩි අශිෂ්ඨ ක්‍රියා ලෙස සලකන කොටසට වැටෙන්නේ යැයි සැලකිය නොහැක. එයට හේතුව දැඩි අශිෂ්ඨ ක්‍රියා යනුවෙන් වෙනම කොටසක් වෙනම වගන්තියක් යටතේ පිහිටා තිබීමය. එනිසා බරපතල ලිංගික අපයෝජනය නැමැති වරද තැනැත්තන් අතර ලිංගික සමිබන්ධතා පිලිබද නීතිය ලිහිල් කිරීමට හේතු වී ඇතැයි තර්ක කල හැක.

නව සංශෝධනයේ තවදුරටත් සදහන් වනනේ 363 හී විස්තර කර ඇති ආකාරයට ස්ත්‍රී දූෂණය සංයුක්ත නොවන්නා වූ ක්‍රියාවක් බරපතල ලිංගික අපයෝජනයක් වන බවය. බරපතල ලිංගික අපයෝජනයේ අර්ථ විග්‍රහය සලකා බැලු විට ලිංගික සංසර්ගය වුවද එම විග්‍රහය යටතට වැටෙන බැවින් මෙවැනි ප්‍රතිපාදනයක් අවශ්‍යව තිබුණි. නැතහොත් ස්ත්‍රී දූෂණ වරදට වැරදිකරු බරපතල ලිංගික අපයෝජන වරදටද වැරදිකරු කිරීමට ඉඩ තිබුණි.ලිංගික වැරදි

03. ලිංගික අතවර කිරීමේ වරද.

ලිංගික අතවර කිරීමේ වරද නව සංශෝධනයෙන් ගෙන ආ තවත් වරදකි. මෙය 345 වගන්තියේ විස්තරවේ. එම ප්‍රතිපාදන වල මෙලෙස සදහන් වේ.

"අඩන්තේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යමෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යමෙකුට ලිංගික හිරිහැර කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ."

මෙකී වරද සිදු කිරීම සදහා යම් තැනැත්තෙකුට අඩමිතේටිටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිරිහැරයක් කල යුතුය. එනම් ලිංගිකත්වය මුල් කරගෙන එම ක්‍රියාව සිදු කිරීම අවශ්‍යය. එවැනි ක්‍රියාවක් කරන අයෙකු ලිංගික අතවර කිරීමේ වරදට වරදකරු වේ.

බරපතල ලිංගික අපචාරයේදී එකී ක්‍රියාව සිදුකරනු ලබන්නේ ලිංගික තෘප්තිය සදහාය නමුත් ලිංගික අතවර කිරීමේදී එය හිරිහැර කිරීමක් සදහා කරනු ලැබේ. එය කාන්තාවන්ට සීමා වන්නේ නැත. ඕනෑම තැනැත්තෙකුගේ ලිංගිකත්වය මුල් කරගෙන එම තැනැත්තාට කරන්නා වූ හිරිහැර කිරීම මෙම වගන්තිය යටතට වැටේ. එය ඉතා පුලුල් ක්ෂේත්‍රයක් ඇති වගන්තියක් ලෙස සදහන් කල හැක. නමුත් පැහැදිලිව පෙනෙන කරුනක් නමි බරපතල ලිංගික අපචාරයේදී ශාරීරික ගැටීමක් සිදු කරයි. ලිංගික අතවර කිරීමේදී එවන්නක් නොමැත. වචනයෙන් හෝ ක්‍රියාවෙන් නැතහොත් අඩමිතේටිටමි කිරීමෙන් හෝ එම තැනැත්තාට ලිංගික හිරිහැර කිරීම අතවර කිරීමක් වන්නේය.

04. අස්වාභාවික වැරදි.

අස්වාභාවික වරදක් යන්න දන්ඩ නීති සංග්‍රහයට අනුව පහත දැක්වෙන පරිදී අර්ථ නිරූපනය කල හැක. " යම් ස්ත්‍රයක , පුරුෂයෙකු හෝ සතකු සමග ස්වභාවධර්මයට විරුද්ධව සංසර්ගයේ යෙදීමය. "

මෙහි ස්වභාවධර්මයට විරුද්ධව යන්න දක්වා ඇති නමුදු ලිංගික සංසර්ගය හැර වෙනත් ක්‍රියාවක් මීට ඇතුලත් වන බව සලකා ඇතැයි සිතේ.

