Friday, October 11, 2013

බඩ අල්ලගෙන හිනාවෙන්න මෙන්න කතා - එන්න කියවන්න

hahaha-funny-pictures-30418880-1024-992

1. මුහුදේ මාළු වැඩිවීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම" වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත.

2. හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

3. වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.

4. විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.

5. ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.

6. ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි.

7. ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.

8. කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.

9. හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.

10. විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.

11. පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.

12. නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.

13. මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ. කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.

අන්තර්ජාලය ඇසුරිනි.funny40-e1310688162178


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

5 comments:

  1. කලින් අහලා තිබුනා වුනත් ආයෙම කියවුවා..

    ReplyDelete
    Replies
    1. ආයිමත් පුළුවන් වෙලාවක එමුකෝ :)

      Delete
  2. කියවුවා..

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...