අද ඉදන් පටන් ගන්න යන මේ පාඩම් මාලාව ඔයාලා හැමෝටම ආසා හිතෙන පාඩම් මාලාවක් වෙයි කියලා හිතනවා. ලොකු පොඩි හැමෝම එක වගේ ආස කරන නිර්මාණ කලාවක් තමයි ඔරිගාමි කියලා කියන්නේ. අද අපි කතා කරන්නේ ඔරිගාමි වලින් ජපන් තරුණියක් නිර්මාණය කරගන්න ආකාරය ගැනයි. මේ සදහා උපකාරී කරගන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. පළමු පියවර විදියට හරි හතරැස් කොළයක් අරගෙන විකර්ණ යා කරමින් දෙකට නමන්න. ඊළඟට රූපයේ පේන විදියට කොළය දිග ඇරලා පාට පැත්ත පිටට පේන විදියට තියලා තියාගෙන දෙපසින්...