මේ පාඩමේදි අපි කතා කරන්නේ Peachtree භාවිතයෙන් බජට සාදාගන්නා ආකාරය ගැනයි. මේ සදහා Peachtree හි විශේෂ අවස්තාවක් ලබා දීලා තියෙනවා. මෙම වින්ඩෝව් එක ඕපන් කරගන්න පහල රූපයේ පෙනෙන විදියට යන්න.
එමගින් ඔයාලට පුලුවන් Maintain Budgets වින්ඩෝව් එක ඕපන් කරගන්න. එය පහලින් පෙනෙනාකාරයේ වින්ඩෝව් එකක් වෙයි.
මෙතෙන්දි අපි මුලින්ම කරන්න ඕන වෙන්නේ Budget එකට නමක් දාගන්න එක. අදාල නමක් දෙන්න. ඒකට අදාල පොඩි විස්තරයක් දෙන්නත් පුලුවන් වෙන්න පහසුකම් අපිට දීලා තියෙනවා.
ඉන්පස්සේ අපිට පුලුවන් Budget එකට දත්ත ඇතුලත් කරන්න. මෙහිදී Account Filters භාවිතා කරලා අපිට පුලුවන් අපිට අවශ්‍ය Accounts වෙන වෙනම අරගන්න.
ඉන්පස්සේ අපිට අවශ්‍ය වර්ෂය තෝරගන්න
ඊලගට මාසෙන් මාසෙට අදාල සංඛ්‍යා එකතු කරන්න. මතක ඇතුව මේ සංඛ්‍යා එකතු කරන්න ඕන මාසෙන් මාසේට. Total තීරුවට නෙවෙයි.
මුල්ම මාසෙට සංඛ්‍යා ඇතුලත් කරලා Copy ක්ලික් කරන්න
ඉන්පස්සේ ඒ තීරුවේ අනිත් සියලුම කොටු Select කරගෙන Paste කරන්න
අපිට යම් මාසයක ඒ අගය වෙනස් කරගන්න ඕන නම් අදාල මාසය තෝරලා Adjust ක්ලික් කරන්න
මෙතනදි Adjust Budget Amount වින්ඩෝව් එක ඕපන් වෙනවා. මුදලින් හෝ ප්‍රතිශතයක් ලෙස සංඛ්‍යාව වෙනස් කරගන්න අපිට පුලුවන්
ලැබෙන අගය ආසන්න Dollar එකට, සියයට, දහසට වටයන්නත් පුලුවන්.
සම්පූර්ණ කරන ලද Budget එකක් පහලින් පෙනෙන ලෙස තියෙන්න ඕන.
හෙට හොද ලැප්ටොප් එකක් ගන්නේ කොහොමද කියලා කියනවා. එන්න බලන්න හොදේ
කලින් ලිපියත් කියවන්න
අදට ගිහින් එන්නම්…….
+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
Twitter සමග එකතු වෙන්න: Lesson in Short
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
<<<<මෙන්න අපේ බ්ලොග් පටුන. මෙතන ක්ලික් කරලා යන්න>>>>
0 ක් අදහස් පල කරල තියෙනවා:
Post a Comment
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.