Sunday, September 29, 2013

ශ්‍රේෂ්ඨ විද්‍යාඥායන්ගේ අලුත් නියම

971582_537240939657462_1692599017_n

1)ලෝරන්ස්ගේ යාන්ත්‍රික නියමය: ඔබගේ අතේ මජං හෝ ග්‍රීස් ගෑවුනු පසු ඔබට ඔබේ නහය කැසීමට හෝ මුත්‍රා කිරීමට සිදුවන අවශ්‍යයතාවය ගෑවෙන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වේ.

2). ඇන්තනීගේ කම්මල් නියමය: ආවුදයක් අතින් ගිලිහී බිම වැ‍ටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරලී යයි.

3). කොවෑක්ගේ දුරකතන නියමය: වැරදි නොම්බරයක් ඇමතීමේදී සාමාන්‍ය ඇමතුමක් ගන්නා විට ඇසෙන කාර්‍යබහුල නාදය කිසිවිටකත් නො ඇසෙයි.

4).කැනන්ගේ කර්ම වාදය: අද දින වැඩට වාර්ථා කිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුලං යෑම යැයි කරුණු ඉදිරිපත් කලහොත් පසු දින නියත වශයෙන්ම වාහන ටයරයේ හුලං යනු ඇත.

5). ඕ බ්‍රයන්ගේ විචලන නියමය: රථ වාහන පෝලිමේ, බැංකුවේ හෝ වෙනත් ඕනෑම පෝලිමක් ඇති ස්ථානයක ඔබ සිටින පෝලිම මාරු කර වෙනත් පෝලිමකට ගිය පසු ඔබ සිටි පෝලිම දැන් සිටිනා පෝලිමට වඩා වේගයෙන් ඉදිරියට ඇදෙයි.

6). බෙල්ගේ නාද නියමය: ඔබ නාන කාමරයේ සිට මුලු ගතම වතුර වලින් තෙමා ගත් පසු ඔබගේ දුරකථනය නාද වීමේ සම්භාවීතාවය අනුලෝමය ඉහල යයි.

7). රුබීගේ සමාසද සිද්ධාන්තය: ඔබ දන්නා කිසිවෙකු මුණගැසීමේ සම්භාවීතාවය ඔබ කිසිවෙකුත් නොදකීවායි පතන අවස්තාවකදී ඉහල යයි. (කො‍ටු පැනීම් වලට අදාල වේ)

8). විලෝබිගේ අහඹු නියමය: ඔබ වැඩකරමින් සිටි මැශිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට යෑමේදි එය වැඩ කිරීමට පටන් ගනී.

9). සැඩ්‍රාගේ ජීවමිති නියමය: කැසීමේ සැර බව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට අනුලෝමව සමානුපාතික වේ.

10). බ්‍රේඩාගේ නීතිය: සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.

11). ඕවන්ගේ නියමය: ඔපීසියේදී උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.

12). වූලිගේ නියමය: ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

13). ක්‍රියාව පිළිබද වයිට්ගේ නියමය: ඔබ කරණු ලබන ගොන් වැඩක් බලාසිටින සංඛ්‍යාව කරණු ලබන ගොන් වැඩේ බරපතල කමට අනුලෝමව සමානුපාතිකවේ.

14). එඩ්ගාගේ තාර්කික නියමය: ඔබ කතාකරනු ලබන දෙය ගැන අවබෝදයක් නැති තැන ඔබ බයිට් වීමේ සම්භාවීතාවය ඉහල යයි.

15). බ්‍රවුන්ගේ සපත්තු නියමය: ඔබේ පාදයේ ප්‍රමාණයට හරියටම ගැළපෙන සපත්තු කුට්ටම පෙනුමෙන් අජූතය.

16).විල්සන්ගේ මාර්කටින් නියමය: කිසියම් නිශ්පාදනයකට ඔබේ කැමැත්ත ආසාව ඇතිවූ විගස එම නිශ්පාදනය අලෙවි කිරීම නැවැත්වීමේ ඉහළ සම්භාවිතාවයක් පවතී.

17). නිවුටන්ගේ සිව්වන නියමය: එල්ලෙන සියල්ල පොළවට ලම්භක වේ.

18). නිවුටන්ගේ පස්වන නියමය: සද්ද සහිතව යවන පඩ ගදක් නොමැති මුත් සද්ද නොමැතිව යවන පඩ ඉතා ගදය.

19). නිවුටන්ගේ හයවන නියමය: සෑම ලස්සන කෙල්ලෙකුගේම හොඳම යහළුවා කැතය.

20). වැලන්ටයින්ගේ ආදර නියමය: කල් වේලා බලා මම ටෝක් කරන කෙල්ලට කොල්ලෙකු සිටිමේ හෝ වයසින් වැඩිමහල් වීමේ සම්භාවිතාවය ඉතා ඉහල අගයක් ගනී.

විනෝදාස්වාදය සදහා උපුටා ගන්නා ලදී.

source :
http://wadiyalk.com/showthread.php?tid=10&pid=3802#pid3802


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

11 comments:

  1. බොහොම අගෙයි. හාස්‍යය උපරිමයි.

    ReplyDelete
  2. පිස්සු හැදෙනවා... :D :D

    ReplyDelete
  3. මරු.. හැබැයි ඔක්කොම නියම ඇත්ත තමයි බලාගෙන යද්දී..

    ReplyDelete
  4. //17). නිවුටන්ගේ සිව්වන නියමය: එල්ලෙන සියල්ල පොළවට ලම්භක වේ

    බාහිර බලයක් යෙදූ විට පොලවට සමාන්තර වේ

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...