Monday, September 24, 2012

Peachtree Lesson Part 11 - Peachtree Payroll Setup Wizard

මේ Peachtree පාඩමෙන් කතා කරන්නේ Payroll Setup Wizard එක හදාගන්න විදිය ගැනයි. Employeesලා ඉන්න ආයතනයකට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඕනම ආයතනයක සේවකයන් කියන්නේ වැද්ගත් සම්පතක්. ආයතනයේ දියුණුවට සේවකයන්ගෙන් ලැබෙන පිටුවහල විශාලයි. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්නකෝ. (රූපය 1) 
(රූපය 1) 
Maintain Tab එකට යන්න. ඒකේ පහලින්ම තියෙනවා Default Information කියලා. ඒකෙන් Payroll Setup Wizard ක්ලික් කරලා Payroll Setup Wizard වින්ඩෝව් එක ඕපන් කරගන්න. (රූපය 2)
(රූපය 2)
හොදයි, ඕපන් කරගත්ත Payroll Setup Wizard වින්ඩෝව් එකෙන් ඔයාලට පුලුවන් මොනවද කියලා මුලින්ම කියලා තියෙනවා දකින්න පුලුවන් වෙනවා. Choose Payrall Options, Enter Company Information, Set Up Benefits, Set Up Taxes වගේ දේවල් මේකෙන් කරන්න පුලුවන්. (රූපය 3) 
(රූපය 3)
ඉස්සරහට යනකොට ඔයාලට Compamy Information ඇතුලත් කරන්න වෙනවා. මෙතෙන්දි ඇතුලත් කරන තොරතුරු අපි Company හදනකොට ඇතුලත් කරන ලද ඒවා නෙවෙයි. මෙතෙන්දි අපෙන් අහන්නේ Federal Employer ID, State Employer ID, State, State Unemployment ID, State Unemployment Rate වගේ ඒවා. ලංකාවේ අපිට අදාල වෙන්නේ නැති ඒවත් තියෙනවා. කමක් නෑ, දන්නේ නැති ඒවා එහෙමම තියලා යන්න. ඉහත කරුණු වලට අමතරව තවත් විස්තර අහනවා. ඒවා පිලිබඳ විස්තර තියෙනවා නම් විතරක් විස්තර ඇතුලත් කරන්න. දන්න විස්තර ඇතුලත් කරලා Next ක්ලික් කරන්න. (රූපය 4) 
(රූපය 4) 
ඊලගට තියෙන්නේ Pay Types පුරවන්න. මෙතෙන්දි  Pay Types ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි Hourly. මෙතෙන්දි ගෙවන්නේ පැය ගණන අනුව. GL Account Number එක විදියට අපි මේ ගෙවීම කරාම සටහන් විය යුතු ගිණුම් අංකය තෝරන්න. පැය පදනම මත වුනත් විවිධ රේට තියෙන නිසා ඒ යටතේ Pay Type කියලා කිහිපයක් සටහන් කරන්න පුලුවන්. උදාහරණ විදියට පැයකට රුපියල් 100 හා 200 බැගින් වැඩ කරන සේවකයන් ඉන්නවා නම් රුපියල් 100 Pay Type "Regular" යටතේ වෙනම ගිණුමකටත්, රුපියල් 200 Pay Type "Rate3" යටතේ වෙනම ගිණුමකටත්, ඔවුන්ගේ Overtime Pay Type "Overtime" යටතේ වෙනම ගිණුමකටත් ලෙස සකස් කල හැකියි. ඒ විදියටම දෙවැනි එක "Salary" කියලා තියෙනවා. මේකෙදි සේවා ගිවිසුමක් එක්ක වැඩ කරන සේවකයන් සදහා අයත් වෙනවා. එයත් පළමු වර්ගයේ වගේම රේට කිහිපයක් සටහන් කරන්න පුලුවන්. උදාහරණ විදියට මාසෙකට රුපියල් 20000,30000,40000 වගේ ගෙවීම් කරන සේවකයන් වෙන වෙනම සටහන් කරන්න පුලුවන්. (රූපය 5) 
(රූපය 5) 