ලිංගික වැරදිතැනැත්තන් අතර තදබල අශෝබන ක්‍රියා යන වරද සමලිංගිකත්වය ඉලක්ක කොට නිර්මාණය කරන ලද වරදක් ලෙස සැලකිය හැකිය. මෙය මුල් පනතේ පුරුෂයන්ට පමනක් සීමා වී තිබුණි. 1995/2 පනතින් මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අදාල වන පරිදී තැනැත්තන් අතර තදබල අශිෂ්ඨ ක්‍රියා ලෙස පනවා තිබේ. එවැනි ක්‍රියාවක් සදහා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එකතුවන හෝ එවැන්නකට තැනැත්තන් කුටිටනය කරන අයකු මෙම පනත යටතේ වරදකට වරදකරු වන්නේය.

මුල් පනතේ 365 මෙන්ම 365(අ) වගන්ති සංශෝධනය කර එකතු කර ඇති වැදගත් ප්‍රතිපාදනයක් නමි එම වරදවල් වයස 18කට වැඩි අයෙකු විසින් 16ට අඩු අයෙකු සමිබන්ධයෙන් කල විට ලබාදිය හැකි දඩුවම වැඩි වන බවය. එමෙන්ම වරදට ලක් වූ තැනැත්තාට වන්දියක් ගෙවීමට නියම කිරීමට ද අධිකරණයට බලය තිබේ.

තවද බරපතල ලිංගික අපයෝජනය යන්න අස්වාභාවික වැරැද්දක් ලෙස නොසලකන බව දැක්විය හැක. කෙසේ වුවද නව ප්‍රතිපාදන යටතේ තැනැත්තන් අතර ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සිදු කරන දැඩි අශිෂ්ඨ ක්‍රියා දැඩි දඩුවමි ලැබිය යුතු වරදකි.

ලිංගික වැරදි

Wednesday, October 16, 2013

ට්‍රයි කරන කෙනාට කෙනෙක් ඉන්නවද? (අනාගත වෙන්න පෙම්වතුන්ට)

ගොඩක් වෙලාවට අපි කැමැති කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉදලා අවසානයේ තමයි දැනගන්නේ ඒ කෙනාට කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවට, “අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා” ආපහු හැරෙන්න වෙනකොට කොහොමද?

මේ කියන්න යන්නේ ඒ විදියට අන්තිමට ආපහු හැරෙන්න කලින් මුලින්ම හැරෙන්න ඕනද නැත්ද කියලා බලාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. අපි අතේ  ඇගිලිවලට දාන මුද්ද දිහා බලලයි මේ සාත්තරේ කියන්නේ.

සාමාන්‍යයෙන් අධ්‍යාපනය අවසන් කලාම ගොඩක් දෙනා අතේ මුද්දක් පළදිනවා. විශේෂයෙන් වැදගත් අවස්ථාවලදී. ඒ කියන්නේ පාටි, මංගලෝත්සව වගේ අවස්ථාවලදී. ඉතින් ඒ නිසා මේ ක්‍රමය සාර්ථක කරගන්න ලේසියෙන්ම පුළුවන්.

අපේ අතේ ඇගිලි පහක් තියෙනවනේ. මහපටගිල්ල, දඹරගිල්ල, මැදගිල්ල, වෙදගිල්ල, සුලගිල්ල කියලා. ඉතින් ගොඩක් වෙලාවට මුදුවක් පළඳින්නේ මහපටගිල්ල ඇරෙන්න අනිත් ඇගිලි හතරෙනේ. මේ එක එක ඇගිල්ලක මුදු දාන එකේ තේරුමක් තියෙනවා. අපි බලමු ඒ තේරුම් මොනවද කියලා.

ට්‍රයි කරන කෙනාට කෙනෙක් ඉන්නවද? (අනාගත වෙන්න පෙම්වතුන්ට)

මේ ඇගිලි වලින් දඹරගිල්ලේ මුදුවක් දාලා තියෙනව නම් එයින් අදහස් වෙන්නේ කවදාවත් බදින්නේ නම් නෑ කියලා. මැදගිල්ලේ මුදවක් දාලා තියෙනව නම් කියන්නේ විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. වෙදගිල්ලේ මුදුව පලදගෙන නම් කියනේ විවාහ වෙලා ඉන්නේ කියලා. වඩාත් වැදගත්ම ඇගිල්ල තමයි සුලගිල්ල. සුලගිල්ලේ මුදුව දාගෙන ඉන්නේ කෙනෙක් හොයන අය.

