Sunday, February 24, 2013

වේගෙන්ම යැවූ පන්දු 10. (Top 10 world’s Fastest Bowlers in the History of Cricket)

අද කියන්න යන්නේ Cricket වලට අදාල විස්තරයක්. වේගවත්ම වේග පන්දු 10 ගැන තමයි කියන්න යන්නේ. දහවෙනි ස්තානයේ ඉදලා පළවෙනි ස්ථානය දක්වා පිළිවෙලින් අදාල තරගයත් එක්කම දක්වන්නම්.

Fastest Bowlers in the History of Cricket

10. Lasith Malinga

අපේ රටේ ඉන්න දක්ෂ වේග පන්දු යවන්නෙක්. 2011 ලෝක කුසලානයේදී නවසීලන්තයට එරෙහිව යැවූ පන්දුවක වේගය 155.7 kmph විදියට වාර්තා වුනා.

9. Dale Steyn

දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙක්. නවසීලන්තයට එරෙහිව යැවූ පන්දුවක වේගය 155.7 kmph විදියට වාර්තා වුනා.

8. Shane Bond

නවසීලන්ත ක්‍රීඩකයෙක්. 2003 ලෝක කුසලානයේදී 156.4 kmph වේගයක් වාර්තා කරමින් පන්දු යැව්වා.

7. Mohammad Sami

පකිස්තාන් ක්‍රීඩකයෙක්. සිම්බාබ්වේට එරෙහිව 2003 අප්‍රේල් මස පැවැති තරගයේදි156.4 kmph වේගයක් වාර්තා කරමින් පන්දු යැව්වා.

6. Fidel Edwards

බටහිර ඉන්දීය ක්‍රීඩකයෙක්. දකුණු අප්‍රිකාවට එරෙහිව 2003 අවසානයේ 157.7 kmph වේගයක් වාර්තා කලා.

5. Andy Roberts

හිටපු බටහිර ඉන්දීය ක්‍රීඩකයෙක්. ඕස්ට්‍රේලියාවත් සමග පර්ත්හි 1975 දි පැවැති තරගයේදි 159.5 kmph වේගවත් පන්දු යැවීමක් කලා.

4. Jeffrey Thompson

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්. බටහිර ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහිව පර්ත්හි 1975 දි පැවැති තරගයේදි 160.4 kmph වේගවත් පන්දු යැවීමක් කලා.

3. Shaun Tait

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්. පකිස්තානයට එරෙහිව 2010දි මෙල්බර්න් හි පැවැති තරගයේදි 160.7 kmph වේගෙන් පන්දු යැව්වා.

2. Brett Lee

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් විදියට 2005දි නවසීලන්තයට එරෙහි තරගයේදී 160.8 kmph වේගවත් පන්දු යැවීමක් සිදුකලා.

1. Shoiab Akhtar

පකිස්තානු හිටපු දකුණත් වේග පන්දු යවන්නෙක්. එංගලන්තයත් සමග 2003 ලෝක කුසලාන තරගයකදී 161.3 kmph වේගෙන් යැවූ පන්දුව අදටත් ලොව වේගවත්ම පන්දුව ලෙස වාර්තා අතර තියෙනවා.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

0 ක් අදහස් පල කරල තියෙනවා:

Post a Comment

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...