Tuesday, October 2, 2012

බ්ලොග් එකක ලියන හැමෝම Windows Live Writer පාවිච්චි කරන්න.

අද ආවේ අලුත්ම දෙයක් අරගෙන. Hot smile ඒ තමයි Windows Live Writer. තවම මම නම් දැක්කේ නෑ මේ ගැන කවුරුවත් කතා කරලා තියෙනවා. ඒ නිසාම අද මේ ගැන ලියන්න හිතුවා. මේකෙන් පුලුවන් බ්ලොග් ලිපි පහසුවෙන් ලියන්න. මමත් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතාකරන පලවෙනි වතාව තමයි මේක. Be right back ඒත් මම හිතනවා හොදට තියේවි කියලා. Windows Live Writer එන්නේ තනියම නෙවෙයි. Microsoft Windows Essentials 2012 එක්ක තමයි මේක අපිට ලැබෙන්නේ. නොමිලේ දෙන දෙයක් වුනත් කරන්න පුලුවන් වැඩ ගොඩයි. Microsoft Windows Essentials 2012 වලින් මයික්ක්‍රොසොෆ්ට් ආයතනය බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා.

1. Instant messaging

2. Photo editing and sharing

3. Integrated and bundled email

4. Blog publishing and security services

Windows Essentials 2012 වල ඇතුලත් වෙන අනිත් විශේෂාංග විදියට අලුත්ම Movie Maker and Photo Gallery, new SkyDrive for Windows app, Windows Live Mail, Windows Live Messenger, Windows Live Family Safety, Windows Live Writer and Outlook Connector Pack හදුන්වා දෙන්න පුලුවන්.  windows-essentials-2012-offline-installer[5]

දැන් අපි Windows Live Writer වැඩ කරන විදිය බලමු.

Untitled-3 මුලින්ම Download කරගන්නකො සොෆ්ට්වෙයාර් එක. මෙන්න ලින්ක් දෙක.

Left hugDownload Windows Essentials 2012 (Offline installer)

Download Windows Essentials 2012 (Web installer)Right hug

කැමැති එකක් අරගෙන Install කරගන්න. ඉන්පස්සේ අදාල තොරතුරු ටික පුරවන විදිය බලමු. imageදැනට තියෙන බ්ලොග් එක මේකට සම්බන්ධ කරන්න පහලින්ම තියෙන Other Servics තෝරන්න. Next දෙන්න. imageමේ තොරතුරු ටික දීලා Next යන්න. ඔයාලගේ Blog එකෙන් අවශ්‍ය කරන තොරතුරු ටික Download කරගන්න පටන් ගනීවි. මග හරියෙදි අහවි බ්ලොග් Template එකත් Download කරගන්නද කියලා. ඒක OK කරන්න. ඔක්කොම ඉවර වුනාම Windows Live Writer ඕපන් වෙයි.

ප්‍රධාන Tab 3ක් තියෙනවා. Home, Insert, Blog Account කියලා. Home එකෙන් අපිට පුලුවන් ෆොන්ට් එක මාරු කරන්න, ටෙක්ස් ෆෝමැට් කරන්න, පැරග්‍රාෆ් ෆෝමැට් කරන්න, ලියන ලිපි පබ්ලිෂ් කරන්න වගේ ගොඩක් දේවල් කරන්න. Tab එක දිග හින්දා කොටස් දෙකකට දැම්මෙ. imageimageඊලගට තියෙන්නේ Insert Tab එක. Table දාගන්න, පින්තූර/හයිපර්ලින්ක්/වීඩියෝ වගේම Emotion දාගන්නත් මේකෙන් පුලුවන් වෙනවා. Smileimageඉන්පස්සේ Blog Account Tab එක. Settings වල විවිධ වෙනස්කම් කරන්නෙ මෙතනින්. Update කරන වෙලාවට මේ Tab එක ගොඅක් වටිනවා. imageතව එක විශේෂාංගයක් තියෙනවා. ඒ තමයි පින්තූර වෙලට වෙනස්කම් කරන්න පුලුවන් Picture Tool එක. අපි පින්තූරයක් Select කලාම මේක Tab එකක් විදියට ඕපන් වෙනවා.