දැන් ඉතින් සුලගිල්ල බලන්න ගිහින් වෙන අතුරු අන්තරාවලට අපි වග කියන්නේ නම් නෑ.

Monday, October 14, 2013

වහ උලාගන්න කලින් මේකත් බලන්න

වහ උලාගන්න කලින් මේකත් බලන්න

අද වෙනකොට වෙදකම සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. ඒත් එක්කම අළුත් බෙහෙත් ජාති සෑහෙන්න වෙළදපොළට ඇවිත්. ඒ නිසා ඉතාමත් ඉක්මණින් ලෙඩක් හොද කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය කටයුතු වලදී භාවිතයට ගන්න විවිධාකාර බෙහෙත් ජාති වෙළද පොළෙන් මිලට ගන්න පුළුවන්.මේ සමහට බෙහෙත් ජාති එන්නේ ක්‍රීම් හැටියට. ඒ බෙහෙත් ශරීරයට විෂ වෙන්නේ නැති උනත් එහෙම විෂ වෙන වෙලාවල් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඔයාලා මිලදී ගන්නා බෙහෙත් ටියුබයේ පහල කෙළවරේ ඇති පාට සළකුණ ඔයාලා දැකලා ඇති. මෙයින් කියවෙන්නේ මොකක්ද?

Sunday, October 13, 2013

ගැහැනිය vs බෝම්බය

ගැහැනිය vs බෝම්බය

බොම්බය යනු පුපුරන දෙයකි .ගැහැණිය යනු එසේය නමුත් එහි විශේෂත්වය වන්නේ සැමවිටම පුපුරණ ඇයෝද සිටින නිසාවෙනි.

ගැහැනිය vs බෝම්බය

Saturday, October 12, 2013

ඔබත් චිත්‍රපට රසිකයෙක් නම් මේ අත්දකීම ඔබටත් ඇති.

ඇමරිකානු සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යයනය කිරීමේදී අපට පුළුවන් වෙනවා ඒ රටවල නිපදවෙන චිත්‍රපට වල ඇති සමාන ලක්ෂන බලාගන්න. මේ පහලින් තියෙන්නේ ඒ වෙනස් ආකාරයේ සමානතා.

Mgm-logo

ඇමරිකානු චිත්‍රපට අපට උගන්වන දේවල්

1. චීන්නුන්ට කුන්ෆු ඉගැන්වීම හැරෙන්නට වෙන වැඩක් ඇත්තෙම නැත.
2. ඇමරිකානුවන්ගෙන් 50%ක් පමණ වෙනුවෙන් රහසේ වැඩකරන්නෝ වෙති.
3. ඇමරිකානු අධ්‍යාපන ක්‍රමයේ අඩංගු වන්නේ බේස්බෝල් සහ බාස්කට් බෝල් දියුණු කිරීමේ අරමුණ පමණි.
4. පිටසක්වල ජීවීන් ඇමරිකාව ආක්‍රමණය කිරීමට විශේෂ කැමැත්තක් දක්වයි.
5. මිනිස් වෘකයින්, ලේ උරාබොන මිනිසුන් වැනි අත්භූත ජීවීන් බොහොමයක් ඇමරිකාවේදී අපට දැකගත හැකිය.

Friday, October 11, 2013

බඩ අල්ලගෙන හිනාවෙන්න මෙන්න කතා - එන්න කියවන්න

hahaha-funny-pictures-30418880-1024-992

1. මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම" වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත.

2. හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

3. වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.

Monday, October 7, 2013

ඔබත් යහපත් බිරිදක්ද? යහපත් බිරිදක් වීමට කැමැතිද? යහපත් බිරිදක් යනු…


අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්‍රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ නකුල මාතාවෙනි, ධර්ම අටකින් යුක්ත ස්ත්‍රිය මරණීන් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදියි.” ඒ ධර්ම අට මොනවාද?

