Wednesday, April 3, 2013

මුළු විකිපීඩියාවම ඊ-පොතක්(E-Book) ලෙසින් Download කරගන්න

මුළු විකිපීඩියාවම ඊ-පොතක්(E-Book) ලෙසින් Download කරගන්න

කැමැතිද විකිපීඩියාව පොතක් විදියට Download කරගන්න, කොච්චර දෙයක්ද කියලා හිතෙනවද? දැන් අපිටත් පුලුවන් කැමැති විදියට විකිපීඩියාවෙන් පොත් හදාගන්න. මේකෙන් වෙන වාසිය තමයි, නියමාකාරයෙන් පොත නිමවා ගැනීමට හැකිවීම. නැත්නම් Screenshot අරගෙන හරි PDF Creator හරි භාවිතා කරන්න වෙනවනේ.

පහලින් තියෙන පියවර ටික හොදින් කියවලා තේරුම්ගන්නකෝ.

පියවර 01
PDF එකක් විදියට හදාගන්න ඕන කරන
විකිපීඩියා පිටුවකට යන්න. මෙතෙන්දි මේ පිටුව අපි හදන්න යන පොතේ එක කොටසක් වෙන්න ඕන.

උදාහරණයක් විදියට Management කියලා Search කරන්නකෝ.

පියවර 02
දැන් පහල රූපයේ පේන තැනට යන්න ඕන. මේක තියෙන්නේ විකිපීඩියා පිටුවේ වම් පැත්තට වෙන්නයි.

මුළු විකිපීඩියාවම ඊ-පොතක්(E-Book) ලෙසින් Download කරගන්න

පියවර 03
මෙතැනින් Create a Book කියන එක ක්ලික් කරන්න. එතකොට පහලින් වගේ පිටුවක් Open වෙයි.

image

පියවර 04
එතැනින් Start book creator මත ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ Search කරපු පිටුවේ උඩ හරියෙන් පහලින් පේනවා වගේ පෙන්නයි.

image

එතැනින් Add this page to your book උඩ ක්ලික් කරන්න.

දැන් ඔයාලා මුල් පිටුව ඇඩ් කරගෙන ඉවරයි. මේ වගේ කැමැති මාතෘකා හොයා ගෙන Add කරන්න තමයි තියෙන්නේ.

පියවර 05
අවසානයේදී Show Book මත ක්ලික් කරන්න. එහිදී පොතට නමක් අහනවා. ඒකටත් හොද නමක් දෙන්න.

image

පොතේ නම ලියන්න තියෙන තැනට පහලින් අපි දැනට ඇඩ් කරගෙන තියෙන Pages ටික පෙන්නයි. පිටු පිළිවෙල වෙනස් කරගන්න මෙතෙන්දි අපිට පුලුවන්.

පියවර 06
ඉන්පස්සේ Download මත ක්ලික් කරන්න.

image

පියවර 07
පොතේ වැඩ ඉවරවෙනකන් පොඩි වෙලාවක් බලන්න ඉන්න.

image

පියවර 08
අන්තිමට Download the file මත ක්ලික් කරන්න.

image

Download වුනාම බලන්නකෝ.. පටුනකුත් එක්ක ලස්සන පොතක් ලැබිලා ඇති.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...