imageමට නම් මේක ගොඩක් වැදගත් වෙනවා. PrtScn බට්න් එක ක්ලික් කරලා ගන්න Screen Photos ලිපියටම Paste කරන්න අවස්තාවක් හිමි වෙනවා. ඒ වගේම Crop කරන්නත් පුලුවන්. අපේ ලිපියට ගැලපෙන විදියට Picture Size වෙනස් කරගන්න පුලුවන් වෙනවා. ඒක ලොකු වාසියක්නේ. ලිපියෙන් පිටට Pictures පනින එකක් නෑ මීට පස්සෙ නම්. imageSet default sizes වල Large එකට ඔයාලගේ ලිපි තීරුවේ px ගානට පොඩ්ඩක් අඩු අගයක් දෙන්න. (600px නම් 550px)imageපින්තූරෙට watermark දාන්නත් පුලුවන්. imageTags දාන එකයි, Schedule කරන එකයි මේකෙන් තවත් ලේසි වෙනවා. image

imageලිපියක් ලිව්වම ඒක් කොහොමද කියලා බලන්නත් පුලුවන්. image

ලිපියේ අන්තිමටම Microsoft Windows Essentials 2012 වල System Requirements කියලම නවත්තන්නම්කෝ.

Operating system: Windows 7 or Windows 8 (32- or 64-bit version).

Processor: 1.6 GHz or higher with SSE2 support. SSE2 is supported on Pentium 4 processors or newer, and AMD K8 processors or newer.

Memory: 1 GB of RAM or higher

Resolution: 1024 × 576 minimum

Internet connection: Online services require dial-up or high-speed Internet access

Graphics card: Windows Movie Maker requires a graphics card that supports DirectX 10 or higher

අදට ගිහින් එන්නම්……. Thumbs up

මතක ඇතුව හෙට හැන්දෑවටත් එන්න. Microsoft Office 2013 හෙට හවසට…….. Winking smile

+++++++++++++++++++++++

ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.

(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)

ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

17 comments:

  1. නියමම නියමයි.බොහොම ස්තුතියි ඔබට..මට ගොඩක් වැදගත් වේවි මේක.

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ටිකක් ලොකු ෆයිල් එකක්නේ..මම මේක බුක් මාක් කරල ස්පීඩ් වැඩි උනාමම ඩවුන්ලෝඩ් කරන්නම්..64 වලට ස්ලෝ කර ඇත.

      නැවතත් ස්තුතියි..

      Delete
    2. ඔව්. ටිකක් ලොකු ෆයිල් එකක්නම් තමයි. ඒත් මේකෙන් ලියන එක මාර ලේසියි. ස්පීඩ් අඩු වුනාම බ්ලොග් ලියන වෙලාවට save වෙන්නෑ කියල errors එන එකෙන් බේරෙන්නත් පුලුවන්. pictures දාන්න ගියාම තවත් එපා වෙනවා. මේ ඔක්කොටෝම හොද විසදුමක්. තව දවස් 3ක් ඉවසන්නකො. Web installer එකම දාගන්න.

      ස්තූතියි
      හෙටත් හවසට එන්නකෝ....... :)

      Delete
  2. වින්ඩෝස් xp වල ඕක වැඩ කරන එකක් නෑ නේද?

    ReplyDelete
  3. නැති වෙයි ෂර්ලොක් හෝම්ස් මහත්තයා. Windows 7 or Windows 8 විතරයි කියලා තියෙන නිසා. ඒත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ. 131MB තියෙනවා. හරිගියොත් කියන්නකෝ. පුලුවන් වුනොත් ගොඩක් හොදයි. මාර ලේසියෙන් ලියන්න පුලුවන්.
    පුලුවන් වෙලාවට එන්නකෝ මේ පැත්තේ. ස්තූතියි යාලුවා...........

    ReplyDelete
  4. වටිනා පොස්ට් එකක්.. හිරුහිමාවීගේ දැනුවත් කිරීමක් දැකලයි මේ පැත්තට ආවේ..
    මේක නම් ලේසි විදියක් වගේ පෙන්නේ..
    ස්තුතියි යාළු..

    ReplyDelete
    Replies
    1. මුලින්ම ආයුබෝවන් කියලා පිලිගන්නවා.........
      මේ පැත්තේ ආවට ස්තූතියි පණුච්චි :)
      ආයිමත් එමුකෝ පස්සේ වෙලාවකත්......

