Wednesday, July 17, 2013

IMEI ගැන විස්තරේ.. දන්නවාද මිතුරේ.. - ඔයාලගේ ජංගම දුරකතනයත් ලියාපදිංචි කරලද බලන්න, IMEI අංකයේ ඇති වැදගත්කම සහ තවත් බොහෝ දැ සමඟින්.. (How to Check Cell Phones Quality Using IMEI - *#06#)

නව ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පෙර එම දුරකථනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකුල ලෙස ආනයනය කල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමත කළ දුරකථනයක් දැයි, පහත සඳහන් පරිදි SMS කිරීම මගින් අනිවාර්යයෙන්ම පරීක්ෂා කර බලන්න. මෙම සේවාව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් නොමිලේ ලබාදේ.

IMEI ගැන විස්තරේ.. දන්නවාද මිතුරේ.. - ඔයාලගේ ජංගම දුරකතනයත් ලියාපදිංචි කරලද බලන්න, IMEI අංකයේ ඇති වැදගත්කම සහ තවත් බොහෝ දැ සමඟින්.. (How to Check Cell Phones Quality Using IMEI - *#06#)

මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

1. ජංගම දුරකතනයේ IMEI අංකය ලබාගන්න. [ඕනෑම ජංගම දුරකථනයක *#06# යෙදීම මඟින් IMEI අංකය ලබාගැනීමට පුළුවන]

සටහන: මූලිකවම, අව්‍යාජ ජංගම දුරකතනයක පෙටිටියේ සඳහන් IMEI අංකයත්, එහි ඇතුළත (බැටරිය ගැලවූ පසු පෙනෙන) IMEI අංකයත්, *#06# යෙදූ විට තිරයේ දිස්වන IMEI අංකයත් යන තුනම එක හා සමාන විය යුතුය.

IMEI ගැන විස්තරේ.. දන්නවාද මිතුරේ.. - ඔයාලගේ ජංගම දුරකතනයත් ලියාපදිංචි කරලද බලන්න, IMEI අංකයේ ඇති වැදගත්කම සහ තවත් බොහෝ දැ සමඟින්.. (How to Check Cell Phones Quality Using IMEI - *#06#)

2. ඉන් පසුව IMEI <හිස්තැනක්> අංක 15කින් යුත් ඔබගේ IMEI අංකය සඳහන් කර 1909 ට SMS පණිවුඩයක් යවන්න.

තත්පර කිහිපයක් තුල ඔබට ස්වයංක්‍රීය SMS ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.

(A) එම දුරකථනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකුල ලෙස ආනයනය කල, ව්‍යාජ එකක් නොවේ නම්,
"Registered IMEI <ඔබගේIMEI අංකය>.TRC Reference No: TRCxx /xx..xx/xx..xx “
වැනි SMS එකක් ඔබට ලැබෙනු ඇත.

සටහන: මෙහිදී ඔබට ලැබෙන SMS පණිවුඩයේ ඇති TRC Reference No: අංකය දුරකථන පෙට්ටියේ අලවා ඇති TRCSL ස්ටිකරයේ මුද්‍රණය කර ඇති TRC Reference No: අංකයට සමානවිය යුතුයි. එසේ නොවුනහොත් එයද ව්‍යාජ එකක් හෝ ශ්‍රී ලංකාවට නීත්‍යානුකුල ලෙස ආනයනය නොකළ ජංගම දුරකතනයක් වේ.

(B) දුරකථනය ව්‍යාජ එකක් හෝ ශ්‍රී ලංකාවට නීත්‍යානුකුල ලෙස ආනයනය නොකළ එකක් නම්,
"Unknown IMEI <ඔබ ඇතුලත් කල IMEI අංකය>. Please contact TRCSL on 011 2676994 , 011 2689345 “ වැනි SMS එකක් ඔබට ලැබෙනු ඇත.

සටහන: ඇතැම්විට, එය නීත්‍යානුකුල ලෙස ආනයනය කලද, ආනයනකරු විසින් ගෙන්වූ දුරකථනවල IMEI අංක, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත ලබාදී යාවත්කාලීන කොට නොමැතිනම් මෙවැනි SMS එකක් ඔබට ලැබෙනු ඇත. 011 2676994 දුරකථන අංකය ඇමතීමෙන් හා ඔබගේ අලෙවිකරුගෙන් නිවැරදි තත්වය කුමක්දැයි තහවුරු කරගන්න.

(C) ඔබ අංක 15කින් IMEI අංකය නිවැරදිව ඇතුලත් නොකලේනම් 'Invalid IMEI ....' වැනි SMS එකක් ඔබට ලැබෙනු ඇත. නිවැරදිව IMEI අංකය ඇතුළු කොට නැවත උත්සාහ කරන්න.
[ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කල මාධ්‍ය නිවේදනයක් ඇසුරෙනි ]

මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ජංගම දුරකථන වෙළඳපොලේ වර්ධනය සහ තරඟකාරීත්වය සමග තත්වයෙන් බාල ජංගම දුරකථන නීත්‍යානුකුල නොවන ලෙස ශ්‍රී ලංකාවට බහුල ලෙස ආනයනය කරමින් පවතිනවා. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව නිකුත් කල මාධ්‍ය නිවේදනයකට අනුව වෙළඳපොලේ ඇති ජංගම දුරකථන වලින් 30% - 40% පමණ ශ්‍රී ලංකාවට නීත්‍යානුකුල නොවන ලෙස ආනයනය කළ ඒවාය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෙ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසිනි.සෑම ජංගම දුරකථන ආනයනකරුවෙකුම විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචි වියයුතු අතර ගෙන්වන දුරකථන මාදිලි සඳහා එහි අනුමැතිය ලබාගත යුතුය. මෙහිදී විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව අනුමැතිය ලබාදෙන්නේ සෞඛ්‍යට අහිතකර නොවන තත්වයෙන් උසස් ජංගම දුරකථන සඳහා පමණි. එමෙන්ම ආනයනය කරන සෑම ජංගම දුරකථනයකම IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට දැනුම් දිය යුතුය. එවිට ඔවුන් එම දුරකථන පෙටිටියේ ඇලවීම සඳහා ලෙස ස්ටිකරයක් ලබාදේ.

IMEI අංකය යනු කුමක්ද?

IMEI යනු International Mobile Equipment Identification යන්නෙහි කෙටි යෙදුම වේ. එකම ජාතික හැදුනුම්ත් අංකයක් තවත් අයෙක්ට තිබීමට නොහැකි සේ, එක් දුරකථනයක ඇති IMEI අංකයක් තවත් දුරකථනයක තිබීමට නොහැක.IMEI අංකය කියන්නෙ දුරකථනයේ අනන්‍යතාව තහවුර කරන සාධකය. මේක අන්තර්ජාතික වශයෙන් පිළිගත් දෙයක්.ජංගම දුරකථන [ GSM, WCDMA ] සහ චන්ද්‍රිකා දුරකථන ආදී සෑම දුරකථනයකම එයටම වෙන්වූ IMEI අංකයක් තියෙනව.මෙම IMEI අංකය දුරකථනයේ බැටරිය ගැලවූ පසු දැකගන්න පුළුවන්.නැතිනම් *#06# ඇමතීමෙන් ලබා ගන්න පුළුවන්.

IMEI අංක‍යෙ ඇති වැදගත්කම

IMEI අංක‍යෙ ඇති වැදගත්කම තමයි එම අංකය දැන සිටීමෙන් දුරකථනය නැතිවූවිටෙක නීතිමය පියවර ගන්න ඒක බොහොම ප්‍රෙයෝජනවත් වෙනව.ඒ වගේම එවැනි අවස්ථාවක Mobile Providers ආයතන වලට IMEI අංක‍ය ලබා දී දුරකථනය අක්‍රීය කරන්නත් පුළුවන්.ඒ වගේම ඔබේ දුරකථනය ව්‍යාජය එකක්ද කියල දැනගන්නත් IMEI අංක‍යෙන් පුළුවන්.එවැනි සේවා සපයන වෙබ් අඩව් ගණනාවක් තියෙනව.මේ එවැනි අඩවි.

http://www.numberingplans.com/ , http://imei-number.com/imei-number-lookup/ තවත් IMEI අංක‍ය ප්‍රයෝජනවත් වෙනව දුරකථනයක් Unlock කරන්න යන අවස්ථාවෙදිත්. මේ වගේම වැදගත් තවත් කාරණයක් තමයි ප්‍රමිතියකින් තොරව නිපදවන ඇතැම් චීන දුරකථන වල IMEI අංක‍ය ඇතුලත්වන්නේ නෑ.එවැන් දුරකථන වලින් සේවා ලබාගැනීමේදී බොහෝ අපහසුතාවයන් වලට ලක් වීමට පරිශීලකයාට සිදුවෙනව.මෙවැනි IMEI අංක‍ය රහිත දුරකථන භාවිතය ශ්‍රී ලංකාව ඇතුලු ඇතැම් රටවල් මේ වන විට තහනම් කර තිබෙනවා.

උපුටාගැනීමකි.

IMEI stands for International Mobile Equipment Identity.

It is a 15-digit number and may be found in the packet of the mobile phone. It may also be found by removing the back cover and it may be placed on the battery sticker.

If you lose your IME number then you can find it by typing*#06# on your mobile screen. After pressing this code, you will see a 15-digit number immediately on the screen which is called IME number.

The number might be as below:

3 6 9 3 9 5 0 1 2 3 5 5 6 7 8

Now look at the 7th and 8th digit. These two digits will ensure your phone's quality! 

  • If the seventh and eighth digits are 00 this indicates your cell phone is manufactured in Original Factory which ensures the best quality. 
  • If the seventh and eighth digits are 01 or 10 this indicates your cell phone is manufactured in Finland which is high quality. 
  • If the seventh and eighth digits are 13 this indicates your cell phone is assembled in Azerbaijan which is too bad. And it is also dangerous for health!
  • If the seventh and eighth digits are 02 or 20 this indicates your cell phone is assembled in Emirates which is very poor quality. (NB: Some Indian sets have this number)
  • If the seventh and eighth digits are either 03/30 or 04/40, this indicates your phone is made in China but its quality is good. But not good either as 00, 01 or 10.
  • If the seventh and eighth digits are 05 or 50 this indicates your cell phone is manufactured either in Brazil or USA or Finland.
  • If the seventh and eighth digits are 06 or 60 this indicates your cell phone is manufactured either in Hong Kong, or China or Mexico.
  • If the seventh and eighth digits are 08 or 80 this indicates your cell phone is manufactured in Germany which is fair quality.


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...