පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Wednesday, November 27, 2013

ෆේස්බුක් ෆොටෝ ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද? How to Download Facebook Photo Album…

ෆේස්බුක් එකේ අපි ෆොටෝ දාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකින් එක විධියක් තමයි ඇල්බම් එකක් විධියට Upload කරන එක. ඒ විදියට ෆොටෝ දැම්මම අපිට පුළුවන් වෙනවා එකම Event එකක ෆොටෝ එකම තැනක ඉදන් බලන්න. ඒ වගේම Like කරන්න. ෆේස්බුක් ගැන දන්න ඕනම කෙනෙක්ට Facebook Photo Album ගැන අලුතෙන් කියන්න ඕන වෙන්නේ නෑ.

image

ඒත් ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ Download කරගන්න පුළුවන් එකින් එක. ඒ කියන්නේ ෆොටෝ 500ක ඇල්බම් එකක් Download කරගන්න 500 සැරයක් ක්ලික් කරන්න ඕන කියන එකනේ. ඒ නිසාම කවුරුවත් කැමැත්තෙන් ෆොටෝ ඇල්බම් Download කරන්න උත්සාහ ගන්නේ නෑ.

ඒත් අපි කැමැත්තෙන්ම ඉන්න ෆොටෝ ඇල්බම් එකක් Download කරගන්න ඕන උනාම කොච්චර කට්ටක් කන්න වෙනවද? ඒත් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා ෆොටෝ ඇල්බම් එකම එක පාර Download කරගන්න.

ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැන ඉදලා ඇල්බම් එකක් Download කරන තැනට පියවරෙන් පියවර පහලින් තියෙනවා.

1. ෆේස්බුක් එකට ලොග් වුනාම ඔයාලට මේ වගේ කොටසක් පේන්න තියෙනවනේ. ඒකෙන් “Add Photos/Video” උඩ ක්ලික් කරාම ෆොටෝ ඇල්බම් එකක් Create කරන තැනට යන්න පුළුවන්.

image

image

2. “Create Photo Album” කියන තැන ක්ලික් කරන්න. එතකොට අප්ලෝඩ් කරන්න තියෙන ෆොටෝ Select කරන්න වෙනම Window එකක් Open වෙයි. එතනින් ගිහින් ඔයාලට ඕන ෆොටෝ ටික Select කරලා Open ක්ලික් කරන්න.

3. දැන් තියෙන්නේ Album එකට සුදුසු නමක් හා විස්තරයක් දාන්න.

image

4. Upload වෙලා ඉවර වුනාම පහලින් මේ වගේ පෙනේවි. එතනින් අපිට පුළුවන් තවත් Customize කරන්න.

image

5. දැන් “Post Photos” උඩ ක්ලික් කරන්න.

ඔයාලා දැන් ඇල්බම් එක හදලා ඉවරයි.  මේ තියෙන්නේ එහෙම හදපු ඇල්බම් එකක්. (මෙතනින්) අපි බලමු කොහොමද ඇල්බම් එක Download කරගන්නේ කියලා.

මේකට අපිට Google Chrome සහාය අවශ්‍ය වෙනවා.

6. Open කරන්න Google Chrome Browser එක.

7. මෙන්න මේ ලින්ක් එකට යන්න. මේ ලින්ක් එකෙන් ගිහින් Addon එක Add කරගන්න.

image

8. මේ ඇඩෝන් එක ඇඩ්කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ෆේස්බුක් ඇල්බම් Download කරගන්න. ඒකට ඔයාලා Download කරගන්න ඕන Album එකට යන්න ඕන. ගියාම උඩ Address බාර් එකේ පොඩි කොටුවක් පෙන්නාවි. “FAD” කියලා පෙන්නන කොටුව ඔයාලට පෙනේවි දකුණු පැත්ත කෙළවරේම.

image

9. ඒක උඩ ක්ලික් කරන්න. ඕපන් වෙන ටැබ් එකේ ටිකක් පහලින් ඇති “Load All Pictures” කියලා. ඒක ක්ලික් කරලා ඔක්කොම Pictures Show කරන්න.

image

10. දැන් උඩ තියෙන “Zip Download” උඩ ක්ලික් කරන්න.

image

11. දැන් “Generate File” උඩ ක්ලික් කරාම zip ෆයිල් එකක් විදියට Download වෙන්න පටන් ගන්නවා.

image

12. අන්තිමට Save කරන්න තැනක් දෙන්න.

