Thursday, May 9, 2013

ෆේස්බුක් යන්නම බැරි වෙන්න ෆේස්බුක් එකේ පාස්වර්ඩ් එක අමතක වුනොත්? මෙන්න නැවත හදාගන්න අලුත්ම ආකාරය

Facebook Trusted Contacts

ලඟදි ඉදලා අපිට පුලුවන් ෆේස්බුක් එකේ අපේ පාස්වර්ඩ් එක අමතක වුනාම අලුත් විදියකට නැවත ලබාගන්න. මේ සදහා අපිට Trusted Contacts කියන අලුත් විශේෂාංගය භාවිතා කරන්න පුලුවන්.

Facebook Trusted Contacts

මෙහිදී අපිට Trusted Contacts විදියට අපේ හොදම යාලුවෝ පස්දෙනෙක් තෝරන්න පුලුවන්. අවමය යාලුවෝ තුන්දෙනෙක් තෝරන්න අවශ්‍යයි. අපිට අපේ පාස්වර්ඩ් එක අමතක වෙලාවට ෆේස්බුක් එකෙන් අපේ තෝරපු යාලුවන්ට Security code එකක් යවනවා. අපිට පුලුවන් අපේ යාලුවන්ගෙන් අපේ Security Code එක ඉල්ලගන්න. නැවත පාස්වර්ඩ් එක හදාගන්න අවමය මේ විදියේ Security Code තුනක් අවශ්‍ය වෙනවා.

පළමුවෙන්ම Security Setting වෙත යන්න.

Facebook Trusted Contacts

ඊළගට Choose Trusted Contacts මත ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝව් එකක් ඕපන් වෙයි.

Facebook Trusted Contacts

එහි පහලින් තියෙන Choose Trusted Contacts මත ක්ලික් කරන්න.

Facebook Trusted Contacts

යාලුවෝ තුනත් පහත් අතර ගණනක් තෝරන්න. මේකට හොදටම විශ්වාසවන්ත යාලුවෝ තෝරන්න. අවසානයේ Confirm මත ක්ලික් කරන්න.

වැරදිලා හරි පාස්වර්ඩ් එක ගන්න බැරිම වෙන වෙලාවකට මේ විදියට යාලුවන්ට Security Code යවන්න කියලා එයින් තුනක් ලබාගෙන අපිට ආයිමත් ලොග් වෙන්න පුලුවන්.

අනිත් යාලුවන්ට දැනගන්න ෆේස්බුක් එකේ Share කරන්න අමතක කරන්න එපා.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

3 comments:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...