Saturday, July 13, 2013

කන්නාඩිය වගේ සපත්තු polish කරමු

කන්නාඩිය වගේ සපත්තු polish කරමු

ලංකාවේ සැලකියයුතු පිරිසක් leather සපත්තු පාවිච්චි කරත් නිවැරදි විදියට polish කරන්න දන්නේ නැ. ගොඩක් දෙන පුරුදු වෙලා තියෙන්නේ Brush එකෙන් polish කරන්න. එසේ කරනවිට සපත්තුවට හානි සිදු වෙනවා. අපි බලමු පියවරෙන් පියවර සපත්තු polish කරන්නේ කොහොමද කියල. මේ සදහා හොද තත්වයේ leather සපත්තු යුගලක් අවශ්‍ය වෙනවා. ලංකාවේදී අපිට DSI හා Bettans වලින් නියම leather වලින් මසා නිමකල සපත්තු මිලදී ගැනීමට පුළුවන්.

1. සපත්තුවට polish ආලේප කිරීමට ප්‍රථම එය තෙතමනයෙන් තොර විය යුතුයි. සපත්තුවේ ඇති අපද්‍රව්‍ය පිසදා ඉවත් කර යුතු වෙනවා. ඉන්පසු polish ඇගිල්ලෙන් හෝ රෙදි කැබැල්ලක් ගෙන සම්පුර්ණ සපත්තුව පුරා ඒකාකාර තැට්ටුවක් සිටිනසේ අලේප කර යුතු වෙනවා.

2. ඉන්පසුව polish වේලීමට 30-60 min අතර කාලයක් තැබිය යුතු වෙනවා. Fan එකක් යට තිබිය හැක.

3. එසේ සකස් කර ගත් සපත්තුව ගෙන ඉටිපන්දමකින් රත් කරගතයුතුයි. එසේ කරනවිට polish උණු වී සැමතම විසිර යෑම වැලකිය යුතුයි. එසේ රත් කරන විට තාවකාලික දිලිසීමක් දැක ගත හැකියි. මුලු සපත්තුවම රත් කර අවසානේ පැය 4 පමණ Fan එකක් යට වීයලිමට තබන්න. ඊලග පියවරට යාමට ප්‍රථමයෙන් ඉතා හොදින් සපත්තුව වියලීමට අවශය.

4. එසේ ගත් සපත්තුව ගෙන ඉතා හොදින් රෙදි කැබැල්ලක් ගෙන පිසදා ගත යුතුයි. polish අතේ නොගැවෙන තෙක් පිසදා ගත යුතුයි. මේ සදහා පරණ බැනියමක් හෝ මේස් එකක් ගත හැකියි. මෙම රෙදි කැබැල්ල ඉදිරියටත් පාවිච්චි කිරීමට පුළුවන්.

5. දැන් අවසාන පියවරට පැමිණ ඇත. දැන් water shine නමැති ක්‍රියාවලිය සිදු කරගත යුතුයි. පුළුන් කබලක් ගෙන එය වතුරෙන් පොගවා polish ඉතා සුවල්පයක් ගත යුතුයි.  දැන් එම පුළුන් කැබැල්ලෙන් කුඩා රවුම් සැදෙන ආකාරයට වතුර යොදාගෙන polish කරගත යුතුයි.

උපුටා ගත්තේ: http://www.elakiri.com/forum/showthread.php?t=1515558


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

4 comments:

  1. බොහෝම ස්තූතියි කරලා බලන්න ඕනේ...

    ReplyDelete
  2. හරිම වටින දෙයක් ඇත්තටම මේ දේ දැනගන හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කරලා බලමුකෝ :-bd

      Delete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...