Monday, February 25, 2013

2012දී අපි භාවිතාකරපු වැඩකටනැති පාස්වර්ඩ් 25 (Worst Passwords of 2012)

අපි පාස්වර්ඩ් එකක් භාවිතා කරන්නේ අපේ දත්තවලට අමතර ආරක්ෂාවක් වශයෙන්. ඒත් අපි පාස්වර්ඩ් භාවිතා කරලා අපේ දත්ත ආරක්ශාකර ඇති සමහර අවස්තාවලදී අපේ දත්ත වෙනත් අය හොරෙන්ම අරගැනීම අපිට විශාල තර්ජනයක්. මේ විදියට පාස්වර්ඩ් දමා ඇති දත්ත වෙනත් අය අතට පත්වන්නට නම් ඒ අය අපේ පාස්වර්ඩ් ගැන දැනගන්නම ඕන. අපි එහෙම හිතුවත් අපේ අතින් නොදැනුවත්වම අපි යොදන පාස්වර්ඩ් එකේ ආරක්ෂාව අඩුවෙන්න පුලුවන්. සමහර අවස්තාවලදී අපිට පාස්වර්ඩ් එක අමතකවෙයි කියලා කොතනක හරි ලියලා තියාගන්නවා. නැත්තම් අපි හොදටම දන්න කෙනෙක්ට කියල තියෙනවා. එහෙමත් නැත්තම් පාස්වර්ඩ් එක පරිගනකයේම Save කරලා තියෙනවා. මේ කොයිවිදියත් පාස්වර්ඩ් එකේ ආරක්ෂාව අඩුකරන්න හේතුවක් වෙනවා.

මීට අමතරව පාස්වර්ඩ් එකේ ආරක්ෂාව අඩුවෙන්න හේතුවක් තමයි, පොදු පාස්වර්ඩ් භාවිතය. ඒ කියන්නේ හැමෝම වගේ දන්න කියන පාස්වර්ඩ් භාවිතයට ගැනීම. 2011 හා 2012දී සිදුකරපු සමීක්ෂණයකින් ඒ බව ඔප්පු වෙලා තියෙනවා. පහතින් තියෙන්නේ මේ සමීක්ෂණයෙ අවසාන ප්‍රතිපලය.

#

Password Change from 2011
1 password Unchanged
2 123456 Unchanged
3 12345678 Unchanged
4 abc123 Up 1
5 qwerty Down 1
6 monkey Unchanged
7 letmein Up 1
8 dragon Up 2
9 1111111 Up 3
10 baseball Up 1
11 iloveyou Up 2
12 trustno1 Down 3
13 1234567 Down 6
14 sunshine Up 1
15 master Down 1
16 123123 Up 4
17 welcome New
18 shadow Up 1
19 ashley Down 3
20 football Up 5
21 jesus New
22 michael Up 2
23 ninja New
24 mustang New
25 password1 New

ඉහත වගුවේ අවසාන තීරුවෙන් දැක්වෙන්නේ 2011 දී එම පාස්වර්ඩ් එකේ ස්ථානය.

දෙයක්වුනාම දුක්වෙන්නේ නැතුව මේ වගේ දුර්වල පාස්වර්ඩ් භාවිතාකරනවනම් දැන්ම ඒව වෙනස්කරගන්න කියන්නයි මේ ලිපිය ලිව්වේ.

මූලාශය: http://splashdata.com/press/PR121023.htm


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...