Tuesday, September 25, 2012

Mediafire/RapidShare එපා. බ්ලොග් එකෙන් කෙලින්ම Download කරන්න දෙන්න.

මේ කියන්න යන දේනම් බ්ලොග් ලියන හැමෝටම ගොඩක් වැදගත් වෙයි. අපි ලියන බ්ලොග් ලිපි වලට අදාල මොනවා හරි ෆයිල් එකක් Download කරන්න දෙනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ අදාල ෆයිල් එක Mediafire/RapidShare/JumboFiles වගේ Free Cloud Storage එකකට Upload කරලා ඒකෙන් දෙන ලින්ක් එක අපේ බ්ලොග් ලිපියේ දාන එකනේ. ඒක බලන කෙනාට කරදරයිනේ. අදාල සයිට් එකට ගිහින් තමයි ඒ ෆයිල් එක Download කරන්න වෙන්නේ. 
අපි බ්ලොග් එකේ ලිපි දානකොට පින්තූර සහ වීඩියෝ දාන්න පුලුවන්. ඒත් Zip files,txt files, PDF, DOC, TXT වගේ වෙනත් ෆයිල් වර්ග දාන විදිය තමයි දැන් කියන්න යන්නේ. ඒ වගේ ෆයිල් කෙලින්ම Download කරන්න දෙන්න පුලුවන් නම් කොහොමද? හරිම ලේසියි. අපි බලමු ඒ කොහොමද කියලා.......... 
Google site විශේෂාංගය තමයි මේ සදහා යොදාගන්නේ. 

1. මෙන්න මෙතනින් Google site වෙත ගිහින් ඔයාගේ සයිට් එක හදාගන්න, ඒක හරිම ලේසියි. 
2. More කියන තැන ක්ලික් කරන්න. 
3. පහලට එන මෙනු එකේ Manage Site මත ක්ලික් කරන්න. 
4. ඉන්පසු Attachments මත ක්ලික් කරන්න. 
5. Upload මත ක්ලික් කරලා ෆයිල් එක Select කරලා OK කරන්න. එක පාරකට ෆයිල් කිහිපයක් වුනත් Upload කරන්න පුලුවන්. 
6. ෆයිල් Upload වේවි. 
7. Upload වෙලා ඉවර වුනාම Download මත ක්ලික් කරලා Download ලින්ක් එක Copy කරගන්න 
ඒ ලින්ක් එක මේ වගේ ඇති. 
https://sites.google.com/site/lessoninshort2012/Test%20File.txt?attredirects=0&d=1

8. ෆයිල් එකේ නමින් පස්සේ තියෙන කොටස Delete කරලා දාන්න. රතු පාටින් තියෙන්නේ, ඒ ටික Delete කරන්න. 
https://sites.google.com/site/lessoninshort2012/Test%20File.txt?attredirects=0&d=1

9. දැන් මේ වගේ නේද? 
https://sites.google.com/site/lessoninshort2012/Test%20File.txt

ඉතින් ඔන්න ඔය ලින්ක් එක Download කරගන්න දෙන්න. 
නැත්තම් පහල Code එක භාවිතා කරලා Post එකේ අවශ්‍ය තැනට දාන්න. (HTML විදියට) 

<a href="Google Site Download Link URL">Download File</a>

උදා;
<a href="  https://sites.google.com/site/lessoninshort2012/Test%20File.txt ">භාගත කිරීම්</a>

පහලින් තියෙන විදියට පෙනේවි.

ඔයාලත් Download කරලා බලන්නකෝ. මම Test File කිහිපයක් දැම්මා.
7Z File (.7z)....................................................................Download
Microsoft Word Document (.docx)..................................Download
JPEG image (.jpg)...........................................................Download
Microsoft PowerPoint Presentation (.pptx).......................Download
Text Document (.txt)........................................................Download
Microsoft Excel Worksheet (.xlsx)...................................Download

මේකේ තියෙන එකම අවාසිය තමයි, Upload කරන්න පුලුවන් වෙන්නේ 20Mb දක්වා වූ ෆයිල් පමණයි. ඒ වගේම එක Site එකක ධාරිතාව 100Mb. අපිට පුලුවන් Site කීපයක් හදාගෙන වැඩිපුර Upload කරන්න. ඒත් 20Mb ට වැඩි ෆයිල් තියෙනවා නම් Google Drive භාවිතා කරන්න වෙනවා. 

+++++++++++++++++++++++
මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.
දිගටම "පාඩමක් කෙටියෙන්... Lesson in Short..." සමඟ රැදෙන්න.
(වැඩේ හොදනම් Like කරන්න.  අනිත් අයටත් අපේ ලිපි ගැන දැන ගන්න Share කරල Help එකකුත් දෙන්න, යාලුවො ටිකත් Facebook Group එකට Add කරන්න) 
ඔබගේ ගැටලු යොමු කරන්න අපිට : G-Mail - lessoninshort@gmail.com


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

11 comments:

  1. හොඳ දැනුවත් කිරීමක් තෑන්ක්ස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා............ ආයිමත් එන්නකෝ..............

      Delete
  2. බොහොම ස්තුතියි සහෝ,මේක මම දැනගෙන හිටියේ නැහැ.බුක් මාක් එකකුත් දාගත්තා ඔන්න :)
    ජය!

    ReplyDelete
    Replies
    1. :)බොහොම ස්තූතියි
      තව ගොඩක් දේවල් තියෙනවා. SB මාමාට පින්සිද්ධ වෙන්න පෝස්ට් දානවා....

      Delete
  3. දැනගන්න ඕන වුනු දෙයක්. ස්තූතියි යාළුවා..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක ලොකු ශක්තියක් මිත්‍රයා.... ස්තූතියි ඔයාටත්.... සුභ දවසක් වේවා..

      Delete
  4. වැදගත් අදහසක් ස්තුතියි ......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා...

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...