ඉන්පස්සේ තියෙන්නේ Benefits ගැන සටහන් කරන්න. ප්‍රධාන වර්ග පහක් තියෙනවා. Vacation, Sick Time, Insurance Plans, Retirement Plans, Flexible Spending Accounts තමයි ඒ වර්ග පහ. මෙම වර්ග පහම තියෙනවා නම් පහටම හරි දාන්න. මුලින්ම ඔයාලට පේන්න මම පහටම හරි දානවා. ඒත් මම ගන්නේ Vacation, Sick Time, Insurance Plans විතරයි. (රූපය 6,7) 
(රූපය 6,7)
මම පහටම හරි දැම්මේ වෙනස පෙන්වන්න. වම් පැත්තේ Benefits වලට යටින් බලන්න. කරුණු විශාල ප්‍රමාණයක් එනවා. එහෙම වෙන්නේ අපි තෝරන Benefit වර්ග ප්‍රමාණය අනුව. එකක්, දෙකක් තේරුවා නම් මෙයින් ටිකක් තමයි පුරවන්න වෙන්නේ. මුල්ම Benefit එක තමයි Vacation කියන එක. සේවකයෙකුට නිවාඩු දින කීයක් තියෙනවාද කියලා පුරවන්න ඕන. ඒත් දිනකට පැය 8යි කියලා හිතලා පැය ගණනින් තමයි දින ගණන දෙන්න ඕන. දින 10යි නම් පැය 80යි. සේවකයින්ට මෙම පැය ගණන මේ වර්ෂය සදහා පමණයිද, නැත්තම් ඉදිරි වර්ෂයට මේ වර්ෂයේ ඉතුරු පැය ගණන ගෙනියන්න පුලුවන්ද කියලා තෝරන්නත් ඕන. ඒ වගේම උපරිම පැය ගණනත් සටහන් කරන්න පුලුවන්. උපරිමයක් නැත්නම් හිස්ව තබන්න පුලුවන්. (රූපය 8)
(රූපය 8)
ඉන්පසුව Sick Time ගැන බලමු. සේවකයෙකුට ලෙඩ නිවාඩු කීයක් වර්ෂයකට හිමි වෙනවාද කියලයි මේකෙන් බලන්නේ. කලින් විදියටම දින ගණන පැය වලින් සහ ඉතිරිය ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියලා තෝරන්න ඕන. (රූපය 9) 
(රූපය 9) 
දැන් අපි බලමු Insurance Plans ගැන. Insurance Plans ආකාර පහකින් සමන්විතයි. Medical, Dental, Vision, Long-term disability, Short-term disability අයුරින්. ආයතනයේ ඇති ප්‍රතිපත්ති අනුව එම Insurance Plans සම්පූර්ණ කල යුතුයි. (රූපය 10,11,12) 
(රූපය 10,11,12)
අවසානයේදි Summary of Benefits යටතේ ඇතුලත් කල දත්ත බලන්න පුලුවන් වෙනවා. එහි ඇති Add Another Benefit යටතේ තවත් අවශ්‍ය Benefits මෙයට එකතු කරන්න පුලුවන්. (රූපය 13,14)
(රූපය 13,14)
Taxes කොටසේදි Payroll Taxes යටතේ Tax liability acct no සහ Tax expense acct no තෝරන්න ඕන. (රූපය 15)
(රූපය 15)
හොදයි, අවසානයේ ඇති Setup Complete යටතේ Finish ක්ලික් කර මම Wizard එකෙන් ඉවත් වෙන්න පුලුවන්. (රූපය 16) 
(රූපය 16)


මෙතෙක් නිකුත්කල පාඩම්.... මේවා බැලුවේ නැත්තම් ඒවත් බලන්නකෝ... 


Peachtree ලිපි බලන ගොඩක් දෙනෙක් මෙම ලිපි ලබාගන්න පුලුවන්ද කියලා අහලා තිබුනාඒ නිසා මෙහි පලවන Peachtree ඇතුලු අනෙකුත් ලිපි PDF විදියට ලබා දෙන්න තීරණය කලානමුත් ටික දෙනෙක් මේ ලිපි English වලින් ඉල්ලුවත් ඒක නම් දැන්ම කරන්න අමාරුයිඒකට හේතුව Peachtree කියන්නේ ගොඩක් දෙනෙක්ට හුරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙන නිසා කලින් මම English වලින් ලියන ලද ලිපි නොතේරුනු පිරිසක් හිටියාපුලුවන් ඉක්මනට English වලිනුත් ලබා දෙන්න බලන්නම්


+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...