Saturday, September 7, 2013

මී සීයලගේ, මී ආච්චිලගේ වැඩ

අද කියන්න යන්නේ ආදී මිනිසුන් කරවන ලද හා සිදුකළ දෑ හොයන ආකාරය ගැන. මේ කාර්යය පුරාවිද්‍යා ගවේෂණය කියලා හදුන්වනවා. මේ සදහා එක් එක් රටවල වෙන වෙනම ආයතන පිහිටුවා තියෙනවා. මේ විධියට පුරාණය හොයන්න නිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අදාල පුරාවිද්‍යාවේ කාර්යන් ප්‍රධාන වශයෙන් 07 කි.

IMG_3086

01 . දත්ත හඳුනා ගැනීම

අතීත මානවයා හා බැඳුනු අවශේෂයන් ඒ ඒ අවධීන් ට අයත් නිශ්චිතම සාධක ලෙස හඳුනා ගැනීම් මින් අදහස් කෙරේ.

02 . දත්ත එකතු කිරීම (ගවේෂණ හා කැණීම් මඟින් )

ගවේෂණ හා කැණීම් මගින් දත්තයන් එකතු කිරීම මිට අයත් වේ.

03 . වර්ගීකරණය

කිසියම් ස්ථානයක් හෝ විෂයක් සම්බන්ධයෙන් ඒකරාශී වන පුරා අවශේෂයන් විධිමත් ක්‍රමයක් යටතේ වර්ග කොට දැක්වීම මේ යටතේ ගැනේ.

04 . දත්ත අර්ථ නිරූපණය

අතීතයෙන් හමු වන සෑම දත්තයක් පිළිබඳව ම විවිධ දැනුම භාවිතා කරමින් අර්ථ නිරුපණය කිරීම මෙමඟින් දැක්වේ.

05 . දත්ත ආරක්ෂා කිරීම හා සංරක්ෂණය

පුරාවිද්‍යා පර්යේෂණ මඟින් හඳුනා ගන්නා සියලු දත්තයන් වෙනත් අධ්‍යන සඳහා මෙන්ම අනාගත අධ්‍යනයන් සඳහා ද ආරක්ෂා කර තැබිය යුතුමය.එමෙන්ම සංරක්ෂණය කළ යුතු නම් එයද සිදු කළ යුතුමය.

06 . දත්ත ප්‍රදර්ශනය

සෑම පුරාවිද්‍යාත්මක ස්ථානයක් ම ,ස්මාරකයක් හා ද්‍රව්‍යක් ම සෙසු අයගේ දැකගැනීම උදෙසා ප්‍රදර්ශනය කළ යුතු අතර ඒ පිලිබඳ දැනුමද බෙදා දිය යුතුය.

07 . උරුම කළමනාකරණය

පෞරාණික ස්ථානයක් හෝ නටඹුන් දේශීය විදේශීය නරඹන්නන් උදෙසා දැකබලා ගැනීමට හැකිවන සේ පවත්වා ගෙන යාම ද එයට අවශ්‍ය පහසුකම් සැලසීමද මෙයට අදාළ වේ.

අන්තර්ජාලය ඇසුරින් සකස් කරන ලද්දකි.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

2 comments:

  1. :) එලනේ.. ඒත් ඔය කාර්යන් දැං හරියටම සිද්දවෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොයල බලන්න ඕන :)

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...