ආස කරන අඩවියක අලුත් ලිපි ගැන හැමෝටම කලින් දැනගන්න පුලුවන් ක්‍රමයක් තමයි RSS Feed Reader කියන්නේ. මේකෙන් පුලුවන් අලුත් ලිපි දාපු ගමන් දැන ගන්න. ඒ වගේම අපි තවම කියවපු නැති අලුත් ලිපි ගැනත් දැනගන්න පුලුවන්. RSS Feed Reader කියන්නේ Google Chrome එකට තියෙන Extension එකක්.
RSS Feed Reader එකට අපි දෙන අඩවි වලින් අලුත් ලිපියක් දාන හැම වෙලාවකම RSS Feed Reader එකෙන් RSS Feed සහ Atom feeds වලින් ඒ බව හදුනාගන්නවා. ඒ ලිපියේ මාතෘකාව විතරක් RSS Feed Reader එකෙන් අපිට පෙන්නනවා. ඒ වගේම Desktop එකට NOTIFICATION එකකුත් එවනවා. ඉතින් දිනපතා වෙබ් සයිට් වලට ගිහින් අලුත් ලිපි මොනවද කියලා හොයන එක මේකෙන් නතර කරගන්න පුලුවන් වෙනවා. මේ Extension එක Add කරගත්තහම Google Chrome toolbar එකේ දකුණු පැත්තේ කොනට වෙන්න පෙනෙන්න තියෙනවා.

ඕනම වෙලාවක අලුත් සයිට් එකක ඉන්න ගමන්ම ඒ සයිට් එක RSS Feed Reader එකට එකතු කරන්න පුලුවන් Toolbar Icon එක උඩ ක්ලික් කරලා Subscribe to feeds on this page මත ක්ලික් කිරීමෙන්. අපේ Internet Package එකේ Data ටික ඉතුරුකරගන්න ලොකු උදව්වක් ගන්න පුලුවන් වෙනවා. අද වෙනකොට ලෝකෙ වටේ 412,194ක් මේක භාවිතා කරනවා.