Monday, September 3, 2012

Peachtree Lesson Part 6 - How to Open Previous Company on Peachtree & Automatic Backup on Peachtree

අද අපි කතා කරන්නේ , අපි කලින් ඕපන් කරගෙන හිටපු Company File එක ලේසියෙන් ඕපන් කරන විදියත්, Automatic Back Up වලින් වැඩ කරන හැටිත්. මුලින්ම බලමු කොහොමද අපි කලින් ඕපන් කරගෙන හිටපු Company File එක ලේසියෙන් ඕපන් කරන්නේ කියලා. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගෙන ඉන්න. (රූපය 1) 
(රූපය 1) 


File මෙනු එකේ තියෙන Open Previous Company ගියාම අපිට පුලුවන් කලින් ඕපන් කරගෙන හිටිය Company මොනවද කියලා බලාගන්න. ඒවයින් අපිට අවශ්‍ය එක මත ක්ලික් කිරීමෙන් ඕපන් කරගන්න පුලුවන්. (රූපය 2) 
(රූපය 2) 

මෙතනදි අපෙන් අහනවා අපි දැනට ඕපන් කරගෙන ඉන්න Company File ඕපන් කරගෙන ඉන්න ගමන්ම පෙර  Company File  ඕපන් කරනවද, නැත්නම් ඒක වහලා අලුතින් ඕපන් කරනවද කියලා. අපිට අදාල එක තෝරන්න පුලුවන්. (රූපය 3) 
(රූපය 3) 

හොදයි, අපි දැන් බලමු Automatic Back Up වලින් වැඩ කරන හැටි. ඒ සඳහා ආරම්භක අවස්ථාවට යන්න. (රූපය 4) 
(රූපය 4) 

කලින් වගේම File මෙනු එකට ගිහින් ,එතනින්  Automatic Backup තෝරගන්න. (රූපය 5)
  
(රූපය 5)

එවිට Peachtree Automatic Backup  ඕපන් වේවි. මෙම වින්ඩෝ එක තුල සිදුකරන වෙනස්කම් මගින්  Automatic Backup දිගටම පවත්වගෙන යන්න පුලුවන්. මෙහි අපිට දකින්න ඇත්තේ Company Directory පමනයි.  (රූපය 6)
(රූපය 6)

Save වීමට අවශ්‍ය ස්ථානයක් Save backup to: යන ස්ථානය සදහා තෝරන්න. ඉන්පසු Backup Settings නැමති ස්ථානයේ අවශ්‍ය පරිදි, අවශ්‍ය ස්ථානවල හරි ලකුන දමන්න. If a backup file already exists: යන ස්ථානයේ , දැනටමත් අදාල ස්ථානයේ  backup  ඇත්නම් කුමක් සිදුවන්න අවශ්‍යදැයි තෝරන්න. (රූපය 7)
(රූපය 7)

Save කරන්න. නිවැරදිව Save වුනි නම් Schedule ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ. එය අපට බලා ගත හැක්කේ  Peachtree Automatic Backup වින්ඩෝ එකෙහි පහලම ඇති  Scheduler Options  තුල අප කලින් ලබා දුන් විදාන දත්ත සටහන් වීමෙනි. (රූපය 8)
(රූපය 8)

ඉන්පසු අපට  Schedule මත ක්ලික් කල හැකිය. මෙය ක්‍රියාත්මක වන්නේ Backup Save කිරීමට ස්ථානයක් ලබා දුන් විට පමනි. (රූපය 9)
(රූපය 9)

Schedule මත ක්ලික් කිරීමෙන් Schedule Backup වින්ඩෝ එක වෙත යා හැකිය. එහිදී අපට අවශ්‍ය පරිදි  Schedule තැබීමට අවකාශය ලැබේ. (රූපය 10 සහ 11)
(රූපය 10)

(රූපය 11)

Advanced Schedule Options යටතේ තවදුරටත් අවශ්‍ය  Schedule වෙනස් කිරීමට අවකාශය ලැබේ. (රූපය 12)
(රූපය 12)

OK ක්ලික් කරන විට අප පරිගනක යන්ත්‍රයට දී ඇති මුරපදය අසයි. එම නිසාවෙන් මෙය කල හැක්කේ මුරපදය දන්නේ නම් පමනි. එම නිසා මෙය වඩාත් ආරක්ෂා සහිතය. (රූපය 1)
(රූපය 13)

සියල්ල නිවැරදි නම් අප ලබා දුන්  Automatic Backup අනුව ස්වයන්ක්‍රීයව අදාල දත්ත  Backup වේ. (රූපය 14)
(රූපය 14)

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...