පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label QuickBooks. Show all posts
Showing posts with label QuickBooks. Show all posts

Wednesday, July 1, 2015

QuickBooks සිංහලෙන් - Part III (Create New Company - Part II)

කලින් දවසේ අපි අපේ Company Details ඇතුළත් කරලා QuickBooks මූලික අඩිතාලම දැම්මා. මෙතනින් ඉස්සරහට තියෙන්නේ දෛනික ගිණුම් කටයුතු වාර්ථා කිරීම. ඒකට ගිණුම්කරණ දැනුමත් අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ කියන දේ වඩාත් පැහැදිලි වෙන්නේ.

Company Details ඇතුලත් කරලා අවසානයේ අපි නතර වුනේ QuickBooks ප්‍රධාන මුහුණතේ.

image

මේ මුහුණතේ අපේ වැඩ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. නිතරම අවශ්‍යවෙන සියලුම අංග මේ මුහුණතට එක් කරලා තියෙනවා. ඇස්තුමේන්තුවක් දීමේ ඉදලා පාරිභෝගිකයාට භාණ්ඩය භාරදීලා මුදල් ලබාගැනීම දක්වා හැම දෙයක්ම මේ මුහුණතේ පෙන්නුම් කරනවා.

මුලින්ම අපි බලමු අපි එකතු කරපු Company Details වෙනස් කරන ආකාරය. ඒක නිතරම අවශ්‍ය වෙන දෙයක් නොවෙන නිසා Company Details වෙනස් කරන්න Menu Bar එක භාවිතා කරන්න වෙනවා. QuickBooks Menu Bar එක ඉහලින් තියෙන්නේ. ඒ තුළ File, Edit, View, Lits, etc.. ආදී ලෙස කොටස් බෙදා දක්වලා තියෙන්නේ. මෙහි Company > Company Information වලට ගිහින් අපි ඇතුළත් කරපු තොරතුරු බලන්න පුළුවන්.

image

image

මෙතැනදි අපිට අපි ඇතුලත් කරපු විස්තර වෙනස් කරන්න ඉඩ දෙනවා. අපිට ඕන  Phone Number එක වෙනස් කරන්න නම් Phone Number එක වෙනස් කරලා OK ක්ලික් කරන්න.

image

දැන් බලමු අපිට Password එකක් දාගන්න ඕන නම් ඒක කරන්නේ කොතනින්ද කියලා. ඒකට Company > Set Up Users and Passwords > Change Your Password වෙත යන්න ඕන. කලින් Password එකක් දීලා නැති නිසා New Password එක Enter කරන්න තියෙන්නේ. කලින් Password එකක් දීලා තිබිලා ඒක මාරු කරනව නම් ඒකට පරණ Password එකත් අවශ්‍ය වෙනවා. Password Reset Question එකකුත් අපිටම දාගන්න පුළුවන්. දීලා තියෙන List එකෙන් Question එක තෝරගෙන ඒකට Answer කරන්න තියෙන්නේ. Password එක අමතක වුනොත් මේ Answer එක ඕන වෙනවා Password Reset කරන්න.

image

image

image

මෙතෙන්දි අපිට පුළුවන් තවත් දෙයක් කරන්න. ඒ තමයි අපිට පුළුවන් තවත් Users ලා Add කරන්න. ඒකට Company > Set Up Users and Passwords > Setup Users වෙත යන්න ඕන. Admin ට විතරයි මේ හැකියාව තියෙන්නේ. Users ලා Add කරන්න හෝ Remove කරන්න Admin විධියට Log වෙලා ඉන්න ඕන.

image

image

image

Sunday, June 28, 2015

QuickBooks සිංහලෙන් - Part II (Create New Company)

QuickBooks ගැන හැදින්වීමක් පළවෙනි කොටසින් අපි කතා කරා. මේ කියන්නේ QuickBooks භාවිතා කරලා අපේ Company එකට ගිණුම් කටයුතු ආරම්භ කරන විධිය ගැනයි. ඒ කියන්නේ මුලින්ම අපි අපේ Company එකේ විස්තර ඇතුලත් කරන එකයි. මේකෙදි අපේ ආයතනයේ නම, ලිපිනය, දුරකථන අංක වගේ මූලික තොරතුරු ඇතුලත් කිරීම කරන්න ඕන.

