ආස කරන අඩවියක අලුත් ලිපි ගැන හැමෝටම කලින් දැනගන්න පුලුවන් ක්‍රමයක් තමයි RSS Feed Reader කියන්නේ. මේකෙන් පුලුවන් අලුත් ලිපි දාපු ගමන් දැන ගන්න. ඒ වගේම අපි තවම කියවපු නැති අලුත් ලිපි ගැනත් දැනගන්න පුලුවන්. RSS Feed Reader කියන්නේ Google Chrome එකට තියෙන Extension එකක්. RSS Feed Reader එකට අපි දෙන අඩවි වලින් අලුත් ලිපියක් දාන හැම වෙලාවකම RSS Feed Reader එකෙන් RSS Feed සහ Atom feeds වලින් ඒ බව හදුනාගන්නවා. ඒ ලිපියේ මාතෘකාව විතරක් RSS Feed Reader එකෙන් අපිට පෙන්නනවා. ඒ වගේම Desktop එකට NOTIFICATION එකකුත් එවනවා. ඉතින් දිනපතා වෙබ් සයිට් වලට ගිහින් අලුත් ලිපි මොනවද කියලා හොයන එක මේකෙන් නතර කරගන්න පුලුවන් වෙනවා. මේ Extension එක Add කරගත්තහම Google Chrome toolbar එකේ දකුණු පැත්තේ කොනට වෙන්න පෙනෙන්න තියෙනවා.
ඕනම වෙලාවක අලුත් සයිට් එකක ඉන්න ගමන්ම ඒ සයිට් එක RSS Feed Reader එකට එකතු කරන්න පුලුවන් Toolbar Icon එක උඩ ක්ලික් කරලා Subscribe to feeds on this page මත ක්ලික් කිරීමෙන්. අපේ Internet Package එකේ Data ටික ඉතුරුකරගන්න ලොකු උදව්වක් ගන්න පුලුවන් වෙනවා. අද වෙනකොට ලෝකෙ වටේ 412,194ක් මේක භාවිතා කරනවා.
මේ තියෙන්නේ මම දාගෙන ඉන්න විදිය. මුලින්ම Add කරගන්නකෝ : RSS Feed Reader
අපි බලමු Manually කොහොමද Site RSS Feed එකතු කරන්නේ කියලා.Icon එක ක්ලික් කරලා Options මත ක්ලික් කරන්න. +New feed මත ක්ලික් කරන්න. අපිට add කරගන්න ඕන Site එකෙ URL එක Copy & Paste කරන්න. OK කරන්න. මේ වගේ Massage එකක් ඒවි. කැමැති එකක් (Atom/RSS) තෝරල Submit කරන්න.
ඕන නෑ කියලා පස්සේ හිතුනොත් Remove කරලා දාන්න පුලුවන්.
අදට නවතිනවා. මේ තියෙන්නේ මේක ලියනකොට Gossip Lanka News එකෙන් දාපු ලිපියකට ආව NOTIFICATION එක. මතක ඇතුව හෙට හැන්දෑවටත් එන්න. බ්ලොග් ලියන හැමෝටම වැදගත් දෙයක් හෙට දෙනවා.
අදට ගිහින් එන්නම්…….
+++++++++++++++++++++++
ඔයාලගෙ අදහසුත් පහලින් කොටලම යන්නකෝ...
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න. අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න)
අපේ Facebook Page එක : පාඩමක් කෙටියෙන්. Lesson in Short.
අපේ Facebook Group එක : පාඩමක් කෙටියෙන්... Lesson in Short...
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com
ස්තුතියි ඔබට.
ReplyDelete:) ඉස්කූතියි.. ඉස්කූතියි.. හෙට හවසත් බලමුකෝ..
Delete