Monday, October 8, 2012

ජනප්‍රියම බ්ලොගය වීමට……. (ක්‍රම 35ක්)

අද කියන්නේ අපේ බ්ලොග් එක ජනප්‍රිය කරගන්න පුලුවන් ක්‍රම 35ක් ගැනයි. බ්ලොග් ලියන අපි හැමෝටම මේ දේවල් ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුන නිසා හැමෝටම කියන්න හිතුනා.make_your_blog_popular

1. සිත් ඇදගන්නා සුලු නමක් යොදාගන්න. යොදාගන්නා නම දැනට ඇති නමකට ලගින් යනවා නම් එය දෙදෙනාටම අසාධාරණයි. ඒ නිසා වෙනමම නමක් තෝරගන්න උත්සාහ කරන්න.

2. බ්ලොග් Layout එක තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න. බ්ලොග් එක බලන්න එන කෙනා ලිපියට කලින් දකින්නේ බ්ලොග් එක නිසා සිත් ඇදගන්න පුලුවන් විදියේ Layout එකක් තෝරගන්න.

3. Logo එකක් යොදාගන්නේ නම් එය වෙනත් කිසිදු Logo එකකට සමාන නොවන ලෙස සකස් කරගන්න. වැඩි වැඩ නැති මතක හිටින Logo එකක් හදාගන්න.

4. සතියකට එක ලිපියක්වත් ලියන්න. බ්ලොග් එක ගැන අමතක වෙන්න දෙන්න එපා. සතියකට ලිපියක්වත් දැම්මොත් හැමදාම බ්ලොග් එක බලන්න එන පිරිස රදවගන්න පුලුවන් වෙනවා.

5. Share කරන විට ලිපියේ වැදගත්ම කොටස Share කරන්න. එය ලිපියේ මුල කොටස විය යුතු නෑ. කුතුහලය දනවන්නක් විය යුතුයි.

6. Post එකක ඇති වචන ගණන ගැන සැලකිලිමත් වෙන්න. වචන 700-1500 ප්‍රමාණය හොදයි.

7. හොද හැදින්වීමක් දෙන්න. අදාල චායා රූප පමනක් යොදා ගන්න

8. යමක් කියලා දෙන වෙලාවට තමන් විසින්ම හදාගන්න Screenshot භාවිතා කරන්න.

9. Post එක Publish කරන්න කලින් නැවත කියවලා බලන්න. වැරදි තියෙන්න පුලුවන් how-to-make-your-blog-popular

10. බලන්න එන කෙනාට බ්ලොගය ඇතුල සංකීර්ණ ආකාරයට දකින්න තියන්න එපා. සරල බ්ලොග් gadgets භාවිතා කරන්න

11. තමන්ගේ නිර්මාණශීලීත්වය පෙන්නන්න.

12. නිර්මාණශීලීත්වය තුලින් පාඨක අවධානය දිනා ගන්න.

13. පාඨක අදහස් ගරු කරන්න.

14. අන් අයගේ බ්ලොග් වල Comment කරන්න.

15. දැන්වීම් යොදාගන්න.

16. කලින් ලිපි List එක පෙනෙන ලෙස තබාගන්න. එන අය ඒ ලිපිත් බලන්න උත්සාහ කරාවි

17. එන අය ඒ අයගේ අදහස් දීලා යන විදියට උනන්දු කිරීමට වගබලාගන්න.

18. RSS Feeds ගැන සැලකිලිමත් වෙන්න.

19. මාසයකට සැරයක්වත් සාමාජිකයන්ට Email මගින් අලුත් ලිපි ගැන දැනුම් දෙන්න.

20. අන්තර්ගතයන් SEO Friendly ආකාරයට තියාගන්න. blogging-image-21

21. බ්ලොගය තුල තම ස්වාධීනත්වය ගොඩනගා ගන්න.

22. මෘදු වචන යොදා ගන්න. ප්‍රියජනක ස්ථානයක් කරන්න

23. Facebook එකට බ්ලොග් ලිපි Share කරන්න.

24. Twitter වලට ලිපි Share කරන්න.

25. Comments කිරීමේදී ලින්ක් භාවිතයට ඉඩ දෙන්න.

26. වෙනත් අයකුගේ ප්‍රතිරූපයට හානි කරන්න බ්ලොග් එක යොදාගන්න එපා.

