කලින් දවසේ අපි අපේ Company Details ඇතුළත් කරලා QuickBooks මූලික අඩිතාලම දැම්මා. මෙතනින් ඉස්සරහට තියෙන්නේ දෛනික ගිණුම් කටයුතු වාර්ථා කිරීම. ඒකට ගිණුම්කරණ දැනුමත් අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ කියන දේ වඩාත් පැහැදිලි වෙන්නේ. Company Details ඇතුලත් කරලා අවසානයේ අපි නතර වුනේ QuickBooks ප්‍රධාන මුහුණතේ. මේ මුහුණතේ අපේ වැඩ පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. නිතරම අවශ්‍යවෙන සියලුම අංග මේ මුහුණතට එක් කරලා තියෙනවා. ඇස්තුමේන්තුවක් දීමේ ඉදලා පාරිභෝගිකයාට භාණ්ඩය භාරදීලා මුදල් ලබාගැනීම දක්වා හැම දෙයක්ම මේ මුහුණතේ පෙන්නුම් කරනවා. මුලින්ම අපි බලමු අපි එකතු කරපු Company Details වෙනස් කරන ආකාරය. ඒක නිතරම අවශ්‍ය වෙන දෙයක් නොවෙන නිසා Company Details වෙනස් කරන්න Menu Bar එක භාවිතා කරන්න වෙනවා. QuickBooks Menu Bar එක ඉහලින් තියෙන්නේ. ඒ තුළ File, Edit, View, Lits, etc.. ආදී ලෙස කොටස් බෙදා දක්වලා තියෙන්නේ. මෙහි Company > Company Information වලට ගිහින් අපි ඇතුළත් කරපු තොරතුරු බලන්න පුළුවන්. මෙතැනදි අපිට අපි ඇතුලත් කරපු විස්තර වෙනස් කරන්න ඉඩ දෙනවා. අපිට ඕන Phone Number එක වෙනස් කරන්න නම් Phone Number එක වෙනස් කරලා OK ක්ලික් කරන්න. දැන් බලමු අපිට Password එකක් දාගන්න ඕන නම් ඒක කරන්නේ කොතනින්ද කියලා. ඒකට Company > Set Up Users and Passwords > Change Your Password වෙත යන්න ඕන. කලින් Password එකක් දීලා නැති නිසා New Password එක Enter කරන්න තියෙන්නේ. කලින් Password එකක් දීලා තිබිලා ඒක මාරු කරනව නම් ඒකට පරණ Password එකත් අවශ්‍ය වෙනවා. Password Reset Question එකකුත් අපිටම දාගන්න පුළුවන්. දීලා තියෙන List එකෙන් Question එක තෝරගෙන ඒකට Answer කරන්න තියෙන්නේ. Password එක අමතක වුනොත් මේ Answer එක ඕන වෙනවා Password Reset කරන්න. මෙතෙන්දි අපිට පුළුවන් තවත් දෙයක් කරන්න. ඒ තමයි අපිට පුළුවන් තවත් Users ලා Add කරන්න. ඒකට Company > Set Up Users and Passwords > Setup Users වෙත යන්න ඕන. Admin ට විතරයි මේ හැකියාව තියෙන්නේ. Users ලා Add කරන්න හෝ Remove කරන්න Admin විධියට Log වෙලා ඉන්න ඕන.
Wednesday, July 1, 2015
QuickBooks සිංහලෙන් - Part III (Create New Company - Part II)















































































0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.