Friday, September 28, 2012

බ්ලොගයක් කරන ඔබ මේ ගැනත් සැළකිලිමත්ද?

බොහොම කෙටියෙන්ම කියන්නම්කෝ. මේක බලලා ඔයාලට කරන්න දේවල් නම් ගොඩක් තියේවි. අද වන විට බොහෝ දෙනෙක් තමන්ගෙම කියලා බ්ලොග් එකක් කරනවනේ. කැමැතිද ටිකක් වැඩි දියුණු කරලා ගන්න ඔයාගේ Blog එක? අපිට නොමිලේ භාවිතා කරන්න පුලුවන් මෙම බ්ලොග් පහසුකම වැඩිදියුණු කරගන්න කියලා සපයන සේවා කිහිපයක් ගැන මට හොයාගන්න පුලුවන් වුනා. ඉතින් ඔයාලටත් කියන්න හිතුනා. නිකන් දෙන හින්දා දැනට ගොඩක් දෙනෙක් භාවිතා කරනවා. 




මෙන්න පළවෙනි එක. Google Analytics 
මේක දෙන්නේ Google සමාගමෙන්. බ්ලොග් traffic එන්නේ කොහෙන්ද, කොච්චරද, බලන්න එන අය භාවිතා කරන keywords මොනවද, වගේ ගොඩක් විස්තර මේකෙන් බලාගන්න පුලුවන් වෙනවා. තමන්ගේ Gmail එක පාවිච්චි කරලා log වෙලා මේකෙන් වැඩකරන්න පුලුවන්. 

ඊලගට Google Webmaster Tools
Google තුල අපේ Pages වල දෘශ්‍යතාව (visibility) පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් දැනගන්න පුලුවන් වෙනවා. 

තුන්වෙනියට FeedBurner 
මෙයත් වැදගත් වෙනවා අපිට. මේකෙන් custom RSS feeds ගන්න පුලුවන්. ඒ වගේම එයාලගේ ලග තියෙන management tools භාවිතා කරන්නත් අපිට පුලුවන්. 

හතර වෙනියා තමයි, OnlyWire 


ස්වයංක්‍රීයව අපේ දත්ත සමාජ ජාල අතර බෙදාහරින්න මෙයා උදව් කරනවා. 

ඉන්පස්සේ W3C Link Checker
මැරුණ ලින්ක්(links that are dead) සහ බිදුන ලින්ක්(broken links) ගැන හොයන්නේ මෙයා තමයි. 

සය වෙනියට Google Alerts
Google Email updates සහ latest relevant Google results පිළිබදව අවධානය යොමුකරවන්නේ මේ සේවාවෙන්. 

ඉන්පස්සේ Url Shortener

අපි ලග තියෙන දිග URL කෙටි කරලා දෙනවා. උදාහරණයක් බලන්නකෝ. Click this.  මේ සේවාවන් ලබාගන්න පුලුවන් මෙන්න මේ ලින්ක් භාවිතා කරලා. පළමු සේවාව. දෙවන සේවාව

අන්තිම එක තමයි Pagespeed checker
මේකෙන් අපේ බ්ලොග් එක Load වෙන්න යන වෙලාව බලලා තව වේගවත් කරන්න උපදෙස් දෙනවා. වේගය 85%ට වැඩි නම් හොදටම ඇති. මෙතනින් ගිහින් බලාගන්නකෝ. 

+++++++++++++++++++++++
ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ... 
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

5 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...