Sunday, September 29, 2013

ශ්‍රේෂ්ඨ විද්‍යාඥායන්ගේ අලුත් නියම

971582_537240939657462_1692599017_n

1)ලෝරන්ස්ගේ යාන්ත්‍රික නියමය: ඔබගේ අතේ මජං හෝ ග්‍රීස් ගෑවුනු පසු ඔබට ඔබේ නහය කැසීමට හෝ මුත්‍රා කිරීමට සිදුවන අවශ්‍යයතාවය ගෑවෙන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ.

2). ඇන්තනීගේ කම්මල් නියමය: ආවුදයක් අතින් ගිලිහී බිම වැ‍ටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරලී යයි.

3). කොවෑක්ගේ දුරකතන නියමය: වැරදි නොම්බරයක් ඇමතීමේදී සාමාන්‍ය ඇමතුමක් ගන්නා විට ඇසෙන කාර්‍යබහුල නාදය කිසිවිටකත් නො ඇසෙයි.

Sunday, September 22, 2013

පොත් ප්‍රදර්ශනයේ අවසාන දවස අදයි. තවම ගියේ නැද්ද?

මෙදා සැරෙත් කොළඹ පොත් ප්‍රදර්ශනය සෑහෙන්න ජයට පැවැත්වෙනවා. එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රදර්ශනයට ඇදෙන ජන ගංගාව. දිනකට ලක්ෂ දෙකකට වඩා පිරිසක් මේ ප්‍රදර්ශනය වෙත එනවා කියලයි සංවිධායක මණ්ඩලය කියන්නේ.

පාඩමක් කෙටියෙන් සමගින් International Book Fair - 2013 (0)

මේ මාසේ 14වෙනිදා පටන්ගත්ත මේ ප්‍රදර්ශනය 22වනදා වෙනකන් BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. උදේ 9ට පටන්ගන්න මේ ප්‍රදර්ශනය රාත්‍රී 9වෙනකන් හැමදාම පැවැත්වෙනවා. දැනට වසර 15කට පමන ආරම්භ කරන ලද මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ Sri Lanka Book Publishers Association මගින්. දේශීය හා විදේශීය වෙළඳ කුටි 500කට වැඩි ප්‍රමානයකින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වෙනවා. පොත් ප්‍රකාශකයන් 150ක් පමන මේ ප්‍රදර්ශනයට පොත් ඉදිරිපත් කරනවා. 5% සිට 70% දක්වා වට්ටම් යටතේ පොත් මිලට ගැනීමට මේ ප්‍රදර්ශනයේදී පාඨකයන්ට හැකිවෙනවා.

Sunday, September 15, 2013

Merlin all 5 Seasons Download. මර්ලින් කතාමාලා 5ම එකම තැනකින් ගන්න එන්න.

originalඅද කියන්න යන්නේ මෙතෙක් කල් දමපු ලිපිවලින් ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු Merlin කතා මාලාව ගැන. මෙතෙක් කාලයක් ඔයාලට මේ කතාව අරගෙන ආවේ මට ඉඩක් ලැබුන හැටියෙමනේ. ඒ නිසා හමහර කොටස් ඔයාලට මඟ ඇරිලත් ඇති. ඒ නිසා Season පහම එකම ලිපියකින් දෙන්න හිතුවා.

morgana_promo

මේ පහලින් තියෙන ලින්ක් එක භාවිතා කරලා ලේසියෙන්ම Merlin බලන්න එන්න.

Season 01 - Merlin කතාව Download කරගන්න 

Season 02 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 2) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 03 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 3) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 04 - කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 4) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Season 5 -  කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

Sunday, September 8, 2013

කුඩා උකුස්සා - Merlin (TV series) එක බලන්න කැමැතිද? (Season 5) එන්න ඩවුන්ලෝඩ් කරගන්න.

2මේ අරගෙන ආවේ Merlin අවසාන කතා මාලාව. ගොඩක් අය මේ කතාව හොයන වෙලාවක මේ කතාව Online බලන්න හරි Download කරගන්න හරි මේ පොස්ට් එකෙන් පුළුවන් වෙනවා. හිරු TV එකේ ප්‍රචාරය කරන කතා මාලාව හිරුට කලින් බලන්න දෙන්න හිතුවා. පහළින් වීඩියෝ Play කරලා ඔයාලට පුළුවන් IDM එක භාවිතා කරලා වීඩියෝ Download කරගන්න. නැත්තම් Online බලන්න එන්න පහලට…

3

Related Posts Plugin for WordPress, Blogger...