      Delete
    2. රුවන් , මම මේක දවුන්ලොඅඩ් කරගත්තා ඒත්.. ලයිව් රයිටර් එකෙන් බ්ලොග් ඇඩ්රස් එකයි ,ඊමේල් එකයි,පාස්වර්ඩ් එකයි දුන්නට කනෙක්ට් වෙන්නේ නෑ නේ.. එරර් එකක් එනවා. ඒකට හේතුවක් දන්නවද?

      Delete
    3. මුලින්ම එන What blog service do you use වින්ඩෝව් එකේ පහලින්ම තියෙන Other services තෝරගන්න
      ඊටපස්සේ බ්ලොග් URL එක, Email & password දෙන්න
      Next යන්න
      මම කලේ මේ විදියට
      බැරි වෙන්න විදියක් නෑනේ. :O ආයිමත් try කරලා බලමුකෝ

      Delete
    4. අනේ එහෙම තමා රුවන් මං පණුච්චි කොලේ... තව වෙනතුරු ඒක හදාගන්න බැරි උනා නේ.. :( :(

      Delete
    5. හරි, පණුච්චි කියන්න බලන්න එන Error Msg එක මොකක්ද කියලා. හැබැයි දැන් කීප දෙනෙක්ම හරියට හදාගෙන තිබුනා මේක.

      Delete
    6. Ane matath me prashnema aawa..

      Delete
    7. ඔයාල දෙන්නගේ ප්‍රශ්නේ විසදගන්න පුලුවන් ක්‍රම අද මම හොයල බැලුවා
      ඒත් ඒ වගේ දෙයක් කවුරුවත් අහල නෑ
      ඒත් අන්තිමට මට මේ ගැන ලියපු වෙනත් ආර්ටිකල් එකක් ලැබුනා
      මම ඒකේ ලින්ක් එක පහලින් දානවා
      http://kb.worldsecuresystems.com/kb/using-windows-live-writer-blog.html
      මේක ලියලා තියෙන්නේ නම් ඉංගිරිසියෙන්
      ඒත් ඒකෙත් කියලා තියෙන්නේ email එක දීලා log වෙන්න කියලා
      මේ බලන්න
      Enter the URL of your site's blog, your username (email address) and password you use to log into the Admin Console. Click Next.
      මෙතෙන්දි මමත් අලුතින් දෙයක් මේකට කියන්නම්
      අපි බ්ලොග් එක හදලා තියෙන email එක තමයි මෙතෙන්දි දෙන්න ඕන
      Setting>Basic>Permissions>Blog Authors ගිහින් Admin ගේ email එකයි password එකයි දෙන්න බලන්න
      තිබුන වැඩත් එක්ක පොඩ්ඩක් පරක්කු වුනාට සොරි ඈ.....

      Delete
  5. සුපිරි ඒත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඔච්චර කට්ටක් කන්න ඕනද? :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා...
      ඒකත් ඇත්තනේ... :D මටත් තියෙන අමාරුවක හැටි :P

      ඒත් මම ලියන වෙලාවට ඕන වෙන Screenshot දාන එක එපා වෙලා හිටියේ. ඒකයි අලුතෙන් හොයල බැලුවේ විසදුම් මොනවද කියලා... මේක ලැබුනේ එහෙමයි... ඔයාලට වාසි වෙයි කියලනේ දැම්මේ.. Screenshot,Pictures එහෙම පොස්ට් එකට දාලම Crop කරන්න පුලුවන් එක ලොකු වාසියක් වුනා මට. අනික Pictures Copy & Paste කරන්න තියෙන්නේ ලියන තැනටම. Load කරකර ඉන්න දෙයක් නෑ. අන්තිමට Publish කරන වෙලාවට හැමදෙයක්ම Uplaod වෙනවා.
      ස්තූතියි අදහසට. පුලුවන් වෙලාවක එන්නකො ඇවිත් යන්න...

      Delete
  6. බොහොම වටින ලිපියක් වගේ... නියමයි යාළු:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරුකා
      මේ පැත්තට අලුත් වගේ
      සාදරයෙන් පිලිගන්නවා

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...