13. 7zip වගේ Software එකක් භාවිතයෙන් UN-Zip කරන්න.

image

14. ෆෝල්ඩර් එක Open කරලා බලන්න. ඔක්කොම Pictures ටික Download වෙලා ඇති.

image

Tuesday, November 19, 2013

“සරසවි කුරුටු ගී 232ක්” PDF ඩවුන්ලෝඩ් කරගන්න එන්න. (පිටු 59, 20MB)

කලින් ලිපියෙන් සරසවි කුරුටු ගී එකතුව ගැන විස්තර ගොඩක් කතා කරා. පොරොන්දු වුනා වගේම පුළුවන් ඉක්මනට සරසවි කුරුටු ගී එකතුව අරගෙන ආවා. මේ එකතුවේ ගී 232ක් තියෙනවා. පිටු 59ක් පුරා ගලා යන මේ ගී ඔයාලට සරසවි දිවිය ගැන ලස්සන චිත්‍රයක් ඇදලා පෙන්නාවි. එක එක සරසවි වලින් එකතු කරගත් ගී වෙන වෙනම දක්වන්න උත්සාහ ගත්තා. ඒත් සමහර ගී ඒ විදියට වෙන් කරන්න අමාරු වුන නිසා ඒ ගී ටික වෙනමම දක්වලා ඇති. පහතින් තියෙන්නේ ගී වර්ග කරන්න යොදාගත්ත සරසවි කිහිපය. මීට වඩා ගොඩක් කවි තියෙනවා. පුළුවන් විදියට මේ එකතුව ඉදිරියේදී යාවත්කාලීන කරන්න බලාපොරොත්තු වෙනවා.
1. කැළණිය සරසවිය
2. කොළඹ සරසවිය
3. ජයවර්ධනපුර සරසවිය
4. පේරාදෙණිය සරසවිය
5. මොරටුව සරසවිය
6. රුහුණු සරසවිය
7. වයඹ සරසවිය
8. විවෘත සරසවිය
9. තවත් සරසවි කුරුටු ගීත
මේ එකතුවේ නැති ගී ඔයාලා දන්න විදියට පහලින් ලියලා යන්න පුළුවන් නම් ලොකු උදව්වක් වෙනවා. එහෙනම් ඉතින් Like එකක් දාලා පොඩි හෙල්ප් එකකුත් දීලා මේ එකතුව Download කරගන්නකෝ. සම්පූර්ණ එකතුව 20MB තියෙනවා.
Download
Password: lessoninshort

Monday, November 11, 2013

“සරසවි කුරුටු ගී එකතුව”ට පෙර වදනක් (Sarasavi Kurutu Gee Collection)

15956_223421161420_655336420_4647816_2957193_nසරසවි කුරුටු ගීය, සරසවියකට පා තැබූ ඕනෑම අයෙකුගේ කන වැකුණු වදනක් වේ. මේ සරසවි කුරුටු ගීයෙන් මතු වන්නේ සරසවියේ ඉගෙනුම ලබන සරසවි මානව, මානවිකාවන්ගේ හදවතේ පදවැලයි. සිතට දැනෙන දුක, සතුට තම හදවතේ රාවය පද වලට පෙරලන්නට මොවුනට වැඩි වේලාවක් ඕනෑ නොවේ. එම සිතුවිලි පද වලට පෙරලී ඇති අපූරුව මනරම්‍ය. සීගිරි කැටපත් පවුරේ ගී ලිව්වෝ මුතුන් මිත්තන්ය. සරසවි කුරුටු ගීය ලිව්වෝ අප සහෝදර සහෝදරියන්ය. කැටපත් පවුරක ලියැවුන ගීයට වඩා වෙනසක් මෙහි දක්නට ඇත. එනම් මේ ගී ලියවෙන්නේ දේශන ශාලාවක,පොත්ගුලේ පුටු ඇන්දක,මේසයක,බිත්තියක,නේවාසිකාගාරයේ බිත්තියක,කැන්ටිමේ මේසයක නැතිනම් වැසිකිළි බිත්තියක වීමයි. මේ කොතැනක වුව ලියැවුණු කුරුටු ගීය සරසවි ජීවිතයේ යථාර්ථය පිළිඹිබු කරනා කැටපතක් වේ. 15956_223421121420_655336420_4647809_393923_n

