මඩකළපුවට සංචාරය කලොත් අමතක කරන්න බැරි තැනක් තමයි මඩකලපු ප්‍රදීපාගාරය. 1913 ඉදිකරන ලද මෙය අදවන විට සංචාරක ආකර්ශනය දිනාගත් ජනප්‍රිය ස්ථානයක් බවට පත්වෙලා. අවසරගෙන ඉහළට නගින්නත් පුළුවන් අවශ්‍යනම්. ඒ විධියට ඉහළට ගිහිපු ටිකදෙනෙක් තම නම් ගම් සටහන් කරන්නත් අමතක කරලා තිබුනේ නෑ. ඉතින් මේ වගේ වැදගත් ස්ථානයක් එසේ නොකර රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක් විධියට සලකන්න ඕන.
මීට අමතරව මඩකලපුවේ තවත් සුන්දර වෙරළ තීරයක් කල්ලඩි ප්‍රදේශයෙන් හමුවෙනවා. ඒ කල්ලඩි වෙරළ. පාසිකුඩා වෙරළ තීරයේ දී පයට හමුවූ සිනිදු වැල්ල වෙනුවට මෙහි තිබුනේ ගොරෝසු වැල්ලක්. ඒ වගේම 2004 සුනාමි ව්‍යයසනයෙන් සිදුවූ විනාශය තවමත් එහි නටඹුන්ව පවතිනවා.
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.