27. Keywords භාවිතා කිරීමට සැලකිලිමත් වෙන්න. Search කිරීමේදී අන් අයට ලිපි සොයාගන්න පහසුවෙයි

28. මාතෘකාවට නිසි වටිනාකමක් දෙන්න. දකින කෙනාට වැදගත් කියලා හිතෙන විදියේ එකක්

29. බ්ලොග් ලිපි මෙන්ම බ්ලොගයද යාවත්කාලීන කරන්න. අලුත් දේවල් එකතු කරන්න

30. හැකි විටක Publish කිරීමට ලිපි Draft කරන්න.

31. කියවීමට පහසු Font එකක් යොදා ගන්න.

32. අන් බ්ලොගයන් හා තරගකාරී ගුණාත්මක ලිපි පල කරන්න.

33. වැඩි දෙනෙක් ලිපි කියවන වේලාව හදුනාගෙන ලිපි පල කරන්න.

34. බ්ලොග් සින්ඩියන්හි ලියාපදිංචි වන්න. එතකොට ලිපි කියවන්න එන්න හැමෝටම පුලුවන්

35. කිසිවිටක වෙනත් අයගේ ලිපි ඒ අයුරින්ම Copy කරන්න එපා. අලුත් දේවල් එකතු කරන්න මහන්සි වෙන්න

Blog-success-golden-rules

මම හිතනවා මේ දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. හෙටත් එන්න. වැදගත් දෙයක් අරගෙන හෙටත් එන්නම්කෝ.

අදට ගිහින් එන්නම්……. Thumbs up

+++++++++++++++++++++++

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

වැඩේ හොදනම් Like කරන්න.

අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න.

යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න

 

Twitter සමග එකතු වෙන්න: Lesson in Short

ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com

 

ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...

(New: Facebook Profile එකෙනුත් Comment කරන්න පුලුවන් දැන්…. )


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

17 comments:

  1. බ්ලොග් ලියන හැමෝටම ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ

      Delete
  2. මගෙත් ආරම්භයට ගොඩක් වටිනවා... තෑන්ක්ස්. පුලුවන් නම් ඇවිත් යන්න spider -the detective පරීක්ෂණ රහස් කතා බ්ලොගයටත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලුවා.....
      ඔන්න මම ඇවිත් Follow කරාත් එක්ක
      දිගටම මේ පැත්තේ එමුකෝ

      Delete
  3. ගොඩාක් වැදගත් ලිපියක් යාලුවා....

    ReplyDelete
  4. හොඳයි! ජය!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. බොහොම ස්තුති යාළුවා

    ReplyDelete
    Replies
    1. පුලුවන් වෙලාවක ආයිමත් මේ පැත්තේ රස්තියාදු ගහන්න එන්න යාලුවා :)

      Delete
  7. ඇත්තටම ගොඩක් වටිනව..... යාලුව මට තව පොඩි උදෞවක් ඕනේ....

    ReplyDelete
  8. shaaa..maru ahhh..yaluwa mata kiyanda puluwanda kohomada ape blog eke name eka mata change karanda ona eka karan Ne kohomada kiyala kiyandako yaluwa...Plzzz

    ReplyDelete
  9. ඉතා අගනා වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැක. එහෙත් මෙවැනි වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමේදී එය වඩාත් ආකර්ශනියව ඉදිරිපත් කිරීමද වැදගත් ය. මෙහි නිර්මාණකරුවන්ට ගෞරව කිරීමක් ලෙස CARDSLANKA වන අප විසින් ද මේ වෙබ් අඩවිය හරහා ඔබ සියලු දෙනාටම වැදගත් වන ක්‍රෙඩිට් කාඩ්පත් පිලිබඳ තොරතුරු රැසක් ගෙන එමු. මෙවර අපි ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලැබෙන දින 51 ක සහන කාලය Grace Period පිලිබඳ සරල පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරමු. දැන්ම පිවිසෙන්න. දැනුවත් වන්න. http://cardslanka.blogspot.com/p/51.html

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...