අද ආවේ අලුත්ම දෙයක් අරගෙන.
ඒ තමයි Windows Live Writer. තවම මම නම් දැක්කේ නෑ මේ ගැන කවුරුවත් කතා කරලා තියෙනවා. ඒ නිසාම අද මේ ගැන ලියන්න හිතුවා. මේකෙන් පුලුවන් බ්ලොග් ලිපි පහසුවෙන් ලියන්න. මමත් මේ සොෆ්ට්වෙයාර් එක භාවිතාකරන පලවෙනි වතාව තමයි මේක.
ඒත් මම හිතනවා හොදට තියේවි කියලා. Windows Live Writer එන්නේ තනියම නෙවෙයි. Microsoft Windows Essentials 2012 එක්ක තමයි මේක අපිට ලැබෙන්නේ. නොමිලේ දෙන දෙයක් වුනත් කරන්න පුලුවන් වැඩ ගොඩයි. Microsoft Windows Essentials 2012 වලින් මයික්ක්‍රොසොෆ්ට් ආයතනය බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා.
1. Instant messaging
2. Photo editing and sharing
3. Integrated and bundled email
4. Blog publishing and security services
Windows Essentials 2012 වල ඇතුලත් වෙන අනිත් විශේෂාංග විදියට අලුත්ම Movie Maker and Photo Gallery, new SkyDrive for Windows app, Windows Live Mail, Windows Live Messenger, Windows Live Family Safety, Windows Live Writer and Outlook Connector Pack හදුන්වා දෙන්න පුලුවන්. ![windows-essentials-2012-offline-installer[5] windows-essentials-2012-offline-installer[5]](//lh6.ggpht.com/-QzmOCT32J1U/UGiHOlF_1qI/AAAAAAAABn4/h3-f9Ah1tzU/windows-essentials-2012-offline-installer%25255B5%25255D_thumb%25255B3%25255D.png?imgmax=800)