QuickBooks විවෘත කරන්න ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි Desktop Shortcut භාවිතා කිරීම.

image

දෙවැනි ක්‍රමය තමයි Start Menu > QuickBooks > QuickBooks Pro 2013

ඔය ඕන විධියකට Open කරගැනීම කරගන්න පුළුවන්. එහෙම Open කරගත්තම මුලින්ම පේන්නේ මෙහෙමයි.

image

අපිට Option 3ක් ලැබෙනවා. ඒවයින් පළවෙනි එකෙන් අලුතින්ම Company File එකක් හදන්න. දෙවැනි එක දැනට හදල තියෙන Company File එකක් Open කරගන්න. තුන්වැනියට තියෙන්නේ Sample Company File එකක් Open කරගන්න. එතෙන්දි Service හෝ Product Based විදියට සාම්පල් දෙකක් දීල තියෙනවා.

අලුත් Company එකක් වෙනුවෙන් අපිට ඕන වෙන්නේ පළවෙනි Option එක. “Create a new company” උඩ ක්ලික් කරලා Advanced Setup වලට යන්න.

image

ඉන්පස්සේ ඔයාලගේ Company එකේ විස්තර ඇතුලත් කරන්න ඕන.

image

ඉන්පස්සේ ඔයාලගේ ආයතනය අයත් වෙන Industry Type එක තෝරන්න ඕන.

image

ඉන්පස්සේ ආයතනය Sole Proprietorship, Partnership, etc.. ආදියෙන් අදාල වෙන එක තෝරන්න ඕන.

image

ඉන්පස්සේ ගිණුම් වසර ආරම්භ මාසය තෝරන්න. බොහෝ වෙලාවට ලංකාවේ නම් අප්‍රේල් හෝ ජනවාරි මාස දෙකෙන් එකක්.

image

ඉන්පස්සේ Password එකක් දෙන්න පුළුවන්. අපිට ඕන නම් Password එක පසුවට උනත් දෙන්න පුළුවන්. මෙතෙන්දි Password එක නොදී යන්න පුළුවන් ඒ නිසා.

image

අපේ හදාගත්ත File එක Save කරන්න Place එකක් තෝරලා දෙන්න ඕන.

image

image

image

image

image

image

image

image.

image

image

image

image

image

image

image

ඉහල සමහර Steps ඔයාලගේ ආයතනයට වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් පොදුවේ කතාකරන්න පුළුවන් වෙන්නයි ඒ ඒ Options ඇක්ටිව් කලේ. එහෙම වැඩක් නැති Option ඇක්ටිව් කරගන්නේ නැතුව Complete කරන්න ඔයාලට පුළුවන්.

Saturday, June 20, 2015

QuickBooks සිංහලෙන් - Part I (Introduction)

QuickBooks කියන්නේ Accounting Software එකක්. මේ Software එක හදලා වැඩිදියුණු කරන්නේ Intuit කියන ආයතනය. ගොඩක් ආයතනවල මේ වෙනකොට ගිණුම් තියන්න භාවිතා කරන්නේ මේ QuickBooks Accounting Package එක. කුඩා ප්‍රමාණයේ සහ මධ්‍යම ප්‍රමාණයේ ආයතන තමයි වැඩි වශයෙන් මේ Software එක පාවිච්චි කරන්නේ. වර්තමානය වෙනකොට මේ Software එක on-premise සහ cloud based විධියට භාවිතා කරන්න පුළුවන් විදියට සංවර්ධනය කරලා තියෙනවා. ව්‍යාපාරික ගෙවීම්, ලැබීම්, වැටුප් ආදී සියලු අංශ ආවරණය වෙන විධියට මේ Software එක හදලා තියෙන්නේ.

1983 දි Scott Cock සහ Tom Proulx විසින් කැලිෆෝනියාවේ දී නිෂ්පාදනය කරපු මේ Software එක මුලදී හැදින්වුනේ Quicken කියන නමින්. මුලදි මේ Software එක ද්විත්ව සටහන් තියන්න පුළුවන් මට්ටමේ නොතිබුනත් 1994 වන විට ඒ මට්ටමට සංවර්ධනය කරගන්න පුළුවන් වුනා. අද වෙනකොට 85% කුඩා හා මධ්‍ය මට්ටමේ ආයතන තමන්ගේ ගිණුම් මෘදුකාංගය විධියට Quickbooks පාවිච්චි කරනවා. 

ආයතනයක ගිණුම් තියන මුල් අවස්ථාවේ ඉදලා අවසාන ගිණුම් ගන්න අවස්ථාව වෙනකන් හැම දෙයක්ම ටිකෙන් කියන්නයි බලාපොරොත්තුව. QuickBooks Pro 2013 කියන Software එක තමයි මේකට යොදාගන්නේ. ඒත් අද වෙනකොට QuickBooks 2015ත් වෙළෙදපොලේ තියෙනවා.

71uGHLoYSSL._SL1500_

Related Posts Plugin for WordPress, Blogger...