පාඩමක් කෙටියෙන්... Lesson in Short...

අප අඩවියට සාදරයෙන් පිළිගනිමු. නැවත එන්න.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Page

ලයික් කරලා, ශෙයාර් කරලා අනිත් අයටත් කියමු.

පාඩමක් කෙටියෙන්. Lesson in Short. - Facebook Group

යාලුවෝ එකතු කරන්න අපේ ගෘප් එකට.

අපේ Twitter පිටුව

එන්න, අපිව Follow කරන්න.

අපේ Google + පිටුව

එන්න, අපිත් එක්ක එකතු වෙන්න.

Showing posts with label දැනුමට යමක්. Show all posts
Showing posts with label දැනුමට යමක්. Show all posts

Wednesday, January 6, 2016

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ.


පිහිටීම
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත. මිරිජ්ජවිල හන්දියේ සිට කිලෝමීටර් 5ක් මිරිජ්ජවිල - සූරියවැව මාර්ගයේ ගියවිට උද්‍යානයට ලඟාවිය හැක.

ඉදිකිරීම
2006 වර්ෂයේ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අරඹන විට, එම භූමිය කටු පඳුරු සහ අත්හරින ලද හේන් භූමි වලින් සමන්විත වූ කැලෑවකින් ගහණව තුබූ බව පැවසෙයි. උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි.

උද්‍යානය ඉදිකිරීමේ අරමුණු
ප්‍රධාන අරමුණු 06 ක් මූලික කර ගනිමින්, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ඉදිකොට තිබෙයි. ඒවා නම්

  • වියළි සහ අර්ධ ගුෂ්ක කලාපීය ශාකයන් විතැන් සංරක්ෂණය කිරීම.
  • වියළි කලාපය තුල වර්ධනය වන අප්‍රසිද්ධ හා අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම.
  • වියළි කලාපීය භූ දර්ශන තලයන් වැඩි දියුණු කිරීම.
  • ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
  • උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබදව දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම.
  • පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.

විවෘත කිරීම
2013 වර්ෂයේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු රැස්වීම මෙරට පැවැත්වීම සනිටුහන් කරමින්, එම මස 14වන දිනදී උද්‍යානය විවෘත කල අතර, උද්‍යානය තුල පොදුරාජ්‍ය මණ්ඩලයීය කවයක්ද නිර්මාණය කෙරුණි. මෙම කවය තුල ජනාධිපතිවරුන් තිදෙනෙක්, උප ජනාධිපතිවරු හත් දෙනෙක්, අගමැතිවරුන් සිව් දෙනෙක් සහ විදේශ අමාත්‍යවරුන් පිරිසක් සිය රාජ්‍යයන් නියෝජනය කරමින් ඖෂධීය ශාක රෝපණය කරන ලදී.

මිල ගණන්
ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000

























Sunday, August 10, 2014

මඩකළපුවේ සංචාරය – පස්වන/අවසාන දිගහැරුම (Trip to Batticaloa District – Part 5/Last Part)

මඩකළපුවට සංචාරය කලොත් අමතක කරන්න බැරි තැනක් තමයි මඩකලපු ප්‍රදීපාගාරය. 1913 ඉදිකරන ලද මෙය අදවන විට සංචාරක ආකර්ශනය දිනාගත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්වෙලා. අවසරගෙන ඉහළට නගින්නත් පුළුවන් අවශ්‍යනම්. ඒ විධියට ඉහළට ගිහිපු ටිකදෙනෙක් තම නම් ගම් සටහන් කරන්නත් අමතක කරලා තිබුනේ නෑ. ඉතින් මේ වගේ වැදගත් ස්ථානයක් එසේ නොකර රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක් විධියට සලකන්න ඕන.

173179189195200203205224225226230

මීට අමතරව මඩකලපුවේ තවත් සුන්දර වෙරළ තීරයක් කල්ලඩි ප්‍රදේශයෙන් හමුවෙනවා. ඒ කල්ලඩි වෙරළ. පාසිකුඩා වෙරළ තීරයේ දී පයට හමුවූ සිනිදු වැල්ල වෙනුවට මෙහි තිබුනේ ගොරෝසු වැල්ලක්. ඒ වගේම 2004 සුනාමි ව්‍යයසනයෙන් සිදුවූ විනාශය තවමත් එහි නටඹුන්ව පවතිනවා.

240241242248260272279281286292294296300

මඩකළපුවේ සංචාරය – සිව්වන දිගහැරුම (Trip to Batticaloa District – Part 4)

මඩකළපුවට සංචාරය කරන්නෙක්ට තවත් වැදගත් ස්ථානයක් තමයි මඩකලපු කොටුව. දැවැන්ත කොටු පවුරකින් වටවෙලා තියෙන මේ බලකොටුව අද වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වශයෙන් භාවිතා කරනවා. ඒත් ඒ අතීතය සිහිගන්වන කිසිම දෙයක් වෙනස් නොකර තියාගන්න ලොකු උත්සාහයක් අරගෙන තිබුනා. නිතර නඩත්තු කටයුතු කරමින් නිසිලෙස පවත්වාගෙන යන්න බලධාරීන් කටයුතු කිරීම සතුටට කරුණක්.

120122123125127136141143149153164168169170

Related Posts Plugin for WordPress, Blogger...