Saturday, May 9, 2015

නහුතෙන් එහාට +

angry-couple

අපේ සමහර අයට තරහයන්නේ නහුතෙට. ඒත් මේ ටික බැලුවම සමහරවිට නහුතෙන් එහාට තරහ යන්නත් පුලුවන් වෙයි. ඒත් තරහගන්න එකනම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා හිත පාලනය කරගන්න එක තමයි වටින්නේ.

මේ කියන්න යන්නේ අපේ පරණ ගණිතයේදී භාවිත වුන සංඛ්‍යා රටාව ගැන. බලන්නකෝ අසංඛ්ය කියන්නේ පොඩි ගාණක්ද කියලා.

1. දහය x දහය = සියය
2. සීය x දහය = දහස
3. දහස x සියය = ලක්ෂය
4. ලක්ෂය x සියය = කෝටියයි
5. කෝටිය x කෝටිය = ප්රකෝටියයි
6. ප්රකෝටිය x කෝටිය = කෝටිප්රකොටියයි
7. කෝටිප්රකොටිය x ප්රකෝටි = නහුත එකයි
8. නහුත එක x කෝටිය = නින් නහුත එකයි
9. නින් නහුත එක x කෝටිය = අක්කොබොහිනි එකයි
10. අක්කොබොහිනි එක x කෝටිය = බින්දු එකයි
11. බින්දු එක x කෝටිය = අබ්බුද්ධ එකයි
12. අබ්බුද්ධ එක x කෝටිය = නිරබ්බුද එකයි
13. නිරබ්බුද එක x කෝටිය = අහහ එකයි
14. අහහ එක x කෝටිය = අබිඩ එකයි
15. අබිඩ එක x කෝටිය = අටට එකයි
16. අටට එක x කෝටිය = පොගන්දී එකයි
17. පොගන්දී එක x කෝටිය = උප්පල එකයි
18. උප්පල එක x කෝටිය = කුමද එකයි
19. කුමද එක x කෝටිය = කුන්ඩරික එකයි
20. කුන්ඩරික එක x කෝටිය = පදුම එකයි
21. පදුම එක x කෝටිය = කථාන එකයි
22. කථාන එක x කෝටිය = මහා කථාන එකයි
23. මහා කථාන එක x කෝටිය = අසංඛ්ය එකයි

මේක උපුටා ගත්තේ elakiri.com එකෙන්. වැදගත් වෙයි කියලා හිතුන නිසා බෙදාගත්තේ.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

  1. 4 වෙනි එකට යනකල් යන්තන් දන්නවා

    ReplyDelete
    Replies
    1. ඉංගිරීසි ගණන් එක්ක හැප්පෙනකොට දේශීයත්වය යට යනව නිකන්ම :((

      Delete
  2. මාත් දැන හිටියේ ඔමා තරම් වගේ මේ ලිපිය වටින්නේ ඒකයි

    ReplyDelete
    Replies
    1. කවද හරි ඕන වෙයි කියල හිතලයි Share කලේ \m/

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...