මේ ගීත වල මුල් කතෘ නිර්නාමික ද, නිර්මාණ පොදු නිසාද ඊටත් වඩා මෙම කුරුටු ගීත සීගිරි ගී මෙන් ප්‍රසිද්ධ විවෘත නිර්මාණ නොවන හෙයින්ද මේවා දැකීම විරළය. සන්දර්භයන් අව්‍යාජ නිර්මාණශීලී අනන්‍ය සහ යථාර්ත නිමැවුම් වේ. මෙමගින් විවිධ සමාජ සහ මානසික මට්ටම් වල සෙවනැල්ලක් ඔබට දැක ගත හැකි වනු ඇත. පත පොත, බඩු කෑලි, පිකටින්, ආතල් සහ ලෙක්චර්ස් සමග ගතවන නිදහස් කෙළිලොල් සුහුඹුල් යව්වනයේ දැක්ම මෙම ගීත තුලින් දැකිය හැකිවනු ඇත.

සරසවි කුරුටු ගී වල තියෙන විශේෂත්වය තමා සරලව ඒත් අව්‍යාජ ව තමන්ගේ හිතේ තියෙන සිතුවිලි අනිත් කෙනාගේ හිත සසල වෙන විදිහට ලියලා තිබීම. මෙවන් ගීත කලාවක් නොනැසී පවත්වාගත යුතු වේ. එහෙත් සරසවිය තුලටද තරඟකාරීත්වයේ හෙවැනැළි පතිතවෙද්දී මේ ගී කලාව රැක ගැනීමට යමක් කලයුතුව ඇත.

මේ ගීත සොයාගන්න උදව් වූ සැමටත්, අන්තර්ජාලයෙන් හමුවූ ලිපි වල කතුවරුන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මේ ගීතවල අයිතිය ඒ ගීත නිර්මාණය කල නිර්මාණකරුවන් සතුවන අතර ඒ ගීත එක තැනකට එක්කරන්නට පමනක් ගත් පුංචි උත්සාහයක් තමයි මේ දිගහැරුම.15956_223421091420_655336420_4647807_4661714_n

පෙර කලේ කරපු අකුසල් වල අපල
මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා
මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා
එමු රාලේ ගොසින් පේපර් එක ලියලා

පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජා ගඟ වේවා
බෝංචි මුදලාලි අජරාමර වේවා

ඇදුරු දිසාපාමොක් ආගිය අතක් නැත
සාමා අමර වැලිකඩ හිරගෙදර ඇත
හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
දින නියමයක් නැත සරසවි වැසී ඇත

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය

අල්ලට සිඟාවත් දෙවරුව පාන්   කකා
පස්ස ඉරුනු කලිසම කමිසයෙන් වසා
නැති බැරි නමුත් ඉවසා දත් කූරු කකා
"ක්‍රෑම" කුමට බී.ඒ අකුරු දෙක    තකා

නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා

15956_223421056420_655336420_4647804_7192316_n

විභාගෙ අත ලඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඇය ලඟ
එම නිසා
විභාගෙ ඇය ලඟ

නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා

මම බාලේ සිට අකුරට ලොබ බැන්දා
කැම්පස් ආවෙ දෙටු උතුමනි ඒ හින්දා
මෙතැනට එන්න රැග් අතොරක් නැත වින්දා
මෙතැනින් තව රැගක් මොන එකටද මන්දා

13328136352096268110713නොහඩන් සරසවිය සලමින් කදුළු කැට
වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට

සූරා කමින් සුළු පිරිසක් විදිති සැපා
වැඩි පිරිසකට එනමුත් එය දුකකි අපා
ඉල්ලමි ඉල්ලීමක් නැමද දෙපා
වීරයෝ මිසක් නිකමුන් බිහි කරනු එපා

මෙවන් වූ අලංකාර සරසවි කුරුටු ගී 232ක් රැගත් සරසවි කුරුටු ගී පොතක් ලෙසින් ඔබ හමුවට, ළඟදීම…

Untitled-1

Related Posts Plugin for WordPress, Blogger...