පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label ඔරිගාමි නිර්මාණ. Show all posts
Showing posts with label ඔරිගාමි නිර්මාණ. Show all posts

Monday, June 24, 2013

ඔරිගාමි පාඩම 01 - ජපන් තරුණියක් හදමු

Screenshot_2013-06-23-15-59-46අද ඉදන් පටන් ගන්න යන මේ පාඩම් මාලාව ඔයාලා හැමෝටම ආසා හිතෙන පාඩම් මාලාවක් වෙයි කියලා හිතනවා. ලොකු පොඩි හැමෝම එක වගේ ආස කරන නිර්මාණ කලාවක් තමයි ඔරිගාමි කියලා කියන්නේ. අද අපි කතා කරන්නේ ඔරිගාමි වලින් ජපන් තරුණියක් නිර්මාණය කරගන්න ආකාරය ගැනයි. මේ සදහා උපකාරී කරගන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්.

පළමු පියවර විදියට හරි හතරැස් කොළයක් අරගෙන විකර්ණ යා කරමින් දෙකට නමන්න.

Screenshot_2013-06-23-16-00-04

ඊළඟට රූපයේ පේන විදියට කොළය දිග ඇරලා පාට පැත්ත පිටට පේන විදියට තියලා තියාගෙන දෙපසින් ඇතුලට නවන්න ඕන. මෙතැනදි කලින් අපි මැද ලකුණු කරගන්න හේතුව ඔයාලට පැහැදිලි ඇති.

Screenshot_2013-06-23-16-00-16

ඉන්පස්සේ අනිත් පැත්ත හරවලා උඩ කොටස ඉදිරියට නවන්න ඕන.
Screenshot_2013-06-23-16-00-26

එම නැමූ කොටස නැවතත් ඉහලට ඔසවන්න.
Screenshot_2013-06-23-16-00-37

කලින් නවපු කොටස වර්ණවත් පැත්තට නවාගන්න.
Screenshot_2013-06-23-16-00-47

දැන් කතුරක් අරන් රූපයේ පෙනෙන ආකාරයට පොඩි කට්ටා දෙකක් කපාගන්න ඕන.
Screenshot_2013-06-23-16-00-56

දැන් ඒ නැමූ කොටස මදක් ඔසවන්න.
Screenshot_2013-06-23-16-01-11

එසේ ඔසවා රූපයේ විදියට මැදින් පොඩි ප්‍රමාණයක් වනසේ කැපුමක් යොදාගන්න.
Screenshot_2013-06-23-16-01-18

දැන් කරන්න තියෙන්නේ කලින් කට්ටා කපාගත් ස්ථානය කැපුම තුලට යවන එක. ඒ කට්ට දෙක කැපුම තුල හොදින් හිරවෙන්න තියන්න ඕන.

Screenshot_2013-06-23-16-01-28

දැන් ඔයාලට කරන්න තියෙන්නේ අපි හදාගෙන යන නිර්මාණයේ දෙපසින් කපන එක. රූපයේ පේන විදියට කලින් යොදපු මැදින් කල කැපුමට මදක් පහලට වෙනකන් මේ කැපුම දෙපසින් සිදුකරන්න ඕන.

Screenshot_2013-06-23-16-01-47

ඔයාලා දෙපසින් කපාගත් පසුව ඔයාලට පුලුවන් රූපයේ විදියට දෙපැත්තේ තියෙන එක කොටසක් ඉදිරියට නවන්න.

Screenshot_2013-06-23-16-01-56

දැන් ඔයාලට කරන්න තියෙන්නේ දෙවන පියවරේදී නවාගත් ප්‍රමාණයෙන් භාගයක් වෙන විදියට ඉහලින් කොටසක් ඉදිරියට නවාගන්න.

Screenshot_2013-06-23-16-02-10

කලින් පියවරේදී කොටසක් ඉදිරියට නැමුවහම උඩ ඉතිරිවෙන ත්‍රිකෝණාකාර කොටසින් උඩ කොටස නවන්න ඕන.Screenshot_2013-06-23-16-02-36

දෙපැත්තෙන් ඉතුරු වෙලා තියෙන කොටසින් පහල ඇති උල් කොටස් දෙක මදක් ඇතුලට නවාගන්න.

Screenshot_2013-06-23-16-03-03

දැන් ඒ කොටසත් පෙර නවපු කොටස මතට වැටෙන විදියට නවාගන්න.
Screenshot_2013-06-23-16-03-09

අන්තිමට පහල කොටස පසුපසට නවාගන්න. ඒ කොටස තමයි හිටවන්න ආධාරක විදියට ගන්නේ.
Screenshot_2013-06-23-16-03-19

අවසාන නිර්මාණය පහතින් පෙනෙන ආකාරයට තියේවි.

Screenshot_2013-06-23-16-03-30

Related Posts Plugin for WordPress, Blogger...