Friday, September 21, 2012

අනිවාර්යයෙන් කියවන්න හොදේ..

මේ කියන්න යන්නේ ලංකාවේ මේ වන විට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය ගැනයි. 2012 සැප්තැම්බර් මාසේ 18 වෙනිදා ඉදලා 26 වෙනකන් කොළඹ BMICH එකේ පැවත්වෙනවා. 


මීට අවුරුදු 13කට කලින් වෙළෙද කුටි 34ක් සමගින් ආරම්භ වූ මෙය මේ වන විට විශාල වර්ධනයක් සමගින් වෙළෙද කුටි 410ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ සැරේ විදේශීය කුටි 40ක් විතර තියෙනවා. ඒ ඉංදියාව, ජපානය, මලයාසියාව, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව යන රටවලින්. හැම දවසකම උදේ 9ට ආරම්භ වෙලා රාත්‍රී 9 වෙනකන්ම පැවැත්වෙන නිසා විශාල ජනතාවක් පොත් ගන්න වගේම පොත් ප්‍රදර්ශනය බලන්නත් දිනපතාම එනවා. 

මෙවර මේ ප්‍රදර්ශනයට අලුතෙන් "ගුරු ගෙදර" නමින් විශේෂාංගයක් එකතු වෙලා. ඒ පොත් ලියන කතුවරුත්, පොත් ප්‍රකාශකයොත් එකට මුණගස්සන්න. 5% සිට 70% දක්වා වූ වට්ටම් සහිතව පොත් ගන්න අපිට පුලුවන්. 

ඇතුලු වෙනකොට ටිකට් එකක් ගන්න වෙනවා.  ඒත් පාසල් සහ විශ්ව විද්‍යාල හැඳුනුම් පත තියෙනවා නම් ටිකට් ඕන නෑ. වාහන නවත්වන්න පහසුකම් තියෙනවා. ඇතුලු වෙනකොටම වාහන වලට නම් අංකයක් දෙනවා. ඒ අනුව වාහන නවත්වන්න ඕන. 

කෑම බීම නම් ඕන තරම් තියෙනවා. "ගමේ කඩේ" තමයි ගමේ කෑම කන්න ගන්නව නම් යන්න ඕන තැන. ඊට අමතරව මැගී,  අයිස්ක්‍රීම් වගේම බීම විකුණන කඩ ඕන තරම් තියෙනවා. 

පොත් ශාලා A,B, B1, C,D,E,E1,F,G,H,J,K කියලා නම් කරලා තියෙනවා. මේ හැම එකකම අපි දන්න කියන ගොඩක් පොත්හල් තියෙනවා. 

























































මතක ඇතිව බොන්න වතුර අරගෙන යන්න. යන හැමෝම එකට ඉන්න. මඟ ඇරුනොත් එකතු වෙන්න තැනක් කලින්ම කතා කරගන්න. පොත් අරගෙන ඇවිදින නිසා හොද බෑග් එකක් අරගෙන යන්න. පුලුවන් තරම් උදෙන් යන්න බලන්න. හවසට එන පිරිස වැඩිවෙනවා. යන්න එන්න බස් දාලා තියෙනවා. නොමිලේ යන්න පුලුවන් බසුත් දාලා තියෙනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම යන්න. 

අනිවාර්යයෙන් කියවන්න. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවනේ. 

+++++++++++++++++++++++
ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ... 
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. යන්න ඕනා.. photo දැක්කම යන්න හිතුන. ඒත් ඉතින් ගොඩක් පොත් ගන්න සල්ලි නැහැ. ස්තූතියි සහෝ.

    ReplyDelete
  2. නියම පොස්ට් එකක් සහෝ. මාත් බලන්න යන්න ඉන්නේ . MOVIES බලන්න කැමති කට්ටිය ඉන්නවනම් මේකටත් ඇවිත් යන්න http://500mbmovies.blogspot.com/

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...